මධ්‍යයේ බලය අතහැරීම

pga

Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    රනිල්ගේ නැති ව්‍යවස්ථාව

    රනිල්ගේ නැති ව්‍යවස්ථාව

    රනිල් හැම තැනම කියන කතාවක් නම් නව ව්‍යවස්ථාවක් නැති බවයි. ඔහු අහන්නේ නැති ව්‍යවස්ථාවක් ගැන භික්‍ෂූන් වහන්සේ, ජනමාධ්‍ය, ඒකාබද්ධ විපක්‍ෂය, සහ වෙනත් අය කලබල වී ඇත්තේ ඇයි ද යන්නයි. ඒ අතර මෛත්‍රිපාල කියනවා බලය විමධ්‍යගත කිරීමට විරුද්ධ අය එයට විකල්පයක් ඉදිරිපත් කරන්නේ නැති බව. දැන් මේ බලය විමධ්‍යගත කිරීම ගැන මෛත්‍රිපාල කියන්නේ දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය ගැන වෙන්න බැහැ. ඒකෙනුත් බලය බෙදිලා. ඔහු මේ කියන්නේ නව ව්‍යවස්ථාවක් ගැන බව පැහැදිලියි. මෛත්‍රිපාලට පුළුවන් වෙයි ද රනිල්ට කියන්න නව ව්‍යවස්ථාවක් තියෙනවයි කියලා.

    ඒත් එහෙම කිව්වොත් රනිල් නැවතත් කියාවි නව ව්‍යවස්ථාවක් නැහැ කියලා. ඒත් මෛත්‍රිපාලත් නැති ව්‍යවස්ථාවක් ගැන කතා කරනවා. දැනට අවුරුදු තිහකටත් පෙර මා නැති මනසක් ගැන කිව්වා. ඒකට බොහොම දෙනෙක් විරුද්ධ වුණා. දැනටත් විරුද්ධයි. ඒත් ඒ අය මට කියලා දෙන්නෙ නැහැ ඒ තියෙනවයි කියන මනසට නිවන් අවබෝධයේ දී වෙන්නෙ මොකක් ද කියලා. ඒක නැතිවෙනවා ද, නැත්නම් දිගින් දිගට ම පවතිනවා ද? නැති ව්‍යවස්ථාව නැති වෙයි ද, දිගට ම පවතියි ද? ඒක තීරණය කරන්නෙ නැති මිනිසුන් ද?

    මේ නව ව්‍යවස්ථාව තවම එළිදක්වලා නැහැ. ඒක ඇත්ත. ඒත් එළිදක්වලා නැහැ කියන එකෙන් කියැවෙන්නෙ නැහැ නව ව්‍යවස්ථාවක් නැහැ කියලා. නව ව්‍යවස්ථාව හදලා තරමක් කල්. ඒක කාලයක් තිස්සෙ වැඩෙනවා. දැන් කවුරු හරි පඬියකු අහන්න පුළුවන් මා ඒ බව කියන්නෙ කොහොම ද කියලා. දරුවකු පිළිසිඳ ගැනීම හා බිහි වීම අතර කාලයක් තියෙනවා. ඒ ඒ සත්ව ගණයා අනුව කාලය වෙනස් වෙනවා. මිනිසුන් සම්බන්ධයෙන් ඒ දසමසක්. මේ සිංහල මාස මිස ඉංගිරිසි (බටහිර) මාස නො වෙයි. බටහිරට අනුව නම් මාස නවයයි දින කිහිපයක්.

    අප නූපන් දරුවන්ට කේන්දර හදන්නෙ නැහැ. ඒත් ගැබක් තියෙන බව බොහෝ දෙනා දන්නවා. ගැබ සම්බන්ධ මෙරට සංස්කෘතියේ සිරිත් විරිත් තියෙනවා. දරුවා නුපන් පමණින් දරුවා ගැන කතා නොකර ඉන්නෙ නැහැ. දරුවා උපදින්නත් කලින් අප ගැබිණි මව කියලා කියනවා. කාට හරි පඬියකුට අහන්න පුළුවන් ගැබිණියක් මවක් වන්නේ කොහොම ද කියලා. රනිල් අහන්න පුළුවන් කෝ දරුවා කියලා. රනිල්ට මේවා තේරෙන්නෙ නැතිව වෙන්න පුළුවන්. ඒත් මෛත්‍රිපාලට ඒවා තේරෙනවා. දෙන්න අතර වෙනස්කම් තියෙනවා.

    මේ ව්‍යවස්ථාව ගැන අප කතාකරන්න පටන් ගත්තෙ බොහෝ කලකට පෙර. දරුවා පිළිබඳ උදාහරණය ගත්තොත් පිළිසිඳ ගැනීමටත් පෙර. නව ව්‍යවස්ථාව අවශ්‍ය කාට ද? මෙරට ජනතාවට නො වෙයි. දුමින්ද දිසානායක උසින් මහතින් නම් නොදරුවකු නො වෙයි. එහෙත් ඔහු හිතන්නේ ආණ්ඩුවට නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට ජනවරමක් ඇති බවයි. ඔහු මෛත්‍රිපාලගෙ ජනාධිපතිවරණ ප්‍රකාශය කියවලා තියෙනවා ද? ඒ කාලෙ ඔහු ලේකම් නො වෙයි. ඔහු සංධානෙ මැතිවරණ ප්‍රකාශය කියවලා තියෙනවා ද? ඔහු කිසි දාක සංධානෙ ලේකම් වෙලා ඉඳලා නැහැ. මා දන්නවා එවැනි ප්‍රකාශ කියවීමට ලේකම් වීම අනිවාර්ය හෝ ප්‍රමාණවත් හෝ නොවන බව. ඒත් ඒ වැඩි හිටියන්ට.

    රනිල් දන්නෙ නැති වුණාට දැන් ගැබ මෝරලා. බොහෝ දෙනා ඒ ගැන අද කතා කරන්නෙ ඒකයි. ඒත් බොහෝ දෙනා දන්නෙ නැහැ පියා කවුද කියලා. ඒ ජයම්පතිවත් ලාල් විජේනායකවත් නො වෙයි. ඔවුන් කරන්නෙ දොළදුකට අවශ්‍ය දේ සපයන එක වගේ වැඩ. මේ දරුවා ඕන කාට ද? මෙරට ජනතාවට නොවන බව අප කීවා. මෙය වුවමනා බටහිරයන්ට හා ඉන්දියාවට. අප ඒ බව දැන සිටි නිසයි ගැබ පිළිසිඳ ගැනීමටත් පෙර ඒ ගැන කතා කෙළේ.

    ජනාධිපතිවරණයේ හා මැතිවරණයේ ප්‍රධාන ප්‍රශ්නය වුණේ හොරු එළවා ඊනියා යහපාලනයක් ඇති කිරීම නොව මහින්ද එළවා (රනිල් බටහිරයන්ගෙන් ඉගෙන ගත් වචනවලින් රාජපක්‍ෂ රෙජිමය පළවා හැරීම) සිංහල විරෝධී දෙමළ ජාතිවාදී ව්‍යවස්ථාවක් ඇති කිරීම හා රණවිරුවන් දඩයම් කිරීම. අපට ඒ බව කීමට සංධානය හා ජනමාධ්‍ය අවශ්‍ය තරමට අවස්ථා ලබා දුන්නේ නැහැ. දැන් පැහැදිලියි මේ ආණ්ඩුව කරන තරමක් කරන්නෙ හොරකම් බවත් සිංහල විරෝධී වැඩ බවත්.

    මේ මාසෙ අන්තිමට අර තකතීරු මෙහෙයුම් කමිටු වාර්තාව දින තුනක් ව්‍යවස්ථා මණ්ඩලයෙ සාකච්ඡා වෙනවා. ඒක තාම පාර්ලිමේන්තුවට ගේන්න බැහැ. මෙහෙයුම් කමිටුව පත් කෙළෙ පාර්ලිමේන්තුව නො වෙයි. කොහොමටත් ආණ්ඩුවෙ වැඩ පිළිවෙළ පැහැදිලියි. කොයි වෙළාවක හරි දැනටමත් කෙටුම්පත් කරලා තියෙන නව ව්‍යවස්ථාව එළියට දානවා. ඒ ගැන සාකච්ඡා කිරීමට ඉඩක් දෙන්නෙ නැහැ. අද ව්‍යවස්ථාවක් නැහැ කියන රනිල් එදාට කියාවි ව්‍යවස්ථාව ගැන අවුරුදු එකහමාරකටත් වැඩි කාලයක් සාකච්ඡා කළා කියලා. ආණ්ඩුව හදන්නෙ සයිටම් හරි වෙන අයිටමයක් හරි දඩමීමා කරගෙන ව්‍යවස්ථාව සම්මත කර ගැනීමට. ගැමුණු විජේරත්න ගැන පරෙස්සම් වෙන්න. ආණ්ඩුව නව ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවට ගේන්නෙ තුනෙන් දෙකේ ඡන්දය සූදානම් කරගෙන. ඒ සඳහා ක්‍රම හා විධි තියෙනවා. ආණ්ඩුව මෛත්‍රිපාලගෙ ජනාධිපතිවරණ ප්‍රකාශයේ එල්ලී ජනමත විචාරණයක්වත් නොපවත්වන්න වුණත් ඉඩ තියෙනවා. රනිල්ගෙ ප්‍රජාතන්ත්‍රවාතය එහෙමයි.

    අද ආණ්ඩුව අංගුලිමාල පිරීත දෙසීමට හාමුදුරුවරුන් හොයනවා. ජයම්පතිලාට ඒ වැඩේ කරන්න බැහැ. සිවල් සමාජයටත් බැහැ. මෛත්‍රිපාලව ඒ සඳහා යොදව ගන්න ඉඩ තියෙනවා. මෛත්‍රිපාල අහන ප්‍රශ්නයටත් උත්තරයක් දෙන්න ඕන. මේක හා අඟේ පාට අහනවා වගේ ප්‍රශ්නයක්. හාවාට අං නැහැ. බලය බෙදීමට විරුද්ධ නම් විකල්පය මොකක් ද කියලා මෛත්‍රිපාල අහනවා. අප ඔහුගෙන් අහනවා බලය බෙදන්නෙ මොන ප්‍රශ්නය විසඳන්න ද කියලා. මෛත්‍රිපාල විකල්ප පිළිතුරු අහන්නෙ ප්‍රශ්නය මොකක් ද කියලා කියන්නෙ නැතිව. දුමින්දට හරි අමරවීරට හරි කියනවා ද ප්‍රශ්නෙ මොකක් ද කියල ප්‍රකාශ කරන්න. මේක නැති ප්‍රශ්නෙකට ගෙනෙන ව්‍යවස්ථාවක්. රනිල් කියන්නෙ ඒක නැති ව්‍යවස්ථාවක් කියලා. මේ අපේ ම නොවන අපේ ප්‍රශ්නයකට ගෙනෙන අපේ ම නොවන අපේ ව්‍යවස්ථාවක්. කොයිකටත් ගැබ ගැන කතා කරපු නිසා ඒකීය ගැනත් මා කලින් කියල තියෙන ප්‍රකාශයක් නැවතත් මතක් කරන්න ඕනෙ. තරමකට ගැබිණියක් වෙන්න බැහැ වගේ ම තරමකට ඒකීය නොවන්නත් බැහැ. එක්කො ගැබිණියක් නැත්නම් නැහැ. එක්කො ඒකීය නැහැ නැත්නම් ඒකීය . සුළුවෙන් ගැබිණියක් වන්න බැහැ.

    මේ ලිපිිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි ය.

    http://www1.kalaya.org

    නලින් ද සිල්වා

    2017 ඔක්තෝම්බර් 23
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,904
    40,705
    113
    දැන් slfp එකේ නීතියක් තියෙනවා නේද,පක්ෂයේ සමාජිකය‍ෙකු ජාතික මට්ටමේ නායකයෙක් නම් එයට පක්ෂයේ සභාපතිකම ලැබෙනවා කියලා,දැන් එතකොට ජනාධිපති වෙන කෙනාට(වෙන පක්ෂයකින්) slfp ඇතුලේ කණ්ඩායමක් එක්ක deal එකක් දාල එක්කෙනෙක්ට අගමැතිකම දුන්නොත් එයාට පක්ෂය‍ෙ සභාපතිකම දෙන්න වෙනවා,මම කිව්වේ පක්ෂය hack කරන්න පුළුවන්

    ජාතික මට්ටමේ නෙවෙයි මචන්. කෙලින්ම ජනාධිපති කියලයි තියෙන්නෙ. ඒ දවස්වල ඕක ගැන විවාද කරනකොට ඒ වගන්ති ටීවී එකෙත් පෙන්නුවා. slfp ව්‍යවස්ථාව උබෙ අතෙත් නෑ මගෙ අතෙත් නෑනෙ. මේ ගැන අපිට හිතන්න පුළුවන් විදිහට අපි හිතමුකො.

    ඇත්තටම ඕක මහින්ද ගෙනාවේ චන්ද්‍රිකාට අරින්නනෙ. ප්‍රායෝගිකව හිතපන්කො, රටේ ජනාධිපති වෙච්ච කෙනෙක් ආයි ජාතික මට්ටමේ නායක කතාවක් ගෙනෙයිද බන් අච්චර ලොකු විධායක බලයක් අතේ තියාගෙන? විපක්ෂ නායකත් ජාතික මට්ටමේ නායකයෙක් තමයි. ජාතික මට්ටමේ නායකයෙක් කියලා විපක්ෂනායකට චැලේන්ජ් කරන්න පුළුවන් වගන්තියක් ගේන්න තරම් මහින්ද මෝඩයෙක් කියලද උබ හිතන් ඉන්නෙ. මහින්ද කෙලින්ම චන්ද්‍රිකාට අභියෝග කරේ පුළුවන් නම් මගේ ජනාධිකම ගලෝපන් කියන පොයින්ට් එක ඉස්සරහට දාලා බන්. චන්ද්‍රිකා හැපින්නියෙක් වගේ එලෝ එලෝ ඇටෑක් කරෙත් එතනටම තමයි. අගමැතිවරු පත්කරගෙන පක්ෂෙ බලය අල්ලන්න චන්ද්‍රිකා මහමැතිවරන සටන් වලට රෙද්ද උස්සගෙන ආවේ නෑනේ.
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570

    එහෙම උනා නම් චන්ද්‍රිකා කලින්ම අල්ලලා පක්ෂය :),දිවයින පත්තරේ ලිපියක තිබුණෙ ජාතික මට්ටමේ කියලා
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    දැන් රට පාලනය කරන එකා යාපනේ ගිහින් උද්ගෝෂනයක් නවත්තලා පොර වගේ ආවා. මට පුදුම හිතුනා. කොළඹ තියන උද්ගොෂනයක් නවත්තන්න කියලා පොරවගේ ඇවිත් කිව්වොත් අපේ උන් සිරාව මරලා කෑලි කරයි. සයිටම් උද්ගෝෂනයක් නවත්තන්න කියලා කියන්න ආවොත් බඩුම තමයි. මේ රට කරවන කාලකණ්ණින්ට ඕනි මොකක් හරි ව්‍යවස්තා මගුලක් ගෙනත් රට බෙදන්න​. පොනිල් නම් කෙලින්ම හා කියයි. ඌට රටට හෙන ගැහිලා ගියත් ගාණක් නැති #න්නයනේ. ඔන්න බලපන් ඡන්දේ ජනවාරිවල එනවා. දෙමළ ඡන්ද ටික ගන්න ඕනි නිස මේ අඩුකුලේ පරයො ටික උතුරට ඉඩම් බලතලයි, පොලිස් බලතලයි දීලා ප්‍රභාකරන්ට කරන්න බැරි උන දේ ලේසියෙන්ම කරලා දෙයි.මුන්ට ඕනි රටට ගැලැපෙන ව්‍යවස්ථාවක් හදන්න නෙමෙයි,.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251

    palath sabha chande tyenne utureth :D
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,904
    40,705
    113
    එහෙම උනා නම් චන්ද්‍රිකා කලින්ම අල්ලලා පක්ෂය :),දිවයින පත්තරේ ලිපියක තිබුණෙ ජාතික මට්ටමේ කියලා

    :yes::yes:
    චන්ද්‍රිකාට 2015දි හරි අල්ලන්න චාන්ස් එක ලැබුන මහින්දගෙ සහෝදයො+පුත්තුන්ගෙ ගොන් කම් නිසයි. නැත්නම් චන්ද්‍රිකාට මේ ආත්මෙට බෑ. මහින්ද හරියට හිටියා නම් පරද්දන්න පුළුවන් කෙනෙක් නෙවේ.

    මම නම් කියන්නෙ, චන්ද්‍රිකා මහින්දට සලකපු විදිහත් වැරදියි. මහින්ද චන්ද්‍රිකාට සලකපු විදිහත් වැරදියි.
     
    • Like
    Reactions: Mewan_Rose

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo

    මහින්දලා නොහිටින්න චන්ද්‍රිකා දැන් රනිල් කරන වැඩේ කලින්ම කරනවා... පොඩ්ඩක් බලන්නකො බලයෙ හිටපු අන්තිම කාලෙ හැසිරීම. ඒ එක්ක ලස්සනට පෑහෙනවා ගෑනිගෙ දැන් හැසිරීමත්.. ඒක හරියටම දැන් සිරාව පාවිච්චි කනවා වගේමයි.
    මහින්දගෙ සහෝදරයො වගේද, ප්‍රභාකරන්ගෙ බාප්පලා, මස්සිනාලා සහ මුතුන්මිත්තෝ..? කොහොමත් ගොඩක්ම ඒ දේවල් ප්‍රලාප, මඩ වගේ එව්වා කියල අවු 2ක් යනකොට ඔප්පු වෙලා ඉවරයි ඒත් සමහරු පිළිගන්න ලෑස්ති නම් නැත.
     
    Last edited:

    බලය විතරයි.:dull:
    චන්ද්‍රිකා 99 ද කොහෙද පැකේජ් එකක් ගෙනාවනේ.. ජී.ඇල්. උන්දා තමා ඒක ගෙනාවේ..
    මහින්දලා ඊළඟ අගමැතිකම nisa ඒවට විරුද්ධව කලේ නෑනේ...:no:

    ඒ මදිවට ජී.ඇල්. දැන් මහින්ද එන්න ඉන්න පක්ෂේ නිර්මාතෘ...
    ඔක්කොම තමන්ගේ බලය වෙනුවෙන් පැත්තක් අල්ලන් කෑගහනවා
     
    ඒ කතාව නම් හරි, හැබැයි පැකේජ් එක අසාර්ථක උනේ අභයන්තර ගැටුම් වල අවසාන ප්‍රතිපලේ හැටියට. ඒකට මුල් වෙලා තිබුනෙ මහින්ද ඇතුළු කණ්ඩායමකුයි, ජේවීපි එක. ඊට පස්සෙ තමයි චන්ද්‍රිකා වෙනස් උනේ. යු.එන්.පී ආණ්ඩුව එක්ක සෙට් වෙලා ලොකු ගේමක් ගැහුවත් ඒකටත් පරාද වෙන්න උනේ කලින් කියපු කට්ටිය හින්ධම තමයි.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඒ කතාව නම් හරි, හැබැයි පැකේජ් එක අසාර්ථක උනේ අභයන්තර ගැටුම් වල අවසාන ප්‍රතිපලේ හැටියට. ඒකට මුල් වෙලා තිබුනෙ මහින්ද ඇතුළු කණ්ඩායමකුයි, ජේවීපි එක. ඊට පස්සෙ තමයි චන්ද්‍රිකා වෙනස් උනේ. යු.එන්.පී ආණ්ඩුව එක්ක සෙට් වෙලා ලොකු ගේමක් ගැහුවත් ඒකටත් පරාද වෙන්න උනේ කලින් කියපු කට්ටිය හින්ධම තමයි.

    මොන පිස්සුද... අපේ රටේ විපක්ශේ හැමවෙලේම ආණ්ඩුවට විරුද්ධවීමේ ප්‍රතිපලයක්...:lol:
    ඔය ජී.ඇල්. ලාගේ මොලේ වැඩක් නෑ. චන්ද්‍රිකා වගේ අයගේ විස්වාසවන්තයො වෙලා හිටියා කියන්නේ කුජීතයින්..
    මහින්ද මොන ගෙමක්වත් ගැහුවේ නෑ. සාම්ප්‍රදායික විපක්ෂේ ඕකට විරුද්ධ උනා.. කවුද එකෙක් පාර්ලිමේන්තුවේ ඕක ගිණිතිබ්බා...
    දැන් උණ තියෙන ඔක්කොමලා ඕක අනුමත කලා.
    මයිත්‍රී උනත් විපක්ෂෙ හිටියනේ... මහින්ද මයිත්‍රී දෙන්නාම් අකමැති නෑ ඕවට. රනිල්ට ඕන වෙන්න ඇත්තේ තමන්ගේ ආණ්ඩුවක්න්ම දෙන්න වෙන්නැති:dull:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,904
    40,705
    113
    මහින්දලා නොහිටින්න චන්ද්‍රිකා දැන් රනිල් කරන වැඩේ කලින්ම කරනවා... පොඩ්ඩක් බලන්නකො බලයෙ හිටපු අන්තිම කාලෙ හැසිරීම. ඒ එක්ක ලස්සනට පෑහෙනවා ගෑනිගෙ දැන් හැසිරීමත්.. ඒක හරියටම දැන් සිරාව පාවිච්චි කනවා වගේමයි.
    මහින්දගෙ සහෝදරයො වගේද, ප්‍රභාකරන්ගෙ බාප්පලා, මස්සිනාලා සහ මුතුන්මිත්තෝ..? කොහොමත් ගොඩක්ම ඒ දේවල් ප්‍රලාප, මඩ වගේ එව්වා කියල අවු 2ක් යනකොට ඔප්පු වෙලා ඉවරයි ඒත් සමහරු පිළිගන්න ලෑස්ති නම් නැත.

    Chandrika package genakota mahindala kata arapu aya newe. Chandrikai mahindai tharaha une federal da unitary da kiyana prashna walata newe. Un dennata thibbe pakshe athule balaya gana prashnayak. Mahinda janadhipathi wela chandrikage package hadapu GL lawa redda asse dagena commission hadagena witharak newe kohewath inna dayan kiyana hipatuwawa UN yawala 13+ denna lasthi karapu kenek.
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    තව අවුරුදු 50කින් විතර ඉවර වෙන්න ඉන්න ශින්හලයා හෙට අනිද්දම වලට යන වැඩක් මේ අලුත් ව්‍යවස්තාව. ..ඕකෙ එක අකුරක් වෙනස් කලා කියන්නේ වෙන දෙවල් හිතාගන්නවත් බෑ බන්.. ශින්හලයා කරගන්න යන ලොකුම ගොන් වැඩේ ඕක නම් :no::no:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    තව අවුරුදු 50කින් විතර ඉවර වෙන්න ඉන්න ශින්හලයා හෙට අනිද්දම වලට යන වැඩක් මේ අලුත් ව්‍යවස්තාව. ..ඕකෙ එක අකුරක් වෙනස් කලා කියන්නේ වෙන දෙවල් හිතාගන්නවත් බෑ බන්.. ශින්හලයා කරගන්න යන ලොකුම ගොන් වැඩේ ඕක නම් :no::no:

    J.R. dial ekak kiyalda kiyanne :oo:
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya

    J.R. dial ekak kiyalda kiyanne :oo:

    පරිපාලන එක්සෑම් එක කරද්දි ලොව්යර් කෙනෙක් ක්ලාස් එකට ගෙන්නල ලෙක්චර්1ක් කලා ක්ලාස් එකෙන්...
    ල්ංකාවේ වැදගත්ම ලියවිල්ල තමයි ව්‍යවස්තාව.. ගොයම් කොලෙට මුවාවෙලා මිනිමරපු රටේ ඕකෙ පොඩි වෙනසක් ඇති හම්යොන්ට ටැමිල් උන්ට පිස්සු කෙලින්න
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo

    J.R. dial ekak kiyalda kiyanne :oo:

    ජෙ.ආර් ඩයල් එක්ද්ක් නම් තමයි දැන් ඉන්න උන්ට වඩා. නැත්නම් ඉන්දියාව ඉස්සරහ දණ ගහලා 13 ට එකග වෙලාත් රට විනාශ වෙන්න නොදී බේරගන්න පුළුවන් වගන්ති කීපයක් හරි ඇතුල් කරලා තියෙන්නෙ... ඕකට නීති උපදෙස් දුන්නෙ කව්ද දන්නෙ නෑ? 13 සම්පූර්ණයෙන් බලාත්මක උනා නම් කට්ටිය මෙහෙම කියන්නෙ නෑ....
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    incest_cult;22445[COLOR="Sienna" said:
    [/COLOR]090]

    J.R. dial ekak kiyalda kiyanne :oo:

    ජෙ.ආර් ඩයල් එක්ද්ක් නම් තමයි දැන් ඉන්න උන්ට වඩා. නැත්නම් ඉන්දියාව ඉස්සරහ දණ ගහලා 13 ට එකග වෙලාත් රට විනාශ වෙන්න නොදී බේරගන්න පුළුවන් වගන්ති කීපයක් හරි ඇතුල් කරලා තියෙන්නෙ... ඕකට නීති උපදෙස් දුන්නෙ කව්ද දන්නෙ නෑ? 13 සම්පූර්ණයෙන් බලාත්මක උනා නම් කට්ටිය මෙහෙම කියන්නෙ නෑ....

    Minissu JR ta banapu taram.. pau manussaya... :lol:
    Widayaka janadipatikame rasa baluwa minissu dannawa eeka kochchara shokda kiyala.
    Minissunge yahapatara wagema hamoma eeka bawita kala thamange, paule,pakshaye sanwardaneta.
    13+ nisa thama janapathi balaya onawenawa hitenne.
    + katawa uture antawaadinge gatayakata ahuwela UN ekata kiyapu deyak.
    Antimata kohe nawatyida danne nea
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya

    J.R. dial ekak kiyalda kiyanne :oo:

    නැ නැ
    ව්‍යවස්තාවයි ඩයල් එක.
    ඒක නිසා ඒකෙ එක වචනයක් වෙනස් කලත් බොහොම පරෙස්සමෙන් කරන්න ඕන.. මොකද ව්‍යවස්තාව රටේ නීතිය වෙන නිසා..
    :yes::yes:
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    බලය බෙදීම දෙමළ ජනතාවට තියෙනවා කියන ප්‍රශ්නයට එකම උත්තරේ කියලා කියන සිරිසේන ජනාධිපතිතුමා කියන්නෙත් නෑ හැබෑටම ප්‍රශ්නෙ මොකද්ද කියලා. ඕක කවුරුවත් ඒ උත්තමයගෙන් අහන්නෙත් නෑ...

    අපි මොහොතකට හිතමු ඔය කියන ප්‍රශ්නෙට උත්තරේ බන්දේසියක තියලා උතුරටයි නැගෙනහිරටයි දුන්නා කියලා... ඉඩම් බලතල පාවිච්චි කරලා පැරණි නටබුන්, බෞද්ධ වෙහෙර විහාර ඉවත් කරන්න කිව්වොත් කොහොමද?

    එතකොට එතන ප්‍රශ්නයක් ඇතිවෙන එක වළක්වන්න තියෙන ප්‍රතිපාදන මොනාද?

    පොලිස් බලතල, නීති හදාගැනීමේ බලතල දුන්නොත් ඒවා තමන්ට අකමැති දේවල් වලට විරුද්ධවත්, තමන්ට රිසි දේවලට අනුබල දෙන විදිහටත් පාවිච්චි නොකරයිද?

    [Size]
    මම විසින් කාලෙකට කලින් අහපු ප්‍රශ්නයක්, සවාදයට විවෘතයි. ඔන්න බලමු, මුහුදු මහා විහාරෙට වෙලා තියෙන දේ නෙමෙයිද මම කියල තියෙන්නෙ?
    [/size]