මම ජීවිතයත් මරණයත් අතර වෙන්න පුලුවන් උදව&#3530

divoomdelux

Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    නිදි ආඝාතය (Sleep Paralysis) තමයි කියලා මමත් හිතන්නේ :D
    ඔය බය නැතිකරන්න උත්සාහ කරන්න ටික ටික.
    එතකොට හැදුනට ඔය විදියට බය හිතෙන්නේ නෑ.

    තමුන්ටම ඒ බය අඩුකරගන්න බැරිනම් මේ දවස් ටික පහුවෙනකම් ඉඳලා
    මනෝවෛද්‍යවරයෙක් මුණගැහෙන එක තමයි මං හිතන්නේ හොඳම දේ.

    (වෛද්‍යරයෙක් හෝ ඒ සම්බන්ධ වෘත්තීය දැනුම තියන කෙනෙක් නෙවෙයි මං.
    අත්දැකීම් ඇසුරින් කිව්වේ. :) )

    Yeah.. True..
     
    fitta

    Member
    Sep 23, 2009
    125
    7
    0
    ඔන්න කිව්ව වගේම මම මගේ අත්දැකීම දානව,
    මාත් එච්චරටම හොල්මන් සීන් වලට බය කෙනෙක් නෙමෙයි. ඒත් පොඩ්ඩක් විතර ඉන්ටරෙස්ටින්. මේ වෙනකල් ඔය වගේ සිද්දි මුකුත්ම පෙනිල නෑ. ඒත් ඉස්සර ඔය Sleeping Paralysis කියන සිද්දිය සෑහෙන්න වෙනව.

    මම ෆ්‍රීලාන්ස් ඩිවලොපින් කරන්නෙ. ඒ නිසා හැමදාම පාන්දර 3-4 වෙනකල් නැගිටගෙන උදේ 9-10 වගේ වෙද්දි තමයි නැගිටින්නෙ. ඉස්සර ඔය Sleeping Paralysis සීන් එක බොහෝ දුරට වෙනව කවුරු හරි පාන්දර නැගිටල ඩ්‍රොප් කරන්න ගියොත්. පාන්දර 6ට වගේ නැගිටල ගමනක් ගිහිල්ල ආයිත් ඇවිල්ල නිදාගත්තම බොහෝ දුරට ඔය සීන් එක මට වෙනව. ඒ ඇරෙන්න දවල්ට මහන්සි වෙලා හදිස්සියේ නිදාගත්තොත් කලාතුරකින් ඔහොම වෙනව(ඒකත් වෙන්නෙ හරියට නිදානොගත්තෙත් ඒ කිව්වෙ පුටුවක ඇල වෙලා නිදාගත්තොත් වගේ, පහසු ඉරියව්වකින් නැතුව)

    ඉස්සරම මම ෆෑන් එක දාගෙන තමයි නිදාගන්නෙ. මොකක්හරි වැඩක් නිසා අර සාමාන්‍ය නිදාගන්න ටයිම් එක පහු වුණොත් මට එදාට බොහෝ දුරට ඔය කේස් එක වෙනව ඉස්සර. මම ඔය නිදාගන්න සීන් එක නිසාම පස්සෙ AC කරා කාමරේ. එදා ඉඳන් කිසිම දෝෂයක් ඇවිල්ල නෑ බං. සැපට නිදාගෙන ලස්සනට උදේට ඇහැරෙනව.

    මගේ නිගමනය නම් ඔය සීන් එක බොහෝ දුරට වෙන්නෙ හරියට නිදාගත්තෙ නැති වුණාම. ඒ කියන්නෙ හැමෝගෙම නිදාගන්න චක්‍රයක් තියෙනව නේ. අන්න ඒක මිස් වුණොත්. එහෙම නැත්නම් නිදාගන්න තැනේ අවුලක් ගියොත්. එහෙම නැත්නම් හරියට නින්ද නොගියොත් වගේ නිදාගැනීම රිලේටඩ් දේවල් වලින් වෙන දෙයක් කියල මට හිතෙන්නෙ.

    මට වුණ අත්දැකීම තමයි. ඔය සිද්දිය වෙන්න එද්දිම තේරෙනව ආහ් බඩු හම්බවෙන්න තමයි හදන්නෙ වගේ ෆීලින් එකක් හිතට එනව. ඒත් එක්කම ඇඟපත හොල්ලන්න බෑ වගේ. අතපය ඔක්කොම හිරවෙලා. Parlays වෙලා ඉන්නෙ වගේ දැනෙනව. හිතට සෑහෙන ලොකු බයක් තේරෙනව. ඒක වචනෙන් විස්තර කරන්න බැරි තරම් එකක්. හරියට නිකං අමු සොහොනක මල රෑ කවුරු හරි ගිහිල්ල අතඇරල දැම්ම වගේ හිතට දැන්නෙන්නෙ. ගොඩක් ලොකු බයක් දැනෙනව. මුලින් ඕක වුණ හැම දවසක වගේම ඉතිපිසෝ ගාථාව මම හිතින් කියනව දිගටම. ඒ කියද්දි තව ටිකක් හිරවෙනව වගේ දැනෙනව. කොහොමහරි මුලු සීන් එකම යන්නෙ විනාඩියක් දෙකක් වගේ කාලයක්. ඒ කාලෙ ගොඩක් අමිහිරි නිසා පැයක් දෙකක් වගේ නිකං තේරෙන්නෙ.
    කොහොමහරි මට නම් ඕක වුණ හැමසැරේකම වගේ මගේ කාමරේ ලයිට් එකේ ස්විච් එක තියෙන්නෙ ඇඳ ළඟ. මම ඒක ඔන් කරන්න හදනව හිතට එන බයටම ඒත් ඔන් කරන්න නැගිටින්න බෑ. කොච්චර ට්‍රයි කරත් මට ඒක කරන්න බෑ. කෑ ගහන්න හදනව කෑ ගැහෙන්නෙ නෑ. අතපය හොල්ලන්න හදනව හෙල්ලෙන්නෙ නෑ. දොර ඇරගෙන එළියට යන්න ඕන මෙතැන ඉන්න සුදුසු නෑ වගේ දැනෙනව. ඒත් ඇඳෙන් බහින්න කොච්චර උත්සාහ කරත් බහින්න බෑ. තව මට මගේ ඇඟම පේනව වගේ දැනිල තියෙනව දවසක් නැත්නම් දෙකක්. ඒ කියන්නෙ ඇඳ උඩ සිවිලිමේ ඉඳගෙන කෙනෙක් මගේ ඇඟ දිහා බලාගෙන ඉන්නකොට පෙනෙන රූපයම මට පේනව වගේ දැනිල තියෙනව. ලොකු හොල්මන් බයක් වගේ තමයි දැනෙන්නෙ.

    හැබැයි මට එකම එක දවසක් අත්භූත සිදුවීමක් වුණා මේකත් එක්ක. ඒ අපේ නෑදෑ කෙනෙක්ගෙ ගෙදර ගියා. එහේ පොඩ්ඩක් ඔය හොල්මන් සීන් තියෙනව කියල මට කට්ටිය කියල තියෙනව. ඒ නිසා මගේ හිතේ ඒක වැඩ කරා(සමහර විට ඒ නිසා වෙන්න ඇති මේ වගේ දෙයක් වුණේ). මට ගමන් මහන්සියට ඒ ගෙදර සෙටි එකේම නින්ද ගියා. ටිකක් වෙලා යද්දි මට තේරුනා අර සිද්දිය වෙන්න හදනව වගේ. මට හැබැයි එවෙලෙනම් ගොඩක් බය හිතුන ගෙදරදි ඒක වෙනවටත් වැඩිය. මට නිකං හොල්මන් වට කරගෙන ඉන්නව වගේ සිද්දියක් තේරුනා. ඒත් එක්කම සුපුරුදු විදියටම මම ඉතිපීසෝ ඝාතාව කියන්න ගත්ත. ඒක කියල ඉවර වුණ ගමන්ම මට හොඳටම ඇහුන මගේ කණට කිට්ටු කරල කවුරුහරි කිව්ව ගොඩක් බර සද්දෙකින් හැබැයි රහසින් කිව්වෙ. "මම **** භූතය, උඹ මේ පැත්ත පලාතෙ ආයිත් එන්න හිතන්නවත් එපා" කියල. ඔය තරු දාල තියෙන ටික මට හරියට ඇහුනෙ නෑ. අදටත් මතක නෑ. තාම ඒ සද්දෙ මගේ කනේ තියෙනව. මම නැගිට්ට ගමන් බය වුණේ නම් නෑ අමුත්තක් දැනුන. මම සාමාන්‍යයෙන් හොල්මන් දේවල් වලට බය වෙන්නෙ නෑ වැඩිය. මම එවෙලෙම ෆෝන් එක අරගෙන ගහල බැලුව Sleeping Paralysis කියල. එතකොට Wikipedia එකේම ආව මට, සමහර අයට කණට මුමුණන සද්ද ඇහිල තියෙනව කියල අත්දැකීම් තියේ කියල.

    මම මේක දිහා අදටත් බලන්නෙ Scientifically. මට කියන්න අමතක වුණා. මුලින් ඔය සිද්දිය වෙද්දි මම දන්නෙ නෑ ඕකට කියන නම Sleeping Paralysis කියලවත්. මම හිතුවෙ මොකක් හරි ලොකු ප්‍රශ්නයක් කියල. පස්සෙ මම අයියගෙන් ඇහුව ඔය සිද්දිය(පොර ඩොක්ට කෙනෙක්), එතකොට තමයි ඔය නම කිව්වෙ. ඕක සාමාන්‍ය දෙයක් ගණං ගන්න එපා කිව්ව පොඩ්ඩක්වත්. හැබැයි මම අරෙහෙදි වුණ සිද්දිය කිව්ව නම් පොරත් පොඩ්ඩක් බය වුණා.
    සමහරවිට ඕකෙ විද්‍යාවට එහා ගිය දෙයක් තියෙන්න පුලුවන්. ඒත් මම නම් විශ්වාස කරන්නෙ විද්‍යාත්මකදෙයක් කියල අදටත්.

    මේ ත්‍රෙඩ් එක දාපු කෙනාට කියන්න තියෙන්නෙ හරියට වෙලාවකට නිදාගන්න වෙලාවකට ඇහැරෙන්නෙ. නින්දට බාදා වෙන දේවල් තියාගන්න එපා. බාදාවෙන ඉරියව් වලින් නිදාගන්න එපා. මම මේකෙ ත්‍රෙඩ් හෙව්ව ගොඩක් ඔය සම්බන්ධව. ගොඩක් ත්‍රෙඩ් ගිහිල්ල තිබ්බ මේ ගැන. ඕන නම් කියපං මම ලින්ක් ටිකක් හොයල දාන්නම්. එක්කෙනෙක් කියල තිබ්බ මතකයි මෙහෙම වෙද්දිම ඇඟ හොලවන්නෙ නැතුව ඉන්න කියල. එතකොට හරියනව කියල. මට ඒක කරල බලන්න ඊට පස්සෙ ඒක වුණේ නෑ.

    මට අයිය නම් මේක විද්‍යාත්මකව කිව්වෙ. අපි නින්දට යද්දි අපේ ඇඟ මොළෙන් අක්‍රිය කරනව කියල. ඒත් එක්කම අපේ මනසත් නින්දට යනව කියල. ඒ දෙකම නින්දට ගියාම තමයි අපි නිදාගන්නෙ කියල. ඒ නිදාගනිද්දිම මොළෙන් එහෙම අපේ ඇඟම පැරලයිස් කරන්නෙ අපි දකින හීන වලින් ඇවිදගෙන ගිහිල්ල අපිටම හානියක් කරගනියි කියලලු. සමහර අයගෙ ඇඟ නිදාගත්තත් මනස ඇහැරෙනවලු. අන්න එහෙම වෙලාවටලු අපේ සිතුවිලි ක්‍රියාත්මක වෙන්නෙ ඒත් ඇඟ පැරලයිස් නිසා කිසිම දෙයක් කරන්න බැරි. එවෙලෙට එන බයට හිතට එන්නෙම නරක සිතුවිලි. එහෙම දෙයක් ඔතැන වෙන්නෙ.
    වැඩිය හිතන්න එපා බං. තව දැනගන්න දේවල් තියේනම් අහපං. එල!:):):)

    මචං උඹ ගොඩාක් ලොකු විස්තරයක් කරලා තියනවා මේ ගැන ඉස්සෙල්ලම ඒකට පිං. නින්ද අඩුකම මානසික පීඩනය මේ දවස්වල තියන තත්වෙත් එක්ක නම් මගේ මේ සිද්ධියට ලොකුවට බලපාන්නේ නෑ කියලයි මට හිතෙන්නේ මොකද මම ජොබ් එකට යනකොට නම් රෑ එක දෙක වෙනකොට නිදාගෙන උදේ 5ට ඇහෙරෙන දවස් තියනවා ඕන තරම් අනිත් එක ෆුල් ස්ට්‍රෙස් ජොබ් එකේ එහෙම දවස්වල කොහෙත්ම මට මේ දේ වෙලා නැතුව මේ ගෙදරට වෙලා රිලැක්ස් එකෙ ඉන්නකොට පැය 8ටත් වඩා නිදා ගත්තත් එක්ක මේ ටිකේ එහෙම තියෙද්දි මොකද්ද මේ වෙන්නේ කියල තමයි හිතාගන්න අමාරු. හැබයි මචං උඹ කිව්වා වගේ නිදා ගැනීමේ රාටාව හොඳ නින්දකට හරි වුනේ වෙනසක් නිසාද දන්නේ නෑ මේ කරුමේ වෙන්නේ. ගොඩක් ස්තූතී සහෝ...
     
    haritha_kh

    Active member
  • Jun 16, 2018
    245
    108
    43
    ඔය සීන් මටත් ඉස්සර තිබ්බා. ඔය විදිහමයි. මම මෛත්‍රී භාවනාව කරන්ඩ පටන් ගත්තත් හරි තාම මොකුත් වෙලා නෑ
     
    • Like
    Reactions: fitta

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,457
    113
    This is not going to help you much but it might help you to understand about the condition.
    There are recent suggestions that it could be a result of a glitch in the mirror neurons.

    Pls read....
    Sleep Paralysis, “The Ghostly Bedroom Intruder” and Out-of-Body Experiences: The Role of Mirror Neurons

    https://www.ncbi.nlm.nih.gov/pmc/articles/PMC5329044/
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මචං උඹ ගොඩාක් ලොකු විස්තරයක් කරලා තියනවා මේ ගැන ඉස්සෙල්ලම ඒකට පිං. නින්ද අඩුකම මානසික පීඩනය මේ දවස්වල තියන තත්වෙත් එක්ක නම් මගේ මේ සිද්ධියට ලොකුවට බලපාන්නේ නෑ කියලයි මට හිතෙන්නේ මොකද මම ජොබ් එකට යනකොට නම් රෑ එක දෙක වෙනකොට නිදාගෙන උදේ 5ට ඇහෙරෙන දවස් තියනවා ඕන තරම් අනිත් එක ෆුල් ස්ට්‍රෙස් ජොබ් එකේ එහෙම දවස්වල කොහෙත්ම මට මේ දේ වෙලා නැතුව මේ ගෙදරට වෙලා රිලැක්ස් එකෙ ඉන්නකොට පැය 8ටත් වඩා නිදා ගත්තත් එක්ක මේ ටිකේ එහෙම තියෙද්දි මොකද්ද මේ වෙන්නේ කියල තමයි හිතාගන්න අමාරු. හැබයි මචං උඹ කිව්වා වගේ නිදා ගැනීමේ රාටාව හොඳ නින්දකට හරි වුනේ වෙනසක් නිසාද දන්නේ නෑ මේ කරුමේ වෙන්නේ. ගොඩක් ස්තූතී සහෝ...
    මචං උඹට Heart ලෙඩ නැතුව ඇති නේද? ඒව නැත්නම් Physically බය වෙන්න දෙයක් නෑ මට හිතෙන විදියට. මොකද ඔය සිද්දිය වෙද්දි ඇඟ සෑහෙන්න වෙහෙසෙනව වගේ දැනෙනව. මස් පිඩු වේදනාව. ගොඩක් බය වෙන නිසා හාට් එක ගොඩක් වැඩ කරනව. ඒ නිසා හාට් අවුලක් තියෙන එකෙක් නම් එවෙලෙට මොකක්හරි ප්‍රශ්නයක් වෙන්න පුලුවන් කියල හිතෙනව මට.

    දැන් උඹ වැඩ කරන කාලෙ ගොඩක් ස්ට්‍රෙස් කිව්ව ආයිත් දැන් ෆ්‍රී එකේ ඉන්නෙ කිව්ව. ඒ නිසාම වෙන්න පුලුවන් මේ සිද්දිය වෙන්නෙ බං. හැබැයි කොහොම වුණත් උඹ මේක ගැන ගොඩක් හිතනව, බය වෙනව වැඩියි. ඒ නිසා තමයි මේක නැවත නැවත වෙද්දි සෑහෙන්න බය වෙන්නෙ. සමහරවිට නැවත නැවත වෙන්නත් හේතුව ඒ අනවශ්‍ය බය, අවධානය වෙන්නත් පුලුවන්.

    කොහොමහරි ඔතැන වෙන්නෙ ඔය සිද්දිය වෙද්දිම භයානක සිතුවිලි අපේ හිතට එනව. ඒ නිසා තමයි ඔය හැමදේම වෙන්නෙ. මට හිතෙනව ඒ වෙලාවෙ මොකක්හරි සුන්දර දෙයක් හිතන්න පුලුවන් නම් ඔය භය එන්නෙ නෑ කියල.

    දැන් උඹ හිතපං කෙනෙක්ව සොහොනකට අරඅරිනව කියල, කෙනෙක් බය වෙන්න පුලුවන් තව කෙනෙක් මේ මොන විකාරයක්ද කියල බය නොවි තරහ යන්න පූලවන්. අන්න ඒ වගේ දෙයක්. එවෙලෙ අපේ මනස වැඩ කරන විදිය අනුව තමයි තීරණය වෙන්නෙ ඒක.

    මම නම් විශ්වාස කරන්නෙ කිසිම අත්භූත දෙයක් ඔතැන නෑ තනිකරම විද්‍යාත්මක දෙයක් තියෙන්නෙ කියල. උඹට බේරුමක්ම නෑ වගේ නම් කට්ටිය කියනව වගේ ඩොක්ට කෙනෙක් හම්බවෙන්න යන්න මචං. එතකොට එයා මනස සැහැල්ලු කරන්න මොනව හරි කරයි. එහෙම නැත්නම් මම කිව්ව වගේ ගණං නොගෙන ඉන්න ඒක ගැන හිතන්නෙ නැතුව. කොහොමහරි නිධන්ගත රෝග තියේ නම් ඒ ගැන හිතල ඩොක්ට කෙනෙක් හම්බවෙන්න යන්න මචං ඉක්මණටම.

    එල!:):):)

    මාත් හිතන්නේ මේ කලබල අඩු වුනාම මානසික වෛද්‍යවරයෙක්වත් හම්බ වෙන්න වෙනවා. ගොඩක් පිං මේ ගැන උවමනාවෙන් හිතලා වටින අදහස් එකතු කරාට.
     
    fitta

    Member
    Sep 23, 2009
    125
    7
    0
    ඔය සීන් මටත් ඉස්සර තිබ්බා. ඔය විදිහමයි. මම මෛත්‍රී භාවනාව කරන්ඩ පටන් ගත්තත් හරි තාම මොකුත් වෙලා නෑ

    මාත් ඊයේ රෑ නිදාගන්න කලින් මෛත්‍රී භාවනාව කරන්න හැදුවා හිත කොහෙත්ම එක තැනක තියෙන්නේ නෑ බන් ඒත් දන්නෙම නැතුව වෙන වෙන විකාර ඔලුවට එන්නේ. එහෙම්ම මට නින්ද ගිහින් තිබුනා ඊයේ නම් මේ කේස් එක වුනේ නෑ ඊට කලින් මම බුඳුන් වැන්දා ඒකත් සමහරවිට බලපාන්න ඇති. ස්තූතී මචන්.

    This is not going to help you much but it might help you to understand about the condition.
    There are recent suggestions that it could be a result of a glitch in the mirror neurons.

    Pls read....
    Sleep Paralysis, “The Ghostly Bedroom Intruder” and Out-of-Body Experiences: The Role of Mirror Neurons

    https://www.ncbi.nlm.nih.gov/pmc/articles/PMC5329044/

    ok machan thank u so much for ur help.

    Meditation karapan..budusaranai

    හරි මචන් ස්තූතී.
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    මේකේ මචං හරි හමන් උපදෙසක් දෙන්න කෙනෙක් ඉඳියි කියල මටනම් හිතෙන්නෙ නැ,ඔයා මේක මඩවල උපාලි හාමුදුරුවන්ගෙන් ඇහැව්වා නම් හොඳ උත්තරයක් ලැබෙයි කියල හිතෙනවා මොකද උන්වහනසේට මේ දෙවල් ගැන හොඳ අවබෝධයක් තියන භාවනායෝගිව වැඩවසන ස්වාමින්වහන්සේ කෙනෙක්,ඉක්මනින් සුවය ලැබේවා මචං !!!!!

    https://www.facebook.com/venmadawala.upalithero

    http://www.meditation.lk/
     
    subash dushmantha

    Well-known member
  • Aug 27, 2010
    1,333
    255
    83
    Ja-Ela
    මේකේ මචං හරි හමන් උපදෙසක් දෙන්න කෙනෙක් ඉඳියි කියල මටනම් හිතෙන්නෙ නැ,ඔයා මේක මඩවල උපාලි හාමුදුරුවන්ගෙන් ඇහැව්වා නම් හොඳ උත්තරයක් ලැබෙයි කියල හිතෙනවා මොකද උන්වහනසේට මේ දෙවල් ගැන හොඳ අවබෝධයක් තියන භාවනායෝගිව වැඩවසන ස්වාමින්වහන්සේ කෙනෙක්,ඉක්මනින් සුවය ලැබේවා මචං !!!!!

    https://www.facebook.com/venmadawala.upalithero

    http://www.meditation.lk/

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මචං උඹ ගොඩාක් ලොකු විස්තරයක් කරලා තියනවා මේ ගැන ඉස්සෙල්ලම ඒකට පිං. නින්ද අඩුකම මානසික පීඩනය මේ දවස්වල තියන තත්වෙත් එක්ක නම් මගේ මේ සිද්ධියට ලොකුවට බලපාන්නේ නෑ කියලයි මට හිතෙන්නේ මොකද මම ජොබ් එකට යනකොට නම් රෑ එක දෙක වෙනකොට නිදාගෙන උදේ 5ට ඇහෙරෙන දවස් තියනවා ඕන තරම් අනිත් එක ෆුල් ස්ට්‍රෙස් ජොබ් එකේ එහෙම දවස්වල කොහෙත්ම මට මේ දේ වෙලා නැතුව මේ ගෙදරට වෙලා රිලැක්ස් එකෙ ඉන්නකොට පැය 8ටත් වඩා නිදා ගත්තත් එක්ක මේ ටිකේ එහෙම තියෙද්දි මොකද්ද මේ වෙන්නේ කියල තමයි හිතාගන්න අමාරු. හැබයි මචං උඹ කිව්වා වගේ නිදා ගැනීමේ රාටාව හොඳ නින්දකට හරි වුනේ වෙනසක් නිසාද දන්නේ නෑ මේ කරුමේ වෙන්නේ. ගොඩක් ස්තූතී සහෝ...

    මාත් හිතන්නේ මේ කලබල අඩු වුනාම මානසික වෛද්‍යවරයෙක්වත් හම්බ වෙන්න වෙනවා. ගොඩක් පිං මේ ගැන උවමනාවෙන් හිතලා වටින අදහස් එකතු කරාට.
    වෙන දේවල් ගැන ත්‍රෙඩ් එකේ අප්ඩේට් එකක් දෙන්න මචං. ඉස්සරහටත් මේ ප්‍රශ්නෙම වෙලා බලන්න එන කෙනෙක්ට මේක ගොඩක් වැදගත් වේවි!:):):)
     
    Nalinjawa

    Well-known member
  • Jan 13, 2008
    290
    346
    63
    මටත් ඔය වැඩේ පොඩි කාලේ ගොඩක් තිබ්බා. මෑතකදී අන්තිමට හැදුනේ ගිය අවුරුද්දේ. ගෑනියෙක් මාව බිමට තද කරගෙන ඉන්නවා වගේ තමා දැනුනේ. කොහොම හරි ඒ ගෑනිව උස්සල පැත්තකට විසිකලා. ඊට පස්සේ ඒ පැත්ත බලනකොට එකී අයෙ ම දිහාට එනවා වගේ දැක්ක. අත උස්සල මුනට shot එකක් දුන්න. බලනකොට එක වැදුනේ wife ට. හොඳ වෙලාවට පිටට වැදුනේ. මගේ පැත්ත බලාගෙන හිටියනම් මුණ damage වෙනවා.
    මේක sleep paralyze තමා. එත් එකේ මේ වගේ භයානක පැත්තක් තියෙන්න පුළුවන්, පොඩි බබත් ඇඳේ ඉන්න නිසා.
    හොඳම දේ doctor කෙනෙක් හම්බ වෙන එක