මම ජීවිතයත් මරණයත් අතර වෙන්න පුලුවන් උදව&#3530

Emios

Well-known member
  • Dec 10, 2009
    75,488
    67,826
    113
    මාත් ඕකම තමයි කලින් හිතුවේ ඒත් මේ පාර සිරාවටම හුස්ම හිර වුනා මේක කවදාවත් කලින් වෙලා නෑ අනිත් එක එක කකුලක් උඩ පාවෙනවා මම හොඳටම දැක්කා (nigh light) පොඩි කාලේ වුනාට පස්සේ මෙච්චර කාලෙකට මේක වෙලා නැති එක ගැනත් මට අවුල්. මම හොල්මන් අවතාර කිසි දෙයක් විශ්වාස කරන්නේ නෑ මගේ ජීවිතේට තාමත් මේ සිද්ධීන් වලදී හැර පියවි සිහියෙක් ඉන්නකොට එහෙම දෙයක් දැකලත් නෑ. ජ්‍යොතිෂය ගුරුකම් වගේ දේවල් විශ්වාස කරන්නෙත් නෑ එහෙමට. අනිත් එක නියපොතු පාරක් වැදිලා වගේ තිබුන හීරීම මේ වගේ ලොකු තුවාලයක් වුන එකත් මේ එක්ක සම්බන්ධයි වගේත් දැනෙනවා. හරි ස්ලීප් පැරලය්සිස් වලදි හුස්ම හිර වෙලා මැරෙන්න වගේ ගිය කෙනෙක්ට අත් දැකීම් තියනවද?

    Math marenna gihin tiyenawa.re newe dawal nidagthoth mata oka enawa.pana yanna onna menna tiyala thamai aharenne.bella adeta nidagattama thamai oka wenne.ekko heat eka wedi unama.mulu bed ekama change karala balapan change ekak tiyenawada kiyala.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,860
    31,106
    113
    බය කරන්න එපා යකෝ :angry:

    මේ කොරෝනා සීන් එක ඉවර වෙනකං පිරිත් දාල තියපන් නිදාගන්න කාමරේ සහනයක් තියෙයි. කොරෝනා ඉවර උන කාලෙක හොද සිල්වත් හාමුදුරු කෙනෙක් ගාවට ගිහින් සීන් එක කියපන් :yes:
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    යාලුවනේ මම මේ කියන දේ විහිලුවක්වත් බොරුවක්වත් කියලා හිතන්න එපා ඇත්තටම ඔයාලා අතරින් කෙනෙක් මේ සම්බන්දව අත්දැකීම් තියන උපදෙසක් දෙන්න පුලුවන් දැනුමක් තියන එක්කෙනෙක් හරි ඇති කියලා හිතලයි මම මේ දේ ඔයාලට කියන්නේ. මට දැන් වයස 32ක් වෙනවා කසාඳ බැඳලා චූටි පුතෙකුත් ඉන්නවා. දැන් තියන ප්‍රශ්නෙට කලින් මම මගේ අතීත අත්දැකීම් ඔයාලා එක්ක කියන්නම්. මම වයස 13ක් 14ක් වගේ කාලෙදි හරි අත්බූත සිදුවීමක් මට වුනා. ඒ තමයි ගොඩාක් දවස්වල රෑට නිදා ගන්න ගියාම නිදාගෙන ටික වෙලාවක් ගියාම මට දුරින් ඇහෙන බර අඩි සද්දයක් ඇහෙනකොට මගේ ඇඟ ගල් වෙලා වගෙ මට ඇහෙරනවා. එතකොට මට අතක් පයක් හොල්ලන්න කට හඬ පිට කරන්න බෑ ඒ අඩි සද්දේ වෙන මුකුත් නෙමේ මගේ ඇඟට මොකෙද්ද මන්දා ගෑනියෙක් දුවගෙන ඇවිත් පනිනවා. මම කෑගහන්න හැදුවත් කෑගහගන්න බෑ හෙල්ලෙන්න බෑ පස්සේ විනාඩි කීපයක් එහෙම වුනාම අමාරුවෙන් දඟලලා හෙල්ලෙන්න පුලුවන් වුනාම ඒ ගෑණි අතුරුදහන් වෙනවා. පස්සේ මට කෑගැහෙන හඬට අම්මලා හරි අයියා හරි ඇවිත් තමයි මාව පොඩ්ඩක් සංසුන් කරන්නේ. මම තනියම නිදාගත්තේ එතකොට මේක නවතින්නේ නැති නිසා සමහර දවසට අම්මලත් මගේ කාමරේ නිදාගෙන තියනවා ඔයාලා හිතාවි මේක හීනයක් වෙන්න පුලුවන් කියලා ඒත් මෙතන වෙන දේ හීනයක් වෙන්න බැරි හේතුව තමයි අර අඩි සද්දේ ඇහෙන්න අරන් මට ඇහරුණාම මට ඇස් අරින්න පුලුවන් මට ඔරලෝසුවේ වෙලාව දුවනවා පේනවා අම්මලා මගේ කාමරේ නිදාගන්න ආපු දාට එයාල එහා ඇඳේ ඉන්නවත් පේනවා ඒත් මට කිසිම සද්දයක් පිට කරන්න අමාරුයි ඇඟත් හොඳටම සීතල වෙනවා. ඉතිපීසෝ ගාථාව මම හිතින් කියනවා ඒත් වෙනසක් වෙන්නේ නෑ. කොහොම හරි ඔය දේට මම හුරු වුනා වගේ වුනා කාලයක් වෙද්දි ඊට පස්සේ මට පොඩ්ඩ පොඩ්ඩ අත පය හොල්ලන්නත් තරම් මට ඕක එක දිගට කාලයක් වුනා. මම දවසක් එහෙම ඒ ගෑනි ඇඟට පැනලා ඉන්න වෙලාවක මගේ එක අතකින් ඒ ගෑනිගේ බෙල්ලා අල්ලගත්තා ඔයාල සමහරවිට විශ්වාස කරන එකක් නෑ මට තාම මතකයි ඒ ගෑනිගේ ඔලුව ගලවලා මගේ අතට ආවා ඊට පස්සේ අතුරුදහන් වුනේ. එදත් මට ගොඩක් හයියෙන් කෑගැහුනා. කොහොම කොහොම හරි ටික කාලයක් යද්දී ඕක වෙන එක නැවතිලාම ගියා. පස්සේ රස්සාවල් එක්ක මම සමහරවිට ගෙදර නෑ ඊටත් පස්සේ කාලයක් ගත වෙලා මැරි කරලා එහෙම මේ වෙනකම් ඔය සිද්දිය අමතක වෙලා තිබුන තරම්. ඒත් මේ ලඟක ඉඳන් මේ දේ ටිකක් වෙනස් විදියට වෙන්න ගත්තා. හැබයි මම මේ කොරෝනා සිද්ධිය නිසා අපේ හොටෙල් වහලා දිගට ගෙදර ඉන්න පටන් ගන්න තාක් මේක වුනේ නෑ. කලින් වුන දේ ඔයාලා දන්නවනේ ඒත් මේ පාර මේක වුනේ වෙනස් විදියකට. අර වගේ ගෑනියෙක් පනින කතන්දරයක් නෑ මට ඇහරිලා ඇඟ සීතල කරලා ඉස්සර වගේම ගල් වෙනවා දවසින් දවස වෙන්නෙ වෙනස් විදියේ දේවල් එක දවසක් විශාල අතක් (කියනකොටත් ඇඟේ හිරිගඬු පිපෙනවා) මගේ මූණ වැහෙන්නා ආවා. තව දවසක මාව ඇඳෙන් බිමට අඳිනවා වගේ දැනෙනවා. මගේ එහා පැත්තේ නෝනා නිදාගෙන ඉන්නේ ඊට එහා බිත්තිය පැත්තේ මගෙ චූටි පුතා නිදාගන්නේ. මට චුට්ටක් ඔලුව එහෙම හොල්ලන්න පුලුවන් ඒ වෙලාවට මට එයාලවත් පේනවා. ඒත් කතා කරගන්න බෑ. විනාඩියක් දෙකක් යනකොට ඒක නැවතුනාම තමයි කතා කරගන්න පුලුවන් වෙන්නේ. ඊයේ වෙනකම් මට මේ දේවල් එච්චර ලොකුවට ගනන් ගන්න තරම් බැරෑරුම් වුනේ නෑ මොකද ස්ලීප් පැරලයිසිස් කියලා දෙයක් තියනවා ඒකෙදිත් අනිත් අයටත් මීට කිට්ටු අත්දැකීම් තියනවා කියලා මම මේ ගැන හොයලා බලද්දි දැනගත්ත. ඒත් ඊයේ මට වෙන්න ගිය දේ නිසා මම ගොඩක් අවුල් වෙලා ඉන්නේ. අපි නිදාගන්න යද්දි රෑ 12.30 වගේ හරිද ඊට පස්සේ මට සාමාන්‍ය හීනයක් පෙනුනා සාමාන්‍ය කිව්වේ කිසිම බයක් වෙන දෙයක් නෙමේ ඕකෙන් පස්සේ මට ඇහරුණා. ඊට පස්සේ මට දැනුනා අර සිදිදිය වේගන එනවා කියලා මට නිතර ඕක වෙලා පුරුදු නිසා මම දන්නවා වෙන්න යනකොට බඩු හරි කියලා ඒ නිසා මම ටිකක් ඇස් ඇරගෙනම හිටියා නිදාගන්නෙ නැතුව ඒත් නිදිමතට ආයෙත් ඇස් වැහුන තප්පරේටම මට ඒ වගේ වුනා මේ පාර බැරෑරුම් කියන්නේ මගේ හුස්ම හිර වුනා කොහෙත්ම හුස්ම ගන්න බැරි වෙන්නම මම ඒත් හිතුවා මට හාට් ඇටෑක් එකක්වත් වෙන්න ඇති කියලා ඒත් ඇස් ඇරියම මට පේනවා මගේ දකුණු කකුල උඩට උස්සගෙන ඉන්නවා මොකක් හරි දේකින් කොහොමහරි කකුල දැන් උඩ පාවෙනවා. මම දඟලන්න හදනවා හුස්ම අල්ලගන්න තප්පර ගානක් දඟලනකොට තමයි හුස්ම ගන්න පුලුවන් වෙලා ඒකෙන් නිදහස් වුනේ මගේ කකුලත් ආයෙත් ඇඳට පහත් වුනා. ඊට පස්සේ මම නෝනටත් ඇහැරවලා ලයිට් එකත් දැම්මා ඒ තරමට මම අවුල් වුනා ඇත්තමයි මැරෙන්න ඔන්න මෙන්න යන තරමට මට හුස්ම හිර වුනේ. අද උදේ මගේ ඇඟට කිසි ෆිට් එකක් නෑ ඔලුවත් හරි බරයි මම ඒ පාර දවල් වරුවේ චුට්ටක් නිදාගත්තා වැඩේ කියන්නේ ඒ වෙලාවෙත් මට මෙහෙම වෙන්න ගියා ඒත් මම දැක්කා අපේ නෝනා කාමරේට ඇවිත් යනවා මම එයාට ඇහෙයි කියලා හ්ම් හ්ම් ගාලා බකමූණෙක් වගේ සද්ද කරා (කෑගහන්න බෑ කට හඩ පිට වෙන්නේ නෑ) ඒක ඇහිලා එයා ඇවිත් බලනකොටම හරි ගියා. හුස්ම හිර කරන්න තරම් දෙයක් වෙන්න වෙලාවක් දවල් වුනේ නෑ ඒත් මට ඇත්තටම දැන් නම් නිදාගන්න යන්නත් බයයි අර වගේ හුස්ම හිර කරලා මට ඇඳේදිම මැරෙන්න වෙයිද කියලත් හිතෙනවා. මගේ දරු පැටියා නෝනා ගැන මට හරි බයයි. මම ලොකු සල්ලිකාරයෙක් නෙමේ. අහ් තව දෙයක් කියන්න තියනවා මගේ දකුණු අතේ මැණික් කටුව එහා පැත්තේ මේ ලඟදි දැවිල්ලක් වගේ එනකොට දැක්කේ චූටි හීරීමක් තියෙනව දැක්කේ ඊට පස්සේ දවසක් දෙකක් යද්දි මේක ලොකු වෙලා වතුර බිබිලි වගේ දාලා පැසවලා ගොඩක් රිදෙන්න ගත්තා. දැන් ඒකේ පැල්ලම දැක්කම පුදුම හිතෙනවා හරියට මැහුම් ගහපු තුවාලයක් වගේ. මට මේකට මේ තුවාලෙත් අතර සම්බන්ධයක් තියනවා කියලත් හිතෙනවා අනේ මන්දා. ඔයාලට ඕන නම් මම ඒ තුවාලේ ෆොටෝ එකක් වුනත් දාන්නම්. අනේ පිං සිද්ද වෙයි ඔයාල අතරින් මේකට මම මොකද්ද කරන්න ඕන මේක මොකක් නිසා වෙන්න පුලුවන්ද කියලා හරි දැනුමක් අත්දැකීමක් තියන කෙනෙක් උපදෙසක් මග පෙන්වීමක් දෙන්න. තව චූටි දෙයක් කියන්නම් මම හිත දුර්වල පොඩි පොඩි දේවල් වලටත් බය වෙන කෙනෙක් නෙමේ ශෝටෝ කාන් කරාතේ කලු පටි ධාරියෙක් මම හොඳට ෆිට්නස් තියාගෙන හිටියේ ඒත් ලගඳි ඉඳන් නම් ඇඟත් දුර්වල වෙලා වගේත් දැනෙනවා. සරණක් බලාපොරොත්තුවෙන් ගොඩක් අමාරුවෙන් මම සිංහලෙන් ටයිප් කරේ මේ ත්‍රෙඩ් එක යටට යන්න නොදී හොද උපදෙසක් ලැබෙනකම් තියා ගන්න හැමෝම උදවු කරන්න. බුදු සරණයි.
     
    • Like
    Reactions: fitta

    fitta

    Member
    Sep 23, 2009
    125
    7
    0
    Brother. Oya hoda hamudurowo kenek lagata yanna butha dosha gena danna. Matath sleep paralize tyanawa. Oyakiyana widihata oka nm butha case ekak wennath puluwan. Hemadama nidaganna kalin prith kiyanna. Ithipiso gathawa kiyanna. Kawuruhari udaw karai

    හරි මචන් ස්තීතී

    ෆොන්ට් සයිස් එක ලොකු කරලා දාපන්

    ලොකු කරා මච‍ං

    මාර සීනෙ එකනෙ

    ඔව් බන් එපා වෙනවා

    Consult a Doc.

    Ok thanks bro

    බුදු අම්මෝ බය කරන්ඩ එපා යකෝ මම තනියෙන් ඉන්නෙ කාබරේ :angry::angry::angry: " ඉතිපිසෝ භගවා අරහන් ......."

    බය වෙන්න එපා මචං
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,860
    31,106
    113
    බුදු අම්මෝ බය කරන්ඩ එපා යකෝ මම තනියෙන් ඉන්නෙ කාබරේ :angry::angry::angry: " ඉතිපිසෝ භගවා අරහන් ......."

    Thama Thanikadada? Marry karala Lamayek dennek hadapan., Uben Passe elakiriyata dayada karanna

    :yes::yes: අපෝ ඊට හොදයි රෑට හීනෙන් බය වෙනව

    ඒක තමා මූ ජෙප්පොයි යූඇන්පී පොන්ස්ලයි එක්ක මරාගෙන මේක අස්සෙම හැමිනෙන්නෙ :P කට්ටිය එකතුවෙලා එරෝසන් බ්‍රෝට කෙල්ලෙක්වත් සෙට් කරලා දෙමුද ? මුටත් යන කලදසාවක් තියෙන්නෙ එපෑ:yes::rofl:
     
    fitta

    Member
    Sep 23, 2009
    125
    7
    0
    Math marenna gihin tiyenawa.re newe dawal nidagthoth mata oka enawa.pana yanna onna menna tiyala thamai aharenne.bella adeta nidagattama thamai oka wenne.ekko heat eka wedi unama.mulu bed ekama change karala balapan change ekak tiyenawada kiyala.

    එහෙමද මට නම් කවදාවත් හුස්ම හිර වෙලා නම් නෑ. ඔයාලා හැමෝගෙම උපදෙස් මට රත්තරන් වටිනවා.
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    ඒක තමා මූ ජෙප්පොයි යූඇන්පී පොන්ස්ලයි එක්ක මරාගෙන මේක අස්සෙම හැමිනෙන්නෙ :P කට්ටිය එකතුවෙලා එරෝසන් බ්‍රෝට කෙල්ලෙක්වත් සෙට් කරලා දෙමුද ? මුටත් යන කලදසාවක් තියෙන්නෙ එපෑ:yes::rofl:

    වත්මන් අගමැතිතුමා වැඩිම කාලයක් යූස් කරපි අංගනාව දුන්නොත් නම්
    ඇරෝසාං පැනල ගනි
     
    fitta

    Member
    Sep 23, 2009
    125
    7
    0
    Machan nikan panic wenna epa
    Hypnogoggic and hypnopompic hallucination kiyala dekak thiyanawa
    Calm wenna alcohol ehema ganna epa
    Me wikara iwara una gaman psychiatrist kenek hambenna oka hoda karaganna puluwan
    Mata thread eke ellila inna time ekak na online awa welawaka wistara kiyala pm ekak danna help ekak dennam

    හරි මච‍‍ං බිසී නැති වෙලාවක උඹේ දැනුමෙන් උදව්වක් දෙන්න බලන්න මම pm කරන්නම්. පිං.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    යකෝ මටත් නින්දෙන් හුස්ම ඇල්ලුවට එන්නෙ නැති වෙලා කෑ ගැහිල ඇහැරිලා තියෙනවා කීප සැරයක්. නමුත් හීන සීන් නෑ. මරණාසන්නෙටම ආව දැන් මාසෙකට විතර කලින්. කෑ ගහල හුස්ම අල්ලපු පාර පවුලත් නැගිට්ටා.

    කොර සීන් එක ඕක.
     
    Pathumpiyasa

    Active member
  • Sep 5, 2013
    483
    165
    43
    මචන් ඔය සින් එක ඔය විදිහටම මටත් තිබ්බා. වෙනසකට තියෙන්නේ උබට එන්නේ ගැනියෙක් නේ මට අවේ රජ කාලේ හේවායෙක් වගේ එකෙක්. ඔව් ඔව් හෙල්ලෙකුත් තියනවා බන් උට ලොකු රුවූලකුත් තිබ්බා. නිදි ආඝාතය (Sleep Paralysis) මගුල් ඒ කලේ මම දැනන් හිටියේ නෑ හැබැයි පිරිත් නුලක් බැදලා තියනකොට මට එක වෙන්නේ නෑ. එක මගේ විශ්වාසෙ හින්ද වෙන්නත් පුළුවන්. ඒකාලේ මම පිරිත් නුලක් නැති හින්ද ඇහැරගෙන ඉදල තියනවා ඇදට යන්නේ නැතුව. හැබැයි මටනම් එක හරිගියා දැන් මම පිරිත් නුල් බදින්නේ නෑ ප්‍රතිපත්තියක් විදිහට. උබ ඩොකෙක් හම්බ වෙයන්.
     
    මාත් ඒ කාලේ teenage එකේදි වුන එක ලොකුවට ගනන් ගත්තේ නෑ මචං හෝර්මෝන් වෙනස්කම් අනං මනං වෙන කාලෙනේ ඒත් දැන් මේ වෙන දේ ලොකු වෙනසක් දැනෙනවා බං. ඒකයි බැලුවෙ නින්දෙන් මැරිලා යයිද දන්නේ නෑ
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    යාලුවනේ මම මේ කියන දේ විහිලුවක්වත් බොරුවක්වත් කියලා හිතන්න එපා ඇත්තටම ඔයාලා අතරින් කෙනෙක් මේ සම්බන්දව අත්දැකීම් තියන උපදෙසක් දෙන්න පුලුවන් දැනුමක් තියන එක්කෙනෙක් හරි ඇති කියලා හිතලයි මම මේ දේ ඔයාලට කියන්නේ. මට දැන් වයස 32ක් වෙනවා කසාඳ බැඳලා චූටි පුතෙකුත් ඉන්නවා. දැන් තියන ප්‍රශ්නෙට කලින් මම මගේ අතීත අත්දැකීම් ඔයාලා එක්ක කියන්නම්. මම වයස 13ක් 14ක් වගේ කාලෙදි හරි අත්බූත සිදුවීමක් මට වුනා. ඒ තමයි ගොඩාක් දවස්වල රෑට නිදා ගන්න ගියාම නිදාගෙන ටික වෙලාවක් ගියාම මට දුරින් ඇහෙන බර අඩි සද්දයක් ඇහෙනකොට මගේ ඇඟ ගල් වෙලා වගෙ මට ඇහෙරනවා. එතකොට මට අතක් පයක් හොල්ලන්න කට හඬ පිට කරන්න බෑ ඒ අඩි සද්දේ වෙන මුකුත් නෙමේ මගේ ඇඟට මොකෙද්ද මන්දා ගෑනියෙක් දුවගෙන ඇවිත් පනිනවා. මම කෑගහන්න හැදුවත් කෑගහගන්න බෑ හෙල්ලෙන්න බෑ පස්සේ විනාඩි කීපයක් එහෙම වුනාම අමාරුවෙන් දඟලලා හෙල්ලෙන්න පුලුවන් වුනාම ඒ ගෑණි අතුරුදහන් වෙනවා. පස්සේ මට කෑගැහෙන හඬට අම්මලා හරි අයියා හරි ඇවිත් තමයි මාව පොඩ්ඩක් සංසුන් කරන්නේ. මම තනියම නිදාගත්තේ එතකොට මේක නවතින්නේ නැති නිසා සමහර දවසට අම්මලත් මගේ කාමරේ නිදාගෙන තියනවා ඔයාලා හිතාවි මේක හීනයක් වෙන්න පුලුවන් කියලා ඒත් මෙතන වෙන දේ හීනයක් වෙන්න බැරි හේතුව තමයි අර අඩි සද්දේ ඇහෙන්න අරන් මට ඇහරුණාම මට ඇස් අරින්න පුලුවන් මට ඔරලෝසුවේ වෙලාව දුවනවා පේනවා අම්මලා මගේ කාමරේ නිදාගන්න ආපු දාට එයාල එහා ඇඳේ ඉන්නවත් පේනවා ඒත් මට කිසිම සද්දයක් පිට කරන්න අමාරුයි ඇඟත් හොඳටම සීතල වෙනවා. ඉතිපීසෝ ගාථාව මම හිතින් කියනවා ඒත් වෙනසක් වෙන්නේ නෑ. කොහොම හරි ඔය දේට මම හුරු වුනා වගේ වුනා කාලයක් වෙද්දි ඊට පස්සේ මට පොඩ්ඩ පොඩ්ඩ අත පය හොල්ලන්නත් තරම් මට ඕක එක දිගට කාලයක් වුනා. මම දවසක් එහෙම ඒ ගෑනි ඇඟට පැනලා ඉන්න වෙලාවක මගේ එක අතකින් ඒ ගෑනිගේ බෙල්ලා අල්ලගත්තා ඔයාල සමහරවිට විශ්වාස කරන එකක් නෑ මට තාම මතකයි ඒ ගෑනිගේ ඔලුව ගලවලා මගේ අතට ආවා ඊට පස්සේ අතුරුදහන් වුනේ. එදත් මට ගොඩක් හයියෙන් කෑගැහුනා. කොහොම කොහොම හරි ටික කාලයක් යද්දී ඕක වෙන එක නැවතිලාම ගියා. පස්සේ රස්සාවල් එක්ක මම සමහරවිට ගෙදර නෑ ඊටත් පස්සේ කාලයක් ගත වෙලා මැරි කරලා එහෙම මේ වෙනකම් ඔය සිද්දිය අමතක වෙලා තිබුන තරම්. ඒත් මේ ලඟක ඉඳන් මේ දේ ටිකක් වෙනස් විදියට වෙන්න ගත්තා. හැබයි මම මේ කොරෝනා සිද්ධිය නිසා අපේ හොටෙල් වහලා දිගට ගෙදර ඉන්න පටන් ගන්න තාක් මේක වුනේ නෑ. කලින් වුන දේ ඔයාලා දන්නවනේ ඒත් මේ පාර මේක වුනේ වෙනස් විදියකට. අර වගේ ගෑනියෙක් පනින කතන්දරයක් නෑ මට ඇහරිලා ඇඟ සීතල කරලා ඉස්සර වගේම ගල් වෙනවා දවසින් දවස වෙන්නෙ වෙනස් විදියේ දේවල් එක දවසක් විශාල අතක් (කියනකොටත් ඇඟේ හිරිගඬු පිපෙනවා) මගේ මූණ වැහෙන්නා ආවා. තව දවසක මාව ඇඳෙන් බිමට අඳිනවා වගේ දැනෙනවා. මගේ එහා පැත්තේ නෝනා නිදාගෙන ඉන්නේ ඊට එහා බිත්තිය පැත්තේ මගෙ චූටි පුතා නිදාගන්නේ. මට චුට්ටක් ඔලුව එහෙම හොල්ලන්න පුලුවන් ඒ වෙලාවට මට එයාලවත් පේනවා. ඒත් කතා කරගන්න බෑ. විනාඩියක් දෙකක් යනකොට ඒක නැවතුනාම තමයි කතා කරගන්න පුලුවන් වෙන්නේ. ඊයේ වෙනකම් මට මේ දේවල් එච්චර ලොකුවට ගනන් ගන්න තරම් බැරෑරුම් වුනේ නෑ මොකද ස්ලීප් පැරලයිසිස් කියලා දෙයක් තියනවා ඒකෙදිත් අනිත් අයටත් මීට කිට්ටු අත්දැකීම් තියනවා කියලා මම මේ ගැන හොයලා බලද්දි දැනගත්ත. ඒත් ඊයේ මට වෙන්න ගිය දේ නිසා මම ගොඩක් අවුල් වෙලා ඉන්නේ. අපි නිදාගන්න යද්දි රෑ 12.30 වගේ හරිද ඊට පස්සේ මට සාමාන්‍ය හීනයක් පෙනුනා සාමාන්‍ය කිව්වේ කිසිම බයක් වෙන දෙයක් නෙමේ ඕකෙන් පස්සේ මට ඇහරුණා. ඊට පස්සේ මට දැනුනා අර සිදිදිය වේගන එනවා කියලා මට නිතර ඕක වෙලා පුරුදු නිසා මම දන්නවා වෙන්න යනකොට බඩු හරි කියලා ඒ නිසා මම ටිකක් ඇස් ඇරගෙනම හිටියා නිදාගන්නෙ නැතුව ඒත් නිදිමතට ආයෙත් ඇස් වැහුන තප්පරේටම මට ඒ වගේ වුනා මේ පාර බැරෑරුම් කියන්නේ මගේ හුස්ම හිර වුනා කොහෙත්ම හුස්ම ගන්න බැරි වෙන්නම මම ඒත් හිතුවා මට හාට් ඇටෑක් එකක්වත් වෙන්න ඇති කියලා ඒත් ඇස් ඇරියම මට පේනවා මගේ දකුණු කකුල උඩට උස්සගෙන ඉන්නවා මොකක් හරි දේකින් කොහොමහරි කකුල දැන් උඩ පාවෙනවා. මම දඟලන්න හදනවා හුස්ම අල්ලගන්න තප්පර ගානක් දඟලනකොට තමයි හුස්ම ගන්න පුලුවන් වෙලා ඒකෙන් නිදහස් වුනේ මගේ කකුලත් ආයෙත් ඇඳට පහත් වුනා. ඊට පස්සේ මම නෝනටත් ඇහැරවලා ලයිට් එකත් දැම්මා ඒ තරමට මම අවුල් වුනා ඇත්තමයි මැරෙන්න ඔන්න මෙන්න යන තරමට මට හුස්ම හිර වුනේ. අද උදේ මගේ ඇඟට කිසි ෆිට් එකක් නෑ ඔලුවත් හරි බරයි මම ඒ පාර දවල් වරුවේ චුට්ටක් නිදාගත්තා වැඩේ කියන්නේ ඒ වෙලාවෙත් මට මෙහෙම වෙන්න ගියා ඒත් මම දැක්කා අපේ නෝනා කාමරේට ඇවිත් යනවා මම එයාට ඇහෙයි කියලා හ්ම් හ්ම් ගාලා බකමූණෙක් වගේ සද්ද කරා (කෑගහන්න බෑ කට හඩ පිට වෙන්නේ නෑ) ඒක ඇහිලා එයා ඇවිත් බලනකොටම හරි ගියා. හුස්ම හිර කරන්න තරම් දෙයක් වෙන්න වෙලාවක් දවල් වුනේ නෑ ඒත් මට ඇත්තටම දැන් නම් නිදාගන්න යන්නත් බයයි අර වගේ හුස්ම හිර කරලා මට ඇඳේදිම මැරෙන්න වෙයිද කියලත් හිතෙනවා. මගේ දරු පැටියා නෝනා ගැන මට හරි බයයි. මම ලොකු සල්ලිකාරයෙක් නෙමේ. අහ් තව දෙයක් කියන්න තියනවා මගේ දකුණු අතේ මැණික් කටුව එහා පැත්තේ මේ ලඟදි දැවිල්ලක් වගේ එනකොට දැක්කේ චූටි හීරීමක් තියෙනව දැක්කේ ඊට පස්සේ දවසක් දෙකක් යද්දි මේක ලොකු වෙලා වතුර බිබිලි වගේ දාලා පැසවලා ගොඩක් රිදෙන්න ගත්තා. දැන් ඒකේ පැල්ලම දැක්කම පුදුම හිතෙනවා හරියට මැහුම් ගහපු තුවාලයක් වගේ. මට මේකට මේ තුවාලෙත් අතර සම්බන්ධයක් තියනවා කියලත් හිතෙනවා අනේ මන්දා. ඔයාලට ඕන නම් මම ඒ තුවාලේ ෆොටෝ එකක් වුනත් දාන්නම්. අනේ පිං සිද්ද වෙයි ඔයාල අතරින් මේකට මම මොකද්ද කරන්න ඕන මේක මොකක් නිසා වෙන්න පුලුවන්ද කියලා හරි දැනුමක් අත්දැකීමක් තියන කෙනෙක් උපදෙසක් මග පෙන්වීමක් දෙන්න. තව චූටි දෙයක් කියන්නම් මම හිත දුර්වල පොඩි පොඩි දේවල් වලටත් බය වෙන කෙනෙක් නෙමේ ශෝටෝ කාන් කරාතේ කලු පටි ධාරියෙක් මම හොඳට ෆිට්නස් තියාගෙන හිටියේ ඒත් ලගඳි ඉඳන් නම් ඇඟත් දුර්වල වෙලා වගේත් දැනෙනවා. සරණක් බලාපොරොත්තුවෙන් ගොඩක් අමාරුවෙන් මම සිංහලෙන් ටයිප් කරේ මේ ත්‍රෙඩ් එක යටට යන්න නොදී හොද උපදෙසක් ලැබෙනකම් තියා ගන්න හැමෝම උදවු කරන්න. බුදු සරණයි.

    vump
     
    fitta

    Member
    Sep 23, 2009
    125
    7
    0

    මේ තියෙන්නේ අර මම කියපු තුවාලේ. හිතන්නවත් පුලුවන්ද බං මේ වුනේ කොහොමදවත් කියල මම දන්නේ නෑ නියපොත්තකින් හූරලා වගේ චූටි දැවිල්ලක් විතරයි මුලින් තිබුනේ.
     
    Pathumpiyasa

    Active member
  • Sep 5, 2013
    483
    165
    43
    මාත් ඒ කාලේ teenage එකේදි වුන එක ලොකුවට ගනන් ගත්තේ නෑ මචං හෝර්මෝන් වෙනස්කම් අනං මනං වෙන කාලෙනේ ඒත් දැන් මේ වෙන දේ ලොකු වෙනසක් දැනෙනවා බං. ඒකයි බැලුවෙ නින්දෙන් මැරිලා යයිද දන්නේ නෑ

    baya wenda epa yako. oka godak unta thiyanawa. but marichcha ekek na.

    mata hithenne uba mokak hari deyak gana hithanawa athi lagakadi idala. mona hari deyak gana podi hari bayak thiyanawada?
     
    fitta

    Member
    Sep 23, 2009
    125
    7
    0
    baya wenda epa yako. oka godak unta thiyanawa. but marichcha ekek na.

    mata hithenne uba mokak hari deyak gana hithanawa athi lagakadi idala. mona hari deyak gana podi hari bayak thiyanawada?

    ehema wishesha deyak nam oluwe na machan. me dawaswala gedara nisa stress ekath adui mokada mama karana job eke nam full stress eth gerara iddi nam ehema prashnayak na. thanks machan reply ekata.
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ඔන්න කිව්ව වගේම මම මගේ අත්දැකීම දානව,
    මාත් එච්චරටම හොල්මන් සීන් වලට බය කෙනෙක් නෙමෙයි. ඒත් පොඩ්ඩක් විතර ඉන්ටරෙස්ටින්. මේ වෙනකල් ඔය වගේ සිද්දි මුකුත්ම පෙනිල නෑ. ඒත් ඉස්සර ඔය Sleeping Paralysis කියන සිද්දිය සෑහෙන්න වෙනව.

    මම ෆ්‍රීලාන්ස් ඩිවලොපින් කරන්නෙ. ඒ නිසා හැමදාම පාන්දර 3-4 වෙනකල් නැගිටගෙන උදේ 9-10 වගේ වෙද්දි තමයි නැගිටින්නෙ. ඉස්සර ඔය Sleeping Paralysis සීන් එක බොහෝ දුරට වෙනව කවුරු හරි පාන්දර නැගිටල ඩ්‍රොප් කරන්න ගියොත්. පාන්දර 6ට වගේ නැගිටල ගමනක් ගිහිල්ල ආයිත් ඇවිල්ල නිදාගත්තම බොහෝ දුරට ඔය සීන් එක මට වෙනව. ඒ ඇරෙන්න දවල්ට මහන්සි වෙලා හදිස්සියේ නිදාගත්තොත් කලාතුරකින් ඔහොම වෙනව(ඒකත් වෙන්නෙ හරියට නිදානොගත්තෙත් ඒ කිව්වෙ පුටුවක ඇල වෙලා නිදාගත්තොත් වගේ, පහසු ඉරියව්වකින් නැතුව)

    ඉස්සරම මම ෆෑන් එක දාගෙන තමයි නිදාගන්නෙ. මොකක්හරි වැඩක් නිසා අර සාමාන්‍ය නිදාගන්න ටයිම් එක පහු වුණොත් මට එදාට බොහෝ දුරට ඔය කේස් එක වෙනව ඉස්සර. මම ඔය නිදාගන්න සීන් එක නිසාම පස්සෙ AC කරා කාමරේ. එදා ඉඳන් කිසිම දෝෂයක් ඇවිල්ල නෑ බං. සැපට නිදාගෙන ලස්සනට උදේට ඇහැරෙනව.

    මගේ නිගමනය නම් ඔය සීන් එක බොහෝ දුරට වෙන්නෙ හරියට නිදාගත්තෙ නැති වුණාම. ඒ කියන්නෙ හැමෝගෙම නිදාගන්න චක්‍රයක් තියෙනව නේ. අන්න ඒක මිස් වුණොත්. එහෙම නැත්නම් නිදාගන්න තැනේ අවුලක් ගියොත්. එහෙම නැත්නම් හරියට නින්ද නොගියොත් වගේ නිදාගැනීම රිලේටඩ් දේවල් වලින් වෙන දෙයක් කියල මට හිතෙන්නෙ.

    මට වුණ අත්දැකීම තමයි. ඔය සිද්දිය වෙන්න එද්දිම තේරෙනව ආහ් බඩු හම්බවෙන්න තමයි හදන්නෙ වගේ ෆීලින් එකක් හිතට එනව. ඒත් එක්කම ඇඟපත හොල්ලන්න බෑ වගේ. අතපය ඔක්කොම හිරවෙලා. Parlays වෙලා ඉන්නෙ වගේ දැනෙනව. හිතට සෑහෙන ලොකු බයක් තේරෙනව. ඒක වචනෙන් විස්තර කරන්න බැරි තරම් එකක්. හරියට නිකං අමු සොහොනක මල රෑ කවුරු හරි ගිහිල්ල අතඇරල දැම්ම වගේ හිතට දැන්නෙන්නෙ. ගොඩක් ලොකු බයක් දැනෙනව. මුලින් ඕක වුණ හැම දවසක වගේම ඉතිපිසෝ ගාථාව මම හිතින් කියනව දිගටම. ඒ කියද්දි තව ටිකක් හිරවෙනව වගේ දැනෙනව. කොහොමහරි මුලු සීන් එකම යන්නෙ විනාඩියක් දෙකක් වගේ කාලයක්. ඒ කාලෙ ගොඩක් අමිහිරි නිසා පැයක් දෙකක් වගේ නිකං තේරෙන්නෙ.
    කොහොමහරි මට නම් ඕක වුණ හැමසැරේකම වගේ මගේ කාමරේ ලයිට් එකේ ස්විච් එක තියෙන්නෙ ඇඳ ළඟ. මම ඒක ඔන් කරන්න හදනව හිතට එන බයටම ඒත් ඔන් කරන්න නැගිටින්න බෑ. කොච්චර ට්‍රයි කරත් මට ඒක කරන්න බෑ. කෑ ගහන්න හදනව කෑ ගැහෙන්නෙ නෑ. අතපය හොල්ලන්න හදනව හෙල්ලෙන්නෙ නෑ. දොර ඇරගෙන එළියට යන්න ඕන මෙතැන ඉන්න සුදුසු නෑ වගේ දැනෙනව. ඒත් ඇඳෙන් බහින්න කොච්චර උත්සාහ කරත් බහින්න බෑ. තව මට මගේ ඇඟම පේනව වගේ දැනිල තියෙනව දවසක් නැත්නම් දෙකක්. ඒ කියන්නෙ ඇඳ උඩ සිවිලිමේ ඉඳගෙන කෙනෙක් මගේ ඇඟ දිහා බලාගෙන ඉන්නකොට පෙනෙන රූපයම මට පේනව වගේ දැනිල තියෙනව. ලොකු හොල්මන් බයක් වගේ තමයි දැනෙන්නෙ.

    හැබැයි මට එකම එක දවසක් අත්භූත සිදුවීමක් වුණා මේකත් එක්ක. ඒ අපේ නෑදෑ කෙනෙක්ගෙ ගෙදර ගියා. එහේ පොඩ්ඩක් ඔය හොල්මන් සීන් තියෙනව කියල මට කට්ටිය කියල තියෙනව. ඒ නිසා මගේ හිතේ ඒක වැඩ කරා(සමහර විට ඒ නිසා වෙන්න ඇති මේ වගේ දෙයක් වුණේ). මට ගමන් මහන්සියට ඒ ගෙදර සෙටි එකේම නින්ද ගියා. ටිකක් වෙලා යද්දි මට තේරුනා අර සිද්දිය වෙන්න හදනව වගේ. මට හැබැයි එවෙලෙනම් ගොඩක් බය හිතුන ගෙදරදි ඒක වෙනවටත් වැඩිය. මට නිකං හොල්මන් වට කරගෙන ඉන්නව වගේ සිද්දියක් තේරුනා. ඒත් එක්කම සුපුරුදු විදියටම මම ඉතිපීසෝ ඝාතාව කියන්න ගත්ත. ඒක කියල ඉවර වුණ ගමන්ම මට හොඳටම ඇහුන මගේ කණට කිට්ටු කරල කවුරුහරි කිව්ව ගොඩක් බර සද්දෙකින් හැබැයි රහසින් කිව්වෙ. "මම **** භූතය, උඹ මේ පැත්ත පලාතෙ ආයිත් එන්න හිතන්නවත් එපා" කියල. ඔය තරු දාල තියෙන ටික මට හරියට ඇහුනෙ නෑ. අදටත් මතක නෑ. තාම ඒ සද්දෙ මගේ කනේ තියෙනව. මම නැගිට්ට ගමන් බය වුණේ නම් නෑ අමුත්තක් දැනුන. මම සාමාන්‍යයෙන් හොල්මන් දේවල් වලට බය වෙන්නෙ නෑ වැඩිය. මම එවෙලෙම ෆෝන් එක අරගෙන ගහල බැලුව Sleeping Paralysis කියල. එතකොට Wikipedia එකේම ආව මට, සමහර අයට කණට මුමුණන සද්ද ඇහිල තියෙනව කියල අත්දැකීම් තියේ කියල.

    මම මේක දිහා අදටත් බලන්නෙ Scientifically. මට කියන්න අමතක වුණා. මුලින් ඔය සිද්දිය වෙද්දි මම දන්නෙ නෑ ඕකට කියන නම Sleeping Paralysis කියලවත්. මම හිතුවෙ මොකක් හරි ලොකු ප්‍රශ්නයක් කියල. පස්සෙ මම අයියගෙන් ඇහුව ඔය සිද්දිය(පොර ඩොක්ට කෙනෙක්), එතකොට තමයි ඔය නම කිව්වෙ. ඕක සාමාන්‍ය දෙයක් ගණං ගන්න එපා කිව්ව පොඩ්ඩක්වත්. හැබැයි මම අරෙහෙදි වුණ සිද්දිය කිව්ව නම් පොරත් පොඩ්ඩක් බය වුණා.
    සමහරවිට ඕකෙ විද්‍යාවට එහා ගිය දෙයක් තියෙන්න පුලුවන්. ඒත් මම නම් විශ්වාස කරන්නෙ විද්‍යාත්මකදෙයක් කියල අදටත්.

    මේ ත්‍රෙඩ් එක දාපු කෙනාට කියන්න තියෙන්නෙ හරියට වෙලාවකට නිදාගන්න වෙලාවකට ඇහැරෙන්නෙ. නින්දට බාදා වෙන දේවල් තියාගන්න එපා. බාදාවෙන ඉරියව් වලින් නිදාගන්න එපා. මම මේකෙ ත්‍රෙඩ් හෙව්ව ගොඩක් ඔය සම්බන්ධව. ගොඩක් ත්‍රෙඩ් ගිහිල්ල තිබ්බ මේ ගැන. ඕන නම් කියපං මම ලින්ක් ටිකක් හොයල දාන්නම්. එක්කෙනෙක් කියල තිබ්බ මතකයි මෙහෙම වෙද්දිම ඇඟ හොලවන්නෙ නැතුව ඉන්න කියල. එතකොට හරියනව කියල. මට ඒක කරල බලන්න ඊට පස්සෙ ඒක වුණේ නෑ.

    මට අයිය නම් මේක විද්‍යාත්මකව කිව්වෙ. අපි නින්දට යද්දි අපේ ඇඟ මොළෙන් අක්‍රිය කරනව කියල. ඒත් එක්කම අපේ මනසත් නින්දට යනව කියල. ඒ දෙකම නින්දට ගියාම තමයි අපි නිදාගන්නෙ කියල. ඒ නිදාගනිද්දිම මොළෙන් එහෙම අපේ ඇඟම පැරලයිස් කරන්නෙ අපි දකින හීන වලින් ඇවිදගෙන ගිහිල්ල අපිටම හානියක් කරගනියි කියලලු. සමහර අයගෙ ඇඟ නිදාගත්තත් මනස ඇහැරෙනවලු. අන්න එහෙම වෙලාවටලු අපේ සිතුවිලි ක්‍රියාත්මක වෙන්නෙ ඒත් ඇඟ පැරලයිස් නිසා කිසිම දෙයක් කරන්න බැරි. එවෙලෙට එන බයට හිතට එන්නෙම නරක සිතුවිලි. එහෙම දෙයක් ඔතැන වෙන්නෙ.
    වැඩිය හිතන්න එපා බං. තව දැනගන්න දේවල් තියේනම් අහපං. එල!:):):)