මදුරු උගුල

shanerandi

Member
Nov 2, 2006
2,459
553
0
Kadawatha
maduru_ugula.jpg
පියවර 1► 1.5L ප්‍රමාණයේ ප්ලාස්ටික් බෝතලයක් ගෙන රූපයේ දැක්වෙන ආකාරයට කපා ගන්න.

පියවර 2►දුඹුරු සීනි 50g පමණ උණු වතුර 200ml සමඟ හොඳින් කලවම් කරන්න.පරිසර උෂ්ණත්වයට මදක් වැඩියෙන් ඇති තෙක්(40C) එය නිවෙන්නට හරින්න.

පියවර 3►40C දක්වා නිවුනු පසු සීනී ද්‍රාවණය බෝතල් කොටසට දමා ඊට යීස්ට් සවල්පයක් එකතු කරන්න.(මෙසේ සිදු කිරීම මඟින් කාබන්ඩයොක්‍සයිඩ් නිපදවෙන අතර ඊට මදුරුවන් ආකර්ශණය වේ)

පියවර 4►දැන් බෝතලයේ කපා ඉවත් කළ උඩු කොටස මුණින් හරවා වසා ගන්න.

පියවර 5►දැන් එය කළු කඩදාසියකින් ආවරණය කරන්න.

පියවර 6►ඔබට අවශ්‍යය ස්ථානයක ස්ථානගත කරන්න.

(සති දෙකකට වතාවක් ද්‍රාවණය මාරු කරන්න)

වැඩේ සාර්ථකද කියල කරලම බලන්න


උපුටා ගැනීම බුකියෙනි