මනූෂ නානයක්කාරත් ආණ්ඩුව ශක්තිමත් කරයි
පළ කලේ 03 සැප්තැම්බර් 2010
ගාල්ල දිස්ත්‍රීක් එ.ජා.ප.පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානයක්කාර මහතා ආණ්ඩු පක්ෂයට සහය දක්වන්නට තීරණය කර තිබේ. ඒ අනුව ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට පක්ෂව පාර්ලිමේන්තුවේදී ඡන්දය ප්‍රකාශ කරන බව හෙතෙම අද පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේය.
එක්සත් ජාතික පක්ෂ නායකයා දිගින් දිගටම මැතිවරණ පරාජය වෙමින් ජනතාවගෙන් ප්‍රතික්ෂේප වන තත්ත්වයක් තුළ රටට සේවයක් කළ හැක්කේ ජනාධිපතිවරයා සමග එක්ව සිටීමෙන් බවද නානායක්කාර මහතා සඳහන් කළේය.
තමන් බලයට පත් කළ ගාල්ල දිස්ත්‍රීක් එක්සත් ජාතික පක්ෂ ඡන්ද දායකියින් ගේ බලාපොරොත්තු ඉටුකරන්නට තමන් ජනාධිපතිවරයා සමග අතැවැල්බැ ඳ ගන්නා බවද තමා ජයග්‍රහණය කළද ජනතාව විසින් ප්‍රතික්ෂේප කළ නායකයෙකු යටතේ තමන්ට කටයුතු කරන්නට සිදුව තිබුණු හෙයින් මෙම තීරණය ගන්නට සිදුවූ බවද ඔහු කියා සිටියේය.
අද පෙරවරුවේ එ.ජා.ප මන්ත්‍රීවරුන් වන ලක්ෂ්මන් සෙනෙවිරත්න,අර්ල් ගුණසේකර යන මහත්වරුන්ද ව්‍යවස්ථා සංශෝධනයේදී ආණ්ඩු පක්ෂයට සහය දෙන බව කියා සිටියෝය.
පළ කලේ 03 සැප්තැම්බර් 2010
ගාල්ල දිස්ත්‍රීක් එ.ජා.ප.පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානයක්කාර මහතා ආණ්ඩු පක්ෂයට සහය දක්වන්නට තීරණය කර තිබේ. ඒ අනුව ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට පක්ෂව පාර්ලිමේන්තුවේදී ඡන්දය ප්‍රකාශ කරන බව හෙතෙම අද පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේය. එක්සත් ජාතික පක්ෂ නායකයා දිගින් දිගටම මැතිවරණ පරාජය වෙමින් ජනතාවගෙන් ප්‍රතික්ෂේප වන තත්ත්වයක් තුළ රටට සේවයක් කළ හැක්කේ ජනාධිපතිවරයා සමග එක්ව සිටීමෙන් බවද නානායක්කාර මහතා සඳහන් කළේය.