පසුගිය බදාදා (29) ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයට ඉහළින් පිහිටි ගාලු කොටුව මත සිටි විරෝධතාකරුවන් බලහත්කාරයෙන් ඉවත් කළ හමුදාව ඊට හේතුව ලෙස පවසා තිබුණේ එම විරෝධතාවය ඔස්ට්‍රේලියානු පිතිකරුවන්ට බාධාවක් වූ බවයි.
එහෙත් ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයන් කියන්නේ විරෝධතාකරුවන් තම පිතිකරුවන්ට බාධාවක් නොවූ බවයි.
ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පළමු ටෙස්ට් තරගය ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතරවාරයේදී ගෝඨාභය - රනිල් පාලනයට එරෙහිව බැනර් සහ පුවරු රැගත් විරෝධතාකරුවන් රැසක් හමුදා නිලධාරීන් විසින් බලහත්කාරයෙන් කොටුවෙන් ඉවත් කරනු ලැබුවා.
The Age සහ The Sydney Morning Herald විසින් කළ විමසීමකදී ඔස්ට්‍රේලියන් ක්‍රීඩකයින් පවසා ඇත්තේ ප්‍රේක්ෂකයින් හෝ බලකොටුවට ඉහලින් ඇති සංඥා පුවරු සම්බන්ධයෙන් කිසිදු දෘශ්‍යතා ගැටලුවක් තමන්ට ඇති බවක් නොපැවසූ බවයි. එමෙන්ම විරෝධතාකරුවන් ඉවත් කිරීමට තමන් ඉල්ලා සිටි බව කියන ප්‍රකාශ ඔවුන් ප්‍රතික්ෂේප කර තිබෙනවා. ගෝලීය වශයෙන් විකාශනය වන ඕස්ට්‍රේලියානු සංචාරය අතරතුර ක්‍රිකට් ක්‍රීඩාංගණ පෙනෙන දුරින් පැවති මහජන විරෝධය ඔස්ට්‍රේලියානු පිතිකරුවන්ට බාධාවක් නොවන පරිදි විරෝධතාකරුවන් කොටුවෙන් ඉවත් කළ බව ශ්‍රී ලංකා හමුදාව ප්‍රකාශ කළ බව එම මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ප්‍රකාශකයෙකු කියා ඇත්තේ සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායමට වඩා පළමු ඉනිමේ තීරණාත්මක ලකුණු 101 ක් ඉදිරියෙන් සිටි දිනයක සංචාරක කණ්ඩායමේ පිතිකරුවන්ගේ අවධානය වෙනතකට යොමු වූ බවට වන චෝදනා ප්‍රතික්ෂේප කරන බවයි.