මධුසමයෙ කුමරි ලෙස ඔබ කුසට ආව කල...

Gnauwa

Member
Apr 12, 2016
829
233
0
මධුසමයෙ කුමරි ලෙස ඔබ කුසට ආව කල...

අගහිඟකම් නිසාවෙන්ම ගබ්සා කිරීමට ගොස්, නැවත එම අදහසින් බැහැරව වැදූ, කුලුඳුලේ කුස පිලිසිඳ ගත් දියණියට, පසු කලෙකදී මව කියන කතාවක්... :sorry:

මධුසමයෙ කුමරි ලෙස
ඔබ කුසට ආව කල
චකිතයක පැටලිලා
හිටියානෙ ඔබෙ පියා
අපි බැඳල පොඩි කලයි
අත මිටත් හරි හිඟයි
දරුවෙක්ට කෝ ඉඩක්
අපි යන්නෙ රිම් එකෙන්…

තිබු නමුත් උපාධිය
සමත් වී හරි ජයට
පියා හට හරි හමන්
තිබුණ් නෑ ආදායමක්
ඔහුගෙ අදහස අනුව
ගබ්සාව කෙරුමකට
අවැසි මුදලත් අනේ
මහ ලොකුයි දෙවියනේ…

තැන තැනට ඇවිදිමින්
සුලු සුලූ රැකියා වලින්
හෙව්ව හැටි ඒ ගාණ
මතක් වෙනවානේ මට
සති දෙකක් ඇවෑමෙන්
මුදල් සෙව් පියාණන්
අඬගැහුව යන්න මට
ගබ්සාව කර ගන්න…

සුදූ මේ ටික අහන්
මේ තරම් සල්ලී ගොඩක්
හෙව්ව නම් සති දෙකෙන්
සෝදන්න මගේ කුස..
ඇයි අපිට මේ වගේ
බැරි දරුව රැක ගන්න
දිවා රෑ වෙහෙස වී
දෙමු දුවට පණ කෙන්ද..

මා එලෙස කිව්ව විට
ඇඬුණ නුඹෙ පියා හට
අඬන ඔහු වැලඳගෙන
මාත් ඇඬුවා හොඳට
ඔන්න ඔහොමයි දුවේ
අපි ලඟට ඔබ ආවෙ
කවද හරි මේ ලොවේ
නමක් තියපන් දුවේ…

:( :( :(
උපුටා ගැනීමකි.
 

ManOfSteel

Well-known member
  • Jan 4, 2013
    2,940
    3,028
    113
    Invalid
    මොන උපාදි තිබ්බත් උපත් පාලන ක්‍රම ගැන දැනුමක් නෑ වගේ නේද
    මේ තාත්ත පොතේ ගුරෙක් වෙන්න ඇති
     

    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    :sorry::sorry::sorry:

    අනිවාර්‍යයෙන්ම ඔව් මචන්, මට private experience තියනව ඔහොම ගබ්සා කරගත්ත අම්මල පස්සෙ කාලෙකදි විඳින දුක ගැන. ඒ අය ඕව මට කියනව. පව් බං,

    ණය වෙලා හිඟා කාල හරි ලමයව හදන්න ඕනෙ..