එතකොට ඔයාල කියනව මට මේ ලෝකෙ මායාවක්ලු. අම්ම කියල කෙනෙක් නෑලු, නංගි කියල කෙනෙක් නෑලු. තව ඔය ඉන්නවනෙ කට්ටිය
සත්තුත් එහෙමනෙ
කියන දේවල්, තැන අනුව වෙනස් වෙනවා. ඔහොම කියලා තියෙනවා කොහෙද දැක්කේ?
අම්මා නැහැ, තාත්තා නැහැ.. කියලා හිතන්නම් නිවන් දකින්න බැහැ. ඔය උච්ඡේද්ය දෘෂ්ටිය.
ලෞකික සම්මා දිට්ටිය කියලා එකක් තියෙනවා. මුලින් ඒක විශ්වාස කරන්න. අම්මා, තාත්තා, සත්තු.. ඔය ඔක්කොම ඉන්නවා. කර්මය කියලා දෙයකුත් තියෙවා. සිත, කය, වචනයෙන් කරන දේවල් වලට අදාල return එක ලැබෙනවා. මැරිලා, ආයේ ඉපදෙනවා.
නිවන් දකින්න කරන්න ඕනේ මෙච්චරයි.
(1) මේ video series එක වෙලාව අරන් හොදට අහන්න. ඔය චැනල් එකේම තව playlists ගොඩක් තියෙනවා ඒවත් අහන්න. කියන දේවල් හොදට විමසන්න.
(2) තමන්ව උපමා කරලා තමන් අත්විදින්න කැමති නැති දෙයක් තව කෙනෙක්ට කරන්න, කියන්න එපා.
එහෙම දේවල් හිතෙනවා. හිතෙන එක නවත්තන්න බැහැ. තරහ ගියහම කරන්න පුලුවන් අනිත් පැත්තට මෛත්රිය.
තරහ ගියා කියලා හොයාගන්නත් හොද සිහියක් ඕනේ. අසෘතවත් පෘථග්ජනයා ගොඩක් වෙලාවට තරහ එක්කම අනිත් පැත්තට react කරනවා. හිතන්න ඕනේ ඔක්කොම හිතලා, බැනලා.. ඔක්කොම වෙලා ඉවරයි. නිකන් මත් වෙලා වගේ. ඔය වගේමයි කාමයත්. මේ ඔක්කොම නිවන ආවරණය කරන කෙලෙස්. සිහියෙන් හිටියොත් තරහ ගිය ගමන් දැනගන්නවා. ඒක තරහ තවදුරට පවතින්න බාධාවක්. මෛත්රි භාවනාවත් කැමතිනම් වඩන්න.
(3) සිහිය තමයි ඊළග දේ. සිහිය එදිනෙදා දේවල් කරන ගමන් පුහුණු කරන්න පුලුවන් ජීවිතේම කොටසක් විදිහට. වෙනම භාවනා කරන්නත් පුලුවන්. සතිය පුහුණු වෙන්න ඉගෙන්න පහළ වීඩියෝ බලලා.
ඒවා පරීක්ෂා කරලා බලන්න අපිට බෑ.
ධර්ම රත්නයේ ගුණ දෙකක් තියෙනවා ඒහිපස්සිකෝ, අකාලිකෝ කියලා. ඕන කෙනෙක්ට ඇවිත් බලන්න පුලුවන්. ප්රතිඵල කල් නොයවා ලැබෙනවා.
පරීක්ෂා කරන්න බැරි ධහමක ඇති වැඩේ මොකක්ද? "මෙහෙම වෙනවා.." කියලා විශ්වාස කරන් ඉදලා මැරිලා යන එක තමයි කරන්න පුලුවන්.
ආර්ය පර්යේෂණයේ යෙදෙන විදිහයි, ආර්ය පර්යේක්ෂකයාට තියෙන්න ඕනේ/ වර්ධනය කර ගන්න ඕනේ කුසලතායි (සත්තිස් බෝධිපාක්ෂික ධර්ම) ඔක්කොම අඩුවක් නැතුව දේශනා කරලා තියෙනවා. දේශනා කරලා තියෙන විදිහට කරන්න විතරයි තියෙන්නේ.
------
Post added on Jan 14, 2026 at 7:56 PM