

මචංලා මම ජොබ් 1න් අයින් වෙලා පොඩි බිස්නස් එකකට අත ගැහුවා මීට මාස 3 කට කලින්.මම වැඩ කලේ රජයේ සේවයේ.අහන්න එපා අයින් උනේ ඇයි කියලා.
වර්ථමානය හොඳ උනාට අනාගතය ගැන පැහැදිලි චිත්‍රයක් මට එතනින් හදා ගන්න බැරි උනා මචංලා.අවුරුදු 7ක්ම මම එතන වැඩ කලා.හැම අවුරුද්දකම ආපහු හැරිලා බලද්දි මට පෙණුනෙම මම එතනම නේද කියලා
.ඉතින් මම මීට අවුරුදු 3කට කලින් ඉදන්ම වගේ පොඩි ව්‍යාපාර කටයුත්තකට අතගහල තිබුනා.වැටිලි නැගිටිලි මැද්දෙන් හිමින් හිමින් ඒ අවුරුදු 3ම මම ආවා යාළුවනේ.
ඒ වැඩේටම පූර්ණ කාළයම යොදවන්න ඕන කියලා හිතාගෙන මම අවුරුදු 7 ක් කරපු ජොබ් එක අත්හැරියා
.පුදන කොටම කාපි යකා වගේ පහුගිය මාස 3නම මම ලොස්
.2012 වෙන කොට තවත් අළුත් වැඩකට අතගහන්න ඉන්නේ.ඒකෙත් 90% කටයුතු ඉවරයි.විස්තර හිමිහිට කියන්නම්
ඉතින් එළකිරි සෙට් එකට මම කියන්න හැදුවේ මේක නෙමේ.මම අද අයෙමත් තාත්ත කෙනෙක් උනා.අද දවල් මාගේ දෙවෙනි දූ සිඟිත්ත මෙලොව එලිය දුටුවා.ඒ සතුට එළකිරිය එක්ක බෙදා ගන්න ඕනි කියලා හිතලයි මම මේ පෝස්ට් එක මාස ගාණකට පස්සේ දාන්නේ.මගේ ලොකු දුවට අකුරු කියවන එකත් මම දැම්මා.
මෙන්න ලින්කුව.
අම්මයි පැටියයි සුවසේ ඉන්නවා.තාම හොස්පිට්ල් එකේ.මම 7ට විතර තමා ගෙදර ආවේ.මගේ අම්මා එතන එයත් එක්ක ඉන්නවා
පළවෙනි දුව හම්බ උනේ රාගම රජයේ රෝහලේ.අම්මයි පැටියයි මමයි වින්ද දුකමතක තිබුන හින්දා මේ පාර පුද්ගලික රෝහලක තමයි ඉන්නේ
.සල්ලි යහමින් නැති උනත් තව පැටියෙක් හම්බවෙන්න ඉන්නවා කියල දැනගත්ත ගමන් පුළුවන් විදිහට ඉතිරි කරල සල්ලි ටික හොයල තිබ්බ යාළුවනේ.බබා හම්බවෙන වෙලාවෙත් මට ලඟටම වෙලා ඉන්න තිබුනත්,ඩොක්ටර් එන්න කියල කිව්වත් මම ගියෙනම් නැහැ, වෙන කවුරු හරිනම් මම ඉන්නවා ,මගේ ආදරණීය කෙල්ලව මට එහෙම බලන්න බැහැ.එයත් ඒක දන්නව.එයා ඩොක්ටර්ට කියලා මම එන එකක් නැහැ කියලා
පැටියගේ ෆොටෝ 1ක් ගත්ත.හරිම පුංචී.රෝස පාටයි.(පස්සේ මාගේ පාට එයි) ඔන්න ඒකත් දැම්මා.
View attachment 35929
මට අද හරිම සතුටුයි යාළුවනේ.![]()
Attatama Sathutui machan.................. Podi kellage Wasanawen ubage idiri wada katauthu okkoma Success wewa kiyala mama prarthana karanawa