මන්ත්‍රින්ට වාහන දෙන්න පාර්ලිමේන්තු කමිටු අනුමැතිය

wca

Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    image_9ad2c12167.jpg


    (කැලුම් බණ්ඩාර)

    ශ්‍රී ලාංකිකයන් දරා ගත නොහැකි ජීවන වියදමකින් පීඩා විඳිද්දී තමන්ට සහනදායී ලෙස වාහනයක් ගෙන්වීමට බලපත්‍රයක් ලබා දෙන්නැයි පාර්ලිමේන්තු ගෘහ කාරක සභාවට මන්ත්‍රීවරුන් පිරිසක් කර ඇති ඉල්ලීම එම කාරක සභාව පිළිගෙන ඇතැයි ඉහළ පෙළේ ආරංචි මාර්ග පැවසුවේය.

    රාජ්‍ය සේවයේ විවිධ කාණ්ඩවල විධායක ශ්‍රේණි නිලධාරීන්ට ලබා දී ඇති පහසුකම් වලට සමාන අයුරින් තමන්ටද වාහන බලපත්‍රයක් ලබා දෙන ලෙස එම මන්ත්‍රීවරුන් කළ ඉල්ලීම පාර්ලිමේන්තු ගෘහ කාරක සභාව ධනාත්මක අයුරින් සලකා බැලූ බව ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.

    විවිධ දේශපාලන පක්ෂ නියෝජනය කරන මන්ත්‍රීවරුන් 100 දෙනෙකු පමණ ඔවුන්ගේ පාවිච්චිය සඳහා තීරු බදු රහිතව වාහනයක් ගෙන්වීමට බලපත්‍රයක් ලබා දෙන ලෙස කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගෙන් මෙලෙස ඉල්ලීමක් කළ බව ආරංචි මාර්ග පැවැසුවේය.

    පාර්ලිමේන්තු ගෘහ කාරක සභාවේ අනුමැතිය එම ඉල්ලීමට ලැබීමත් සමග එය ක්‍රියාත්මක කළ හැකි මුදල් අමාත්‍ය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ලිපියක් මගින් දැනුම් දෙනු ඇතැයි ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.
     

    nuwan.mac

    Junior member
  • Oct 18, 2009
    61
    53
    18
    දැන් තව ටික දවසකින් වාහන ආනයනය කරන්නත් අවසරය දෙයි ,ඊට පස්සෙ වාහන 225 මෙහෙට ගෙනාවට පස්සෙ ආයත් තහනම් කරයි 😂
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    ආසියාවේ ඓශ්චර්ය

    වදුරට දැලි පිහිය අහුවුනවගේ .
    මහින්දයා හැමතැනම වනකරනවා.
    තව හොදට මහින්දට කඩේ යමු.
    හෙට අපේ මිනීමරුවන්ටත් ජනාදිපති සමාව දෙයි.



    ආසියාවේ ඓශ්චර්ය
    042-E786-E-1-AF8-411-B-802-E-4-F2-CE5-AEB5-D6.jpg
     

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,524
    12,937
    113
    මෙහෙම බොරු නිවුස් එකක් දාල ඕකුන් ලකුණු දාගන්න තව ටික දවසකින් කියයිද දන්නේ නෑ අපිට ඕවා එපා කියල
     
    • Like
    Reactions: kinkon