මම අම්මද ? නැත්තම් සතෙක්ද තොපලට ?

DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
උතුම් මිනිසත් කම ලැබූ මිනිසාටම කොයි තරම් නම් පහත් තත්වයකට පත් වෙන්න පුළුවන්ද... කළකිරෙනව සමාජය ගැන... මේ වගේ මිනිස්සු ගැන...
විශිෂ්ඨ නිර්මාණයක් දිල් අක්කා... හැමෝටම තම තමන්ගේ දෙමව්පියන් ගැන හිතන්න යමක් ඉතිරි කළ නිර්මාණයක්...

ඒ article එක දැක්කට පස්සෙ මට මේක ලියලා හිතුනා නුවන්...දෙමාපියන් නැති අය දන්නව දෙමාපියන්නේ අගේ...ඒත් ඉන්න අයට අගයක් නැතිවෙලා

ස්තුතියි ඔයගේ අදහසට
 
ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
ලේ කිරි කර පොවපු අම්මා කවුද කියලා අඳුරන්නේ නැති මේ නිවටුන්ට හා පාදඩයින්ට ඔවුන් ආවාහ කර ගන්නා අඹුවන්ට යන කල දසාව හා අනාගතය ගැන කුමන කථාද???

රටකට ගේන්න පුළුවන් නම් නීති පද්ධතියක් අසරණ දෙමව්පියන්ට නොසලකන එවුන්ට දැඩි නීති පනවන්න....මම සියයට දෙසීයක් එකඟයි....

මට මතක් වෙනවා මේ වෙලාවේ එක්තරා සත්‍ය සිද්ධියක් අම්මාට දිවි හිමියෙන්ම ආදරය කල හා රැක ගත් අපේ ප්‍රවීන ගීත රචකයෙක් ගැන....

මොහු ගුවන් විදුලියේ නිවේදක මැදිරියේ වැඩ කරමින් ඉන්නකොට පණිවිඩයක් ලැබෙනවා මොහුගේ අම්මට ගොඩක් අසනීප වෙලා කොළඹ මහ ඉස්පිරිතාලේ නැවැත්තුවා කියලා..

මොහු හිස ගිනි ගත්තාක් මෙන් වහා දිව යනවා ඉස්පිරිතාලයට...ඔහු විසින් කරන්නට නියමිත ඊලඟ වැඩසටහන ගැනත් නිනව්වක් නැතිවයි දඩි බිඩියේ දුවලා තියෙන්නේ..

ඉස්පිරිතාලයට ගියාම අම්මට සිහිය නැහැ..සේලයින් හා ලේ දෙනවා..
ඉස්පිරිතාලයේ කොරිඩෝවේ මොහුගේ යාවජීව මිත්‍රයෝ රොත්තක් පිරිලා මොහුව අස්වසන්න..

අපේ කථා නායකයාගේ ඇස් වලින් සට සට ගා බේරෙන කඳුළු අනිත් අයගෙන් සඟවගන්න මොහු දැරුවේ නිශ්ඵල වෑයමක්..

තවත් බලා ඉන්න බැරිම තැන මොහු අම්මා ඉන්න රෝහල් කාමරෙන් එලියට එනවා.. සාක්කුවට අත යවලා සිගරට් පැකට්ටුව අරන් එහි තියෙන ඊයම් කොලය මත විග විගැහින් මොනවදෝ ලියනවා..

කඳුළු බිංඳු ඊයම් කොලයේ අකුරු බොඳ කරනවා..ඊට පස්සේ කොරිඩෝවේ හිටපු මොහුගේ හොඳම යාලුවෙක්ගේ අතේ ඒ ඊයම් කොලය තබනවා...

පසුදා පහන් වෙනකොට මුළු ලක් දෙරණටම රටක් වටිනා සුභාවිත සිහල මව් ගුණ ගිතයක් රේඩියෝවෙන් ඇහෙනවා......

අදටත් එම ගීතය ඇහෙනකොට කඳුලක් නොසලපු පුතෙක් දුවෙක් විතරක් නෙවෙයි අම්මෙක් තාත්තෙක් මේ ධරණී තලය තුල ඉන්නවද කියල මට හිතා ගන්න බෑ.. මං අඬපු වාර ගනන මටත් නිච්චි නෑ......

ඒ සංවේදී මනුස්සයා.. ගීත රචකයා ප්‍රේමකීර්ති ද අල්විස්.......

ඊයම් කොලයේ ලියා දුන් ඒ මව් ගුණ ගීතය ගායනා කල ඔහුගේ ලඟම මිතුරා වික්ටර් රත්නායක.....

ගීතය "ආදරයේ උල්පතවූ අම්මා"

නංගියගේ නිර්මානය අති විශිෂ්ඨයි...කියන්න වචන නෑ..

නංගිට ජය...
 
Last edited:

Dj IcE_A

Member
Sep 12, 2009
1,593
48
0
36
ෆුල් fun තැනක
මමත් දැක්ක ඕක පත්තරේ තියෙනවා...ඔහොම කරන එවුන්ව එල්ලලා මරන්න ඕන...ඔයවගේ එවුන් හින්දා තමයි මේ රට වැනසෙන්නේ.....අවුරුදු ගානක් කන්න බොන්න අදින්න දීලා උස් මහත් කරමු අම්මට සලකන්නේ නැති එවුන් මිනිස්සුද..?.උන් මහ තිරිසන්නු..තිරිසන් සත්තු වත් ඔහොම කරන්නේ නෑ....

කෙසේ වෙතත් ලස්සන අර්ථාන්විත ඒ වගේම කාලෝචිත නිර්මානයක් සහෝදරී..ඇත්තටම මේක සමාජ මෙහෙවරක්..මොකද මේව බලලවත් මිනිස්සු මිනිස්සු වගේ හැසිරෙන්න ඉගෙන ගනීවි..ඔබට ජය...තව ලියන්න..මගේ සුභ පැතුම්....
 
Mindada hee sara..

Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    මිනිස්සු වල්මත් වෙලා.. හොද නරක අදුරන්නෙ නැහැ. දැක්කත් නොදැක්කා වගේ ඉන්නවා. අපි දැන් ඉන්න තැනට ගේන්න අපේ අම්මලා තාත්තලා කොච්චර කැප කිරීම් කරලා තියෙනවද.. ඒ ණය මටනම් කවදාවත් ගෙවලා ඉවර කරන්න බැහැ.

    ඒත් හැමදෙයම තීරණය කරන්නෙ සල්ලි.. දරුවන් පස් දෙනෙකුටම අම්මව අමතක වෙනවා කියන්නෙ එතැන කොයිතරම් ඇද වැටීමක් තියෙනවද සමාජයේ...

    හිතට "බරක්" එකතු කරපු නිර්මාණයක් අක්කේ...
     
    nwnbs

    Member
    ඒ article එක දැක්කට පස්සෙ මට මේක ලියලා හිතුනා නුවන්...දෙමාපියන් නැති අය දන්නව දෙමාපියන්නේ අගේ...ඒත් ඉන්න අයට අගයක් නැතිවෙලා

    ස්තුතියි ඔයගේ අදහසට
    අද වගේ දවසක මේ වගේ නිර්මාණයක් ගොඩක් වටිනව අක්කේ... ගොඩක් අයගෙ අදහස් කියෙව්වාම... රොන් අයියගෙ සටහන, Rose යාළුවගෙ සටහන... කොයිතරම් නම් අගනා සටහන්ද... නෙතට කඳුලු ගෙනාව මේ ත්‍රෙඩ් එක... ඒ වගේම හිතට ලොකු ආදරයක් දැනුන දෙමව්පියන් ගැන... බොහොම පිං ඔබට... ඔබලා හැමෝටම...
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada

    “හේනේ වැස්සට අසුව ගහක් යට හිටගෙනේ
    මට උඩින් නැමීගෙන මාව නොතෙමෙන මෙනේ
    ඔසරියෙන් මා වසා අම්මෙ ඔබ තෙමුණනේ
    අම්මෙ ඔබ නැති ලොවක මා කෙලෙස ලොකු වුණේ

    මේ ප‍්‍රවීණ කවියකු හා ගීත රචකයකු වූ අධිනීතිඥ රන්බණ්ඩා සෙනෙවිරත්න කලකට ඉහත ලියූ කවියක්. මේ කවියේ අවසාන පදයෙන් කියැවෙන පරිදි නම් කවියාගේ මව ඔහු කුඩා අවදියෙදි ම මිය ගිහින්. එසේ වුවත් රන්බණ්ඩාගේ මව මියගියේ ඔහු මියයන්න අවුරුදු හතරකට විතර කලින්. රන්බණ්ඩාගේ අම්මගේ නම විජේකොන් අප්පුහාමිගේ කිරිමැණිකේ. ඇය දරුවන් 14 දෙනෙක් වැදුවා. පුතුන් හත්දෙනයි; දූ වරුන් හත්දෙනයි. රන්බණ්ඩත් ඇය බිහිකළ රත්තරන් පුතෙක්.

    මේ දරුවො දා හතරදෙනා ලොකු මහත් කරන්න කිරිමැණිකේ මාතාව වින්දේ නොවිඳිනා දුකක්. දරුවන්ට නොතෙමි ඉන්න ඇය තෙමුණු වාර අනන්තයි; අප‍්‍රමාණයි. රන්බණ්ඩා අතින් ඉහත කවියත් එය ම පාදක කරගෙන ‘දවසක් පැල නැති හේනේ’ ගීතයත් නිර්මාණය වුණේ ඒ අම්මා මහත් භක්ත්‍යාදරයෙන් සමරමින්.

    “දවසක් පැල නැති හේනේ
    අකාල මහ වැසි වැස්සා
    තුරුළේ හංගාගෙන මා
    ඔබ තෙමුණා අම්මේ
    පායන තුරු හිටි පියවර
    හිටියා ඔබ අම්මේ”

    මේ ගීතය ගුණදාස කපුගේ ගේ භාවපූර්ණ හඩින් ගැයෙන කොට අපි කාගේ කාගෙත් අම්මලා සිහිපත් වීමෙන් අපේ දෙනෙත්වලට නැඟෙන්නේ කඳුළක්. අම්මගේ සෙනෙහස, අද ඇය ජීවතුන් අතර නැතත් මේ මටත් තව ම සුවද දි දී දැනෙනවා.

    තම මවගේ මරණය වෙලාවෙදි රන්බණ්ඩා ඒ ශ්‍රේෂ්ඨ මාතාව පිළිබඳ අනුස්මරණ ලිපියක් ‘ඉරිදා ලක්බිම’ පත්තරේට ලිව්වා. එහිදී ඉහත ගීතයට පාදක වූ අත්දැකීම ඔහු හෙළිදරව් කර සිටියේ මෙපරිද්දෙන්.

    “එක් දිනක් අම්මා මා සමඟ එබඳු අපේ පාළු හේනක එළවළු එකතු කරමින් සිටියා ය. හදිසියේ ම මොර සූරන වැස්සක් කඩා වැටුණි. අම්මා මා ගහක් යටට ගෙන ගියා ය. වැස්සෙන් බේරීමට ගහේ හෙවන මදි විය. එවිට අම්මා කළේ ඇය ගේ ඔසරි පොට නවා මගේ හිසට දමා මා තුරුළු කොටගෙන මට උඩින් නැමී ගෙන මා වැස්සෙන් ආරක්ෂා කිරීම ය. වැසි වතුර අම්මාගේ ඇඟින් පිරී බේරි වැක්කෙරෙනවා මට මතක ය. එසේ එම වැස්ස තුරල් වනතුරු ම ඇය නොසෙල් වී සිටියා ය.”

    ඇත්තට ම මේ ගීතය අහද්දි මට හිතෙන්නේ පිරිමියකුට මේ ලෝකේ ආදරය කරන්නේ එකම එක ගැහැනියක් විතරයි කියලයි. ඒ තමන්ගේ අම්මා. සමහරුන් ‘ජීවිතේ මල් අම්මා ඉන්න කල්’ කියලා කියන්නෙත් ඒ නිසා වෙන්න ඕනැ.

    (Read more)

    රංබණ්ඩා සෙනෙවිරත්නයන්ගේ හා ගුණදාස කපුගේ සුසංයෝගයෙන් සමාජයට දායාද කල එම සංගීත සාහිත්‍යය නිමැවුම අද පවතින සමාජය නිතර සවනේ ගල්වා සිත්හී අතුරා තබා ගත යුතු අමා මී බිඳුවක්ම වේ.

    ස්තුතියි ඔබේ හරබර සත්‍යය සටහනට..

    එයින් නිර්මානකරුවා උපුටා දැක්වූ අදහස තවත් උස්සා තැබීමක් කල බවයි මගේ හැඟීම.....
     
    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    15u9u8.jpg

    :angry::growl::growl::growl:

    more info visit here http://yahamaga.com/textfils/more.htm

    :growl::growl::growl:

    ඔය කතාවයි මේ කතාවයි 2ක් සහෝදරයා....මෙතන තියෙන්නේ වයසට ගිය අම්මට නොසලකා ඉන්න දරුවො ගැන
     
    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    Ape Alut Jeewithayatha Etul Wena Sahakariya Peli Bandawa..
    Wetarak Hetana Me.. Kalayedhi..

    Apit Ekka Me thak Kal Jeewithaye.. Dukedhi Wagema.. Sathuthakadhi Pawa. Apit Ekka Lan Wa.. Apitha E Duka Sathuta Nopen wa.. Ape Demawpiyan Apitha Dek U.. E Adaraya.. Apitha Watinawa...

    E Adaraya Nosalaka Harina.. Menis Koththanshayak Ape Rathe..
    Thawamat Ennawa Kiyana Eka gena Hetaddhit Kanagatuy...

    Oya Sahodari.. Me wage Dawasakadhi..
    Honda Akalpayak Mathu karala.. Ape Hith Sanwegi Kela Eka gena Santhosai...

    Sahodarige Nirmanaya.. Wachana Weli Kiyanda Beri Taram..
    Nirmat Makai..

    බොහොම ස්තුතියි අදහස්වලට
     
    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    penwathun wenna ba:oo::no:
    mokada hari pemwathunta adaraya hondata therenawa:nerd:
    sanweedi kathawak unath apuruwata nirmanaya karala thiyanawa:(:)

    මේ පෙම්වතුන් ගැනම නෙමේ...පුළුවන්නම් ඒ article එක කියවලා බලන්න මල්ලි
    ස්තුතියි ඔයාගේ අදහසවලට
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    ඔය කතාවයි මේ කතාවයි 2ක් සහෝදරයා....මෙතන තියෙන්නේ වයසට ගිය අම්මට නොසලකා ඉන්න දරුවො ගැන

    2 tamai but me aadarawantayan nisa okkoma unmaada wela tiyanne:dull:Amma kavda kiyalwath danne ne:nerd:ekai man adahas karanne
     
    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~

    “හේනේ වැස්සට අසුව ගහක් යට හිටගෙනේ
    මට උඩින් නැමීගෙන මාව නොතෙමෙන මෙනේ
    ඔසරියෙන් මා වසා අම්මෙ ඔබ තෙමුණනේ
    අම්මෙ ඔබ නැති ලොවක මා කෙලෙස ලොකු වුණේ

    මේ ප‍්‍රවීණ කවියකු හා ගීත රචකයකු වූ අධිනීතිඥ රන්බණ්ඩා සෙනෙවිරත්න කලකට ඉහත ලියූ කවියක්. මේ කවියේ අවසාන පදයෙන් කියැවෙන පරිදි නම් කවියාගේ මව ඔහු කුඩා අවදියෙදි ම මිය ගිහින්. එසේ වුවත් රන්බණ්ඩාගේ මව මියගියේ ඔහු මියයන්න අවුරුදු හතරකට විතර කලින්. රන්බණ්ඩාගේ අම්මගේ නම විජේකොන් අප්පුහාමිගේ කිරිමැණිකේ. ඇය දරුවන් 14 දෙනෙක් වැදුවා. පුතුන් හත්දෙනයි; දූ වරුන් හත්දෙනයි. රන්බණ්ඩත් ඇය බිහිකළ රත්තරන් පුතෙක්.

    මේ දරුවො දා හතරදෙනා ලොකු මහත් කරන්න කිරිමැණිකේ මාතාව වින්දේ නොවිඳිනා දුකක්. දරුවන්ට නොතෙමි ඉන්න ඇය තෙමුණු වාර අනන්තයි; අප‍්‍රමාණයි. රන්බණ්ඩා අතින් ඉහත කවියත් එය ම පාදක කරගෙන ‘දවසක් පැල නැති හේනේ’ ගීතයත් නිර්මාණය වුණේ ඒ අම්මා මහත් භක්ත්‍යාදරයෙන් සමරමින්.

    “දවසක් පැල නැති හේනේ
    අකාල මහ වැසි වැස්සා
    තුරුළේ හංගාගෙන මා
    ඔබ තෙමුණා අම්මේ
    පායන තුරු හිටි පියවර
    හිටියා ඔබ අම්මේ”

    මේ ගීතය ගුණදාස කපුගේ ගේ භාවපූර්ණ හඩින් ගැයෙන කොට අපි කාගේ කාගෙත් අම්මලා සිහිපත් වීමෙන් අපේ දෙනෙත්වලට නැඟෙන්නේ කඳුළක්. අම්මගේ සෙනෙහස, අද ඇය ජීවතුන් අතර නැතත් මේ මටත් තව ම සුවද දි දී දැනෙනවා.

    තම මවගේ මරණය වෙලාවෙදි රන්බණ්ඩා ඒ ශ්‍රේෂ්ඨ මාතාව පිළිබඳ අනුස්මරණ ලිපියක් ‘ඉරිදා ලක්බිම’ පත්තරේට ලිව්වා. එහිදී ඉහත ගීතයට පාදක වූ අත්දැකීම ඔහු හෙළිදරව් කර සිටියේ මෙපරිද්දෙන්.

    “එක් දිනක් අම්මා මා සමඟ එබඳු අපේ පාළු හේනක එළවළු එකතු කරමින් සිටියා ය. හදිසියේ ම මොර සූරන වැස්සක් කඩා වැටුණි. අම්මා මා ගහක් යටට ගෙන ගියා ය. වැස්සෙන් බේරීමට ගහේ හෙවන මදි විය. එවිට අම්මා කළේ ඇය ගේ ඔසරි පොට නවා මගේ හිසට දමා මා තුරුළු කොටගෙන මට උඩින් නැමී ගෙන මා වැස්සෙන් ආරක්ෂා කිරීම ය. වැසි වතුර අම්මාගේ ඇඟින් පිරී බේරි වැක්කෙරෙනවා මට මතක ය. එසේ එම වැස්ස තුරල් වනතුරු ම ඇය නොසෙල් වී සිටියා ය.”

    ඇත්තට ම මේ ගීතය අහද්දි මට හිතෙන්නේ පිරිමියකුට මේ ලෝකේ ආදරය කරන්නේ එකම එක ගැහැනියක් විතරයි කියලයි. ඒ තමන්ගේ අම්මා. සමහරුන් ‘ජීවිතේ මල් අම්මා ඉන්න කල්’ කියලා කියන්නෙත් ඒ නිසා වෙන්න ඕනැ.

    (Read more)

    මෙවැනි දරුවන් ලද අම්මලාත්, මෙවැනි මව්වරුන් ලද දරුවනුත් සැබෑම වාසනාවන්තයි...
    ඔබට බොහොමත්ම ස්තුතියි මේ තොරතුරු අපි එක්ක බෙදා ගත්තට