මම කොවිඩ් දින්නේ මෙහෙමයි.

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    හොඳවුණ එක ගැනනං ලොකු සතුටක් තියෙනව මචෝ.....

    අදහස දැම්මට බොහෝම ස්තූතියි....

    අඩේ වටිනවා මචන් අදහස් ටික ❤️. මගෙත් බන් දැන් දවස් දෙකක ඉදලා පොඩි උන ගතියක් තියෙනවා. 😔 මන් නම් ගෙදර ඉදන් වැඩ කරන්නෙ. ඒත් දවස් 5කට විතර කලින් ටවුන් ගිහින් අරහෙ මෙහෙ ඇවිදින්න උනා. ඊයෙ අම්බානක කිබිහුම් ගියා. ගිහින් සෙම හැදුනා. දැන් මේ වෙලාවෙ ඇගේ ලා රස්නෙ ගතියක් තියෙනවා. නින්ද යන්නෙ නෑ. තෙහෙට්ටු ගතිය ටිකක් දැනෙනවා.ඇගත් ටිකක් රිදෙනවා. පොඩ්ඩක් තෙමුනා. ඒ හන්දද කියලා මේ හිතාගන්න බැරුව ඉන්නෙ 😔. හුමාලය අල්ලනවා, පැනඩෝල් ගහනවා, විටමින් C ගන්නවා, ඉගුරු කොත්තමල්ලි බොනවා, ඕවා තමා ඉතින්. මගෙත් අම්මා තමා ඔක්කොම කරලා දෙන්නෙ ❤️ දැනට කිබුහුම් යන එකයි, නහය හිර වෙලා සෙම හැදිලයි ලා උන ගතියක් එක්ක ඉන්නෙ. මේවත් එක්ක පොඩි සැකයකුත් තියෙනවා බඩු පැකට්ද කියලා 😐
    මේ දවස් වල වෛරස් උණක් යනව, ඩෙංගුත් තියෙනව. පුලුවන්නං කෝකටත් ලඟම තැනට පරිස්සමෙන් ගිහින්,
    ඩෙංගු ඇන්ටිජන් එකයි, රැපිඩ් ඇන්ටිජන් එකයි කරගන්න....
    ඒ දෙක නෙගටිවු වුනොත් හිතෙන් ලෙඩ නොවී ඉන්න පුලුවන්...
     
    Last edited:

    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,587
    113
    සොරබොරවැව
    Thankss

    bro one question, gedara aya okkotama hadila amma ber

    bro one question, gedara aya okkotama hadila amma berenna amma monawada karapu dewal?

    ex : eya wenama room ekaka hitiyada, kama anam manam oya genna gaththe kohomada, pigan hodana wada, mokada tap eka allannath bane, bathroom use kare kohomada etc?
    ------ Post added on Aug 21, 2021 at 6:01 PM
    මෙහෙමයි.. වැඩේ පත්තු උන ගමන් ලොකූ පැහැදිලිකිරීමක් කලා අම්මට.. මෙන්න මේ විදියට මේ මාසේ ඉන්න ඕනේ කියලා..

    එයා ඇස්ටා සෙනිකා දෙකම ගහලා හිටිය නිසා ඒකෙනුත් ලොකු පිටුවහලක් ලැබුනා..

    එයා උයන වෙලාවට විතරයි එළ්ඊයට ගත්තේ.. එයා උයන වෙලාවට අපි ගියේ නෑ කුස්සි අස්සේ.. කුස්සියටයි වොශ් රූම් එකටයි සාලෙටයි වෙනම සැන්ටයිසර් බෝතල් තිබ්බා.. යන හැම එකාම අත පිහිද ගන්න ඕනේ.. අම්මට නිතරම මාස්ක් දෙකක් දැම්මෙව්වා... අපි එළියේ ඉන්න වෙලාවට අම්මා කාමරේ තනියෙන්.. එයා එළියට ආවේ නෑ. අම්මට වෙනම සැන්ටයිසර් එකක් දුන්නා.. මොක කලත් මොක අල්ලුවත් අත පිහිද ගන්න කියලා... ඒ ටිකේ එයා වෙනම තනියම හිටියේ..

    අපේ ගෙදර වොශ් රූම් දෙකක් තියෙන නිසා අම්මට වෙනම එකක් වෙන් කලා.. අම්මා විතරයි ඒක පාවිච්චි කලේ.. අපෙ ලෙඩ හැදිච්ච සෙට් එක වෙනම එකක් යූස් කලා..

    අපි කෑම කෑවේ ලන්ච්ශීට් වලට.. අම්මා ඔක්කොම බෙදලා කරලා කථා කරනවා.. එයා කාමරේට යනවා.. අපි ගිහින් කාලා කරලා වෙනම දැම්මා බෑග් එහෙකට.. ඒවා ටික ඩේලි බර්න් කලා.. අපෙන් අම්මට මේක නොයන්න සෑහෙන්න කැපකිරීමක් කලා....

    අපි කාපු බීපුවා අම්මට හෝදන්න ඉතුරු කලේ නෑ.. අපිම ඒවා හෝඳලා කරලා වෙනම තිබ්බා... හැමදේම හොඳට සබන් දාලා විම් දාලා ඩේලි මැද්දා..
     

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    මෙහෙමයි.. වැඩේ පත්තු උන ගමන් ලොකූ පැහැදිලිකිරීමක් කලා අම්මට.. මෙන්න මේ විදියට මේ මාසේ ඉන්න ඕනේ කියලා..

    එයා ඇස්ටා සෙනිකා දෙකම ගහලා හිටිය නිසා ඒකෙනුත් ලොකු පිටුවහලක් ලැබුනා..

    එයා උයන වෙලාවට විතරයි එළ්ඊයට ගත්තේ.. එයා උයන වෙලාවට අපි ගියේ නෑ කුස්සි අස්සේ.. කුස්සියටයි වොශ් රූම් එකටයි සාලෙටයි වෙනම සැන්ටයිසර් බෝතල් තිබ්බා.. යන හැම එකාම අත පිහිද ගන්න ඕනේ.. අම්මට නිතරම මාස්ක් දෙකක් දැම්මෙව්වා... අපි එළියේ ඉන්න වෙලාවට අම්මා කාමරේ තනියෙන්.. එයා එළියට ආවේ නෑ. අම්මට වෙනම සැන්ටයිසර් එකක් දුන්නා.. මොක කලත් මොක අල්ලුවත් අත පිහිද ගන්න කියලා... ඒ ටිකේ එයා වෙනම තනියම හිටියේ..

    අපේ ගෙදර වොශ් රූම් දෙකක් තියෙන නිසා අම්මට වෙනම එකක් වෙන් කලා.. අම්මා විතරයි ඒක පාවිච්චි කලේ.. අපෙ ලෙඩ හැදිච්ච සෙට් එක වෙනම එකක් යූස් කලා..

    අපි කෑම කෑවේ ලන්ච්ශීට් වලට.. අම්මා ඔක්කොම බෙදලා කරලා කථා කරනවා.. එයා කාමරේට යනවා.. අපි ගිහින් කාලා කරලා වෙනම දැම්මා බෑග් එහෙකට.. ඒවා ටික ඩේලි බර්න් කලා.. අපෙන් අම්මට මේක නොයන්න සෑහෙන්න කැපකිරීමක් කලා....

    අපි කාපු බීපුවා අම්මට හෝදන්න ඉතුරු කලේ නෑ.. අපිම ඒවා හෝඳලා කරලා වෙනම තිබ්බා... හැමදේම හොඳට සබන් දාලා විම් දාලා ඩේලි මැද්දා..
    Thanks bro :love:
     

    cookies572

    Well-known member
  • Apr 13, 2011
    823
    697
    93
    මේ වෙලාවේ මතක් කරන්න ඕනේ මගේ අම්මා.. අපේ ගෙදරින් අම්මා විතරයි බේරුනේ.. අම්මා කරපු කැපකිරීම ගැන කියන්න වචන නෑ බන්.. අම්මා නැත්නම් මම අපි ඔක්කොම මැරිලා.. එයා උදේ පාන්දර නැගිටගෙන, අපි හැමෝටම කෑම ටික හදාගෙන වතුර උණුකරගෙන සුප් ටික හදාගෙනෙ කැඳ ටික හදාගෙන.. තාත්තගෙත් වැඩ බලාගෙන නින්දක් නෑ හරියට.. අම්බෝ බන් ඒ කැපකිරීමට වචන නෑ බන්ස්... අවංකවම.. සංසාරේ කවදාවත් ගෙවලා නිම කරන්න බෑ අම්මගේ සේවය... අපි හැමෝටමත් සලකගෙන එයත් පරිස්සම් වෙවී.. ඒක වෙනම.. No WORDS machan.... :(
    සංසාරේ කවමදාකවත් ලෙඩක් දුකක් හැදෙන්න එපා :love::love::love:🙏🙏🙏
     
    • Like
    • Love
    Reactions: HSW and BuLaTha

    webhash

    Well-known member
  • Aug 8, 2016
    854
    511
    93
    Ape paule okkotama hadila inne dan, mama, wife, Amma, nangi okkoma positive. Api hamoma vaccine dekama aragena inne, e nisa godak amaru ne, eth una gathiya thiyanawa dan dawas 3k wenawa, Godak bayen inne ape baba gana. thawama awurudu 1.5i.:(
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    මෙන්න මගේ අත්දැකීම.. මටත් මේ මාසේ 10 වගේ මේක සෙට් උනා.

    හරියටම ආවෙ කොහෙන්ද කියල කියන්න නම් බෑ මමත් සෑහෙන්න පරිස්සමකින් office එහෙම ගියේ. වෙන අනවශ්‍ය ගමන් ගියෙම නැහැ කඩේ ගියාමත් mask shields දාලා sanitize අනම් මනම් කරගෙන හිටියෙ. කොහොම හරි අපේ තාත්තට ඊට දවස් තුන හතරකට කලින් උණක් හෙම්බිරිස්සාවක් තිබුනා. බෙහෙත් ටිකක් ගන්න කිව්වට එයා ගියෙත් නෑ ඕක නිකන් සාමාන්‍ය දෙයක් වෙන්නැති කියල අපිත් ලොකුවට බලකරන්න ගියෙ නැහැ එයා ඒ වෙද්දිත් Aztrazeneca doses 2 ම අරන් තිබුනෙ. Wifa යි අම්මයි ත් Sinopharm doses 2 ම අරන් තිබුනා ගොඩ කාලෙකට කලින්..

    මට 2nd dose ගන්න තිබුනෙ 8 වෙනිදා ඒත් සෙනග පෝලිම වැඩි නිසා මට එදා ගන්න බැරිඋනා තිබුන වෙලාවත් එක්ක. මම 10 වෙනිදා Sinopharm 2nd dose එක ගත්තා. ඒ ගත්තු වෙලේ පොඩි වැස්සක් ගියා මාව ඒකටත් සෙට් උනා. vaccine කරපු තැන තෙමුණත් එක්ක.. vaccine අරගෙන පැය 4කට 5කට පස්සේ උණ ගත්තා. සැරටම උණ ආවා. උගුර එහෙන් මෙහෙන් රිදෙනවා.. කකුල් පිච්චෙනවා ඔලුව රිදෙනවා ඇග තලල දාලා වගේ. මගේ යාලු ඩොකෙක්ට කතා කරල ඇහුවම කිවුවා ගණන් ගන්න එපා පැනඩෝල් ටිකක් බීල ඉන්න කියල. කොහොමහරි පැනඩෝල් බොනකන් උණ අඩුයි වගේ දැනෙනවා පැනඩෝල් බීලා පැය 4ක් 5ක් පනින්න කිට්ටු වෙනකොට ආයෙ උණ ගන්නවා. දෙවෙනි දවසෙත් බැලුවා. උණ නම් ටිකක් අඩු උනත් ඇගේ අමාරුව එහෙම්මයි. උණත් ටිකක් තිබුනා. ඇස් රතු වෙලා තිබුනා. මම එදාම වෙන කාමරේකට මාරු උනා ගෙදර. ඊලග දවසේ office එකට කතා කරල සීන් එක කියල නිවාඩු දෙක තුනක් සෙට් කරගෙන මම PCR එකක් කලා.

    මම හිතුවෙම 2nd dose එකේ effect එකක් විදියටයි එදා උදේ තෙමුණ සීන් එකටයි උණ එන්නැති කියල. බලද්දි 13 වෙනිදා positive කියල ආව report එක. කාල වරෙන්කෝ දැන්. Office එකට inform කලා. PHI ට කිවුවා. MOH එකටත් කිවුවා. 247 1390 හැම එකටම msg දැම්මා. කඩයක් කරන යාලුවෙකුට කියල සති දෙකකට විතර කන බොන බඩු ටික ඇදගත්තා ගෙදරට. මේ වෙද්දි මගේ උණ නම් අඩුම වෙලා තිබුනා. හැබැයි ඔලුවේ බර ගතිය.. වමනෙට එන ගතිය .. ඇග රිදෙන ගතිය තිබුනා..

    ඊට පස්සේ දවසේ PHI ඇවිල්ලා අපි හතර දෙනාගෙම විස්තර අහගෙන කොලේ දීලා ගියා. කොලේ දොරේ ගැහුවා. එදාම Oximeter එකක් ගෙන්න ගත්තා. අදුරන ඩොකෙකුට කියල සාමාන්‍ය බෙහෙත් ටිකක් ලියවගෙන ගෙන්න ගත්තා. VitaminC නම් ඔය කෙරෝනා කේස් පටන්ගත්තු කාලෙ ඉදන් බොනවා ඉද හිට. Cough Syrup එකක් ගෙන්න ගත්තා. උණ කට්ටක් ගත්තා..

    ටික ටික ගද සුවද රස දැනෙන එක අඩුවලාම ගියා. නැත්තටම නැතිඋනා .. මට හුස්ම ගන්න අමාරු කම් ආවෙ නැ. පපුව රිදෙන ගති ආවෙ නෑ. පොඩි හෙම්බිරිස්සාවක් ආවා..ඒක දවස් දෙක තුනකදි නැතිව ගියා. කොහොමහරි දවසක් හවස වගේ මට වමනෙට ආව ඇගිලි දෙකක් දාලා වමනේ යැව්වා.. ඊ‍ට පස්සේ වගේ ටික ටික ඔලුවේ බර ගතිය අඩු වෙලා ගියා..මේ ටිකේ හොදටම කෑවා. Contactless Delivery කරගෙන Pizza දෙතුන් පාරක් එහෙම දැම්මා.. කෑම කන්න ආසාව අඩුවෙලා ගිය නිසා එහෙම කලේ. හැමදාම යෝයට් එක ගානෙ කෑවා.. උණු වතුරමයි බිව්වේ.. උගුර යන්තන් පිච්චෙන ගානට බිව්වා.. දවසට දෙපාරක් steam ඇල්ලුවා. සුවධරණී බිවුවා.. ගුඩුච්ඡාදී කසාය බිවිවා.. අම්මටයි වයිෆටයි පොඩි කැස්ස ගති ආවා හැබැයි දරුණු උනේ නැහැ. අම්මට ඉක්මනට ඒ ගති නැති උනා.

    වයිෆට ටික දවසක් යද්දි ගද සුවද නොදැනී ගියා. එයාටත් හැදුනා තමයි.. හෙම්බිරිස්සාව කැස්ස ආවා.. එයා ගැන තමයි ටිකක් බය උනේ .. ටිකක් හතිය වගේ තියන නිසා කොරෝනා හැදුනොත් අමාරු වෙනවා. ඒ වෙනකොට මට ටික ටික සුවද එන්න ගත්තා.. මම mask දාගෙන wife ගැන බැලුවා. Oximeter එකෙන් එයාව නිතරම check කලා. අර කලින් ඩොකාටම කියල එයාටත් වෙනම බෙහෙත් ටිකක් ලියවගෙන ගෙන්න ගත්තා.. Cough Syrup එකක් ගෙන්නගත්තා අලුතෙන්ම.. සෙමට වගේ තමයි ගොඩක්ම බෙහෙත් දුන්නේ. .. කොහොමහරි එයාට ලොකුවට අමාරු උනේ නැහැ. මට 21 -- 22 වගේ වෙද්දි සුවද එහෙම දැනුනා.. වයිෆට ඊට දවස් දෙක තුනකට වගේ පස්සේ යන්තන් සුවද දැනෙන්න ගත්තා.

    27 වෙනකොට නම් අපේ qurantine period එක නම් ඉවරයි. ඊයෙ මම antigen එකක් කලා. ඒක නම් negative උනා. කෝකටත් තව දවසක් දෙකක් ගිහින් PCR එකක් කරන්නයි ඉන්නේ.. Antigen කරන්න ගිය තැන සෑහෙන්න Positive අය හිටියා.. :(


    මේකත් කියන්න ඕන. Covid හැදිලා හොඳ උනා කියලා ආයිත් normal විදියට ඉන්නත් එපා . covid හැදුන කාලේ කරගෙන ආපු සෞඛ්‍ය පුරුදු එහෙම්ම දිගටම කරගෙන යන්න.. උණුවතුර.. හුමාලය..mask..shields.. sanitizer.. oximeter...කැද ජාති... දිගටම කරන්න ඒව... කවදා මේ මරාලේ ඉවර වෙයිද දන්නේ නැහැනේ..
     
    Last edited:

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    Ape paule okkotama hadila inne dan, mama, wife, Amma, nangi okkoma positive. Api hamoma vaccine dekama aragena inne, e nisa godak amaru ne, eth una gathiya thiyanawa dan dawas 3k wenawa, Godak bayen inne ape baba gana. thawama awurudu 1.5i.:(

    baya wenna epa machan, get well soon.
     
    • Love
    Reactions: webhash

    dinesh4u

    Well-known member
  • Nov 16, 2006
    2,539
    370
    83
    kandana
    මටත් හැදිලා දැන් දවස් 13 ක් වගේ වෙනවා . මුලදි නම් ගොඩක් අමාරු උනා .. මට සෙම හැදිලා තියෙද්දි මේක හැදුනේ ..ඒකයි ගොaඩක් අමාරු උනේ .. අනික එන්නත් එකයි ගහල තියෙන්නෙ එකයි අනිත් හේතුව වැඩි වෙන්න