මම දුවගේ ....... කරනවා
මම දුවගේ මාධ්‍ය ජීවිතය ඉවර කරනවා
රන්ජන් රාමනායකගෙන් ‘දෙරණ’ නිවේදිකාවගේ පියාට තර්ජන
‘දෙරණ’ රූපවාහිනී නාළිකා වේ 360 දේශපාලන සංවාදය මෙහෙයවන නිවේදිකා දිල්කි සමන්මලීගේ මාධ්‍ය ජීවිතය ඉවර කරන බවට එක්සත් ජාතික පක්ෂයේ රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී චිත්‍රපටි නළු රන්ජන් රාමනායක මහතා දුරකථනයෙන් තර්ජනය කර ඇත. දිල්කිගේ පියා වන සුසිල් ගුණසේකර සහ මව දැනට ඕස්ට්‍රේලියාවේ ජීවත් වන අතර රාමනායක මහතා දුරකථනයෙන් මෙම තර්ජනය කර ඇත්තේ ඊයේ අලුයම 4.30ට පමණ ය.
පියාගේ දුරකථන අංකය රාමනායක මහතා ලබාගෙන ඇත්තේ ද දුවට තර්ජනය කොට බවද වාර්තා වෙයි.
‘’ඔබේ දුව මට හොඳටම ගැහැව්වා. මගේ දේශපාලන ජීවිතය ඉවර කරන්න හැදුවා’’ රාමනායක මහතා දුරකථනයෙන් එසේ තර්ජනය කළ බව ‘දිනමිණ’ කළ විමසුමකදී සුසිල් ගුණසේකර මහතා කියා සිටියේ ය. මෙහිදී කරුණු පැහැදිලි කළ ගුණසේකර මහතා තම දියණිය මෙහෙය වන 360, උණුසුම් විවාදාත්මක වැඩසටහනක් බවක් ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්ගෙන් පවා තම දියණිය එබඳු ප්‍රශ්න අසන බවත් කියා තිබේ.
‘’රන්ජන් ඒක Hard Talk එකක්. මොළේ තියෙන අය ඒකෙන් බේරිලා යනවා. ඕවාට මුහුණ දෙන්න බැරි නම් නොගිහින් ඉන්න ඕනෑ’’ පවසමින් ගුණසේකර මහතා අවවාද කර තිබේ.
‘’මගේ මාධ්‍ය මිතුරන් ලවා දුවගේ මාධ්‍ය ජීවිතය හමාර කරනවා’’ යයි රාමනායක මහතා යළිත් ප්‍රකාශ කර තිබෙනවා.
‘’දුවට දේශපාලනයක් නෑ. දුව කරන්නෙ ජොබ් එකක්’’ යැයි පියා ප්‍රකාශ කර තිබේ.
මෙම තර්ජනය සම්බන්ධයෙන් දිල්කි සමන්මලී බම්බලපිටිය පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
රන්ජන් රාමනායක මහතා පසුගියදා 360 වැඩ සටහනට ගිය අවස්ථාවේ ඔහුට ලැබුණු මෝටර් රථ බලපත්‍රය ගැන නිවේදිකාව දිගින් දිගට ප්‍රශ්න කර තිබේ.
ප්‍රශ්නයෙන් මඟ හැරිය මන්ත්‍රීවරයා ලක්ෂ 300ක් වටිනා තීරු බදු රහිත මෝටර් රිය තම මිතුරන් අතරේ බෙදාගත් බව ප්‍රකාශ කර තිබේ.
පසුගිය මැතිවරණයට රාමනායක මහතාට මුදල් වියදම් කළ මහනුවර පළාතේ ගුරුවරියකට ද රාමනායක මහතා තර්ජනය කළ බවත් හෙළි වී තිබේ.
ගුරුවරියට රාමනායක මහතා එල්ල කරන චෝදනා සාවද්‍ය බවට එම විදුහලේ විදුහල්පතිනිය කළ ප්‍රකාශයක් ද පෙරේදා (28) ‘දෙරණ’ ප්‍රවෘත්ති තුළින් විකාශ විය.
‘දෙරණ’ නිවේදිකාව කළ පැමිණිල්ල ගැන පොලිසිය තවමත් පරීක්ෂණ අරඹා නැතැයි වාර්තා වෙයි.
තම දියණිය, කොළඹ ජීවත් වන්නේ ‘දෙරණ’ සේවිකාවන් දෙදෙනකු සමඟ බවද සුසිල් ගුණසේකර මහතා ‘දිනමිණ’ට කීය. ඇයට නිසි ආරක්ෂාව දිය යුතු බව ඔහු පොලිසියෙන් ඉල්ලා සිටී.
මෙම සිද්ධියේ දී ‘දෙරණ’ පාලකයන් ක්‍රියා කළ ආකාරය ගැන ද ගුණසේකර මහතා ස්තූතිය පළකර සිටී.

Last edited: