මන් කරන කිසිම දෙයක් කාටවත් පේන්නෙ නැහැ.

hpalpola

Well-known member
  • හුඟක් මිනිස්සුන්ට තියෙන එක ප්‍රශ්නයක් තමයි තමුන් කොච්චර හොඳයි කියලා හිතෙන දේවල් ලෝකෙට කලත් ඒ කල හොඳ නොපෙනී අඩුපාඩු විතරක් ම පේන එක. මේ නිසා නිතරම කණස්සලු වෙනවා “අනේ මන් කොච්චර හොඳ කලත් මට අහන්න වෙන්නෙ නරකම නෙ” කියලා. ඒ වගේම ඒ අයට පේන දෙයක් තමයි සමහරුන්ට කිසි වැඩක් නොකලත් අහන්න ලැබෙන්නෙ හොඳම විතරයි කියන එක. ඒ කියන්නෙ තමුන් කරන වැඩේ ක්‍රෙඩිට් යන්නෙත් වෙන කෙනෙක් ට.
    මෙහෙම හිතන, මේව පේන සමහරු වෙලාවකට කියනවා “පූරුවෙ කරුමෙකට වෙන්න ඇති මෙහෙම වෙන්නෙ” කියලා. එක අතකට ගත්තම මේක හරි. ඇයි එහෙම කියන්නෙ?

    චූලකම්ම විභංග සූත්‍රයෙදි බුදුරජාණන්වහන්සේ සුභ මානවකයාට මෙහෙම දේශනා කරනවා.

    මාණවකය, සත්ත්වයෝ කර්මය ස්වකීය කොට ඇත්තාහ, කර්මය දායාදය කොට ඇත්තාහ, කර්මය යොනි කොට ඇත්තාහ, කර්මය බන්ධු කොට ඇත්තාහ, කර්මය පිළිසරණ කොට ඇත්තාහ. කර්මය තෙමේ සත්ත්වයන් හීනප්‍රණීත බවට විභාග කෙරේ යයි.

    සමහරු මේ ධර්මය අහලා තියෙනවා. සමහරු නම් නැහැ. කර්මය කියන එක සාමාන්‍ය විදියට තේරුම් ගන්නත් පුළුවන්. ගැඹුරින් තේරුම් ගන්නත් පුළුවන්. අපි අද කරන චේතනාන්විත ක්‍රියාව නිසා හෙට ලැබෙන ප්‍රතිඵලය තමයි සරලව ගත්තම කර්මය කියන්නෙ. මුං වැපුරුවොත් ලැබෙන්නෙ මුං මිසක් වී නෙමෙයි.

    සමහරු ඉන්නවා කෙනෙක් මොකක් හරි දෙයක් කලාම ඒක තමුන් කලා වගේ ප්‍රසිද්ධ කරන. එහෙම නැත්නම් තවත් සමහරු ඉන්නවා තමුන් කිසි දෙයක් නොකර අනුන් ලවා වැඩ කොරෝගන්න බලාගෙන. අපි ඔය කතාවට කියන්නෙ අනුන්ගෙ පානෙන් එලිය බලනවා කියලා. නිදසුනකට කිව්වොත් ඔයා මහන්සි වෙලා පෝස්ට් එකක් හදලා දානවා FB එකට. ඒක හිතට වදින පෝස්ට් එකක්. මේක දකින තව කෙනෙක් ඔයාගෙ වෝල් එකෙන් ඒක අරන් තමුන්ගෙ එකේ දානවා තමුන් කලා වගේ. ඒ කියන්නෙ ඔයාගේ නම නැහැ. දැන් මේක දකින අය හිතන්නෙ අර කෙනා ලිව්ව පෝස්ට් එකක් කියලා. මේක නිදසුනක් විතරයි. තව වෙලාවක ඔයාගේ යාළුවෙක් හරි වෙන කෙනෙක් හරි මහන්සි වෙලා කරන හොඳ වැඩක්, ඔයා ගණන් ගන්නෙ නැහැ අවඥාවට ලක් කරනවා. ඒක කරන්නෙත් මට ඔයිට වඩා හොඳට කරන්න පුළුවන් වගේ කතා කිය කිය.

    මේ වගේ දේවල් අපි සංසාරේ පුරාවට කරලා තියෙනවා. සමහර විට ඉස්සරහටත් කරයි. මුං වැපිරුවම ලැබෙන්නෙ මුංනෙ. ඉතිං මේ විදියට අපි කරගන්න දේවල් අපිට ම ආපහු ලැබෙනවා. අන්න එතකොට අපිට දරා ගන්න අමාරුයි. ඉතින් කියනවා මන් කරපු කරුමයක් වෙන්න ඇති. ඇත්ත. ඒක කරුමයක් තමයි, අපි කරපු කර්ම තමයි.

    මේ දේවල් තේරුම් ගත්තම අපි තවදුරටත් ඒ වගේ වැඩ කරන්න යන්නෙ නැහැ. අනිත් අය කරන දේවල් අගය කරනවා. වරණනා කරනවා. ඒ වගේ අයට නිතරම ප්‍රශංසාව ලැබෙනවා.

    ඉතින් මෙහෙම සිදුවීම්වලට ලක්වෙන අය කරන්න ඕනා දේ තමයි තමුන් ගැනම හැරිලා බලන එක. තමුන් අනුන්ට ප්‍රශංසා කලේ කොයි විදියට ද කියලා හිතලා බලන්න. ඔයා ඇත්තට අනුන්ට ප්‍රශංසා කලා නම් ඔයාට දැනටමත් ප්‍රශංසා ලැබිලා ඇති. හැබැයි ඔයා අනුන්ට නින්දා කලානම් බොරුවට මූනිච්චාවට ප්‍රශංසා කලානම් ඒවත් ඔයාට ඒ විදියටම ලැබිලා ඇති. කර්මය හුඟක් අවස්ථාවලදි වෙනස් කරන්න පුළුවන්. ඒ නිසා ඔයා ලඟ අනුන්ව හෙලා දකින, අනුන්ව අවඥාවට ලක් කරන ගති තියෙනවා නම් ඒවා අතෑරලා දාන්න. අනුන්ව වර්ණනා කරන්න, ප්‍රශංසා කරන්න. ඔයාටත් ඒ දේ ම ආපිට ලැබෙයි. කර්මයෙ හැටි එහෙම තමයි.
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    emotional/ mental immaturity.
    anith minissu krana/ kiyana dewl wlin influence wena eka saha thaman deyk krddi anith minissungen validation ekak balaporottu wena eka psychological prashnayk.

    FB scenario eka gttot content creator kenek social media ekt deyk upload krddi, community eken labena hoda saha naraka yana prathichara without judgement n being influenced baragann tharam mentally mature wenn one.

    ohom personalities godak welawata hadenne childhood trauma or mental development wena kaledi healthy watapitawath thibunnathi wunahama.

    ekata krnn one thmnge e personality eke adupadu hadungen ape environment ekt galapena hodama widiht adapt wena eka, ethkot survive wenn lesi.

    karma gananm mama dnnh, but I think it's a good coping mechanism (no offense)