මම ජීවිතයත් මරණයත් අතර වෙන්න පුලුවන් උදව්
යාලුවනේ මම මේ කියන දේ විහිලුවක්වත් බොරුවක්වත් කියලා හිතන්න එපා ඇත්තටම ඔයාලා අතරින් කෙනෙක් මේ සම්බන්දව අත්දැකීම් තියන උපදෙසක් දෙන්න පුලුවන් දැනුමක් තියන එක්කෙනෙක් හරි ඇති කියලා හිතලයි මම මේ දේ ඔයාලට කියන්නේ. මට දැන් වයස 32ක් වෙනවා කසාඳ බැඳලා චූටි පුතෙකුත් ඉන්නවා. දැන් තියන ප්‍රශ්නෙට කලින් මම මගේ අතීත අත්දැකීම් ඔයාලා එක්ක කියන්නම්. මම වයස 13ක් 14ක් වගේ කාලෙදි හරි අත්බූත සිදුවීමක් මට වුනා. ඒ තමයි ගොඩාක් දවස්වල රෑට නිදා ගන්න ගියාම නිදාගෙන ටික වෙලාවක් ගියාම මට දුරින් ඇහෙන බර අඩි සද්දයක් ඇහෙනකොට මගේ ඇඟ ගල් වෙලා වගෙ මට ඇහෙරනවා. එතකොට මට අතක් පයක් හොල්ලන්න කට හඬ පිට කරන්න බෑ ඒ අඩි සද්දේ වෙන මුකුත් නෙමේ මගේ ඇඟට මොකෙද්ද මන්දා ගෑනියෙක් දුවගෙන ඇවිත් පනිනවා. මම කෑගහන්න හැදුවත් කෑගහගන්න බෑ හෙල්ලෙන්න බෑ පස්සේ විනාඩි කීපයක් එහෙම වුනාම අමාරුවෙන් දඟලලා හෙල්ලෙන්න පුලුවන් වුනාම ඒ ගෑණි අතුරුදහන් වෙනවා. පස්සේ මට කෑගැහෙන හඬට අම්මලා හරි අයියා හරි ඇවිත් තමයි මාව පොඩ්ඩක් සංසුන් කරන්නේ. මම තනියම නිදාගත්තේ එතකොට මේක නවතින්නේ නැති නිසා සමහර දවසට අම්මලත් මගේ කාමරේ නිදාගෙන තියනවා ඔයාලා හිතාවි මේක හීනයක් වෙන්න පුලුවන් කියලා ඒත් මෙතන වෙන දේ හීනයක් වෙන්න බැරි හේතුව තමයි අර අඩි සද්දේ ඇහෙන්න අරන් මට ඇහරුණාම මට ඇස් අරින්න පුලුවන් මට ඔරලෝසුවේ වෙලාව දුවනවා පේනවා අම්මලා මගේ කාමරේ නිදාගන්න ආපු දාට එයාල එහා ඇඳේ ඉන්නවත් පේනවා ඒත් මට කිසිම සද්දයක් පිට කරන්න අමාරුයි ඇඟත් හොඳටම සීතල වෙනවා. ඉතිපීසෝ ගාථාව මම හිතින් කියනවා ඒත් වෙනසක් වෙන්නේ නෑ. කොහොම හරි ඔය දේට මම හුරු වුනා වගේ වුනා කාලයක් වෙද්දි ඊට පස්සේ මට පොඩ්ඩ පොඩ්ඩ අත පය හොල්ලන්නත් තරම් මට ඕක එක දිගට කාලයක් වුනා. මම දවසක් එහෙම ඒ ගෑනි ඇඟට පැනලා ඉන්න වෙලාවක මගේ එක අතකින් ඒ ගෑනිගේ බෙල්ලා අල්ලගත්තා ඔයාල සමහරවිට විශ්වාස කරන එකක් නෑ මට තාම මතකයි ඒ ගෑනිගේ ඔලුව ගලවලා මගේ අතට ආවා ඊට පස්සේ අතුරුදහන් වුනේ. එදත් මට ගොඩක් හයියෙන් කෑගැහුනා. කොහොම කොහොම හරි ටික කාලයක් යද්දී ඕක වෙන එක නැවතිලාම ගියා. පස්සේ රස්සාවල් එක්ක මම සමහරවිට ගෙදර නෑ ඊටත් පස්සේ කාලයක් ගත වෙලා මැරි කරලා එහෙම මේ වෙනකම් ඔය සිද්දිය අමතක වෙලා තිබුන තරම්. ඒත් මේ ලඟක ඉඳන් මේ දේ ටිකක් වෙනස් විදියට වෙන්න ගත්තා. හැබයි මම මේ කොරෝනා සිද්ධිය නිසා අපේ හොටෙල් වහලා දිගට ගෙදර ඉන්න පටන් ගන්න තාක් මේක වුනේ නෑ. කලින් වුන දේ ඔයාලා දන්නවනේ ඒත් මේ පාර මේක වුනේ වෙනස් විදියකට. අර වගේ ගෑනියෙක් පනින කතන්දරයක් නෑ මට ඇහරිලා ඇඟ සීතල කරලා ඉස්සර වගේම ගල් වෙනවා දවසින් දවස වෙන්නෙ වෙනස් විදියේ දේවල් එක දවසක් විශාල අතක් (කියනකොටත් ඇඟේ හිරිගඬු පිපෙනවා) මගේ මූණ වැහෙන්නා ආවා. තව දවසක මාව ඇඳෙන් බිමට අඳිනවා වගේ දැනෙනවා. මගේ එහා පැත්තේ නෝනා නිදාගෙන ඉන්නේ ඊට එහා බිත්තිය පැත්තේ මගෙ චූටි පුතා නිදාගන්නේ. මට චුට්ටක් ඔලුව එහෙම හොල්ලන්න පුලුවන් ඒ වෙලාවට මට එයාලවත් පේනවා. ඒත් කතා කරගන්න බෑ. විනාඩියක් දෙකක් යනකොට ඒක නැවතුනාම තමයි කතා කරගන්න පුලුවන් වෙන්නේ. ඊයේ වෙනකම් මට මේ දේවල් එච්චර ලොකුවට ගනන් ගන්න තරම් බැරෑරුම් වුනේ නෑ මොකද ස්ලීප් පැරලයිසිස් කියලා දෙයක් තියනවා ඒකෙදිත් අනිත් අයටත් මීට කිට්ටු අත්දැකීම් තියනවා කියලා මම මේ ගැන හොයලා බලද්දි දැනගත්ත. ඒත් ඊයේ මට වෙන්න ගිය දේ නිසා මම ගොඩක් අවුල් වෙලා ඉන්නේ. අපි නිදාගන්න යද්දි රෑ 12.30 වගේ හරිද ඊට පස්සේ මට සාමාන්‍ය හීනයක් පෙනුනා සාමාන්‍ය කිව්වේ කිසිම බයක් වෙන දෙයක් නෙමේ ඕකෙන් පස්සේ මට ඇහරුණා. ඊට පස්සේ මට දැනුනා අර සිදිදිය වේගන එනවා කියලා මට නිතර ඕක වෙලා පුරුදු නිසා මම දන්නවා වෙන්න යනකොට බඩු හරි කියලා ඒ නිසා මම ටිකක් ඇස් ඇරගෙනම හිටියා නිදාගන්නෙ නැතුව ඒත් නිදිමතට ආයෙත් ඇස් වැහුන තප්පරේටම මට ඒ වගේ වුනා මේ පාර බැරෑරුම් කියන්නේ මගේ හුස්ම හිර වුනා කොහෙත්ම හුස්ම ගන්න බැරි වෙන්නම මම ඒත් හිතුවා මට හාට් ඇටෑක් එකක්වත් වෙන්න ඇති කියලා ඒත් ඇස් ඇරියම මට පේනවා මගේ දකුණු කකුල උඩට උස්සගෙන ඉන්නවා මොකක් හරි දේකින් කොහොමහරි කකුල දැන් උඩ පාවෙනවා. මම දඟලන්න හදනවා හුස්ම අල්ලගන්න තප්පර ගානක් දඟලනකොට තමයි හුස්ම ගන්න පුලුවන් වෙලා ඒකෙන් නිදහස් වුනේ මගේ කකුලත් ආයෙත් ඇඳට පහත් වුනා. ඊට පස්සේ මම නෝනටත් ඇහැරවලා ලයිට් එකත් දැම්මා ඒ තරමට මම අවුල් වුනා ඇත්තමයි මැරෙන්න ඔන්න මෙන්න යන තරමට මට හුස්ම හිර වුනේ. අද උදේ මගේ ඇඟට කිසි ෆිට් එකක් නෑ ඔලුවත් හරි බරයි මම ඒ පාර දවල් වරුවේ චුට්ටක් නිදාගත්තා වැඩේ කියන්නේ ඒ වෙලාවෙත් මට මෙහෙම වෙන්න ගියා ඒත් මම දැක්කා අපේ නෝනා කාමරේට ඇවිත් යනවා මම එයාට ඇහෙයි කියලා හ්ම් හ්ම් ගාලා බකමූණෙක් වගේ සද්ද කරා (කෑගහන්න බෑ කට හඩ පිට වෙන්නේ නෑ) ඒක ඇහිලා එයා ඇවිත් බලනකොටම හරි ගියා. හුස්ම හිර කරන්න තරම් දෙයක් වෙන්න වෙලාවක් දවල් වුනේ නෑ ඒත් මට ඇත්තටම දැන් නම් නිදාගන්න යන්නත් බයයි අර වගේ හුස්ම හිර කරලා මට ඇඳේදිම මැරෙන්න වෙයිද කියලත් හිතෙනවා. මගේ දරු පැටියා නෝනා ගැන මට හරි බයයි. මම ලොකු සල්ලිකාරයෙක් නෙමේ. අහ් තව දෙයක් කියන්න තියනවා මගේ දකුණු අතේ මැණික් කටුව එහා පැත්තේ මේ ලඟදි දැවිල්ලක් වගේ එනකොට දැක්කේ චූටි හීරීමක් තියෙනව දැක්කේ ඊට පස්සේ දවසක් දෙකක් යද්දි මේක ලොකු වෙලා වතුර බිබිලි වගේ දාලා පැසවලා ගොඩක් රිදෙන්න ගත්තා. දැන් ඒකේ පැල්ලම දැක්කම පුදුම හිතෙනවා හරියට මැහුම් ගහපු තුවාලයක් වගේ. මට මේකට මේ තුවාලෙත් අතර සම්බන්ධයක් තියනවා කියලත් හිතෙනවා අනේ මන්දා. ඔයාලට ඕන නම් මම ඒ තුවාලේ ෆොටෝ එකක් වුනත් දාන්නම්. අනේ පිං සිද්ද වෙයි ඔයාල අතරින් මේකට මම මොකද්ද කරන්න ඕන මේක මොකක් නිසා වෙන්න පුලුවන්ද කියලා හරි දැනුමක් අත්දැකීමක් තියන කෙනෙක් උපදෙසක් මග පෙන්වීමක් දෙන්න. තව චූටි දෙයක් කියන්නම් මම හිත දුර්වල පොඩි පොඩි දේවල් වලටත් බය වෙන කෙනෙක් නෙමේ ශෝටෝ කාන් කරාතේ කලු පටි ධාරියෙක් මම හොඳට ෆිට්නස් තියාගෙන හිටියේ ඒත් ලගඳි ඉඳන් නම් ඇඟත් දුර්වල වෙලා වගේත් දැනෙනවා. සරණක් බලාපොරොත්තුවෙන් ගොඩක් අමාරුවෙන් මම සිංහලෙන් ටයිප් කරේ මේ ත්‍රෙඩ් එක යටට යන්න නොදී හොද උපදෙසක් ලැබෙනකම් තියා ගන්න හැමෝම උදවු කරන්න. බුදු සරණයි.

Last edited:

)
heaven wage penna beri ai.sasara purudu hindada