ලංකාවේ තියෙන්නේ මහා අමුතු ලයිෆ් ස්ටයිල් එකක් බං
ලංකාවේ නිවාඩු වැඩි කිව්වට නිවාඩු විඳින එකෙක් නෑ
පොඩි උන්ට නිදහස තියේ කිව්වට ඔක්කොම උන් පැය 24 ම පන්ති
සිංහලු ෆක්ඩ් වෙලා ඉන්නේ
සහතික ඇත්ත. යුරෝපා රටක කාලයක් ජීවත්වෙච්ච කෙනෙක් විදියට මම දන්නව ඒ රටවල මිනිස්සු අපිට වඩා කොච්චර නිදහසක් භුක්තිවිඳිනවද කියල. උන් summer එකට සති තුනක් විතර නිවාඩු. ක්‍රිස්මස් එකට තව සති තුනක් විතර නිවාඩු. ඊට අමතරව අපේ වගේ පෞද්ගලික නිවාඩු තියෙනව. ලංකාවෙ නිවාඩු වැඩි කැලැන්ඩරෙන් විතරයි. හැබැයි අපිට වඩා උන් වැඩ කරන්න ගියාම කාර්යක්ෂමයි. වැඩට යන්න එන්න ගියාම පාරෙ ඉන්න කාලෙ අඩුයි. කන්න බොන්න ගන්න කාලෙ අඩුයි. අපේ උන් වගේ වැඩ කරන වෙලාවෙ FB, chat කරන්න යන්නෙ නෑ. පැය 7ක් 8ක් එක දිගට වැඩ කරා. ගෙදර ගියා. අපේ උන් වගේ නයිට් ගහන්නෙ, නිවාඩු දවස් වල වැඩ කරන්නෙ බොහොම කලාතුරකින්. එහෙම නැතිම තරම්. ඒ මිනිස්සු දවසට පැය 8ක් වැඩ කරල, පැය 8ක් නිදාගෙන පැය 8ක් පවුලෙ කට්ටිය සහ යාලුවො එක්ක ඉන්නව.
අපේ උන් දවසට පැය 3ක් 4ක් ට්‍රැෆික් එකේ. පාරවල් කන්නද කියලනෙ අපේ උන් අහන්නෙ.. උන්ගෙ Transport හොඳටම තියෙන නිසා ආසන්න විනාඩි 15ට උන් වැඩ Plan කරනව. අපි ගැන දුකයි මචං. අපේ උන් දවසට පැය 4ක් 5ක් වැඩ කරනව. පැය 2ක් 3ක් පවුලෙ කට්ටිය සහ යාලුවො එක්ක ඉන්නව. පැය 8ක් නිදාගන්නව. ඉතුරු පැය ගාන නාස්ති කරනව.


