මදුෂ්&උදුල්

Indika Buddika

Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    අමල් වෙනුවෙන් අපි ඩුබායි යැව්වෙ ශාබ්දික මිස උදුල් නෙමේ - සොහාන්

    collage.png

    ඩුබායිහිදි අත්අඩංගුවට පත්වූ අමල් පෙරේරා සහ නදීමාල් පෙරේරා වෙනුවෙන් පෙනී සිටීමට ගිය බව කියමින් නීතීඥ උදුල් ප්‍රේමරත්න එරටට යාම විවිධ විවේචනයන්ට ලක් විය. ඒ අතර අමල් පෙරේරා පවුල වෙනුවෙන් මෙරටින් නීතිඥයෙකු පිටත්ව ගිය නමුත් ඒ උදුල් නොවන බව අමල්ගේ සොයුරු සොහාන් මාධ්‍ය වෙත. දන්වා තිබේ. නිල වශයෙන් තම පවුල නියෝජනය කරමින් එරටදී අධිකරණයේ පෙනී සිටිනු ඇත්තේ නීතිඥ ශාබ්දික වෙල්ලප්පිලි බව සොහාන් දන්වා තිබේ. ඒ වෙනුවෙන් විදේශ අමාත්‍යංශය හරහා අවසර ලබා ගත් බවත් ඒ අනුව ඔහුව මෙලෙසින් ඩුබායි වෙත යැවූ බවත් සොහාන් ප්‍රකාශ කර තිබේ.
    නීතිඥ උදුල් ප්‍රේමරත්න ඩුබායි වෙත ගොස් කියා සිටියේ තමන්ද එම කාර්යය කරන බවකි. මේ අනුව පෙනී යන්නේ ඔහු මේ වැඩට ස්වේච්ඡාවෙන් දායකවී ඇති සෙයකි. ඔහු ඩුබායි ගොස් ඇත්තේ තමන්ගේ හෝ තමන් නියෝජනය කරන සංවිධානයක වියදමින් බවද හැඟෙයි.

    මින් ඉහත ලංකාවේ ආන්දෝලනාත්මක සිදුවීම් ගණනාවකදී ඔහු ස්වේච්ඡාවෙන් නඩු කථා කරන්නට ගොසින් තිබූ අයෙකු වන අතර වරක් රටම කැළඹූ සේයා සඳෙව්මි ඝාතන සැකකාර 'කොණ්ඩයා' වෙනුවෙන්ද නොමිලේ පෙනී සිටියේය.

    තමන් ඩුබායි වෙත ගියේ කාලයක් මදුෂ් සමග සිරබත් කෑ මිතුරු සබඳතාවද සමගින් බවට මේ අතරවාරයේ උදුල් ඩුබායි සිට මුහුණුපොතේ පණිවිඩයක් තබා තිබේ. එය පහතින්

    “මෙච්චරයි කතාව.මම ඩුබායි ආවා. ඒ අමල් හා නදීමාල් වෙනුවෙන් කරන්න යමක් තියෙනව නම් කරන්න. එපමණයි.
    ලංකාවේ ඉන්න සමහර ගෝතයො වගේ “ඔබට මධූෂ් හමුවී තිබේද වගේ ප්‍රශ්නයක් කෙනෙක් ඇහුවොත් මම නම් ඇඹරෙන්නේ නැහැ. උඹ හොදටම දන්නව ඒක..

    මට මධූෂ් හමුවී තිබේ පමණක් නොව ඔහු සමග අඩි 6 යි 10 යේ එකම කාමරයේ එකම බත් පත කමින් මාස 4කට වැඩි කාලයක් ගත කර තිබේ කියල මම කියනවා. ඒ කොයි කාලෙද , කොහේදිද ඇහුවොත් මීට වසර 9කට පෙර කොළඹ CRP බන්ධනාගාරයේ J2 වාට්ටුවේදී බව මම කියනවා.

    ඇත්තටම ගත්තොත් අමල් අඳුරනවට වඩා වැඩි කාලයක් මම මධූෂ් අදුරනවා.මට හොඳටම පුලුවන්කම තිබුණා මේ case එකේදි කාටවත්ම නොදන්වා ඩුබායි ඇවිත් මධූෂ් ගලවන්න සම්බන්ද වෙන්න. නමුත් මම හිතනව එහෙම කළ යුතු නැහැ කියලා. මොකද වැරදි කරුවෙකුට විශේෂයෙන් මෙවැනි ආකාරයේ මත්ද්‍රව්‍ය බෙදාහැරීම සම්බන්ද හා මිනී මැරීම් ඇතුලු බරපතල ගනයේ අපරාද සම්බන්ද චෝදනා එල්ලවූ අයෙකුට නීති තර්ක යොදාගෙන ගලවා ගැනීම කළ යුතුයි කියල මම විශ්වාස කරන්නෙ නැහැ. මම කරන්නෙත් නැහැ. උපරිම දඩුව්ම් දිය යුතුමයි.“

    aHR0cHM6Ly9pMC53cC5jb20vYXBlcmF0YS5uZXQvd3AtY29udGVudC91cGxvYWRzLzIwMTkvMDIvNjY2NjYucG5nP3Jlc2l6ZT00ODUlMkMzNzY.png

    Source: Gossiplankanews
     
    Last edited:

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    යකඩ මල්ලට ද ගුල්ලො විද ඇති සෙයක් පෙනේ.....
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    හෙමන්ත වර්ණකුලසුරිය වගේ නම ගිය පොර වෙන්න මු දත කන්නේ..
    ලෝයර්ස්ලගෙ අතරෙ තරගෙ රටෙ ප්‍රසිද්ධ කේස් වලට අතදාන්න.මොකෝ ඊට පස්සේ නම හැදෙනවනේ.. ඉන් පස්සේ ඉතින් නඩු වාරෙට ලක්ශ 5යි, 10යයි. හේමන්තලත් එහෙමයි කලේ.මූගේ ට්‍රයි එක ඒක..
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    හෙමන්ත වර්ණකුලසුරිය වගේ නම ගිය පොර වෙන්න මු දත කන්නේ..
    ලෝයර්ස්ලගෙ අතරෙ තරගෙ රටෙ ප්‍රසිද්ධ කේස් වලට අතදාන්න.මොකෝ ඊට පස්සේ නම හැදෙනවනේ.. ඉන් පස්සේ ඉතින් නඩු වාරෙට ලක්ශ 5යි, 10යයි. හේමන්තලත් එහෙමයි කලේ.මූගේ ට්‍රයි එක ඒක..

    ඔව් ගොඩක් ක්‍රිමිනල් ලෝ කරපු ඒ වගේ නඩු වලට කතා කරන ලෝයර්ස්ලා ගොඩක් පාතාලේ කුඩු කාරයෝ අපරාධ කාරයෝ එක්ක ගොඩක් කිට්ටු සම්බන්දතා තියන් යනවා ඉස්සර හිටියලු ලීඩින් ලෝයර් කෙනෙක් මිනිහා ගාවට මිනී මැරුමක් කරලා ගියොත් මිනිහා කියන්නේ තමුසේ මැරුවනම් ඇත්ත කියපන් කියලා මරපු විදිය විස්තරය ඔකොම පැය ගානම් මිනීමරුගෙන් අහගෙන තමයි නඩුවට යන්නේ අරූව බේරගන්න ඔක්කොම පොයින්ට්ස් ටික කල්පනා කරගෙන :baffled:
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    හෙමන්ත වර්ණකුලසුරිය වගේ නම ගිය පොර වෙන්න මු දත කන්නේ..
    ලෝයර්ස්ලගෙ අතරෙ තරගෙ රටෙ ප්‍රසිද්ධ කේස් වලට අතදාන්න.මොකෝ ඊට පස්සේ නම හැදෙනවනේ.. ඉන් පස්සේ ඉතින් නඩු වාරෙට ලක්ශ 5යි, 10යයි. හේමන්තලත් එහෙමයි කලේ.මූගේ ට්‍රයි එක ඒක..
    මෙන්න කතාව..මේක තමා ඇත්ත.සේයාගෙ නඩුවටත් මූ චූදිතයා වෙනුවෙන් ඉදිරිපත් උනේ ඒකයි .රටම බලන් ඉන්න නඩුවක් නේ
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    එළකිරි කොල්ලෙක්;24208577 said:
    උදුල් හඩයි, පෙරට්ටො නිහඬයි :rofl:

    ගොන් කතා කියන්න එපා කොල්ලෝ
    බංකොලොත් ජෙප්පොන්ගේ තවත් බංකොලොත් තර්කයක්....උන් කියන්නේ උදුල් p..පෙරටුගාමී කියලනේ...ලොල්

    1. උදුල් ප්‍රේමරත්න - අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මන්ඩලයේ කැඳවුම්කරු උනේ 2008 පෙබරවාරි ඉඳන් 2011 ජනවාරි වෙනකන්
    2.පෙරටුගාමී පක්ෂය පිහිටුවන්නේ 2012 අප්‍රේල් 9 ය

    ඉතින් උඹම කියපන්කෝ දැන් උදුල් ප්‍රේමරත්න මහතා මොකේද කියල ...

    උදුල් හඩයි, ජෙප්පො නිහඬයි:yes::yes::yes:
     
    Last edited:

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ගොන් කතා කියන්න එපා කොල්ලෝ
    බංකොලොත් ජෙප්පොන්ගේ තවත් බංකොලොත් තර්කයක්....උන් කියන්නේ උදුල් p..පෙරටුගාමී කියලනේ...ලොල්

    1. උදුල් ප්‍රේමරත්න - අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මන්ඩලයේ කැඳවුම්කරු උනේ 2008 පෙබරවාරි ඉඳන් 2011 ජනවාරි වෙනකන්
    2.පෙරටුගාමී පක්ෂය පිහිටුවන්නේ 2012 අප්‍රේල් 9 ය

    ඉතින් උඹම කියපන්කෝ දැන් උදුල් ප්‍රේමරත්න මහතා මොකේද කියල ...

    උදුල් හඩයි, ජෙප්පො නිහඬයි:yes::yes::yes:

    Umba nam maha harakekma thamay. udul perettek pako.

    anyway, tho maha kuhakayek, thawa ekek diyunu wenawata kemathi nethi hondama bayyek.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    Umba nam maha harakekma thamay. udul perettek pako.

    anyway, tho maha kuhakayek, thawa ekek diyunu wenawata kemathi nethi hondama bayyek.

    ඉතින් මම නැහැ කිව්වද...උ පරට්ටෙක්...රෙට්ටෙක්...ඕන යකෙක්..හැබැයි ඌ ජෙප්පෙක්...

    උඹ මම පන්ති පහ කරන කාලේ හිටියේ නැහැනේ...එකයි ඕව තේරෙන්නනේ නැත්තේ...විදුලි කොටන වෙලාවට ගල් ඉන්න එලියට දානවා නේ ?

    මම නෙමෙයි යකෝ ඌට දියුණු වෙන්න දෙන්නේ නැත්තේ...අමල් ගේ family එක ?බොරු නම් news බලපන්...

    ඒක නෙමෙයි...ඇයි බන් ජෙප්පෝ නිහඬ ?ඇයි තරහ ගියාම උඹට කුණුහරප පිට වෙන්නේ ?රත්තරන් අස්සයෝ...ලම්බෝගිනි එහෙම මතක් වෙනවද ?
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    මේ පට්ට වේසාවා එතන ගිහින් ගූ වෙලා ද කොහෙද දැන් මරු කියවනවා.