මම ආවේ මේ.. ලයිට් කපන්න

Ceylon Electricity Board

Verified Profile
  • Jan 17, 2016
    198
    161
    43
    56
    Sri Lanka
    www.ceb.lk
    මම ආවේ මේ.. ලයිට් කපන්න

    "අම්මේ මම ආවේ මේ.. ලයිට් කපන්න.."
    "හරි මහත්තයා... ඔන්න ඔය ආපු වැඩේ කරලා යන්න..."

    එවකට මා විදුලිබල මණ්ඩලයේ සේවකයෙක් ලෙස එම නිවසට ගියේ.. විදුලිය විසංඳි කරන්න, මොකද ඒ ගෙදර බිල මාස කිහිපයක් තිස්සේ ගෙවා නොමැති නිසා.. විදුලිය සිඳලීමේ නියෝගය නිකුත්කර තිබුනු බැවින්..

    මා යන විට තරමක් මහලු කාන්තාවක් කුඩා දරුවෙකුට කෑම කවමින් සිටියේ...
    ඇය මාව ගනංගන්නේවත් නැතිව

    "මහත්තයා ආපු වැඩේ කරලා යන්න"

    කී අයුරින්ම මට කෘතුහලයක් ඇති උනා මේ කාන්තාවගේ කතාව සොයා බලන්න...

    "ඇයි අම්මා එහෙම කියන්නේ.. ලයිට් කැපුවහම අම්මලාට කරදරයිනේ.. බැරිද මොකක්හරි කරලා මේ බිල ගෙවලා දාන්න"

    "වැඩක් නෑ මහත්තයා මට ඕක ගෙවන්න විදියක් නෑ"

    "ලයිට් කැපුවහම ආයේ අමුනන්නත් සල්ලි දෙන්න වෙනවා... මෙතන පොඩි ගානක් නේ ගෙවන්න තියෙන්නේ.."

    ගෙවන්න තිබුනේ රුපියල් තුන්දහස් ගානක්.. වෙන මිනිස්සු දස අතේ බොරු කියනවා ලයිට් කපන්නැතිව තියාගන්න... ඇත්තටම ඇයි මේ කාන්තාවට මේක ගෙවාගන්න බැරිඋනේ යන්න දැන ගැනීමේ උවමනාව හින්දාම මම ඇහුවා..

    "මොක උනත් ඕවට ගෙවන්න තියා මේ පොඩි එකාට කන්න දෙන්නවත් මට විදියක් නෑ"

    " ඇයි අම්මට මොකද උනේ... මේ දරුව කාගෙද.."

    "මගේ කතාව අහන එක මහත්තයට වැඩක් වෙන්නෑ.. ඒ කතාව කාටවත් වැඩක් නෑ.."

    ඇය ඉවත බලාගෙන... ඒ කියූ අයුරින්ම මගෙ හිත කීරිගැසී ගියා..
    මා ඇගෙ කතාව අසා සිටියා...

    "මහත්තයෝ මේ මගෙ දුවගේ දරුව..
    ඒකි රට ගියා දැං ආගිය අතක් නෑ...
    මං වැඩකලේ ගොවිපලේ... හැට පැන්න හින්දා පැංසන් ගියා...
    තාම මගෙ පැංසන් පඩිය එවුං හදලා දුන් නෑ මහත්තයෝ..."

    "මේ දරුවගේ ලේ වල පිලිකාවක්... "

    ඇගේ ඇස් කෙලවරේ පුංචි කඳුළු බිඳුවක්..

    "මං වැඩට යද්දි මේකගේ අම්මා.. මගේ දුව ගෙදර තනියමයි හිටියේ.."

    "මගේ මිනිහ ලෙඩවෙලා මැරුණෙ ඒකිව හම්බවෙලා අවුරුදු දෙකකට විතර පස්සේ.."
    "ටික කාලයක ගෙවල්වල වැඩ කරලා ඒ ඉඳුල්වලින් කෙල්ලව උස්මහත් කරා.." "ඒකිට හරියකට උගන්න ගන්නත් බැරිඋනා.."
    "සල්ලි තිබ්බෙ නෑ මහත්තයෝ..."
    "පස්සේ මං ගොවිපලේ වැඩට යද්දි ඒකි ගෙදර හිටියේ තනියම"

    "මේකට තාත්තෙක් නෑ ... මෙහෙ වරෙන් මයෙ දෙයියා.."

    ඇය දරුවව තුරුලට ගනිමින්... චීත්ත කෙලවරින් දෑස පිස ගත්තා...

    "මේකගෙ ලෙඩේ වැඩි වෙලා මහරගම ඉස්පිරිතාලේ හිඩපු ඩිංගට මයේ ගේ ගිනිගත්තා... මට මුකුත් ඉතුරු වෙලා නෑ.. දෙයියනේ...
    වටේපිටෙි උන්ටික එකතුවෙලා වහලෙ හෙවිල්ලා දුන්නා... ගේ හරියේ ඉඳගන්න පුටුවක්වත් නෑ මහත්තයෝ..."

    එවිටයි මා ගෙට එබී බැලුවෙ.. නිදාගන්නා පැදුරු කෑල්ල පමනයි ගෙතුල තිබුනේ...

    අහපු ටික හොඳටම ප්‍රමානවත්,

    මෙතරම් දුකක් දරාගෙන මේ කාන්තාව මෙසේ ජීවත් වෙන්න තිබෙන දෛර්ය මොනතරම්ද... මගේ හදවතට මහා බරක් දැනුනා... වාහනයට ගොඩවී කාර්යාලයට එනකම්ම මහා මූසල ප්‍රදේශයයක් පසු කරනවා වගෙයි එදා දැනුනේ

    "සර්... මේ ගෙදර ලයිට් කපන්න මට බෑ
    පුලුවන්නම් මෙන්න මේ මුදල මගේ පඩියෙං මාස හයකින් කපා ගන්න..."

    මම මගේ ප්‍රධානියා ඉදිරියේ පෙනී හිටියේ එසේ කියමින්..
    එතුමා වික්ෂිප්ත උනා

    "ඇයි සරත් මොකද්ද ප්‍රශ්නේ.. "

    එතුමාගේ පෙරෙත්තය මත මා සියල්ල පවසා සිටියා...

    "සරත් ඔයා හිතන්නේ මට හිතක් පපුවක් නෑ කියලද..."

    ඔහු එම බිල රතු පෑනෙන් කපා දැම්මා...

    --------------------------

    මාස කිහිපයකට පසුව මට පනිවිඩයක් ආවා,

    "සරත් අයියා අන්න ඔයාවද මන්දා හොයනවා, වයසක අම්මා කෙනෙක්"

    මගේ වැඩටික නිමාකර, මා පැමිණියා කාර්යාලයේ ඉදිරිපිටට.. තරමක් දැක හුරු අම්මා කෙනෙක්....
    මතක්උනා...

    "මහත්තයට මාව අඳුරගන්න පුලුවන්ද.."

    අතේ තිබුනු පාර්සලය මවෙත දික්කරමින් ඇය ඇසුවා...

    "මගේ පැංසන් එක හම්බඋනා මහත්තයෝ..."

    "මට දැං කාත් කවුරුවත් නෑ... කොලුපැටියත් නැතිඋනා.. අනේ මට ඌට හරිහමන් බෙහෙතක් හේතක් කරගන්නවත් බැරිඋනා.."

    "මගෙ ජීවිතේටම මංගැන අනුකම්පා කරපු එකම එක්කෙනා මහත්තයා විතරයි.."

    "මේං මේ අලුව පාර්සලේ මහත්තයට ගෙනාවේ..."

    "හා හා ගොඩාක් ස්තූතියි... ඔහොම්මම එන්නකො ඇතුලට.."

    මම ඇයව මගේ ප්‍රධානියා ගාවට රැගෙන ගියා...
    ඇයව අදුන්වා දුන්නා..
    ලොක්කා කී ලෙසම කාර්ය මණ්ඩලයේ සියලුදෙනාව එයාගේ කාමරයට රැස් කලා..
    කට්ටියම අලුව කාලා තේ කහට බිව්වා.. අර අම්මත් සමග...
    අපි හිනාවුනා... අම්මගේ රැලිවැටී වේලිලා තිබුනු මුහුන කොනකත් පුංචි සිනා රැල්ලක්... ඇස් දිලිසුනා...

    ඡායාරූපය හා ලිපිය උපුටාගැනීම : @alimanayana /Facebook වෙතිනි. ලිපියේ අන්තර්ගත වන්නේ කර්තෘවරයාගේ අදහස්ය.


    මෙම ලිපිය ෆේස්බුක් මත ෂෙයා කරන්න : https://web.facebook.com/CeylonElec...2168440977447/776056172588670/?type=3&theater
     
    • Like
    Reactions: jmzsl

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,109
    113
    මීටරේ බලල සමහර Readerල ෆෝන් එකෙන් ෆොටෝ එකක් ගහන් ගෙදර ෆෝන් නම්බර් එක අහන් යනව..ඒ ඇයි?:rolleyes:
    මීටරේ කැරකෙනවද කියල අහන්න වෙන්න ඇති බන්...
     

    koj500

    Well-known member
  • Nov 1, 2014
    867
    816
    113
    meka nam maarama duka hithena kathawak ban. api niakrune kochchcra salli naasthi karanawa da. samaharu kanna deyak nathuwa balan innawa. puduma lookayak ban.
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    ohoma mahaththuru innawada. eka serayak ape gedara meter eka kiyawanna aluthen awa ekek bila dala gihin thibbe welichcha pol aththaka yata karala. okata dora yatin dala ynna berida.