මම ඔයාට ආදරෙයි

hashanudara

Well-known member
  • Oct 12, 2011
    571
    339
    63
    මම ඔයාට ආදරෙයි

    මම ඔයාට ආදරෙයි
    අවුරුදු 5 දී ''මම ඔයාට ආදරෙයි'' කිව්වම ඔයා ඇහුවා ''ආදරෙයි කියන්නේ මොකද්ද'' කියලා.
    අවුරුදු 15 දී ''මම ඔයාට ආදරෙයි'' කිව්වම ඔයා ලැජ්ජාවෙන් හිනාවෙලා බිම බලා ගත්තා.
    අවුරුදු 20 දී ''මම ඔයාට ආදරෙයි'' කිව්වම ඔයා ඔයාගේ මූණ මගේ පපුවට තද කරලා මගේ අත තදින් අල්ල ගත්තා.
    අවුරුදු 25 දී ''මම ඔයාට ආදරෙයි'' කිව්වම ඔයා මට උදේ කෑම හදල දීලා නළලට හාදුවක් දීලා මට කිව්වා ''වැඩට යන්න පරක්කු වේවි, ඉක්මන් කරන්න'' කියලා.
    අවුරුදු 30 දී ''මම ඔයාට ආදරෙයි'' කිව්වම ඔයා මට කිව්වා ''ඔයා මට ඇත්තටම ආදරෙයි නම් අද කලින් ගෙදර එන්න'' කියලා.
    අවුරුදු 40 දී ''මම ඔයාට ආදරෙයි'' කිව්වම ඔයා මට කිව්වා ''මම දන්නවා අනේ, පුතාට home work කරන්න උදව් වෙන්න'' කියලා.
    අවුරුදු 50 දී ''මම ඔයාට ආදරෙයි'' කිව්වම ඔයා මහමින් හිටපු ඇඳුම දිහා බලාගෙනම යන්තමට සිනා සුනා.
    අවුරුදු 60 දී මම ඔයා මට ලියලා එවපු මුල්ම ලියුම අතේ තියාගෙන කියවන අතරේ ''මම ඔයාට ආදරෙයි'' කිව්වම ඔයා මගේ අත් දෙක තදින් අල්ල ගෙන මගේ මූණ දිහා බලගෙන හිටියා.
    අවුරුදු 70 දී මම රෝහලේ ඇඳේ ඉන්නකොට ඔයා ''මම ඔයාට ආදරෙයි'' කිව්වම මට මොනවත් කියාගන්න බැරුව ඇඬුනා.

    අපි ගොඩාක් වෙලාවට අපි ආදරේ කරන කෙනා ''මම ඔයාට ආදරෙයි'' නැතිනම් ''I Love You'' කිව්වම පිළිතුරු විධියට ''මමත් ඔයාට ආදරෙයි'' හෝ ''I Love You Too'' කියල කියනවා බොහෝ දුරට අඩුයි. ආදරේ පෙන්නන ක්‍රම බොහෝමයක් තිබුනත් අපි කවුරුත් ආසයි අපි අනිත් කෙනාට ආදරෙයි කිව්වම ඒ කෙනත් අපිට ආදරෙයි කියලා කියනවා නම්. මේ දේ අත් විඳපු අයත් ඇති, ඒ අයට වගේම ආදරේ කරන හැම දෙනාටම මේ අදහස වැදගත් වේවි කියලා හිතනවා.
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    සහතික ඇත්ත.වයස යන්න යන්න තමා ආදරේ ගැඹුර තේරෙන්නේ.:D tfs
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,610
    5,793
    113
    සහතික ඇත්ත.වයස යන්න යන්න තමා ආදරේ ගැඹුර තේරෙන්නේ.:D tfs

    අවුරුදු 40 ත් පහුවෙච්ච කෙනෙක් විදිහට මොනවද ඔයාට හිතෙන්නෙ