මම කරපු පිනක්

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මේ ලෝකේ හැම දෙයක්ම තීරණය වෙන්නේ අපි කරපු පින් පවු අනුව...
    ඒ වගේම අපි එද්දී ගේන්නේ වගේම යද්දී ගෙනියන්නෙත් අපි කරපු පින් සහ පවු...
    මමත් අවුරුදු 20දී විතර ලොකු පිනකට දායක උනා...
    .........................
    වැලිගම කසුන් ළදරු පාසල ගොඩක් දෙනෙක් දන්නවා...
    එහෙන් එක පාරක් කටිනයක් පුජා කරා...
    ඒ කටිනෙ පුජ කරන්න පෙරහරක් ලැහැස්ති කළා...
    ප්‍රධාන සංවිදායක උනේ අපේ මල්ලි...
    මල්ලි ඒ වෙද්දී වැලිගම හැමෝම ගොඩක් දන්නා කෙනෙක්...
    ඒ නිසා ගොඩක් කොල්ලෝ හිටිය උදවුවට...
    ඉතිං අත් ට්‍රැක්ටරයක් ගෙනත් ලයිට් දාගෙන,
    ලොකුවට සද්දේ දාගෙන අපි රෑ 12 වෙද්දී පිටත් උනා...
    මම හිටියේ පොඩි සෙට් එක එක්ක...
    මල්ලිලා හිටියේ වෙනම...
    මම තමයි වියන අල්ලාගෙන ගියේ....
    ඉතිං ඒ ගෙදර පිරිමි කට්ටිය මාරුවෙන් මාරුවට කටින චිවරය කර තියාගෙන ගියා...
    මගදී ගොඩක් සංග්‍රහ හම්බ උනා...
    සල්ලි කැට නොසිතු ප්‍රමාණයක් පිරවුනා...
    කාටවත් කරදර නොවෙන්න රතිඤ්ඤා දාල නැගිට්ටවල,
    පිනට සම්මාදම් කරගන්න මල්ලිලා ගොඩක් මහන්සි ගත්ත....
    ඉතිං කොහොම හරි අපි වටේට ගිහිං අන්තිමට එලිය වැටීගෙන එන වෙලාවේ මහා විදියේ කළු අක්කලාගේ ගෙදරට කිට්ටු උනා...
    ඒ වෙලාවේ සේරම ගොඩක් තෙහෙට්ටුවෙන් හිටියේ...
    ඒත් හැමෝගෙම හිත් වල තිබුන භක්තිය නිසා සතුටින් හිටියේ..
    අපිත් එක්ක ආව කසුන් එකේ පවුලේ පිරිමි ටික වෑන් එකෙන් පන්සලට ගියා එතන තියෙන වැඩ ටික බලන්න කියල...
    කටිනෙ කර තියන්න සුදානමින් හිටියේ පවුලේ කිට්ටුම ඤාතියෙක්...
    අර ගෙදරට ගිහිං කටිනෙ තැන්පත් කරලා අපි වාඩි උනා විතරයි,
    ගෙදර ගෑනු ටික ඇවිත් "ඉස්සෙල්ලම එන්න ඕන අපේ ගෙදර, ඒත් අන්තිමට මොන අහවල් එකක් කරන්නද මෙහෙ ආවේ" කියල මල්ලිලට බනින්න පටන් ගත්ත...
    ඒ පාර එයාල තේරුම් කරන්න ගිහිං අයිත් එයාලට බැන්න...
    යන ට්‍රැක් එක තීරණය කරන්නේ පන්සලෙන් කියල තෝරාගන්න බැරි අවාසනාවන්ත ගැහැණු ටිකක් එහෙ හිටියේ...
    කොල්ලෝ ටිකට ගොඩක් වෙහෙස වෙලා හිටපු නිසා උන්ට මල පැන්න...
    මෙච්චර දුරක් ආවේ මේ හු@ත අහගන්නද, යමල්ල යන්න,
    කියල කොල්ලෝ සේරම යන්න ගියා.....
    දැන් ඉන්නේ ගෑනු විතරයි....
    පිරිමි ඉන්නේ මමයි පොඩි කොල්ලෝ ටිකයි විතරයි...
    මරල දැම්මත් අත ගහපු වැඩේ මම ඉවර වෙලා තමයි කොහේ ගියත් යන්නේ....
    දැන් කටිනෙ ගෙනියන්නත් පරක්කු වෙනවා...
    ඉර උදා වෙන්න කලින් පන්සලට නොගියෝතින් චිවරේට අපාහස වෙනව....
    එතකොට බුදු හාමුදුරුවොන්ට අපාහස කළා හා සමානයි....
    පන්සලට කෝල් එකක් දෙන්නවත් විදියක් නැහැ...
    ඒ පාර කසුන් එකේ ඇන්ටි මට ඇවිත් කිවුව,
    මගේ පුතේ ඔයා කටිනෙ වඩම්මවන්න කියලා...
    ඇන්ටි මගේ සෙරෙප්පු දෙක ගලවා ගත්තා...
    මම සබන් දාල අත පය හෝදගෙන ආව...
    මගේ දකුණු උරහිසේ තියලා එදා මම බෙර හඬ මැද්දේ කටිනෙ පන්සලට වැඩම්මුව...
    මගදී චුට්ටක් විතර අපහසුතාවයක් උනේ මම උස නිසා,
    මගදී කට්ටියට අත ගහන්න පහත් වෙන්න උන එක විතරයි...
    අන්තිමේදී සාදු නාදය මැද්දේ මම පන්සලට යද්දී,
    හාමුදුරුවෝ දෙපලක් ඇවිත් කටිනෙ මගේ උරෙන් ගත්තා...
    එදා මඩ වලකින් මඩ ගෑවෙනවට තාපසයෙක් බිම දිගා උනා වගේ මම චීවරේ නම්බුව රැක්ක....
    ඒ පින ගෙවල ඉවර වෙන්නේ නැහැ කියල හාමුදුරුවෝ කිවුව බණට...
    මේ සංසාරේ ගෙවිල යන්න අපි තව කරපු පවු තියෙන නිසා නැවත නැවත උපදිනවා....
    ඉඩක් ලැබෙන හැම වෙලේම පිනකට හවුල් වෙලා සසර ගමන කෙටි කරගමු...
    6 වතාවක් ලේ දීලත් තියෙනවා...
    B possitive ලේ....
    ගාල්ලේ කරාපිටියේ ලේ බැංකුවේ මම රෙජිස්ටර් වෙලා ඉන්නේ...
    අපි විදුලි බල මණ්ඩලෙන් තමයි ගොඩක් ලේ දෙන්න සෙට් වෙන්නේ...

    ඉතින් බලමු ඔයාලත් කරපු පින් කුසල් එහෙම.....
    අනිත් අයටත් දැනගෙන පවට කැප කෙනෙක් ඉන්නව නම් සසර ගමනින් එතෙර වන්න එකතු කරගමු...
    බුදු සරණයි.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ම්ම්ම්ම්ම්... ලඟදි නම් කලේ මචං දන්න කියන මල්ලිලා කට්ටියක් දුප්පත් ගමක පොඩි ඉස්කෝලෙකට ළමයි වගේකට පොත් වගයක් බෙදලා දෙනවා කියලා මගෙන් උදව්වක් ඉල්ලුවා. ඌ ඉල්ලුවේ මුදල් නෙමෙයි. මම කරන ෆීල්ඩ් එක සම්බන්ධව උපකාරයක්. ඒක කරගන්න නම් බැරි උනා වැඩ නිසා. ඒත් උගෙන් අකවුන්ට් එක ඉල්ලගෙන පුලුවන් හැටියට රුපියල් 1000 ක් දැම්මා. තව එකක් තියෙනවා ඔය වගේ හෙට අනිද්දා දන්න අයියලා වගයක් පිලිකා රෝහලේ පොඩි උන් එක්ක දවසක් ගෙවනවා. ඒකේ පෝස්ට් එකක් fb ශෙයාර් වෙවි තිබ්බා. ඒකටත් 1000 ක් වත් දාන්න ඕනේ.

    මමත් 9 පාරක් ලේ දන් දීලා තියෙනවා මචං. කරපු පින් අතේ වැඩ නම් ඕනේ තරම් තියෙනවා බං. ඒත් මම කැමතියි මමත් එක්කම එව්වා පොළවේ වැළලිලා යනවට වටේ ඉන්න දෙතුන් දෙනෙක් විතරක් දැනගෙන. නම ඉස්සරහට දාගෙන උදව්වක් කරනවට වඩා anonymous කෙනෙක් විදිහට කෙනෙක්ට උදව් කරද්දි මාරම මාර සතුටක් දැනෙනවා බං හිතට.
     
    • Like
    Reactions: labu gediya

    නම පෙන්වල පින් කරන්න කරන්න කියනවා නෙවි මචං...
    අපි හැමෝම යන තැනකට වටිනා කියන දෙයක් ගෙනියන්න ඕන..
    ආව තැනින් ගෙනාව නිසානේ මෙහෙම වත් ඉන්නේ...
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    නම පෙන්වල පින් කරන්න කරන්න කියනවා නෙවි මචං...
    අපි හැමෝම යන තැනකට වටිනා කියන දෙයක් ගෙනියන්න ඕන..
    ආව තැනින් ගෙනාව නිසානේ මෙහෙම වත් ඉන්නේ...

    අනිවා ඒක ඇත්ත. ඒත් අද වැඩිපුර තියෙන්නේ වටේ මිනිස්සුන්ට පේන්න කරන පින් අතේ වැඩ තමයි. :rofl:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    අනිවා ඒක ඇත්ත. ඒත් අද වැඩිපුර තියෙන්නේ වටේ මිනිස්සුන්ට පේන්න කරන පින් අතේ වැඩ තමයි. :rofl:

    ඒ දෙලොවටම වැඩක් නැති සෝබන එවුන් බන්...
    සමහර එවූන් ඉන්නවා පිනට දෙයක් දීලා වට පිට බලනවා කවුරු හරි බලාගෙන ඉන්නවද කියල...
    මොකටද බන් එහෙම දීලා....
    ෆොටෝ එකක් අරගත්තොතින් උන්ට ඊට වඩා සතුටක් නැහැ...
    :P:P
     
    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,850
    798
    113
    @Thusithaya
    සියල්ලට වඩා ලොකුම කුසලය ධර්මය ඉගෙනිම හා ඒ අනුව ජිවත් විම ඒ හරහා නිවනට යාම

    මම නම් ළගදි කළේ රෙරැකානේ හාමුදුරැවන්ගේ පොත් ටිකක් පොහෝය දවසක බෙදා දිම:yes:

    ඒත් දැන් මාස ගානක ඉදන් හැමදාම බුදුන්ට මල් පහන් තියෙනවා ඒකෙන් ලොකු නිරාමිස සතුටක් ලබනවා :yes:
     
    • Like
    Reactions: labu gediya

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    කතාවෙ අන්තිම හරිය කියවගෙන යනකොට මගේ හිතටත් හීනියට සතුටක් දැනුනා මචෝ....හරියට මාත් ඒ පිංකමට හවුල් වුනා වගේ....:yes:

    මේ කුසල කර්මයේ අත්දැකීම් අපිත් එක්ක බෙදා ගත්තට පිං මචෝ
    :love:
     
    • Like
    Reactions: labu gediya

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    කතාවෙ අන්තිම හරිය කියවගෙන යනකොට මගේ හිතටත් හීනියට සතුටක් දැනුනා මචෝ....හරියට මාත් ඒ පිංකමට හවුල් වුනා වගේ....:yes:

    මේ කුසල කර්මයේ අත්දැකීම් අපිත් එක්ක බෙදා ගත්තට පිං මචෝ
    :love:

    උදවු කරන්නන් වාලේ කරලා හරියන්නේ නැහැ මචං...
    උදවු කරන්න ඕන අපෙන් උදවුවක් අවශ්‍ය වෙලාවට...
    එතකොට වටිනාකම වැඩියි....
    මට එදා ඉදිරිපත් වෙන්න තිබුනා...
    ඒත් පවුලේ කෙනෙක් ඒ කටිනෙ ගෙනියන්න ඕන කියල කියපු නිසයි මම ඉදිරිපත් නොවුනේ..
    ඒ මිනිස්සු අසරණ වෙන්න නොදී, චීවරේ අපහස වෙන්න නොදී රැකගත්ත කියන්නේ මම එතන රැඳී හිටපු එක වටිනවා කියන එක...
    ඔයාලටත් පුළුවන් විදියට සුළු වශයෙන් හරි කරන්න පුළුවන් දෙයක් කරන්න...
    පින් තකා නෙවි,
    තමන්ගේ ආත්මේ සුරක්ෂිත කරගැනීමට....
     
    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    Mamath shena pin karla tiyanwa ... mt wrudu 25yi... wathura pinkam , daana maan , kaprukanpuja,thira redi ekii mekii nokii sahnna.. lee dunna eka parak, but ye denna bari weyi wage mata diabatic awith wagee ban eekata mata mara upst.. hmmm..elakiriye yaluwoo ekathu karn laksh 65k ekathu karla ahnsaka daruwekge jiwethayak beruwa..mama and optimz prime eka paark ... parna thres wl athii dan dukai mawa asaneepa una ban ek prtama..
     
    Last edited:
    • Like
    Reactions: labu gediya

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඒ දෙලොවටම වැඩක් නැති සෝබන එවුන් බන්...
    සමහර එවූන් ඉන්නවා පිනට දෙයක් දීලා වට පිට බලනවා කවුරු හරි බලාගෙන ඉන්නවද කියල...
    මොකටද බන් එහෙම දීලා....
    ෆොටෝ එකක් අරගත්තොතින් උන්ට ඊට වඩා සතුටක් නැහැ...
    :P:P

    :yes::yes:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    Mamath shena pin karla tiyanwa ... mt wrudu 25yi... wathura pinkam , daana maan , kaprukanpuja,thira redi ekii mekii nokii sahnna.. lee dunna eka parak, but ye denna bari weyi wage mata diabatic awith wagee ban eekata mata mara upst.. hmmm..elakiriye yaluwoo ekathu karn laksh 65k ekathu karla ahnsaka daruwekge jiwethayak beruwa..mama and optimz prime eka paark ... parna thres wl athii dan dukai mawa asaneepa una ban ek prtama..

    කලින් ආත්ම වලදී කරපු පවු තමයි බන් මේ ආත්මේ අපිව පින් කරන්න නොදී වළක්වන්නේ....
    අපිට කාගෙන් බේරුනත් මාරයාගෙන් බේරෙනවා බොරු...
    කරගත්තොතින් තමන්ට මිසක් වෙන කාටද නේද මචං....:yes::yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම සෑහෙන පූර්ව කුශල කර්මයන් කර ඇති බව මට හිතෙන අවස්ථාවක් මේක....

    ඔබ බොහෝ දෙනෙක් සමහර විට බොහෝ දුරු කතර ගෙවා ගෙන ගොස්, නැත්නම් ඉමහත් වැර වෑයම් කොට කුසල් දම් හි යෙදෙනවා.

    මා හට ලැබී ඇති මේ අවස්ථාවෙන් මම ඉතාමත් සුපේශල, ශික්ෂාකාමී යතිවරයන් වහන්සේලා වෙත දන්ත වෛද්‍ය කටයුතු කිරීමෙන් කුසල් හි යෙදෙනවා.

    ඒ අවස්ථාව මට ලැබී ඇත්තේ සිරිලක පුරා ඇති මහමෙවුනාව අසපු වැසි අතිශය සුපේෂල, ශික්ෂාකාමී ස්වාමීන්වහන්සේලා මා වෙත ප්‍රතිකාර සදහා වැඩම කිරිම හේතුවෙන්.

    මා එය සළකන්නේ මා හට කුසල් උපදවා ගැනීම පිණිස ලද සුවිශේෂී අවස්ථාවක් ලෙසටයි.......!!!

    ඒ කුසලානිසංසයේ බලෙන්, මා හට ඒ අවස්ථාව උදාකර දෙන සියළු ස්වාමීන්වහන්සේලාත්, මෙය කියවන ඔබ ගේත් සසර ගමන කෙටි වේවා!!!
     
    • Like
    Reactions: labu gediya

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මම සෑහෙන පූර්ව කුශල කර්මයන් කර ඇති බව මට හිතෙන අවස්ථාවක් මේක....

    ඔබ බොහෝ දෙනෙක් සමහර විට බොහෝ දුරු කතර ගෙවා ගෙන ගොස්, නැත්නම් ඉමහත් වැර වෑයම් කොට කුසල් දම් හි යෙදෙනවා.

    මා හට ලැබී ඇති මේ අවස්ථාවෙන් මම ඉතාමත් සුපේශල, ශික්ෂාකාමී යතිවරයන් වහන්සේලා වෙත දන්ත වෛද්‍ය කටයුතු කිරීමෙන් කුසල් හි යෙදෙනවා.

    ඒ අවස්ථාව මට ලැබී ඇත්තේ සිරිලක පුරා ඇති මහමෙවුනාව අසපු වැසි අතිශය සුපේෂල, ශික්ෂාකාමී ස්වාමීන්වහන්සේලා මා වෙත ප්‍රතිකාර සදහා වැඩම කිරිම හේතුවෙන්.

    මා එය සළකන්නේ මා හට කුසල් උපදවා ගැනීම පිණිස ලද සුවිශේෂී අවස්ථාවක් ලෙසටයි.......!!!

    ඒ කුසලානිසංසයේ බලෙන්, මා හට ඒ අවස්ථාව උදාකර දෙන සියළු ස්වාමීන්වහන්සේලාත්, මෙය කියවන ඔබ ගේත් සසර ගමන කෙටි වේවා!!!

    තෙරුවන් සරණයි.
     
    :yes::yes::cool::coo:

    Knowledge into money :no::no: but not happy :rolleyes::rolleyes:
    Knowledge into merits :yes::D greatest chance one can get in his life :yes::yes:;);)
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    අඩෝ ලබූ උඹ තාම ඔබ ඔබ ඉන්න මල්ලක් හොයාගත්තේ නැද්ද?
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    හොඳ වැඩක් මචං.. මමත් එකපාරක් ලේ දීලා තියෙනවා.. ඊට පස්සෙ නම් දෙන්න බැරි උනා.. මං දැක්කා මේකෙ ත්‍රේඩ් එකක් තියෙනවා වකුගඩු, ඇස් දන්දෙන සීන් එකක් ගැන.. ඒ වැඩෙත් කරන්න ඕන.. මං මැරිච්ච දවසක වෙන මනුස්සයෙක්ට පුංචි හරි උදව්වක් වෙයිනේ ඒක..:dull: