මම ගැහැණු ළමයෙක් සොයා ගත්තේ නෑ
අපි හැමදාම තනි නොවී ඉන්න කැමැති වුණා. කොච්චර ළඟ තියාගන්න උත්සාහ කළත් තනියට අපි වටකර හිටිය බොහෝ දෙනෙක් අපි නොදැනීම අපිව අතහැර ගිහින්. ඒත් අපි හැමදාම හිතුවේ ඒ දේවල් අපේම වෙලා කියල. එහෙම හිතලා අපි පුළුවන් තරම් හිත රවට්ට ගත්තා. නිමාවක් නැතිව අපි ඒ දැලේම එතිලා දුක් විඳිද්දී ඒ දැලෙන් මිදිලා නිමාවක් සොයාගෙන යන බුද්ධ පුත්‍රයන් මේ පින් බිමෙහි ජීවත් වෙනවා. මේ දිගහැරෙන්නේ එවන් බුද්ධ පුත්‍රයකුගේ වදන් වැල්.
නම - වේරපිටියේ ධම්මධර.
ගම - නුවර, වේරපිටිය.
පාසල - මම මූලික අධ්‍යාපනය ලැබුවේ තෙල්දෙණිය
කනිෂ්ඨ විද්‍යාලයෙන්. පහ වසර වෙනකන් එහි අධ්‍යාපනය ලැබුවා. ඊට පස්සේ උසස් පෙළ දක්වා තෙල්දෙණිය ජාතික පාසලේ ඉගෙනුම ලැබුවා. ජාතික පාසලෙන් විශ්වවිද්‍යාලයට සමත් වුණා. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අංශයේ ඉගෙන ගත්තා. තුන්වැනි වසර දක්වා ඉගෙන ගෙන දේශනා අහලා උපාධිය අතහැරලා තමයි මහණ වෙන්න ආවේ.
පවුලේ විස්තර - අම්මයි, අප්පච්චියි, අක්කලා හතර
දෙනෙක් ඉන්නවා. මම තමයි පවුලේ බාලයා. එකම පිරිමි ළමයත් මම.
පැවිදි වුණේ වයස අවුරුදු කීයෙදිද?
අවුරුදු 23දී.
පැවිදි වෙන්න තීරණය කළේ ඇයි?
මගේ ජීවිතේ මම ගොඩක් කඩා වැටීම්වලට මුහුණ දුන්නා. මම කෙනෙක්ට ආදරය කළා. ඇත්තම කියනවා නම් මම පැවිදි වුණේ ගෑනු ළමයෙක් නිසා. ඒත් එක්කම මගේ මවුපියෝ ඒ ගෑනු ළමයට අකැමැත්ත ප්‍රකාශ කළා. නමුත් එයාලගේ කුල ප්‍රශ්න බැලුවම කෙනෙක් කුලයෙන්, ආගමෙන්, ජාතියෙන් මනින්න බෑ කියලා මම කල්පනා කළා, මිනිස්සු මනින්න පුළුවන් එකම මිම්ම තමයි ඔවුන්ගේ ඥානය. ඒ නිසා මට හිතුණා මේ මිනිස්සු මේ මොකක්ද හොයන්න යන්නේ කියලා. ඇත්තටම මිනිස්සු මටද ආදරේ මම ඉගෙන ගත්ත දේවලටද ආදරේ කියලා හිතෙන්න ගත්තා. මම හොයාගෙන හොයාගෙන ගියාම ගොඩක් අය මට නෙවෙයි ආදරේ කරලා තියෙන්නේ මගේ චිත්‍රයට. පවුලේ අය, ආදරේ කරපු කෙනා හැමකෙනෙක්ම අපිව ආශ්‍රය කරන්නේ අපිට ආදරේට නෙවෙයි. අපෙන් මොකක් හරි දෙයක් ලබා ගන්න. මොකක් හරි වාසියක් තියෙන නිසයි ආදරය කරන්නේ. බලාපොරොත්තු නැතිව ආදරේ කරන අය නෑ. එහෙම අය දුර්ලභයි කියලා බුදුන් වහන්සේ දේශනා කරලා තියෙනවා. බලාපොරොත්තුවක් නැතිව මේ සත්‍ය දේශනා කරලා හරි දේ කියල දෙන කෙනා තමයි සැබෑ මිත්‍රයා. ඉන් එහා දෙයක් මට දැනුණේ නෑ. ඒ වගේම තමයි මගේ අම්මයි, අප්පච්චියි හොඳට ඉගෙන ගත්තා. හොඳ කුලයක ඉපදිලා හිටියා. සල්ලි දේපොළ තිබුණා. නමුත් එයාලා හොයන සතුට එයාලට තාම ලැබිලා නෑ. ඔය ටිකමනේ මටත් වෙන්නේ. මිනිස්සු මේ ලෝකේ ලෞකික ජීවිතේ සැපක් කියන දෙයට මිනිස්සු ඇලිලා ඉන්නවා. නමුත් ඒක සදාකාලික නෑ. මිනිස්සු ඥානයෙන් පහත වැටිලා නිසා තමයි හැමදාම දුක් විඳින්නේ. මට මෙයයි තේරුණේ.
මවුපියෝවත් බලාපොරොත්තු නැතිව සැබෑවට ආදරේ කරන්නේ නැද්ද?
මට ජීවිතේ දැනුණු දේ තමයි මවුපියෝ වුණත් අපිට ආදරේ කරන්නේ ගොඩක් බලාපොරොත්තු තියාගෙන. බලාපොරොත්තු ඇතිව ආදරය කිරීමයි කඩේකට ගිහින් බඩුවක් ගන්න එක අතරයි මම වෙනසක් දකින්නෙ නෑ.
පැවිදි වෙනවට මවුපියන්ගෙන් ආශීර්වාදය ලැබුණේ නැද්ද?
මම ගෙදරට කියන්නෙ නැතිව මහණ වුණේ. අවසාන අවස්ථාවේ කියනකොට එයාලා මාව ප්‍රතික්ෂේප කළා. මහණ වෙන්න එපා කිව්වා. ඒත් මට කරන්න දෙයක් නෑ. මට ඕන වුණේ දුකෙන් ගැලවෙන්න. මිනිස්සු හැමදේම කරන්නේ දුකෙන් ගැලවෙන්න. ඉගෙනගන්නේ, රැකියා කරන්නේ, කසාද බඳින්නේ දුක නැතිකර ගන්න හිතාගෙනනේ. ඒ මට ඕන වුණේ මේ දුකින් සැබෑවටම ගැලවෙන්න.
බුදු දහම ගැන පුංචි කාලේ තිබ්බ නැඹුරුව?
මම පුංචි කාලේ ඉඳන් ධර්මය හෙව්වා. පොඩි කාලේ මට මහණ වෙන්න වුවමනාවක් තිබ්බා. අම්මලා අප්පච්චිලා කැමැති වුණේ නෑ. මම අපේ වත්තේ තිබ්බ වෙරළු ගහක් යට වාඩි වෙලා සිදුහත් කුමරු ගෙදරින් යනකොට සිවුරක් ගෙනත් පූජා කළා වගේ මටත් කවුරුහරි සිවුරක් ගෙනත් දෙන්නේ නැද්ද මටත් මහණ වෙන්න කියලා කල්පනා කළා. නමුත් එදා මට මහණ වෙන්න දුන්නෑ. ඊට පස්සේ මම බණ ඇහුවා. අවුරුදු 11ක් මස්, මාළු නොකා හිටියා. මම හිතලා නෙවෙයි ඒ දේවල් කළේ. නමුත් මට ජීවිතේ ප්‍රතිඵල ලැබුණේ නැහැ. ඒත් එක්ක ලොකු වෙනකොට අපේ ජීවිතේ වෙනස්කම් එක්ක යාළුවෝ එක්ක එකතු වෙලා ගෑනු ළමයි පස්සේ ගියා. හැමදේම කළා. ධර්මය ගැන ඊට පස්සේ ගාණක් නැතුව ගියා. ගෑනු ළමයා හම්බවුණාම ධර්මය ගැන මට ගාණක් නෑ. ඒ අඩුව පිරුණා කියලා හිතුවා. ඒත් මම හිතුවේ නෑ එයින් මම කවදාහරි නැතිවෙයි කියලා. ඒ දේ මාව උපරිම තැනට ගෙනත් නැති කරලා දැම්මා. ඒක මට දැන් ප්‍රශ්නයක් නෙවෙයි. දැන් මට මාව නැතිවන එකමයි හොඳ. මොකද මට මාව ඉන්නකල් මම හැමදාම දුක්වෙනවා. අපි හැමෝම කරගන්න ඕන අපිට අපිව නැති කරගන්න එක. මට මං නැති වුණොත් ගහන බනින දේවලට වටිනාකම් දෙන්නවත් කවුරුත් නෑ.
ඔය බැඳීම් තියෙද්දී පැවිදි වෙන්න එන්න පහසු වුණාද?
මම ගුරු හාමුදුරුවන්ගේ දේශනා ඇහුවා. එතකොට මේ ජීවිතේ මෙලෝ රහක් නෑ කියලා මට කාලෙකින් තේරුණා. ඊට පස්සේ දවසක් මම හිතුවා මේ ජීවිතෙන් ගැලවෙන්න ඕනේ කියලා. මොන බාධකය ආවත් ගැලවෙනවා කියලා එක හිතින් හිතුවා. මම ඒ හිතපු දවසේ ඉඳන් සොබාදහම මගේ ජීවිතේ හැමදෙයක්ම නැති කළා. මට ආදරය කරපු කෙනාවත්. මම ඥයචථ කොච්චර හොඳට පාඩම් කරලා ලිව්වත් මම ඒවායින් කඩා වැටුණා. යාළුවෝ අතරින් වෙන් වෙන්න ගත්තා. මවුපියන්ගෙන් මම අයින් වෙන්න ගත්තා. මම හොඳටම ආදරය කළ ගෑනු ළමයා මාව දාලා යන්න ගත්තා. ඒ හැමදෙයක්ම මට නැති වුණේ මාව මෙතැනට එවන්න. අවංක හිතින් කෙනෙක් මේ ලෝකෙන් ගැලවෙන්න හිතුවොත් ඒ මනුස්සයට සොබා දහම උදවු කරනවා. ඒ උදවු කරන්නේ හොඳ විදියට නෙවෙයි නරක විදියට. උදවු කරන විදිය මිනිස්සු එක එක විදියට දකින්නේ. මමත් ඒ දේවල් දැක්කේ නරක විදියට. මට ඒක පීඩාවක්. එය මට දරාගන්න බෑ කියලා මටත් දැනුණේ. නමුත් මම කල්පනා කළා මට හැමදේම නැතිවෙනවා. එක්කෝ මම ජීවිතය නැතිකර ගන්න ඕන. නැත්නම් වෙන මොනවා හරි කරගන්න ඕන කියලා හිතුවා. එතැනදී මට දහම මතක් වුණා. ඊට පස්සේ මම කල්පනා කළා ඇයි මම මැරෙන්නේ මෙච්චර හොඳ දහමක් තියෙද්දී කියලා. මම එහෙම කල්පනා කරලා තුන් හතර පාරක් මහණ වෙන්න ආවා. ගෑනු ළමයා නිසා මම ආපහු හැරිලා ගෙදර ගියා. මම හිතුවේ නෑ ගෑනු ළමයා එච්චර වෙනස් වෙයි කියලා. ඒ හිතපු නැති විදියට සාක්ෂි ඇතිව මට පිළිගන්න වුණත් ඒක පිළිගන්න මම හිතට ඉඩදුන්නෙ නෑ. මම කැමැති වුණේ නෑ ඒ විශ්වාසය කඩන්න. විශ්වාසය කඩලා දාලා එන්න කැමැති වුණේ නෑ. එහෙම හිතනකොට හිතනකොට දවසක් මට තේරුණා වැඩක් නෑ අතහැරලා දාලා යන්න ඕන කියලා.
ඒ ගෑනු ළමයා වැරැදි නෑ. අපේ අම්මා, අප්පච්චි කුලයට ගරු කරන අය. මම කියන්නෙනෑ ඒක හරියි කියලා. ඒ ගෑනු
ළමයා පහත් කුලයේ නිසා පාරේවත් යන්න දුන්නෙ නෑ. කරදර කළා, බැන්නා. ගෑනු ළමයෙක්ට එහෙම වෙන එක හරි නෑ. ඒක වැරැදි වැඩක්. මමත් නතර කරන්න කැමැතිත් නෑ. ඒක නිසා මමත් තීරණය කළා. මමත් යන එකම තමා හොඳ කියලා.
පැවිද්දට ඇවිත් ආපහු හැරිලා යන්න වෙයි කියලා හිතුණේ නැද්ද?
හිතුණා. අනන්තවත් මම හිතුවා මම සිවුරු හැරලා ගෙදර යයි කියලා. අර ගෑනු ළමයා හොයාගෙන යයි කියලත් මට හිතුණා. මම ගුරු ස්වාමීන් වහන්සේගෙන් ප්‍රශ්න කළා. මට නිසි උපදෙස් ලැබුණා. අද සමාජයේ හාමුදුරුවරු නිසි උපදෙස් නොලැබෙන නිසා මඟපෙන්වීමක් නැති නිසා එයා කරගන්න ආපු කාරිය කරගන්නෙ නැතිව පලා යනවා. සබ්බ දුක්ඛ නිස්සරණ කියලා සියලු දුකින් ගැලවෙන්න ඕන කියලා මහණ වෙලා එයාලා කරන්නේ හැමදේම එකතු කරන එක. හැමදේම ළංකර ගන්න එක. අන්තිමේ සිවුරු අත්හැරලා යනවා. නමුත් මට ගුරු හාමුදුරුවන්ගෙන් නිසි උපදෙස් ලැබුණා.
කඩාවැටීම් කියන දේ හැම ජීවිතයකටම පොදු වෙලත් මේ සත්‍ය හැමෝටම නොතේරෙන්නේ ඇයි?
ඔව්. කඩාවැටීම් හැමෝටම පොදුයි. මගේ වයසේ මගේ යාළුවොත් හිටියා. ඒ අය කියනවා මගේ ජීවිතේ කඩාවැටිලා කියලා. නමුත් ඒ අයට මේ දහම කිව්වට තේරෙන්නේ නැහැ. කඩාවැටීම ගැන තේරුම්ගන්න සමහරුන්ට කඩාවැටීම් සියයක් දාහක් සිද්ධ වෙන්න ඕන. හැබැයි ඥානවන්ත මනුස්සයෙක්ට ජීවිතේ එක කඩාවැටීමක් ඇති. ඥානයේ ප්‍රශ්නයක් මෙතැන තියෙන්නේ. අද මේ දේ වෙනකොට හෙටත් එහෙම දෙයක් වෙයි කියලා සමහරුන්ට හිතන්න බෑ. සමහරු දෙයක් වුණාම හිතනවා ඒ දේ හෙට නොවෙයි කියලා. නමුත් ඒ බලාපොරොත්තුව ඒ විදියට ඉටුවෙන්නෙ නෑ. ඒ නිසාමයි දුක් විඳින්නේ.
ඔබ වහන්සේ ඥානවන්තයෙක් හඳුන්වාදෙන නිර්ණායකය මොකක්ද?
මම කියන්නේ සල්ලි හොයන්න. හැමදේම හොඳට ඉගෙනගන්න. හැමදේම ලස්සනට කරන්න. මානසිකත්වය අතහරින්න. අන්න ඒක තේරෙනවා නම් ඒ කෙනා ඥානවන්තයෙක්. තමන්ට බාහිර කෙනෙක් දැකලා මමත් ඒ කෙනා වගේ වෙයි කියලා හිතන්න පුළුවන් වෙන්න ඕන. මේක දුකයි. මේක හැමදාම පවතින්නෙ නෑ. බලාපොරොත්තු ඉටුවෙන්නෙ නෑ කියලා බුදුවරු මේ ලෝකෙට දේශනා කළත් මිනිස්සු ඒක තේරුම් නොගන්නේ ඥානය නැති නිසා.
මේ ලෝකේ හැමදේම දුකක්ද? දුකක් නැති තැනක් නැද්ද?
හැමදේකම දුකක් තියෙනවා. හැබැයි දුකක් නැති එක තැනක් තියෙනවා. නමුත් ඒක හරිම සියුම්. මේ ලෝකේ දුකක් නැති තැනක් නැති තරම්. නැතිතරම් කියලා අදහස් කරනකොට කුමන හෝ තැනක සැපතක් තියෙනවා කියලා තේරෙනවා. ඒ සැපත සාමාන්‍ය මනුස්සයෙක්ට විස්තර කරලා දෙන්න යනකොට අපි අමාරුවේ වැටෙනවා. මිනිස්සු සියලු කාම වස්තූන්ට ඇලිලා ඉන්නවා. ඒවා කඩා වැටෙනකොට ඒ මිනිස්සුත් ඒ විදියටම කඩා වැටෙනවා. එයාලට එය ගැන අවබෝධයක් නෑ.
මිනිස්සු හැමදාම අනාගතේ අතීතයේ ජීවත් වුණා. මේ වර්තමාන මොහොතේ වින්දනය ලැබුණේ නෑ. මිනිසුන්ට ජීවිතේ සැපතක් තියෙනවා. මිනිස්සු මේ මොහොත සැපතක් කරගන්න විදිය දන්නෙ නෑ. මේ මොහොත සැපවත් කරගන්න නම් සියලු දේ කෙරෙහි තිබෙන අපේක්ෂාවන් අත්හැරිය යුතුයි. මානසික බැඳීම් අතහරින්නෙ නැතිව කෙනෙක්ට වර්තමානයට පත්වෙන්න බෑ. දේපළ දුරස් කළාට සැමියගෙන් බිරියගෙන් දුරස් වුණාට මවුපියන්ගෙන් අයින් වුණාට ඒ කෙනා නිදහස් වෙන්නෙ නෑ. මිගජාල භික්ෂුවට බුදුන් දේශනා කරනවා කෙනෙක් සැබෑවටම තනිවෙනවා කියන්නේ සියලු මතකයන් බැඳීම් අතහරින්න ඕන. එවිට තමයි ඔය කියන නිදහසට පත්වෙන්නේ.
ගැලවෙන්න නම් මේ මොහොතේ සතුටින් ඉන්න ඕන. සතුටින් ඉන්න ඕනේ නම් කරන්න ඕන එකම දේ තමයි සියලු බැඳීම් අතහැරලා ජීවත් වීම. සියලු බැඳීම් අතහරින්න හොඳ නෑ. එහෙම කරනවා කියන්නෙම ඒ කෙනා අනාගතයේ ජීවත්වෙනවා. ඒ නිසා අතහරින්නේ නැතිව අතහැරෙන්න ඉඩදෙන්න.
පැවිදි ජීවිතේ සදාකාලික සතුටක් සොයා යන්න කලින් ගිහි ජීවිතේ සතුට හොයා ගියේ කොහොමද?
මම ගොඩක් තනියෙන් ඉන්න ආස කරපු කෙනෙක්. පේරාදෙණිය කියන්නේ ලංකාවේ තියෙන ලස්සනම කැම්පස් එක. ඒකේ ලස්සන විඳින්න මම ගෑනු ළමයෙක් හොයාගත්තේ නෑ. පාසල් යන කාලේ මම යාළුවෙලා හිටියේ. නමුත් මම විශ්වවිද්‍යාලයේදී කවදාවත් වෙන කෙනෙක් එක්ක ලස්සන විඳින්න කැමැති වුණේ නෑ. ඇත්ත කියනවා නම් මගේ අම්මට වඩා මම ඒ ගෑනු ළමයට ආදරේ කළා. මම ආදරේ පුදුම විදියට බලාපොරොත්තු වුණා. නමුත් කාලයක් යනකොට ඒ ආදරේ වෙනස් වුණා. නමුත් මම පරිසරයේ ලස්සන වින්දා. ඇවිදින්න ගියා. මම පන්සලක නැවතිලා හිටියේ. රෑට මම පන්සලට යනකොට රෑ එකයි දෙකයි. මම ඒ ලස්සන විඳින්න ගියා. මම හැමතැනම ඇවිදලා තියෙනවා. තනියෙන් විඳිනකොට මම අඬපු අවස්ථා තිබ්බා. ඒ අඬපු දේවල් දිහා හැරිලා බැලුවම පුදුම සුන්දරත්වයක් තියෙන්නේ. මම ඉගෙනගත්ත දේවලුත් ප්‍රශ්නයක් නැතිව කළා. මම කැම්පස් එකේ හොස්ටල් එකෙන් අයින් වෙලා ගියෙත් මට තනියම ඉන්න ඕන නිසා. මම පුංචි කාලේ ඉඳන් ආස කරපු දෙයක් තමයි තනියෙන් ඉඳීම. මම සොබාදහමත් එක්ක ජීවත් වුණා. ඒක තමයි ජීවිතේ කියන්නේ. මනුස්සයෝ සොබා දහම එක්ක ජීවත් වෙන්නෙ නැතිව වෙන දේවල් පස්සේ දුවනවා. මම කියන්නේ පොඩ්ඩක් නැවතිලා අවට ලස්සන විඳින්න. මගේ ගෑනු ළමයා මං ගාව හිටියේ නැතත් අෑතින් වෙන කැම්පස් එකේ ගෑනු ළමයෙකුයි පිරිමි ළමයෙකුයි යනකොට මම එයාලා දිහා බලලා ඒ කාලේ සතුටු වුණා. ඒකෙත් අමුතු සුන්දරත්වයක් තියෙනවා. මිනිස්සු තමන්ට නැති දේ හොය හොයා දුක් වෙනවා මිසක් තිබෙන දේ බලලා සතුටු වෙන්නෙ නෑ. මම කියන්නේ තිබෙන දෙයට සතුටු වෙන්න නැති දේවල් අතහැරලා දාලා නිදහසේ ඉන්න.
කෙනෙක්ට ජීවිතය හදාගන්න පුළුවන් හරියන තරමටද වරදින තරමටද?
මගේ ශාස්තෘවරයාණන් කියන්නේ ජීවිතේ වරදින තරමට තමයි හොඳ. ජීවිතේ හරියන්න ඕන. හරියන එක ඊළඟ මොහොත් වරදින්නත් පුළුවන්. මනුස්සයෙක් වැටෙන්න පුළුවන් උපරිම තැන ඉඳන් වැටුණොත් එයාට ප්‍රශ්නයක් නැහැ. මේ ලෝකේ උපරිම කරදර ලැබුණු මිනිහට ඊළඟ දවසේ බැන්නොත් ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා ජීවිතේ වරදින්න ඕන. ඒ වරදින කෙනෙක්ට ජීවිතය හදාගන්න ලේසියි. අපි හරි වැරැදි කියලා හදාගත්ත සංකල්පයි තියෙන්නේ. ඒ සංකල්පවලින් ගැලවෙන්න බැරිවයි මිනිස්සු දුක් විඳින්නේ. සංකල්පවලින් නිදහස් වෙන්න ක්‍රමයක් හොයාගන්නතුරු ඒ ධර්මය අහනතුරු ඒ කෙනා දුකින් ඉන්නේ. ප්‍රශ්නවලට මුහුණ දෙනතාක් ඒ පුද්ගලයා ගැලවෙන ක්‍රමයක් හොයනවා. අපි කොහේ හරි යනකොට කකුලේ වදින ගලක් ඇති ඇත්ත තේරුම් ගන්න. මිනිසුන්ට දාහක් දේවල් සිද්ධ වෙනවා ඇත්ත තේරුම් යන්න. ඒත් මිනිසුන්ගේ මෝඩකම නිසා මිනිස්සු ඒක තේරුම් ගන්නෙ නෑ. තේරුම්ගන්න අවශ්‍ය ධර්මය දකින්න ඒ කෙනාට ඥානයක් නැහැ.
පැවිදි ජීවිතේ ඒකාකාරිත්වයක් දැනෙන්නේ නැද්ද?
නෑ. මිනිසුන්ට දේවල් ඒකාකාරීව දැනෙන්නේ ධර්මය දන්නෙ නැති නිසා. ගිහි ජීවිතේ මිනිස්සු එක එක දේවල් හිතනවා. පහුගිය දේවල් දැකලා දුක් විඳිනවා. සතුටු දේවල් හිතලා සතුටු වෙනවා. නමුත් ඒ කෙනා ඒ මොහොත ගැන හිතන්නෙ නෑ. නමුත් අපි ඉන්නේ මේ මොහොතේ විතරයි. පැවිදි ජීවිතය ඒකාකාරී නැත්තේ අනාගත බලාපොරොත්තුවලට බැඳීම් හදා නොගෙන මේ මොහොතේ ජීවත්වන නිසයි. අතීත සිද්ධි තිබුණත් ඒවට බැඳීම් නෑ. ඒ බැදීම් නැති කරලා නිසා පැවිදි කෙනාට හැම මොහොතක්ම අලුත්. එහෙම හැම මොහොතක්ම අලුත් නම් ඒකාකාරිත්වයක්් කොයින්ද?
දැන් ලබන සැනසීම
කැම්පස් යන්න නැහැ. මට ඉගෙන ගන්න නැහැ. මට ආදරේ කරන්න නැහැ. මට කිසි දෙයක් නැහැ. හැබැයි ඔයාලට නැති එක දෙයක් මට තියෙනවා. ඒ දේ මට ඔයාලට වචනයෙන් කියන්න බෑ. ඒක විඳින්න ඕනේ නම් ජීවිතේ සියලු බලාපොරොත්තු අතහැරලා නිදහසේ ජීවත් වෙන්න.
තිළිණි කෞෂල්‍යා විජේසිංහ
ඡායාරූප - මංජුල දයාවංශ
-මව්බිම-