මධ්‍යම අධිවේගයේ ටෙන්ඩර් මගඩියකින් රුපියල් බිලියන 165 ක පාඩුවක්

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    කෝ ගුපියෝ මොන ඇනලිසිස් එකද?

    Ehema ekak karala thibba ban
    ~ 2000 wala wage.

    Hambunoth dannan

    ඔය හයිවේ එකෙන් නුවර උන්ට වැඩක් නෑනෙ. කුරුණෑගල මාවතගම ගලගෙදර අයටනම් හොඳයි.

    E moko 🤔
    ------ Post added on Mar 13, 2023 at 9:54 AM
     
    • Like
    Reactions: NRTG

    himal2000

    Well-known member
  • Jun 27, 2021
    614
    751
    93
    ඔය කමි‍ටුවේ වාර්තාව අරගෙන ඔය වාර්තා කරුට කියන්න බැරිද ඇයි එහෙම වැඩි ගානට දෙන්නේ කියලා? මගඩි මගඩි කියන්නෙ නැතුව ඒකට හේතුවක් ඔය වාර්තාවක ලියලා ඇතිනේ.
     

    super077

    Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    මධ්‍යම අධිවේගී මාර්ගයේ රඹුක්කන සිට ගලගෙදර දක්වා කිලෝමීටර් 20 ක කොටස ඉදිකිරීමට ටෙන්ඩර් කැඳවීමේදී අක්‍රමිකතාවක් සිදුව ඇති බවට වාර්තා පළ වනවා.
    කොන්ත්‍රාත්කරු තෝරා ගැනීම සඳහා කැබිනට් අනුමැතියකින් තිදෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කර විවෘත ලංසු කැඳවීමක් සිදු කෙරුණා. එහිදී චීන සමාගමක් සහ ශ්‍රී ලාංකික සමාගමක් ඊට ඉදිරිපත් වී තිබෙනවා. චීන සමාගමේ ලංසුව වී ඇත්තේ රුපියල් බිලියන 210 ක්. ඉන් අමෙරිකානු ඩොලර් මිලියන 120 ක් ඍජුව මෙරට බැංකුවකට ගිවිසුම් අත්සන් කරන අවස්ථාවේම ලබාදීමටයි චීන සමාගම කැමැත්ත පළ කර ඇත්තේ.
    ශ්‍රී ලංකා සමාගම මාර්ගය ඉදිකිරීම සදහා රුපියල් බිලියන 375 ක ලංසුවක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ අනුව තිදෙනෙකුගෙන් යුත් ටෙන්ඩර් කමිටුව තීරණය කර ඇත්තේ එම මාර්ග කොටසේ ඉදිකිරීම් චීන සමාගමට ලබාදීමටයි. ඒ, මේ වනවිට ඇති ඩොලර් අර්බුදයට විසදුමක් ඇතුළු කරුණු 8 ක් ද ගෙනහැර දක්වමින්.
    කෙසේවෙතත් හදිසියේම අදාළ කමිටුවේ සිටි දෙදෙනෙකු, ඔවුන්ද නොදැනුවත්ව ඉවත් කර බාහිර පුද්ගලයින් සිව් දෙනෙකු කමිටුවට පත්කර තිබෙනවා. එම පත්කිරීම් සිදුකර ඇත්තේ මුදල් අමාත්‍යාංශය විසින් බවටයි වාර්තා වන්නේ.
    මෙවන් පසුබිමක චීන සමාගමට වඩා රුපියල් බිලියන 165 ක ලංසුවක් ඉදිරිපත් කර තිබූ ශ්‍රී ලාංකික සමාගමට මාර්ගයේ ඉදිකිරිම් ලබාදීමටයි අලුතින් පත් කළ කමිටුව තීරණය කර ඇත්තේ. ඊට අදාළ අනුමැතිය පවා ඉකුත් 3 වනදා වනවිට ලබාදී ඇති බව වාර්තා වනවා.
    කෙසේවෙතත් මධ්‍යම අධිවේගී මාර්ගයේ රඹුක්කන සිට ගලගෙදර දක්වා කිලෝමීටර් 20 ක කොටස ඉදිකිරීමට මෙතරම් මුදලක් වැය නොවනු ඇති බවටයි ක්‍ෂේත්‍රයේ ප්‍රවීණයින් පවසන්නේ. මාර්ගය ඉදිකිරීමට ඉංජිනේරුවන්ගේ ගාස්තු වශයෙන් පමණක් වුවද වැය වන්නේ රුපියල් බිලියන 94 ක් පමණක් බව ද සදහන්.
    එවන් තත්ත්වයක් තිබියදී චීන සමාගම රුපියල් බිලියන 210 ක් ද මෙරට සමාගම රුපියල් බිලියන 375 ක ලංසුවක්ද ඉදිරිපත් කර ඇති පසුබිමක ටෙන්ඩරය ලබාදීමට සූදානම් වන්නේ රුපියල් බිලියන 165 කට වඩා වැඩි මුදලකට ලංසු තබා ඇති මෙරට සමාගමටයි. මෙම සමාගම් දෙකම ලංසු ඉදිරිපත් කර ඇත්තේ මාර්ගයේ ඉදිකිරීම් ආරම්භ කර වසර 3 කට පසු ගෙවීම් ආරම්භ කිරීමටත්, වසර 15 කින් සම්පූර්ණයෙන් ගෙවා දැමිය යුතුය යන පදනම මතයි.
    ඒ අනුව මෙම ලංසුව මෙරට සමාගමට ලබාදුනහොත් වසරක් තුළ වැඩිපුර රුපියල් බිලියන 11 ක් ගෙවීමට රජයට සිදු වනවා. චීන සමාගමේ ලංසුවට අනුව කිලෝමීටරයක් සදහා වැය වන මුදල අමෙරිකානු ඩොලර් මිලියන 54 යි දශම 5 ක්. මෙරට සමාගමේ ලංසුවට අනුව කිලෝමීටරයක් සදහා වැය වන මුදල ලෙස දක්වා ඇත්තේ අමෙරිකානු ඩොලර් මිලියන 97.5 ක්.
    යකො. එක කිලෝමීටරයක් හදන්න ඩොලර් මිලියන 54.5ක් :no: පට්ටම ගැහිල්ලක් ගහනවා ඇත්තේ
     
    • Haha
    Reactions: SLK_sri

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    යකො. එක කිලෝමීටරයක් හදන්න ඩොලර් මිලියන 54.5ක් :no: පට්ටම ගැහිල්ලක් ගහනවා ඇත්තේ
    rajapakshala hadapu hadilla
     

    Similar threads