මධු සමය දා ලිහූ සළු පිලි

northtech

Well-known member
  • Oct 26, 2006
    10,216
    304
    83
    Where U want me to be
    මධු සමය දා ලිහූ සළු පිලි

    මිනී කපන නිමලදාසගේ පනස් හය හැවිරිදි බිරිඳගේ මරණ පරීක්ෂණයට සුපුරුදු පරිදි නිමලදාස වෛද්‍ය වරයා හා මෝචරියට ඇතුලු විය....

    මධු සමය දා ලිහූ සළු පිලි
    එවක මතකය අදත් ගෙන
    අනේ දොස්තර කමා කල මැන
    මදක් දෑසම වසනු මැන...

    ඇගේ සිරුරම වසා මතු කල
    ප්‍රේමයක් ඇත පුරා මන
    තවත් පිරිමියෙකුගේ ඇස් වල
    ඇගේ සලකුණු ඕන නැත..!!

    දොස්තරට ඇස් වැහෙන තැන්වල
    පාත් වී නුඹේ සිරුර ලඟ
    හොරෙන් බැලුවා ඉතිරි හුස්මක්
    තියනවද ඔය පපුව මැද

    කපා සිරුරම සොයා හේතුව
    පිරිස්සද්දී හදවතේ
    සිරව ලේ කැටි දෙකක් තිබුනා
    දරුවො දෙන්නයි සිහි උනේ...

    කවපු බත් පිඬ බඩ වැලක් මැද
    නැවතිලා සුසුමකට වැද
    අදත් දහවල ඉකි ගසා නුඔ
    හඬපු තාලය හිතේ ඇත..

    “වැදූ දූ පුත් නික්ම ගිය පසු
    හැරදමා උන් උපන් රට
    තාම සීසර් කරපු සලකුණු
    තියනවා නුඹෙ බඩේ යට“

    “කපන කොටනා තැනක් පාසා
    යලිත් අතගා සුසුම් මැද
    නුඔට නොරිදෙන මට රිදෙන තැන්
    හුඟක් දැන් ජීවිතේ ඇත...“

    ඉතින් යා යුතු මගක් වේ නම්
    මදක් ඉවසමු කිව් බසින්..
    මෙහෙම දවසක් හිතාගෙන නුඔ
    ඉන්න තිබුනා එක ලෙසින්...!

    chaminda pradeep silva gunarathne | පාට පහක් |2015-01-16

    Source by Facebook .
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    sad-i-know-that-feel-bro.png
     

    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    හරිම අපූරු ඒ වගේම ගොඩක් සංවේදී නිර්මාණයක්. බෙදා ගත්තට ස්තුතියි.
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මූඩ් එක කෑවා.. පට්ට අප්සට් සීන් එක බන්... බොක්කටම වැදුන... හිතට හෙන අප්සට් බන්..