'මම ඔයාට කැමතියි' කියන්න තවත් ක්‍රමයක්

daredevill

Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    'මම ඔයාට කැමතියි' කියන්න තවත් ක්‍රමයක්

    boymeetsgirlbyyaukisan.jpg

    "දිලීපා, පොඩ්ඩක් ඔහොම ඉන්න." පොත් ටිකක් තුරුළු කරගෙන කලබලෙන් වගේ දුවන දිලීපාට මම කෑගැහුවා. එයා මං දිහා හැරිලා බැලුවේ 'ඇයි' කියන බැල්මෙන්.
    "අපිට පොඩ්ඩක් කතා කරන්න පුළුවන්ද?" ඒ ප්‍රශ්නෙට දිලීපා ටිකක් ගැස්සුනා. අපි ඔය එහෙන් මෙහෙන් දැකපු වෙලාවට හිනා වෙලා ඔලුව වනල යනවා මිසක් එතැනින් එහාට වැඩිය කතා කරන්නේ නෑනේ.
    "බයවෙන්න එපා, ඔයා මාත් එක්ක කතා කළා කියල ලෝකේ ලොකුම කාම අපරාධේ කළා වෙන්නේ නෑ." මම කිව්වේ කට කොනේ හිනාවකුත් එක්කයි.
    "අනේ මේ, ඔයා මට අමුතුවෙන් අපරාධ ගැන උගන්නන්න ඕනේ නෑ."
    දිලීපා මං දිහා බලාගෙන හිටියේ අමුතු මූණක් හදාගෙන. මම එයාගේ අතින් අල්ලාගෙන වාඩි වෙන්න තැනක් හොයාගෙන ගියා. දසත පැතිරුණු නුග ගහක් යට සුදු පාට කොන්ක්‍රීට් බංකු තිබුණා. මම අතින් සන් කළේ එතැනින් ඉඳගමු කියල. අපි දෙන්න වාඩිවෙලා මුහුණට මුහුණ බලාගත්තා.
    "මේක ව්‍යාපෘතියක් වෙනුවෙන් කරන සමීක්ෂණයක්, ඔයාට කරන්න තියෙන්නේ මම අහන ප්‍රශ්නවලට උත්තර දෙන්න." දිලීපා සැකෙන් වගේ ඔලුව වැනුවා.
    "හරි එහෙනම් මෙන්න පලවෙනි ප්‍රශ්නය, ඔයාට කව්රුහරි ආදරේ ප්‍රකාශ කළොත් ඔයාගේ ප්‍රතිචාරය වෙන්නේ මොකද්ද?"
    "හ්ම්, ඒක අවස්ථාව, පුද්ගලයා අනුව වෙනස් වෙනවා."
    "ඒකියන්නේ ඔයා අවස්ථාවාදීයි?"
    "මෙහෙමයි, ඒ වගේ වෙලාවට එහෙම වෙන්න වෙනවා."
    "එහෙම ආදරය ප්‍රකාශ කරන කෙනා මම නම්?"
    "එතැනදී අවස්ථාව ගැන ගැටළුවක් එනවා."
    "ඒකියන්නේ පුද්ගලයා ප්‍රශ්නයක් නෙමේ?"
    "ඔයාගේ ඔය සමීක්ෂණයට ඒවත් අදාලද?"
    "හරි දෙවැනි ප්‍රශ්නය, අසම්මත ආදරය ගැන ඔයාගේ අදහස මොකද්ද?"
    "අසම්මත සම්මත කියල ආදරය බෙදන්න බැහැ."
    "අපි දෙන්න අතර සම්බන්ධයක් ඇති වුණොත්?"
    "වෙන්න පුළුවන් දෙයක් ගැන කතා කරමුද?"
    "ඉතින් ඒකනෙ අසම්මතයි කියන්නේ, සාමාන්‍යයෙන් නොවෙන දේ නේ. කොහොමහරි තුන්වෙනි ප්‍රශ්නය, ඔයා ආදරය කරන කෙනා කොයි වගේ වෙන්න ඕනද?"
    "එයා කොයි වගේ වත් වෙන්න ඕනේ නෑ. එයා එයාම වුණාම විතරක් ඇති. නිකන් රූකඩ වගේ මිනිස්සු මට වැඩක් නෑ."
    "ම්ම්,,, ඊළඟ ප්‍රශ්නේ, ඔයා ආදරේ කරන කෙනාගෙන් බලාපොරොත්තු වෙන්නේ මොනවද?"
    "මොනවත් නෑ."
    "ඒ කිව්වේ?"
    "මොනවත් බලාපොරොත්තු වෙන්නේ නෑ. මොනවත් බලාපොරොත්තුවෙන් කෙනෙක්ට ආදරේ කරනවානම් ඒක ආදරේ වෙන්න බෑ, එහෙනම් ඒක බිස්නස් එකක්, ආත්මාර්ථකාමී කමක්."
    "ඔයාට ආදරේ කරන කෙනා මම නම් ඔයා මගෙන් මොනවත් බලාපොරොත්තු වෙන්නේ නැද්ද?"
    "කරුණාකරලා, අවශ්‍ය ප්‍රශ්න විතරක් අහනවද?"
    "පස්වෙනි ප්‍රශ්නය, ඔයා ලව් ඉන් ෆස්ට් සයිට් විශ්වාස කරනවද?"
    "කොහෙත්ම නෑ, එකපාරක් දැක්ක ගමන් ආදරයක් ඇතිවෙන්න විදිහක් නෑ ආශාවක් මිසක්. ඒ--"
    "මමඔයාටආදරෙයි."
    "මොකද්ද?"
    "මම ඔයාට ආදරෙයි." මම දෙවැනි වතාවටත් උත්සහ කළේ වචන එකින් ඒක ඈත් කරමින් ශබ්ද නගා උච්චාරණයෙන්.
    "මං දැන ගත්තා ගොනා හැරෙන කොටම." දිලීපා දඟ හිනාවක් දැම්මා.
    මට ඒ වෙලාවේ මොනවද කරන්න ඕනේ කියල හිතාගන්න බැරිවෙලා මම ගල් වුණා. 'ඔයා ඉතින් මොකද ඒ ගැන කියන්නේ?' 'ඔයත් මට කැමතිද' වගේ ප්‍රශ්න ඇසිය යුතු වුණත් මං ඇහුවේ නෑ. අනික ඒවා අහන්නේ නැතිවම වුණත් දිලීපා මට කැමතියි කියල දැනුනා. එයා බංකුවෙන් නැගිටලා මගේ අතින් ඇදල "අපි යමු" කිව්වා. මගේ ඔලුව වැනුණේ ඉබේටමයි.

    Source:
     
    thameera rathnayake

    Active member
  • Sep 5, 2010
    459
    55
    28
    33
    wattala
    කතාව නම් ලස්සනයි, ඒත් කෙල්ලොත් එක්ක ඔහොම කතා කරද්දි උන් මගදිම නැගිටලා ගිහිල්ලා!!!
    මම ට්‍රයි කරන කෙල්ල එක්ක මම තාම කතා කරලා තැහැ !! ඒකි මාත් එක්ක කතා කරන්නේ නැහැ මගේ වටේ ඉන්න ඔක්කෝම උන් එක්ක කතා කරවා !!!
    වෙන කෙල්ලෝ මට බිස්කට් දෙද්දි ‍මගේ දිහා බලාගෙන් වෙන උන්ට නූඩ්ල් දෙනවා !!! අනිත් හැම කෙල්ලෙක්ම මට සහෝදරයෙක්ටත් වැඩියෙන් ආදරේ කරනවා !! මේකී කතාවත් කරන්නේ නැහැ:love:
     
    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island

    :lol: itin uba gihilla katha karapanko uba balan inne kella ubath ekka katha karanakanda :P
     
    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    කතා කරන්න පොයින්ට් එකක් දෙන්නද

    මේ මම ඔයාව කො​හේදි හරි දැකල තියෙනවා නංගී මේ එත් මම මේ කල්පනා කලේ කොහේද කියල
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    කතාව නම් ලස්සනයි, ඒත් කෙල්ලොත් එක්ක ඔහොම කතා කරද්දි උන් මගදිම නැගිටලා ගිහිල්ලා!!!
    මම ට්‍රයි කරන කෙල්ල එක්ක මම තාම කතා කරලා තැහැ !! ඒකි මාත් එක්ක කතා කරන්නේ නැහැ මගේ වටේ ඉන්න ඔක්කෝම උන් එක්ක කතා කරවා !!!
    වෙන කෙල්ලෝ මට බිස්කට් දෙද්දි ‍මගේ දිහා බලාගෙන් වෙන උන්ට නූඩ්ල් දෙනවා !!! අනිත් හැම කෙල්ලෙක්ම මට සහෝදරයෙක්ටත් වැඩියෙන් ආදරේ කරනවා !! මේකී කතාවත් කරන්නේ නැහැ:love:

    ithin getaluwak nhane eki hithanawa athi wate inna okkoma kello uba gena balanawanam ekith awith ubatama wada dena eka honda nha kiyala
     
    thameera rathnayake

    Active member
  • Sep 5, 2010
    459
    55
    28
    33
    wattala
    :lol: itin uba gihilla katha karapanko uba balan inne kella ubath ekka katha karanakanda :P
    මම ඒකිත් එක්ක කතා කරද්දි ඒකි එච්චර care කරන්නේ නැහැ, එක වචනෙන් දෙකෙන් Topic එක close කරනවා!!:(
     
    thameera rathnayake

    Active member
  • Sep 5, 2010
    459
    55
    28
    33
    wattala
    ithin getaluwak nhane eki hithanawa athi wate inna okkoma kello uba gena balanawanam ekith awith ubatama wada dena eka honda nha kiyala
    මම වටේ ඉන්න උන් එක්ක කතා කරන්නෙත් ඒකී නිසා !!! ඒක ඒකිට තේරෙන්නේ නැති හැට් !!!!‍
     
    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    මම ඒකිත් එක්ක කතා කරද්දි ඒකි එච්චර care කරන්නේ නැහැ, එක වචනෙන් දෙකෙන් Topic එක close කරනවා!!:(

    affa :sorry: ehenan wena awulak nisa wenna athi uba anith kelloth ekka katha karana eka eyata dirawanne nathuwa athi :yes: ayeth try karala balahan ;)
     
    thameera rathnayake

    Active member
  • Sep 5, 2010
    459
    55
    28
    33
    wattala
    affa :sorry: ehenan wena awulak nisa wenna athi uba anith kelloth ekka katha karana eka eyata dirawanne nathuwa athi :yes: ayeth try karala balahan ;)
    ම‍‍ට බයයි බං ඒකි මාව ‍‍‍චොර ක‍‍‍රොත් මට එල්ලිලා මැ‍‍‍රෙන්න ‍වෙන්නේ, හැම ‍එකාම බලන් ඉන්නේ ඒකි මාව චොර කරනකන් !!!
    යාලුවෝ කියලා සෙට් එකක් ඉන්නවා උන් කරන්නේ වල කපන එකමයි !! උන් උඩින් මොනවා කිව්වත් යටින් ඒකීට ට්‍රයි!!
    :sorry::sorry::sorry:
     
    thameera rathnayake

    Active member
  • Sep 5, 2010
    459
    55
    28
    33
    wattala
    මෙහෙම දෙයක් හරි මට කියන්න ඉන්නේ උබලා විතරයි මට පවුලේ අය වගේ!!! මම එළකිරි එකට ගොඩක් ආදරෙයි !! මේකේ ඇඩ්මින් ලට ත්‍රිවිද රත්නයේ පිහිටයි !!!! මම ඒක කිව්වා හරි නේද ??:):):)
     
    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    ම‍‍ට බයයි බං ඒකි මාව ‍‍‍චොර ක‍‍‍රොත් මට එල්ලිලා මැ‍‍‍රෙන්න ‍වෙන්නේ, හැම ‍එකාම බලන් ඉන්නේ ඒකි මාව චොර කරනකන් !!!
    යාලුවෝ කියලා සෙට් එකක් ඉන්නවා උන් කරන්නේ වල කපන එකමයි !! උන් උඩින් මොනවා කිව්වත් යටින් ඒකීට ට්‍රයි!!
    :sorry::sorry::sorry:

    itin uba eyath ekka thaniyen katha karapan ethakota harine ;)