මන්ද බුද්ධිකය

PMUB

Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    Sarath_F_410px_18-10-13.jpg


    මන්ද බුද්ධික ජනාධිපතිට ආශ්චර්ය යන්න නොතේරෙන බවත්, ජනතාව සොයමින් සිටි විකල්ප බලවේගය තම පක්ෂය බවත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකා මහතා පවසයි.

    මාතර වැලිගම කනන්කේ ප‍්‍රදේශයේ පැවති ජනහමුවකදී ඒ මහතා මෙසේද කීය.

    ''මන්ද බුද්ධික පාලකයා ආශ්චර්ය ගැන කතා කළාට මේ රටේ එහෙම ආශ්චර්යක් නෑ. අපේ රටේ පාලකයා දන්නේ නෑ ආශ්චර්ය කියන්නේ මොකක්ද කියලා. අපි ආසියාවේ ආශ්චර්ය වෙන්නේ කොහොමද? වාර්ෂික ඒක පුද්ගල ආදායම ඩොලර් දෙදාහයි. මෝඩ පාලකයන්ට මේක තේරෙන්නේ නෑ. අපිට නම් හිතෙන්නේ මේ රටේ පාලකයා තව අවුරුදු 5ක් හිටියොත් ආසියාවේ අපාය වෙනවා. දැනුත් අපි අපායේ දොරකඩටම ගිහින් ඉන්නේ. යමරජුරුවෙක් ඉන්නවා යම පල්ලන් ඉන්නවා ජනතාව බය කරගෙන.

    පහුගිය කාලයේ කටුනායක ගුවන් තොටුපළේදී ගුවන් යානයකින් බැස්ස ගමන් කාපට් එකක් දැක්කා. බිම පෙරළි පෙරළි කාපට් එක ඉම්බා. ඒක දේශපේ‍්‍රමය නෙමෙයි. අපි දන්න විදිහට මහපොළව ඉඹින්නේ බහිරවයෝ. පොළවට කෑදර අය ජනතාවත් හූරන් කන එවුන්.

    ප‍්‍රභාකරන් කියන්නේ ත‍්‍රස්තවාදියෙක් වුණාට ඔහු අපේ පවුලේ අයගෙන් පළිගත්තේ නෑ.මගේ ලොකු දියණියගේ සැමියා මුණගැහිලා නෑ අවුරුදු 4කින්. ඔහුට සැගවුණු තැනින් එළියට එන්න ලැබෙන්නේ රාජපක්ෂ පාලනය ඉවරවුණු දවසකයි''
    ලංකා සි නිව්ස්
     
    Last edited:

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    Sarath_F_410px_18-10-13.jpg


    මගේ ලොකු දියණියගේ සැමියා මුණගැහිලා නෑ අවුරුදු 4කින්. ඔහුට සැගවුණු තැනින් එළියට එන්න ලැබෙන්නේ රාජපක්ෂ පාලනය ඉවරවුණු දවසකයි
    ලංකා සි නිව්ස්

    :shocked:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මචන් පොන්සේකා මහත්තයගේ මොකක්හරි ප්‍රතිපත්ති ප්‍රකාශනයක් තියෙනවද?...තියෙනවනම් ලින්ක් එකක් දීපන්කො.....මේ news වල යන්නේ ආණ්ඩුවට බනින ඒවා විතරයිනේ