මම දෙමළෙක් වගේම ශ‍්‍රී ලාංකිකයෙක්..

Iron Monger

Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    මම දෙමළෙක් වගේම ශ‍්‍රී ලාංකිකයෙක්..

    මම දෙමළෙක් වගේම ශ‍්‍රී ලාංකිකයෙක්..
    ----------
    (පැපරාසි නිවුස් ලංකා -2013.මාර්තු .27)මුරලිගෙන් තමිල්නාඩුවට පිළිතුරු...

    සංගාට සහ තිසරට අයි.පී.එල් සම්පූර්ණයෙන් අහිමිවන ලකුණු..

    තමන් වසර 20 කට අධික කාලයක් ශ්‍රී ලංකා පිලේ ක්‍රීඩකයෙකු ලෙස කටයුතු කල අතර දෙමළ ජාතිකයෙකු වීම හේතුවෙන් තමන්ට කිසිදු දිනෙක මෙරටින් බලපෑමක් හෝ බාධාවක් එල්ල නොවු බව ශ‍්‍රී ලංකා කණ්ඩායමේ හිටපු සුපරි පිට දඟ පන්දු යවන ක‍්‍රීඩක මුත්තයියා මුරලිදරන් පවසයි.

    ශ්‍රී ලාංකීය ක්‍රීඩකයන්ට අයිපීඑල් තරගාවලියේ චෙන්නායිහී පැවැත්වෙන තරග වලට සහභාගීවීමට අවස්ථාව ලබා නොදීමට ගත් තීරණය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු මේ බව පවසා තිබේ. ඉන්දීය මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු පවසන්නේ ක‍්‍රිකට් ඉතිහාසයේ කණගාටුදායකම සිද්ධියක් ලෙස මෙය සටහන් වන බවයි.
    තමන් මුහුණදුන් ගැටලුකාරී අවස්ථා වලදී ශ්‍රී ලාංකීය ජනතාව තමන් සමග රැඳී සිටි බවද පවසන මුරලි මෙරට තුල යුද ගැටුමක් ක්‍රියාත්මක වුවද ශ්‍රී ලංකාවට සාමයෙන් ජීවත්වීමේ කිසිදු බාධාවක් නොතිබු බවද අවධාරණය කරයි.

    වර්තමානයේදී තමිල්නාඩුවෙන් එල්ලවන බලපෑම් හරහා යළිත් අතීතයේ මෙන් කණගාටුදායක සිද්ධීන් කිසිදිනෙක ඇතිවීමට ඉඩ නොතැබිය යුතු බවද පවසන මුත්තයියා මුරලිදරන් තම බිරිඳ උපන් නගරය වන චෙන්නායිහී තමන්ට කී‍්‍රඩා කිරීමේ අවස්ථාව අහිමිවන්නේ නම් එය කණගාටුවට කරුණක් බවද කියා සිටී.

    මේ අතර ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසන්නේ කැමැත්ත ප්‍රකාශ කරන ලිපි ලබා ගැනීමෙන් පසුව මෙරට ක්‍රීඩකයින් අයි.පී.එල්. තරගාවලියට සහභාගි කරවීමට තීරණය කළ බවයි.

    අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, ක්‍රීඩකයින් අයි.පී.එල්. තරගාවලියට සහභාගී කරවීම සම්බන්ධයෙන් අද ක්‍රිකට් පාලක මණ්ඩලය සමඟ පැවැති සාකච්ඡාවකින් පසු මෙම තීරණයට එළැඹි බවය.
    කුමාර් සංගක්කාරට සහ තිසර පෙරේරාට මෙවර අයි.පී.එල් තරගාවලිය සම්පූර්ණයෙන් අහිමිවිමේ අවදානමක් පවතිනවා.

    ඔවුන් අයත් හයිද්‍රාබාද් කණ්ඩායමේ හිමිකරු වන්නේ තමිල්නාඩු හිටපු ප‍්‍රධාන අමාත්‍ය එම්. කරුණානිධිගේ මුණබුරෙකු වන කලානිදිමාරන් නමැත්තායි. චෙන්නායි හි පැවැත්වෙන තරගවලට ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයින් සහභාගි නොකළ යුතු බව කරුණානිධිගේ ඞී.එම්.කේ පක්‍ෂයේ ස්ථාවරය වනවා.

    එසේ නම් ඔහුගේ මුණුබුරෙකුට අයත් කණ්ඩායමකට ශ‍්‍රී ලාංකික ක‍්‍රීඩකයින් එක් කර ගැනීම සාධාරණ දැයි එම පක්‍ෂයේ ඇතැමුන් තර්ක කරන බවයි ඉන්දීය මාධ්‍ය පවසන්නේ. කුමාර් සංගක්කාර හයිද්‍රාබාද් කණ්ඩායමේ නායකයා ද

    සම්පූරණ නිවුස් එක කියවන්න : http://www.paparasinewslanka.com/2013/03/muththaiya-muralitharan.html
    -------------------------------------



     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මම දෙමළෙක් වගේම ශ‍්‍රී ලාංකිකයෙක්..
    ----------

    නියම කොල්ලෙක්.. මෙහෙම මිනිස්සු වෙනුවෙන් ඔනා වෙලාවක ලන්කාවෙ මිනිස්සු ඉන්නවා එකට.. කාලකන්නි ජයලලිතාට කහින එවුන් පුලුවන් නම් උත්තර දීපන්..
     
    Last edited:

    kawshalyaknight

    Well-known member
  • May 12, 2010
    945
    300
    63
    NewYork
    මොනා උනත් මුල මතක තියෙන එකෙක්..වෙන ජාතියක එකෙක් උනත් අපිට ආඩම්බරයි...කොහොමත් උබ හොද ශ්‍රී ලාංකිකයෙක් මුරලි.....
    එදා වගේ ම
    ......උබේ හිනාවට අපි තාමත් ආදරෙයි.... !!!!!

     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    මුරලි කියන්නෙ ඇත්ත ඇති සැටියෙන් දැක්ක මනුස්සයෙක්
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සිරා ඩයල් එකක්.. අද නිවුස් වලටත් පෙන්නුවා මුරලි ඉන්දියාවෙ චැනල් එකකට කතා කරපු එකක්.. දෙනවා සැරටම ටෝක් එක..
     

    Iron Monger

    Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    164228_495374810529854_1361986232_n.jpg
     

    Sajee85

    Well-known member
  • May 3, 2012
    1,435
    182
    63
    උඩරට කඳුකර
    ලක්ෂ්මන් කදිරගාමර මහතාත් විදේශ ඇමති හැටියට ඉද්දි මේ වගේ කතා කරපු නිසා තමයි ඒ මනුස්සයව ප්‍රභාකරන්ගේ බලු හමුදාවෙන් මැරුවේ.
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Murali is a honest grateful tamil gentleman . I salute you for your gentleness. I remember that Murali visited Jaffna when war is there. Then he urged to all the people, be peaceful, please stop the war , heavy losses are happening to both sides. If Ltte listen to Murali urges, ltte could have escaped from many losses.
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    I remember that when Muralidharan gets a problems about his bawling actions imposed by Australian cricket authorities and some doubtful umpires, Only Sinhalese people came forward to support to Muralidharan.