මනාලියන් 'අන්දවනු' ලැබේ
රූපලාවන්‍ය ශිල්පය අද ඉතාම වැදගත් සහ ඉහළ ආදායමක් ඉපැයිය හැකි වෘත්තියක් වී හමාරය. එය ලගදීම මංගල ඡායාරූප ශිල්පය බවට පත්වන ලකුණු පහලව තිබේ.. දැන් සෑම හන්දියකම රූපලාවන්‍යාගාර හෝ සැලෝන් නමින් හදුන්වන ආයතන සහ කඩ බිහිවී ඇත.
හන්දියේ රූපලාවන්‍යාගාරයේ කොණ්ඩය කැපූ කෙල්ල ඊට එහායින් සැලෝන් එක්ක දමාගන්නේ වසරකට දෙකකට පසුවය. බහුතරයක් දෙනා නිසි සුදුසුකම් හා අත්දැකීම් රහිත අය යි. ලංකාවේ විධිමත් පුහුණුවක් මා දන්නා තරමින් ලැබෙන්නේ රජයේ කාර්මික විද්‍යාලවල පමණි. වෙනත් ඇකැඩමි කිහිපයක් ඇතත් ඒවායේ ගුණාත්මය හා සහතිකයේ වටිනාකම ගැන සැක සංකා පවතියි.
මා ඉන්නේ පිටකොටුව ආසන්නයේ නිසා නිතර දෙවේලේ දකින නිසා රතුපල්ලිය හා පාතාල මාර්කැට්ටුව, අස්ලාම් මාර්කට්ටුව ආදී තැන්වල ගැවසේන වෙන්ඩ මනාලියන් සහ මනාලියන් අන්දවන අය දකින කල්හි විවිධ දෑ මතක් වෙයි.
මනාලියන් ඉතාම ලස්සනට අන්දවනු ලබන්නේ පිරිමි පාර්ශවයයි. මා දැනුවත්ව සහභාගි වූ මංගල උත්සව රැසෙක එම අත්දැකීම මා ලබල තියෙනවා. ඒ ක්ෂේත්‍රයේ කාන්තාවන් බහුතරය ඉතාම කුහකයි.. ඔය ලොකු නම් තියෙන අය විශේෂයි.. ඒ අය ගාව තියෙන කොන්දේසි ඉතාම ආතල්ජනකයි.. ඒ සියලු දෙනාගෙ අයකිරීම රුපියල් ලක්ෂය ඉක්මවා යනවා. ඒ අයගාවට යනව මිසක් කවදාවත් ලගට එන්නෑ..ගියාට පස්සෙ අන්දන්නේ ගෝලියක්!.. එයා එන්නේ ඕකේ එක දෙන්න විතරයි.. එකටත් ඇය ගාවට මනාලිය යා යුතුවා මිස ඇය එන්නෑ..ඒ වගේම ගැහැනු ගතිය නිසා දන්න සියලු දේ කරල ලස්සන කරන්නෑ.. ඒක ඉතින් හැටි!
අනික් කාරණාව විවිධ අය භාවිත කරන විලවුන් හා රූපලාවන්‍ය ද්‍රව්‍ය. ඒවාට විධිමත් නියාමනයක් නැහැ.. සමහර ඉතා කුඩා සැලෝන්වල භාවිත කරන ද්‍රව්‍ය අතිශයින් අහිතකරයි. පිටකොටුවේ ඕනෑතරම් ගන්න තියෙන බාල වර්ගයේ ක්‍රීම් වලින් ඉතාම අඩුවට විවිධ සේවා සපයන නිසා තරුණියන් ඊට ඇබ්බැහිවෙනවා.. අවසානයේ වෙන්නේ විනාශයක්.. ඒවා නියාමනයට සුවඳ විලවුන් හා ඖෂධ අධිකාරිය කටයුතු කරනවද කියල දන්නෑ..
පිටකොටුවෙත් මරු බිස්නස් එක.. ඔය අන්දන අය ආවම සාරි වල ගණං කියන්නේ එයාලටත් යම් මාජින් එකක් තියල.. එයාල ඒ අය දැක්කාම දන්නවා කවුද අන්දන කෙනා කවුද කස්ටමර් කියල..කොහොමහරි සමහරු ඇන්දෙනවා... සමහරු ගොඩ යනවා.. ඔය අතරේ වෘත්තීයමයභාවය රැකගෙන මේ දේ කරන මෝස්තරවේදීන් හා වේදිනියන් බොහොමයක් ඉන්න බවත් කියන්න ඕනි.. ඒ අය පාරිභෝගිකයගෙ සිතැගි ඒ විදියටම ඉටු කරනවා...
මට තින ප්‍රශ්නේ ඔය අන්දනවා කියල බන් දැන් කරන්නේ තවත් තින ලස්සන නැති කරන එක

Last edited:
අඳුරු පාට හම තියන අයට එහෙම සුදු වෙන්න ගාල එව්වම යක්කු වගේ පේන්නේ. බඳින්න යන්නේ හරි කෙනාවද කියලත් හොයන්න බැරිවෙන්න පාන්දර 1-2 ඉදන් පාට උළලා එවනවා.