මනෝකාය..

WhyNot1

Well-known member
  • Nov 27, 2016
    5,446
    7,184
    113
    පට්ට කතාව. ගිරිරාජ් නේද ඉන්නෙ බූතයට.
    පොඩි කාලෙ ඕක ගියා මතකයි
    තෝනම් මොකෙද්ද යකෝ. ඒකේ බූතයොත් නෑ. ගිරිරාජ් එහෙමත් නෑ.

    ග්‍රැන්විල් රොද්‍රිගෝ ගේ මාර ඇක්ටින් මේකේ. යකා වගේ සෙම බේරාගෙන බෙල්ලත් කනවද කොහෙද එකෙගේ. මේක බලල ගු බයයි රෑට එලියට යන්න.
    මටත් අවසානය මතක නැ බන්.. බලපන් සල්ලි දීලත් ගන්න විදියක් නැ නේ. හොයල බලපන්කො පොඩ්ඩක්.. අරගෙන උඹලටම තමයි දෙන්නේ ඉතින්..
    මොහන්ජිත්ගේ වරදින්නේ ග්‍රැන්විල්ට පිස්සු හැදෙන්නේ.
    අන්තිමට මොහන්ජිත් කියනවා එයාව පරීක්ෂණයට ගන්න කියලා. එයා ඒකට කැමැත්තෙන් එන නිසා ඒක සාර්තක වෙයි කියලා. එක පොරොන්දුවක් පිට. මොහන්ජිත්ගේ මනෝකාය එයාගේ අම්මගේ මනෝකායත් එක්ක කතා කරන්න ඕනේ වගේ සීන් එකක්.
    ඊට පස්සේ දඩුබස්නාමානේ ගුරුන්නාන්සේ (මේකේ නම මතක නෑ) මොහන්ජිත්වත් පරීක්ෂණයට ගන්නවා. ඒකෙන් මොහන්ජිත් මැරෙනවා. ඒකෙන් පස්සේ තමයි කතාව ඉවර වෙන්නේ.
    ------ Post added on Sep 4, 2022 at 3:59 PM
     

    SHANUXLK

    Well-known member
  • Dec 20, 2013
    2,263
    1,028
    113
    Motherland
    FB පෝස්ට් එකකින් දැකලා ඉමේජ් ටික සේව් කරගත්තේ :)
    Screenshot-20220904-203325.jpg


    ❤️මනෝකාය❤️

    1998 වර්ෂයේ ජාතික රූපවාහිනිය ඔස්සේ විකාශය වූ මනෝකාය ටෙලිනාට්‍යය ශ්‍රී ලාංකේය ටෙලිනාට්‍ය කලාවේ සන්ධිස්ථානයක් ලෙස හැදින්විය හැක.සුසිරන් ද සිල්වා විසින් අධ්‍යක්ෂණය කල මෙම ටෙලි නාට්‍යයේ රංගන ප්‍රේමරත්න, බුද්ධදාස විතානාරච්චි, ග්‍රැන්විල් රුද්‍රිගෝ ආදී රංගන ශිල්පීන් රගපෑ අතර අප ඉතා කුඩා වියේදී ඉතා බියෙන් නමුත් ආසාවෙන් නැරඹූ නාටයයකි.සුසිරන් ද සිල්වා මහතා සහ ඔහුගේ සොහොයුරා එක්ව දීර්ඝ අධයනයකින් පසුව මෙහි පිටපත රචනා කල බව වරෙක පුවත්පතක සදහන්ව තිබිණි.මෙහි කතාව සැකෙවින් මතක හැටියට මෙලෙස දක්වමි.වැරදි අඩුපාඩු ඇතොත් සමාවන්න.1991 වසරට පෙර උපන් බොහෝ දෙනෙකු මෙය නරඹා ඇතැයි සිතමි.‍‍‍

    ''මනෝකාය'' හෙවත් ''Astral body'' පිළිබදව පර්යේෂණ පවත්වන මහාචාර්යවරයකු(බුද්ධදාස විතානාරච්චි) හා එම කටයුතු සදහා දායක වන සහාය පර්යේක්ෂකයෙකු(රංගන ප්‍රේමරත්න) විසින් මිනිසාගේ චිත්ත අභ්‍යන්තරයෙන් මනස හෙවත් මනෝකාය පිටතට ගැනීම පිළිබද පර්යේෂණ පවත්වයි.මේ සදහා හුදෙකලා කැළයක් තුල පර්යේෂණාගාරයක් සාදාගන්නා මොවුන් දෙදෙනා යාබද ගමේ වෙසෙන දුප්පත් ගැමියන්ද යොදාගෙන මනෝකාය පිටතට ගැනීම සදහා උත්සාහ කරයි.මුදල් ලබාදෙන නිසා ගැමියන් කිහිප දෙනෙකු මීට කැමති වේ.නාටයයේ භයානකම කොටස උදා වන්නේ මින් පසුවයි.එනම් පර්යේෂණයට භාජනය වූවෙකු අතරමැදදී අවදි වීමෙන් පාලනයෙන් තොරවන ඔහුගේ මනස නිසා ඉතා දරුණු පුද්ගලයෙකු බවට පත්වීමයි .මෙම චරිතය රගදැක්වූයේ අප අතරින් වියෝවූ දක්ෂ රංගන ශිල්පියෙකු වන ග්‍රැන්විල් රොද්‍රිගෝ මහතා‍ විසිනි.කෙසේ හෝ එම තත්වය සමනය කරගන්නා පර්යේෂකයන්ට තවදුරටත් මේ සදහා යොදා ගැනීමට කිසිවෙකු හමු නොවෙයි.මේ වන විට තම මවගේ සැත්කමක් සදහා දැඩි මුදල් අවශ්‍යතාවයෙන් පෙලෙන සහාය පර්යේක්ෂක වරයා(රංගන ප්‍රේමරත්න)සියලු අවදානම් දරාගනිමින් මේ සදහා මුහුණ දෙයි....😱(මට මතක විදියට .ගොඩාක් පොඩි කාලේ බලපු නිසා ලොකු මතකයක් නැහැ කතාවේ සිදුවීම්❤ )

    මින් ඉදිරියට මෙම ටෙලිනාට්‍යයේ සිදුවූ දෙය සැබවින්ම මට අමතකය.දීර්ඝ කාලයක් මෙය නැවත නැරඹීමේ දැඩි ආසාවෙන් පෙලුනද මෙය නැවත විකාශයක් නොවිණි.අන්තර්ජාලයෙන් ද සොයා ගැනීමට නොහැකි විය.අඩුම තරමේ නාට්‍යයේ ඡායාරූපයක් වත් සොයාගැනීමට නැහැ. මෙය නැවත නැරඹී‍මේ හැකියාවක් ඇත්නම් ඒ කෙසේ දැයි පවසන මෙන් ද ඉල්ලා සිටිමි.❤️

    ''මනෝකාය'' යන වදන සමාජයේ ජනප්‍රිය වීමට හේතු වූයේ මෙම ටෙලිනාටයය යැයි සිතමි.තේමා සංගීතයද මනාව ගැලපිණි.ඊට පෙර ලාංකේය ජන සමාජය තුළ මෙම වචනය එතරම් භාවිතයට නොගැණුනු අතර නාට්‍යය විකාශය වීමෙන් පසුව විද්වතුන් කිහිප දෙනෙකුම විසින් මනෝකාය පිළිබදව කෘතීන් කිහිපයක්ම රචනා කිරීම මගින් ම මෙහි ජනප්‍රියතාව ඔබට සිතාගත හැක.90 දශකය තුල මෙවන් තේමාවක් ඔස්සේ ටෙලි නාට්‍යයක් නිර්මාණය වීම ම පුදුම සහගතය.මනෝකාය ඇතැම් අවස්ථාවලදී සිරුරෙන් ඉවත් වන බවත් විශේෂයෙන්ම නින්දේදි අප තිගැස්සී අවදි වන්නේ සිරුරෙන් බැහැරට ගිය මනෝකාය නැවත සිරුරට ඇතුලුවීමේදී බවත් මෙම නාට්‍යයෙන් දැනගතිමි. කෙසේ වූවත් මනෝකාය නැමැති සංකල්පය හා බුදුදහමේ මනාව විස්තර වන විඤ්ඤාණය අතර සම්බන්ධතාවයක් ඇත්දැයි මා නොදනිමි.ශරීරයකින් තොරව විඤ්ඤාණයට පැවැත්ම නොමැති අතර මරණයේදී සිරුරෙන් ඉවත්වී ගොස් නැවත ප්‍රතිසන්ධිය ලබන විඤ්ඤාණය වැනි පුළුල් මාතෘකාවක් ගැන මා හට එතරම් දැනුමක් නැත.කෙසේ නමුත් වර්තමානයේ දියුණු යැයි කියාගන්නා සමාජයේ විකාශය වන ඇතැම් හරසුන් මෙගා ටෙලි නාට්‍ය හා අතීතයේ විකාශය වූ මෙවැනි නවමු හා හරවත් ටෙලි නාට්‍යයත් අතර ඇති වෙනස නම් අහස හා පොලොව වැනියැයි මට සිතේ.එවැනි හරසුන් නාට්‍ය වෙනුවට නැවත මෙවන් පැරණි හරවත් ටෙලිනාට්‍ය විකාශය කිරීමට මේ නම් හොදම කාලයයි.❤️
    ප.ලි.-මනෝකාය ටෙලිනාට්‍යයේ සංගීත අධ්‍යක්ෂණය රෝහණ වීරසිංහ මහතා විසින් සිදුකරන ලදී.

    - උපුටා ගැනීමකි -

    ------ Post added on Sep 4, 2022 at 8:40 PM
     

    Nuwan Gimhana

    Well-known member
  • Jun 28, 2021
    557
    2
    1,063
    93
    33
    Albuquerque, New Mexico
    අප්පට සිරි ඔක බැලුවා මටත් ටිකක් මතකයි, මිනිහෙක්ව හොරෙන් කැලෙක තියලා, මහාචාර්ය කෙනෙක් experiment එකක් කරනවා නේද ඔකේ, අන්තිමේදි එකාට පන ඇවිත් මහාචාර්යව මරනවද කොහෙද, පැය ගානකට සැරයක් button එකක් ඔබන්න ඔනේලු, නැත්නම් එකාට පන ඇවිදලා සුපර් පවර් එනවලු, එහෙම සින් එකක් නේද, :lol:
     
    Last edited: