මම කියවපු පොත් (English) - Book Recommendation

White_Raven

Well-known member
  • Dec 8, 2020
    244
    503
    93
    හොද ත්‍රෙඩ් එකක්. විස්තර ඇතුවම දාලා තියෙන හින්දා මමත් විස්තර ඇතුවම මම ළගදි කියවපු පොත් ටිකක් එකතු කරන්නම්.

    Prey - Michel Crichton

    Prey_(Michael_Crichton_novel_-_cover_art).jpg

    මයිකල් ක‍්‍රයිටන් කියන්නේ මගේ පි‍්‍රයතම බටහිර ග‍්‍රන්ථ කතුවරයා කිව්වොත් නිවැරදියි. විද්‍යාව සහ පරිකල්පනය ගලපලා ඔහු කතාව ගොතන ආකාරය ළගටවත් මම මේ ගණයට අදාළව කියවලා තියෙන අනෙක් කතුවරුන්ගේ පොත් එන්නේ නැහැ කියන එකයි මගේ අදහස. ඔහුගේ පොත් සියල්ලම වගේ මම කියවලා තියෙනවා. ඒ නිසා මේ ලැයිස්තුවෙත් වැඩි හරියක් වෙන්වෙන්නේ ඔහුගේ පොත්වලට. ඒ අතරින්, මගේ පි‍්‍රයතම පොත තමයි මේ.

    Prey කතාව පරිගණක ඉංජිනේරුවක් විද්‍යාඥයෙක් වටේ ගෙතිලා තියෙන එකක්. අංශු ගොන්නක් එකතුවෙලා තැනෙන කෘතිම බුද්ධියක් හසුරුවන්න ඔහු ලියන ක‍්‍රමලේඛයක්, ඔහුගේ බිරිද සම්බන්ධවෙලා ඉන්න සමාගමක් යොදාගන්නවා නැනෝ අංශු කෝටි ගණනකින් තැනුණු කෘතිම බුද්ධියක් (ඇත්තටම ජීවියෙක්) හසුරුවන්න. ඔවුන්ගේ ඉලක්කය වෙන්නේ මේ නැනෝ අංශු යොදාගෙන බරපතල ශල්‍යකර්ම වගේ දේවල් කිරීම වුවත්, මේ ජීවියා අන්තිමට ස්වයංව හැසිරෙන්න, තීරණ ගන්න තරමට දියුණු වෙනවා. අවසානයේ දී, කතානායකයාගේ බිරිදත්, ඇය සේවය කරන සමාගමේ බහුතරයකුත්, මේ ජීවියාගේ ගොදුරු බවට පත්වෙනවා. මේ අන්තරායෙන් තමන්වත්, තමන්ගේ පවුලේ සාමාජිකයන්වත් ගලවා ගැනීමට වගේම ගැටලුවට විසදුමක් හොයාගන්න අපේ කතානායකයා වෙහෙසන හැටි තමයි කතාවේ තියෙන්නේ.

    Jurassic Park | Lost World - Michel Crichton
    Jurassicpark.jpg
    Big-lostworld.jpg

    මේ ග‍්‍රන්ථ දෙක නම් ගොඩ දෙනෙක් කියවලා ඇති. ඇම්බරවල සිරව සිටින කෘමි සතුන්ගෙන් (විශේෂයෙන්ම මදුරුවන්) උදරවල ඇති රුධිර අණු හරහා ඩයිනෝසරයින් නැවත උපුදවා, එම සතුන් උද්‍යානයකට කොටු කිරීමට ගන්නා උත්සාහයක් බරපතල ලෙස වැරදී යන ආකාරය ජුරාසික් පාර්ක් ග‍්‍රන්ථයේ කතාව වෙනකොට, ලොස්ට් වර්ල්ඩ් ජුරාසික් පාර්ක් අවසානයේ සිට නව මානයකින් කතාව ගෙන යනවා. මේ ග‍්‍රන්ථ දෙකේම බොහෝ විද්‍යාත්මක තර්ක විතර්ක තිබෙනවා, මේ ග‍්‍රන්ථ දෙක පදනම් කරගෙන නිර්මාණය වුනු චිත‍්‍රපට දෙකෙන්ම ආවරණය කරලා නැති. ඒ නිසා, කියෙව්වේ නැති කෙනෙක් ඉන්නව නම්, අනිවාර්යයෙන්ම කියවන්න.

    Eaters of the Dead - Michael Crichton
    Big-eatersofthedead.jpg

    මේක සාම්ප‍්‍රදායික මයිකල් ක‍්‍රයිටන් රාමුවෙන් පිට ලියැවී තිබෙන ග‍්‍රන්ථයක්. වයිකින්වරුන් ඇසුරට යන පුද්ගලයෙක්, ඔවුන්ගේ දිවිපෙවෙත, සටන් ක‍්‍රම සහ චාරිත‍්‍ර ගැන කරන විස්තරයක් හා බැදුණු කතාවක් තමයි මේ ග‍්‍රන්ථයේ තියෙන්නේ. මේකත් මම බොහොම ආසාවෙන් කියවපු කතාවක්.

    Airframe - Michael Crichton
    Airframe_cover.jpg

    ගුවන්යානා අනතුරක් සහ අදාළ සමාගම එය යටගසන්නට උත්සාහ කිරීම ගැන කතාවක්. රහස් පරීක්ෂක කතාවලට කැමති අය ඉන්නව නම්, මේක අනිවාර්යයෙන්ම කියවන්න. අවසානයට යනකන්ම කවුද වැරදිකාරයා කියලා හොයාගන්න බැහැ.

    Red Dragon | Silence of the Lambs | Hannibal- Thomas Harris
    Hannibal_Lecter_novels.png

    සුප‍්‍රකට හැනිබල් ලෙක්ටර් කතාමාලාව. මනෝ විද්‍යාත්මක කරුණු වගේම අපරාධ පරීක්ෂණ විෂයට අදාළ බොහෝ කරුණු ගලපලා නිර්මාණය කර තිබෙන විශිෂ්ට කතා මාලාවක්. ගොඩක් දෙනෙක් මේ කතා මාලාව ආරම්භ කරන්නේ Silence of the Lambs ග‍්‍රන්ථයෙන්. මොකද, ඒ නමින්ම තැනුණු ප‍්‍රකට චිත‍්‍රපටයකුත් තිබෙන නිසා. නමුත් අවබෝධයක් ගන්න නම් පළමු පොතෙන්ම පටන් ගන්න එක තමයි වඩා සුදුසු. මානසික ව්‍යාධීන්ට ලක්ව හැනිබල් නම් මානසික වෛද්‍යවරයෙක් ළගට ප‍්‍රතිකාර සදහා එන රෝගීන් කිහිපදෙනෙක් අපරාධකරුවන් බවට පත්වීමත්, එම අපරාධකරුවන් හඹා යන්නට අපරාධ පරීක්ෂකයන් හැනිබල්ගේ සරණ පැතීමත්, අවසානයේ හැනිබල් යනු මිනිස් චිත්ත සන්තානයේ පවතින දුර්වලතා ඉතාම දක්ෂ ලෙස ප‍්‍රයෝජනයට ගනිමින් සිය තෘප්තිය සහ අධ්‍යනය පිණිස පුද්ගලයින් මෙහෙයවිය හැකි අයෙක් ලෙස හදුනාගැනීම සහ එහි ප‍්‍රතිඵලයක් ලෙස ඔහුව සිරගත කිරීමත්, අවසානයේ ඔහු සිරගෙයින් පැන යාම සහ එහි ප‍්‍රතිඵලයක් ලෙස දිගහැරෙන සිදුවීම් දාමයත්, මෙම ග‍්‍රන්ථ තුනේ ප‍්‍රධාන අන්තර්ගතය වෙනවා. අවසාන ග‍්‍රන්ථය මම තවම කියවා නැහැ.

    Hellbound Heart - Clive Barker
    Hellboundheart.jpg

    අහම්බයෙන් හම්බවුණු ග‍්‍රන්ථයක්. බරපතල කාරණා කිසිවක් නැහැ, විශේෂයෙන් සිතන්නට යමක් ද, නැහැ. මගේ සිත ගත්තේ කතුවරයාගේ පරිකල්පනය. නොදැමුණු ආශාවන් ඇති ෆ‍්‍රෑන්ක් සිය ආශාවන් සතර්පණය කරගැනීමට මෙලොවින් එපිට ජීවීන් සමග සම්බන්ධව සිය ආත්මය සහ ශරීරය විනාශ කරගැනීමත්, ඔහුගේ සොයුරු රෝරිගේ බිරිදගේ පිහිටෙන් නැවතත් ඔහු මෙලොවට පැමිණීම සහ ඔහුගේ සිරුර ගොඩනගා ගැනීමට රෝරි ඝාතනය කිරීමට ඔහු සැළසුම් කරන ආකාරයත්, යන දේවල් මත මෙහි කතාව ගොඩනැගී තිබෙනවා. මෙය චීප් ති‍්‍රලර් ගණයට අයත් වන කෘතියක්. නමුත්, අත්භූත බවින් (ක්ලයිව් බාකර් ඒ අංශයේ ජයපි‍්‍රය කතුවරයෙක්) ඉතා ඉහළයි. අදටත් මතකයි මෙම මෙය ගෙවුණු ලෝකඩවුන් සමයේ අලුයම 2-3 වන තෙක්ම කියවනවා කාමරයේ ප‍්‍රධාන විදුලි පහන් නිවාගෙන.

    තව රැසක් තිබෙනවා. වෙලාව තිබෙන හැටියට එකතු කරන්නම් :)
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,820
    39,769
    113
    Homagama
    ස්ටිවන් කින්ග් ගේ සුපිරියක්. මේකේ තියෙන්නේ ඇමරිකා ජනාධිපති කෙනඩිගේ මරණය නවතන්න කරන උත්සහයක්.

    පොත ලාබෙට ගන්න ඕනා අයට world of books site එකෙන් uk වලින් ගෙන්නගන්න පුලුවන් රු.600ට වගේ.

    Screenshot_20210626-215647_Chrome.jpg
     
    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    හොද ත්‍රෙඩ් එකක්. විස්තර ඇතුවම දාලා තියෙන හින්දා මමත් විස්තර ඇතුවම මම ළගදි කියවපු පොත් ටිකක් එකතු කරන්නම්.

    Prey - Michel Crichton
    View attachment 132799

    මයිකල් ක‍්‍රයිටන් කියන්නේ මගේ පි‍්‍රයතම බටහිර ග‍්‍රන්ථ කතුවරයා කිව්වොත් නිවැරදියි. විද්‍යාව සහ පරිකල්පනය ගලපලා ඔහු කතාව ගොතන ආකාරය ළගටවත් මම මේ ගණයට අදාළව කියවලා තියෙන අනෙක් කතුවරුන්ගේ පොත් එන්නේ නැහැ කියන එකයි මගේ අදහස. ඔහුගේ පොත් සියල්ලම වගේ මම කියවලා තියෙනවා. ඒ නිසා මේ ලැයිස්තුවෙත් වැඩි හරියක් වෙන්වෙන්නේ ඔහුගේ පොත්වලට. ඒ අතරින්, මගේ පි‍්‍රයතම පොත තමයි මේ.

    Prey කතාව පරිගණක ඉංජිනේරුවක් විද්‍යාඥයෙක් වටේ ගෙතිලා තියෙන එකක්. අංශු ගොන්නක් එකතුවෙලා තැනෙන කෘතිම බුද්ධියක් හසුරුවන්න ඔහු ලියන ක‍්‍රමලේඛයක්, ඔහුගේ බිරිද සම්බන්ධවෙලා ඉන්න සමාගමක් යොදාගන්නවා නැනෝ අංශු කෝටි ගණනකින් තැනුණු කෘතිම බුද්ධියක් (ඇත්තටම ජීවියෙක්) හසුරුවන්න. ඔවුන්ගේ ඉලක්කය වෙන්නේ මේ නැනෝ අංශු යොදාගෙන බරපතල ශල්‍යකර්ම වගේ දේවල් කිරීම වුවත්, මේ ජීවියා අන්තිමට ස්වයංව හැසිරෙන්න, තීරණ ගන්න තරමට දියුණු වෙනවා. අවසානයේ දී, කතානායකයාගේ බිරිදත්, ඇය සේවය කරන සමාගමේ බහුතරයකුත්, මේ ජීවියාගේ ගොදුරු බවට පත්වෙනවා. මේ අන්තරායෙන් තමන්වත්, තමන්ගේ පවුලේ සාමාජිකයන්වත් ගලවා ගැනීමට වගේම ගැටලුවට විසදුමක් හොයාගන්න අපේ කතානායකයා වෙහෙසන හැටි තමයි කතාවේ තියෙන්නේ.

    Jurassic Park | Lost World - Michel Crichton
    View attachment 132800View attachment 132801

    මේ ග‍්‍රන්ථ දෙක නම් ගොඩ දෙනෙක් කියවලා ඇති. ඇම්බරවල සිරව සිටින කෘමි සතුන්ගෙන් (විශේෂයෙන්ම මදුරුවන්) උදරවල ඇති රුධිර අණු හරහා ඩයිනෝසරයින් නැවත උපුදවා, එම සතුන් උද්‍යානයකට කොටු කිරීමට ගන්නා උත්සාහයක් බරපතල ලෙස වැරදී යන ආකාරය ජුරාසික් පාර්ක් ග‍්‍රන්ථයේ කතාව වෙනකොට, ලොස්ට් වර්ල්ඩ් ජුරාසික් පාර්ක් අවසානයේ සිට නව මානයකින් කතාව ගෙන යනවා. මේ ග‍්‍රන්ථ දෙකේම බොහෝ විද්‍යාත්මක තර්ක විතර්ක තිබෙනවා, මේ ග‍්‍රන්ථ දෙක පදනම් කරගෙන නිර්මාණය වුනු චිත‍්‍රපට දෙකෙන්ම ආවරණය කරලා නැති. ඒ නිසා, කියෙව්වේ නැති කෙනෙක් ඉන්නව නම්, අනිවාර්යයෙන්ම කියවන්න.

    Eaters of the Dead - Michael Crichton
    View attachment 132802

    මේක සාම්ප‍්‍රදායික මයිකල් ක‍්‍රයිටන් රාමුවෙන් පිට ලියැවී තිබෙන ග‍්‍රන්ථයක්. වයිකින්වරුන් ඇසුරට යන පුද්ගලයෙක්, ඔවුන්ගේ දිවිපෙවෙත, සටන් ක‍්‍රම සහ චාරිත‍්‍ර ගැන කරන විස්තරයක් හා බැදුණු කතාවක් තමයි මේ ග‍්‍රන්ථයේ තියෙන්නේ. මේකත් මම බොහොම ආසාවෙන් කියවපු කතාවක්.

    Airframe - Michael Crichton
    View attachment 132803

    ගුවන්යානා අනතුරක් සහ අදාළ සමාගම එය යටගසන්නට උත්සාහ කිරීම ගැන කතාවක්. රහස් පරීක්ෂක කතාවලට කැමති අය ඉන්නව නම්, මේක අනිවාර්යයෙන්ම කියවන්න. අවසානයට යනකන්ම කවුද වැරදිකාරයා කියලා හොයාගන්න බැහැ.

    Red Dragon | Silence of the Lambs | Hannibal- Thomas Harris
    View attachment 132805

    සුප‍්‍රකට හැනිබල් ලෙක්ටර් කතාමාලාව. මනෝ විද්‍යාත්මක කරුණු වගේම අපරාධ පරීක්ෂණ විෂයට අදාළ බොහෝ කරුණු ගලපලා නිර්මාණය කර තිබෙන විශිෂ්ට කතා මාලාවක්. ගොඩක් දෙනෙක් මේ කතා මාලාව ආරම්භ කරන්නේ Silence of the Lambs ග‍්‍රන්ථයෙන්. මොකද, ඒ නමින්ම තැනුණු ප‍්‍රකට චිත‍්‍රපටයකුත් තිබෙන නිසා. නමුත් අවබෝධයක් ගන්න නම් පළමු පොතෙන්ම පටන් ගන්න එක තමයි වඩා සුදුසු. මානසික ව්‍යාධීන්ට ලක්ව හැනිබල් නම් මානසික වෛද්‍යවරයෙක් ළගට ප‍්‍රතිකාර සදහා එන රෝගීන් කිහිපදෙනෙක් අපරාධකරුවන් බවට පත්වීමත්, එම අපරාධකරුවන් හඹා යන්නට අපරාධ පරීක්ෂකයන් හැනිබල්ගේ සරණ පැතීමත්, අවසානයේ හැනිබල් යනු මිනිස් චිත්ත සන්තානයේ පවතින දුර්වලතා ඉතාම දක්ෂ ලෙස ප‍්‍රයෝජනයට ගනිමින් සිය තෘප්තිය සහ අධ්‍යනය පිණිස පුද්ගලයින් මෙහෙයවිය හැකි අයෙක් ලෙස හදුනාගැනීම සහ එහි ප‍්‍රතිඵලයක් ලෙස ඔහුව සිරගත කිරීමත්, අවසානයේ ඔහු සිරගෙයින් පැන යාම සහ එහි ප‍්‍රතිඵලයක් ලෙස දිගහැරෙන සිදුවීම් දාමයත්, මෙම ග‍්‍රන්ථ තුනේ ප‍්‍රධාන අන්තර්ගතය වෙනවා. අවසාන ග‍්‍රන්ථය මම තවම කියවා නැහැ.

    Hellbound Heart - Clive Barker
    View attachment 132806

    අහම්බයෙන් හම්බවුණු ග‍්‍රන්ථයක්. බරපතල කාරණා කිසිවක් නැහැ, විශේෂයෙන් සිතන්නට යමක් ද, නැහැ. මගේ සිත ගත්තේ කතුවරයාගේ පරිකල්පනය. නොදැමුණු ආශාවන් ඇති ෆ‍්‍රෑන්ක් සිය ආශාවන් සතර්පණය කරගැනීමට මෙලොවින් එපිට ජීවීන් සමග සම්බන්ධව සිය ආත්මය සහ ශරීරය විනාශ කරගැනීමත්, ඔහුගේ සොයුරු රෝරිගේ බිරිදගේ පිහිටෙන් නැවතත් ඔහු මෙලොවට පැමිණීම සහ ඔහුගේ සිරුර ගොඩනගා ගැනීමට රෝරි ඝාතනය කිරීමට ඔහු සැළසුම් කරන ආකාරයත්, යන දේවල් මත මෙහි කතාව ගොඩනැගී තිබෙනවා. මෙය චීප් ති‍්‍රලර් ගණයට අයත් වන කෘතියක්. නමුත්, අත්භූත බවින් (ක්ලයිව් බාකර් ඒ අංශයේ ජයපි‍්‍රය කතුවරයෙක්) ඉතා ඉහළයි. අදටත් මතකයි මෙම මෙය ගෙවුණු ලෝකඩවුන් සමයේ අලුයම 2-3 වන තෙක්ම කියවනවා කාමරයේ ප‍්‍රධාන විදුලි පහන් නිවාගෙන.

    තව රැසක් තිබෙනවා. වෙලාව තිබෙන හැටියට එකතු කරන්නම් :)
    නියමයි මචන්. වේලාව ලැබුනොත් අනිවාර්‍යෙන්
    තව හොද පොත් ටිකක් රෙක් කරන්න.
    ස්ටිවන් කින්ග් ගේ සුපිරියක්. මේකේ තියෙන්නේ ඇමරිකා ජනාධිපති කෙනඩිගේ මරණය නවතන්න කරන උත්සහයක්.

    පොත ලාබෙට ගන්න ඕනා අයට world of books site එකෙන් uk වලින් ගෙන්නගන්න පුලුවන් රු.600ට වගේ.

    View attachment 132807
    Nice.
     
    • Like
    Reactions: White_Raven

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,858
    8
    35,447
    113
    View attachment 132797

    This is also a nice one with a different story.. Bit of an emotional one....
    Yes... Khaled Hosseini is quite readable. I have read all his books. "The Kite Runner" , "A Thousand Splendid Suns" & "And the Mountains Echoed" were available in Makeens.
    His last one was "The Sea Prayer" - It's about the refugee crisis and was inspired by the little boy who was washed ashore Alan Kurdi.
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    Nice. i never thought i would meet a fellow goodread user.
    PM me your Goodreads user name bro

    ස්ටිවන් කින්ග් ගේ සුපිරියක්. මේකේ තියෙන්නේ ඇමරිකා ජනාධිපති කෙනඩිගේ මරණය නවතන්න කරන උත්සහයක්.

    පොත ලාබෙට ගන්න ඕනා අයට world of books site එකෙන් uk වලින් ගෙන්නගන්න පුලුවන් රු.600ට වගේ.

    View attachment 132807
    they have made a series now.. this is a fantastic book (y)
    ------ Post added on Jun 27, 2021 at 11:13 AM

    scifi kamathi kattiya hyperion kiyavala balanna. mara lassanai
    Did you read the other books of the Hyperion series ?
    ------ Post added on Jun 27, 2021 at 11:15 AM
     
    wmdoca

    Well-known member
  • Aug 4, 2018
    490
    460
    63
    මගේ ෆේවරිට් නම් Jack Reacher සීරිස් එක. ත්‍රිලර් කැමති කෙනෙක්ට රෙකමෙන්ඩ් කරන්න පුළුවන්.. දැනට සීරිස් එකේ 16 ක් කියවල තියෙනවා
     
    • Love
    Reactions: Night Rider

    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    anyone here read the malazan book series?
    Erikson ගේ පොත් සෙට් එක නේද? ලඟ තියෙනවා බට් තාම කියවන්න උනේ නෑ. සෙට් එකේ පොත් දහයක්ද කොහෙද තියෙනවනේ.