මධුමාධවගේ කතාව බොරුවක්
මධුමාධවගේ කතාව බොරුවක් - ජනාධිපති අරමුදලෙන් නාමල්ට මිලියනයක්
නාමල් උඩුගම මහතාට ප්‍රතිකාර සඳහා මුදල් අවශ්‍ය බවට සිය සංගමය ජනාධිපතිවරයා දැනුවත් කළ විට ඔහු වෙනුවෙන් රු. 10,000ක් ලබා දීමට හැකි බවත් ඒ සඳහා නාමල් උඩුගම මහතාගේ වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසට තමන්ට පැවසූ බවට පසුගියදා මාධ්‍ය වෙත අදහස් දක්වමින් ගායන ශිල්පී මධුමාධව අරවින්ද කළ ප්‍රකාශය පදනම් විරහිත බව ජනාහිපති මාධ්‍ය අංශය විසින් දන්වා තිබේ.
පසුගිය 06 වනදා මහනුවර පැවති "මහින්ද සමග රට දිනවමු" රැලියේ කතාවක් සිදුකළ මධුමාධව කියා සිටියේ ජනාධිපතිවරයා විසින් රුපියල් 15,000 ක් ලබාදීමට එකඟ වූ බවයි. නමුත් පසුගිය 24 වනදා අභයාරාම විහාරස්ථානයේ පැවති හිටපු ජනපතිවරයා සහ කලාකරුවන් අතර පැවති හමුවේදී මධුමාධව විසින් කියා තිබුනේ වත්මන් ජනපතිවරයා රුපියල් 10,000 ක් ලබාදීමට පමණක් එකඟ වුවත් හිටපු ජනපතිවරයා ලක්ෂයක් මුදලක් පරිත්‍යාග කළ බවය.
නමුත් එම චෝදනා ප්‍රතික්ෂේප කොට ඇති ජනාධිපති මාධ්‍ය අංශය විසින් දන්වා ඇත්තේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ විශේෂ අනුමැතිය යටතේ ගායන ශිල්පී නාමල් උඩුගම මහතාට ප්‍රතිකාර සඳහා ජනාධිපති අරමුදලෙන් රුපියල් මිලියනයක මුදලක් ලබාදුන් බවයි.
ඉන්දියාවේ රෝහලක ප්‍රතිකාර ලබන නාමල් උඩුගම මහතා වෙනුවෙන් රුපියල් මිලියනයක් වූ අනුමැතිය සහිත ලිපිය මාර්තු 06 වන දා ඉන්දියානු නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලය වෙත ෆැක්ස් මගින් යවා එහි පිටපතක් ඔහුගේ භාර්යාවට ද යැවූ බවත් ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක සඳහන්වේ.
අක්මාවේ රෝගී තත්වයක් ඇති පුද්ගලයෙකුට ජනාධිපති අරමුදල මගින් සාමාන්‍යයෙන් පිරිනැමෙන්නේ ලක්ෂ 04 ක මුදලක් වුවත් ජනාධිපතිවරයාගේ විශේෂ ආධාර යටතේ රුපියල් මිලියනයක් ආධාරයක් නාමල් උඩුගම මහතාට පරිත්‍යාග කලේ හෙතෙම කලාකරුවෙකු ලෙස විශේෂ කොට සැලකීම නිසාවෙන් බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්වේ.