මම කොවිඩ් දින්නේ මෙහෙමයි.

gayan94

Well-known member
  • Apr 12, 2017
    751
    272
    83
    මේ වෙලාවේ මතක් කරන්න ඕනේ මගේ අම්මා.. අපේ ගෙදරින් අම්මා විතරයි බේරුනේ.. අම්මා කරපු කැපකිරීම ගැන කියන්න වචන නෑ බන්.. අම්මා නැත්නම් මම අපි ඔක්කොම මැරිලා.. එයා උදේ පාන්දර නැගිටගෙන, අපි හැමෝටම කෑම ටික හදාගෙන වතුර උණුකරගෙන සුප් ටික හදාගෙනෙ කැඳ ටික හදාගෙන.. තාත්තගෙත් වැඩ බලාගෙන නින්දක් නෑ හරියට.. අම්බෝ බන් ඒ කැපකිරීමට වචන නෑ බන්ස්... අවංකවම.. සංසාරේ කවදාවත් ගෙවලා නිම කරන්න බෑ අම්මගේ සේවය... අපි හැමෝටමත් සලකගෙන එයත් පරිස්සම් වෙවී.. ඒක වෙනම.. No WORDS machan.... :(

    200% true... :love::love::love::love:
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    (උඹලා කවදාවත් එකෙක් හදන්න එපා.. අනිවා දෙකක් හදපන්.. කෙනෙක් වැටිලා ඉන්න වෙලේට සලකන්න තමන්ගේ එකෙක් ඉන්නම ඕනේ... )
    අවුරුදු දෙක තුනක් තිස්සෙ තියෙන ලොකු ප්‍රශ්ණයක් මේක, සහෝදරය වෙන පලාතක හරි වෙන රටක හරි ඉන්නවනම් ඔහොම සපෝට් එකක් ගන්න වෙන්නෙ නෑ නේද.... මගෙ කොල්ල තනි එකා. හරි කාලෙට කසාදයක් බැඳල තිබ්බනම් ඔය ගැටලුව අවම වෙනව නේද?
    වයිෆ්ගෙ අම්මගෙ සහෝදරය කැනඩා, අනූ ගනන් වල ඉඳන්, හොඳ මෑන්, දෙතුන් පාරක් ඇවිත් ගියා. නමුත් ඉතින් ඔහොම සපෝට් එකක් ගන්න බෑ. (පොරගෙ දුව තනියම නිසා අපිට එන්නලු එහේ. 🤷‍♂️)
    මගේ එවුනුත් වෙන පළාත් වල.
    අනික කසාදයක් එහෙම බැඳම ල්ංකාවෙ හිටියත් උන්ටත් වැඩ නෙ.
     
    • Like
    Reactions: NRTG

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    Thankss

    bro one question, gedara aya okkotama hadila amma ber
    හරි.. මූලිකවම මේ සටහන ලියන්නේ දැනට කොවිඩ් හැදුන කෙනෙක් හරි ඉස්සරහට හැදෙන කෙනෙක්ට දළ අදහසක් ගනීවී කියන පරමාර්ථයෙන්.

    මට මුලින්ම කියන්නම් මම ටිකක් තලතුනා බුවා.. පළවෙනි එන්නත ගහලා දෙක ගහන්න ඉද්දි තමා මට මේ රෝගේ හැදුනේ.. ඒ නිසා තරමක අමාරුවක් මට තිබ්බා අනික් අයට වඩා.

    මට මුලින්ම උනේ මාර කැස්සක් ආවා.. වියළි කැස්සක්... ඒ එක්කම මට පාචනය තත්වය උදා උනා.. ටොයිලට් යනවා ඉවරයක් නෑ.. කැස්ස අඩුවක් නැති නිසා මම ෆැමලි ඩොකාට කියලා බේතුත් ගත්තා අගෝස්තූ 5 වගේ වකවානුවේ.. ඔය කාලේ වෙද්දි ඔපිස් එකේ උන්ටත් උණ එහෙන් මෙහෙන්... මගේ කැස්සත් උත්සන්න වෙලා තිබ්බේ..

    දිනය අගෝස්තූ 9.. මට හවස ටිකක් අමුත්තක් දැනුනා.. තරමක උණක් ආවා.. මට හිතුනා බඩු හරී කියලා.. කිව්වා වගේම බඩු හරි.

    දිනය අගෝස්තූ 10. උදේ වෙද්දි ෆුල් ඩෙඩ්... පට්ට උණ.. අර උඹලට උණ හැදුනම එන මොංගල් ගතිය මතකයි නේද? අන්න ඒක.. කෙළින්ම දින 6ක් වගේ එක දිගට උණ.. නින්ද යන්නේ නෑ.. නින්දෙනුත් අපි අර උණ විකාර කියන්නේ.. විකාර හීන පේන්නේ උණ හැදුනම.. අන්න ඒ වගේ.. ආයේ මොනවද පැය 4න් 4 ට උණ එනවා.. මේ බොනවා බේත්.. මේ උණ එනවා.. අපෝ මහ එපාම කරපු කාළයක්.. ඇඳේමයි හිටියේ.. ඇඳේ හිටියත් උණ.. කන්න මොනවත් බෑ.. කට මාර තිත්තයි.. ඇල්වතුර ගෑවෙද්දි උණ ගන්න වගේ.. පැන්ඩෝල් කාඩ් හිටු කියලා ගහනවා... ඔය අතරේ තමා පැනඩීන් වලට මාරු උනේ.. ඒක ගොඩක් හොඳ පෙත්තක්..

    ඔය සතිය තමා මහ එපාම කරපු සතිය.. මාරම උණක් එන්නේ.. ෆුල් ෆෙඩප් වෙනවා... මට දවස් 8ක් වගේ යනකන් උණ තිබ්බා.. රෙස්ට් එකේම තමා හිටියේ.. ඒත් එකම එක දවසක් මට ඔක්සිජන් මදි කමක් දැනුනා ඇඳ උඩ ඉද්දි.. මට කෑ ගහන්න හිතුනා.. ඒ කියන්නේ නිකන් සිහිමූර්ජා ගතියක් එන්න ආවා මට.. ඒත් මම මැරුනත් කමක් නෑ කියලා ඔහේ හිටියා... ජීවිතේ ජීවත් උනා ඇතී කියලත් හිතුනා.. මරණය භාරගන්නවා කියලා හිතා ගත්තා..

    දුම් ඇල්ලුවා මූණවල් පිච්චිලා ගියත් කමක් නෑ කියලා.. උණුවතුරම ගැහුවා.. සුව ධරනී, කොත්තම්ල්ලී, උණු වතුරට පැණි දාලා, වහරක උණ පැණි.. එකී මෙකී නොකී ඔක්කොම මම බිව්වා.. මැරෙන්න යන එකා පිදුරු ගහේ එල්ලෙනවා වගේ.. අපේ අම්මා මරු බේත් කොළ දාපු හට්ටියක් තැම්බුවා.. මොනා තිබ්බද කියන්න මම දන්නේ නෑ... හැමදාම ඒකෙන් දුම් ඇල්ලුවා දවසට දෙපාරක්..

    අද වෙනකන් නෑවේ නෑ.. නාන්න හොඳම නෑ.. යට සෙට් එක සහ කිහිල්ල සේදුවා.. ගොඩක් එවුන් පඬි කමට නාලා වැඩේ දෙල් කරගත්ත අවස්ථා එමටයි.. ඒ නිසා දවස් 14 ඉවසන් හිටු.

    ඔහොම උණ බැහැගෙන යද්දි මට සෙමක් ආවා.. ඒ කියන්නේ උගුර ආසාදනය වෙලා කට හඬ ආවේ නෑ එළියට.. කෙල ගිලිද්දි උගුර රිදෙනවා..කැක්කුමයි.. කතා කරන්න බෑ කැස්ස එනවා.. සුකනවා දාලා.. අපෝ වින්ද දුකක් කතා කරගන්න බැරුව.. ඒකට මම වෙනම ඇන්ටි බයටික් එකක් ගත්තා.. ඒකෙන් යාන්තම් ගොඩ ගියා.. ඒත් දවස් 5ක් වගේ ගියා...

    අද වෙද්දි නම් ගොඩාක් දුරට සනීපයි.. උඹලා මේ කරුම ලෙඩේ නම් හදා ගන්න හිතන්නවත් එපා... වයසක අයට තමා අමාරු.. තරුණ උනට එච්චරම අමාරු වෙන්නේ නෑ.. මගෙත් එක්ක මගේ යාළුවෝ 5කට මේක හැදුනා.. මම නිතරම හැමදාම උන් එක්ක ෆෝන් එකෙන් කථා කලා.. අදහස් හුවමාරු කර ගත්තා. .සුව දුක් විමසුවා... ඒක මනසට මාරම සහනයක්.

    මම හැමදාම උදෙන්ම නැගිටලා දත් මැද්දා..බේත් බීලා බීලා දිවවල් උගුරවල් නෑ බන්.. වේලිලා තැම්බිලා ගිහින්.. පොතු ගැලවෙනවා.. දිව මැද්දා හොඳට.. මැදලා ෆුල් ෆ්‍රෙෂ් පිට දවස ආරම්භ කලා හැමදාම..

    මම පළතුරු ආහාරයට ගත්තා... බත් කන්න බැරි උනාම අන්නාසී කෑවා.. ගම්බිරිස් දාලා පේර කෑවා.. ග්‍රීන් ඇපල් කෑවා.. ගස්ලබු, කොමඩු කෑවා.. ඒවා කද්දි අමුතු ෆිට් එකක් ආවා.. මොකද ඝන ආහාර කාලා කාලා එපා වෙලා හිටියේ මම..

    මේ වෙලාවේ මතක් කරන්න ඕනේ මගේ අම්මා.. අපේ ගෙදරින් අම්මා විතරයි බේරුනේ.. අම්මා කරපු කැපකිරීම ගැන කියන්න වචන නෑ බන්.. අම්මා නැත්නම් මම අපි ඔක්කොම මැරිලා.. එයා උදේ පාන්දර නැගිටගෙන, අපි හැමෝටම කෑම ටික හදාගෙන වතුර උණුකරගෙන සුප් ටික හදාගෙනෙ කැඳ ටික හදාගෙන.. තාත්තගෙත් වැඩ බලාගෙන නින්දක් නෑ හරියට.. අම්බෝ බන් ඒ කැපකිරීමට වචන නෑ බන්ස්... අවංකවම.. සංසාරේ කවදාවත් ගෙවලා නිම කරන්න බෑ අම්මගේ සේවය... අපි හැමෝටමත් සලකගෙන එයත් පරිස්සම් වෙවී.. ඒක වෙනම.. No WORDS machan.... :(

    ඒ වගේම මගේ අක්කා.. අක්කා දුන්න සප් එක බන්... අද වෙනකන් හැමදාම කෝල් කරලා, කෑම එකේ ඉඳන් බේත් ටිකේ ඉඳන්.. හැමදාම වීල් එකක් දාගෙන ඇවිත් ගේට්ටුවෙන් ඕන කරන ඔක්කොම දීලා ගියා.. කිසිම අඩුවක් තිබ්බේ නෑ.. හැමදේටම වියදම් කලා.. එයාට 30,000 ට වඩා වියදම් මේ ටිකට.. ඔක්කොම මිල ගණන් බේත් ගෙනත් දුන්නේ මට.. ඒවා නිසා තමා මම ගොඩ ගියේ.. හැමදාම සුප් හදන් ඉඳිඅප්ප ටික හදන්... මස් ටික හදන්.. සැරට ආස මොනවද ඒ ටික හදන්.. කියලා වැඩක් නෑ බන්.. (උඹලා කවදාවත් එකෙක් හදන්න එපා.. අනිවා දෙකක් හදපන්.. කෙනෙක් වැටිලා ඉන්න වෙලේට සලකන්න තමන්ගේ එකෙක් ඉන්නම ඕනේ... )

    සහ අපේ ගේ අවට සාමාජිකයින්.. කන්න බොන්න නම් හම්බුනා.. හැමෝම ගේට් එකෙන් බඩු මලු ගෙනත් දාලා ගියා.. ගෑස් එකේ ඉඳන් මාරම ස්පෝට් එකක් දුන්නේ.. ජීවිතේ හුස්ම තියෙන තුරාවට ඒ කරපු උදවු නම් අමතක කරන්නේ නෑ මම නම්...

    ඉතින් හැමෝම පරිස්සම් වෙන්න.. මේක ලේසියට ගන්න එපා.. මාරම ස්පීඩ් පැතිරෙනවා.. සැන්ටයිසර් කරන්න නිතරම.. මාස්ක් ගලවන්න එපා.. සෙට් වෙන්න යන්න එපා.. ආතල් දාන්න යන්න එපා.. පිටින් කෑම ගන්න යන්න එපා.. වයසක අම්මා තාත්තා ඉන්නවා නම් හරී පරිස්සම් වෙන්න.. එනන්ත් කරලා නැත්නම් විගහට කර ගන්න ඒ දේවල්.. නිරෝගීව ඉන්න.. හැමෝටම බුදුසරණයි.
    bro one question, gedara aya okkotama hadila amma berenna amma monawada karapu dewal?

    ex : eya wenama room ekaka hitiyada, kama anam manam oya genna gaththe kohomada, pigan hodana wada, mokada tap eka allannath bane, bathroom use kare kohomada etc?
    ------ Post added on Aug 21, 2021 at 6:01 PM