මනසින් නිදහස් වීම - පළමු පරිච්ඡේදය

Yasitha Dias

Junior member
  • May 12, 2023
    24
    58
    13
    පළමු පරිච්ඡේදය ( 𝑰𝑵𝑻𝑹𝑶𝑫𝑼𝑪𝑻𝑰𝑶𝑵 ) ㋛︎𝑷𝒖𝒑𝒑𝒆𝒕𝒔

    ☯️මනසින් නිදහස් වීම ☯️

    ⚡
    එදිනෙදා ජීවිතයේ නොසිතූ පැතිකඩක් 💭

    🍃ස්වභාදහම සමඟ හුදෙකලා වීම වෙනුවට මනසෙහි ස්වභාවිකත්වය විඳින්න..

    🍃මනසෙහි ස්වභාවික හැසිරීම මුලාවක් බව සහ එකම ලෙසින් පුනරාවර්ථනය වන බව අවබෝධ වූ පසු එම සාධකය වෙනුවට වෙන යමක් ආදේශ කළ හැකි වීම..

    ස්වභාදහමත් සමඟ හුදෙකලා වූ පසු මනසට සැනසීමක් සහනයක් ඇති වන්නෙ input වෙන දේවල් මත.. සිතිවිලි වෙනස් වෙන්නෙ පරිසරයට අනුව..
    මනසෙහි ස්වභාවිකත්වය කියන්නෙ සාමාන්‍යයෙන් අපේ සිතට එන සිතිවිලි..

    ඒ දේවල් අවස්ථානුකූලව ඕනෙම සිතිවිල්ලක් වෙන්න පුළුවන්.. (කැමති වගේම හෘද සාක්ෂිය අකමැති දේත්)
    මනසට එන සිතිවිලි වලට එන්න දෙන්න ඕනෙ.. ඒවා ඇවිල්ලා අපෙන් මොනවාද ඉල්ලන්නෙ කියලත් බලන්න..
    හෘද සාක්ෂිය අකමැති සිතිවිලි එන්නෙ අපි පුරුදු කරපු දේවල් මත වෙන්න පුළුවන්.. ( අපි අකමැති උනත් සමාජයෙන් ඇතිවන බැලපෑම හේතුවෙන් වැඩි දැනුවත් බවකින් තොරව වුවත් අපි චින්තන රටා ගොඩනගා ගන්නවා..)

    එන සිතිවිලි බාහිරව සිටින අයෙකු මෙන් දකින්න, සිතිවිලි වලට එන්න දීලා එන අනුපිලිවෙල බලා එහි සුන්දර හෝ අසුන්දර බව දකින්න..

    ⚡සිතිවිල්ලක් ඔස්සේ ආපස්සට බැලීම ට වඩා එන අනුපිලිවෙල බැලීම ප්‍රායෝගිකයි.. සමහරු සිතිවිල්ලක් ඔස්සේ ආපස්සට බලන්න සමහරු උත්සාහ කරනවා, ඒක ප්‍රායෝගික නෑ..

    මනසෙහි ස්වභාවික හැසිරීම අසුන්දර නම් සිතිවිලි එන රටාව දැකලා ඒ අකමැති දේ වෙනුවට කැමති දේ ආදේශ කරගන්න පුළුවන් පුහුණුවත් සමඟ.. පුහුණුව කිව්වෙ සිතිවිලි එන රටාව කාලයක් තිස්සෙ අධ්‍යනය කරලා එදිනෙදා ජීවිතයේ දි පුරුද්දක් විදියට සිහිය පවත්වා ගැනීමෙන් ස්වභාවිකව අනවශ්‍ය සිතිවිලි ඇතිවීම පාලනය කරගන්න එක.. ඊළඟට අපි අකමැති සිතිවිලි රටා වෙනුවට කැමති සිතිවිලි රටාවක් program කරන්න ඕනෙ.. අනුපිලිවෙලකට ගැලපීමක් වගේ, ඒ කියන්නෙ අපි ඕනෙම දෙයක් දකින්න කැමති විදියට සිතිවිලි රටාවක් සාදා ගැනීම..

    පුනරාවර්ථන සාධක කියන්නෙ අපිට එදිනෙදා එන සිතිවිලි බොහෝ දුරට එකම සිතිවිලි නැත්නම් එකම වගේ.. ඒකෙන් අකැමැති දේ වෙනුවට කැමති චින්තන රටාවක් හදාගන්න විදිය තමයි අපේ අරමුණ..

    එය අවබෝධ නොකල මිනිසා නොදන්නා යමක් විසින් නටවන රූකඩයකි..🥀

    ජීවිතය විඳීම සහ තෘප්තිමත් ව ගතකිරීම සම්බන්ධයෙනුත් ඔය විදියට ම හිතලා බලන්න පුළුවන් ..😊

    ✍︎ සටහන 🔑#𝒀𝒂𝒔𝒊𝒕𝒉𝒂_𝑫𝒊𝒂𝒔

    📍පසු සටහන :- සිහිය පවත්වා ගැනීම කියලා අදහස් කලේ සිතිවිලි වල ගලා යාම නිරායාසයෙන් සංවේදනය වීම සාමාන්‍යකරණය වීම සම්බන්ධ තත්වයක්🔦

    2022.01.10
    .
    .
    .
    මනසේ ඕනෑම ගැටලුකාරී/අසහනකාරී ස්වභාවයකට පිළියමක් වශයෙන් පලකරන ලිපි පෙලේ පළමුවැන්න...

    ප්‍රශ්න යොමු කරන්න..

    FB_IMG_1684494232673.jpg
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,121
    1
    28,695
    113
    වටිනවා. මේක කරන විදිය ගැන practical example එකකුත් දාන්න පුලුවන් ද? උදාහරණයක් විදියට රටේ ලෝකෙ වෙන දේවල් අහනකොට දකිනකොට නිතරම ද්වේශ සහගත සිත් එනවා නම් කොහොමද කරන්න ඕන කියලා
     

    Yasitha Dias

    Junior member
  • May 12, 2023
    24
    58
    13
    වටිනවා. මේක කරන විදිය ගැන practical example එකකුත් දාන්න පුලුවන් ද? උදාහරණයක් විදියට රටේ ලෝකෙ වෙන දේවල් අහනකොට දකිනකොට නිතරම ද්වේශ සහගත සිත් එනවා නම් කොහොමද කරන්න ඕන කියලා
    අවස්ථාව මොකක් උනත් එකම දේ තමයි කරන්න තියෙන්නෙ.. තමංව observe(නිරීක්ෂණය) කරන එක..

    මේක සම්පුර්ණයෙන් බලලා ප්‍රශ්න තියෙනවා නම් අහන්න.. මං දවසකින් දෙකකින් ඊළඟ පරිච්ඡේදයත් දාන්නම්


    මනසට අලුත්ම සිතුවිලි දෙන්න විදිහක් නැද්ද
    එකම වෙනස් වෙවී repeat වෙන එක තමා ගොඩක් වෙලාවට වෙන්නෙ.. දන්න දේවල් සම්බන්ධ වෙලා කතා හැදෙන එක නම් වෙනවා.. ඉලක්කම් දහයෙන් සංඛ්‍යා හැදෙනවා වගේ..😉
    ------ Post added on May 19, 2023 at 7:35 PM
     

    Yasitha Dias

    Junior member
  • May 12, 2023
    24
    58
    13
    @Rsupun @NRTG @nooby @dhanuka kumara @CoolMan88 @thesasindu @Miami-Vice @War Fighter @Ash Williams ඊළඟ එක දැම්මා... දෙවන පරිච්ඡේදය

    Thread 'දෙවන පරිච්ඡේදය.. ( 𝑬𝑵𝑫 𝑻𝑶 𝑬𝑵𝑫 𝑬𝑵𝑪𝑹𝒀𝑷𝑻𝑬𝑫 𝑪𝑯𝑨𝑷𝑻𝑬𝑹 )' https://elakiri.com/threads/දෙවන-පරිච්ඡේදය-𝑬𝑵𝑫-𝑻𝑶-𝑬𝑵𝑫-𝑬𝑵𝑪𝑹𝒀𝑷𝑻𝑬𝑫-𝑪𝑯𝑨𝑷𝑻𝑬𝑹.2106192/