'මම' 'මමත්වය' හා 'තණ්හාව'......

MR BOLD

Banned
Oct 5, 2017
1,070
169
0
'මම' 'මමත්වය' හා 'තණ්හාව'......

'මම' 'මමත්වය' හා 'තණ්හාව'......

මම මේක ලියන්නෙ මම කලින් ලිව්ව 'නැවත ඉපදීම හේතුඵල වාදයෙන් පැහැදිලි කරමු' කියන ලිපියට ආපු comment නිසයි.

අපේ whitewalker සහෝදරය එහෙම මහාචාර්ය නලින්ද සිල්වා මහතාගෙ ලිපි කියෝල සංකල්පීය යථාර්තයකද මොකකද හිරවෙලා ඉන්නව...:(

එතකොට pathfinder සහෝදරය මමත්වය හා තණ්හාව පටලෝගන දුකට හේතුව තණ්හාව නෙමේ 'මමත්වය' කියන අර්ථකතනයෙ ඉන්නෙ.:(

erozan තුමා එහෙමත් අවිත් සංදර්ශනයක් තිබ්බ. ඒත් එවැනි දේ නැවත සිදුනොවේවායි ඉතසිතින් අපේක්ශා කරන්නෙමු..:dull:

අපි බලමු එහෙනම් ඇත්ත නැත්ත..

තථාගතයන් වහන්සේගේ කිසිම බ්‍රහ්මයෙකුට, දෙවියෙකුට, මනුස්සයෙකුට හෝ කිසිම කෙනෙකුට තර්කයෙන්, වාදයෙන් කරුණු සහිතව හේතු දක්වා බොරු කල නොහැකි සත්‍ය 4 ක් දේශනා කරා..:cool:
1.දුක
2.දුකට හේතුව, එනම් තණ්හාව
3.දුක නැති කිරීම, නිර්වාණය
4.දුක නැති කිරීමේ මාර්ගය, ආර්ය අශ්ඨාංගික මාර්ගය.

ඉහත් කරුණු වෙනස් කල නොහැකියි.. කෙනෙක් නිවනට යනවනම් ආර්ය අශ්ඨාංගික මාර්ගයෙයි යන්න ඕනෙ. නැති කල යුත්තේ තණ්හාවමයි.

එතකොට කොහෙන්ද මේ 'මම' කියන සංකල්පයක් ඇවිත් තියෙන්නෙ?:oo:

ඔය 'මම' එහෙම නැත්තං 'සක්කාය දිට්ටි' කියන්නෙ අපි නිවණට යන පාර හරිනම් නැති වෙන සංයෝජන, එහෙමත් නැත්තං බැමි 10 න් මුල්ම එක.

කෙනෙක් සෝවාන් වෙද්දි මේ බැම්ම කැඩෙනව තව බැමි 2 කුත් එක්ක. ඔක්කොම බමි 3ක් කැඩෙනව.:yes:

1. සක්කාය දිට්ටි හෙවත් 'මම', 'මමත්වය' යන සංකල්පය
2.විචිකිච්චා හෙවත් තෙරුවන් ගැන තියෙන සැකය
3.සීලම්බත පරාමාස හෙවත් ආගමික වත් පිලිවෙත් තේරුමක් නැති බව අවබෝධ වීම

ඔතන 'මම' නැතිවෙනව කිව්වහම ඒක හරිම අරුම පුදුම දෙයක් වුනා අපේ දාර්ශනිකයන්ට..
දාර්ශනික මතවාද වැල නොකැඩී එන්න ගත්ත, සමහරු තර්ක කරල 'මම' කියන්නෙ බොරුවක් කියල ඔප්පු කරා, සමහරු සමීකරණ වලින් 'මමත්වය' නැති කරා. ඔව් එහෙම කරන්න පුලුවන්. ඒකෙ සැකයක් නෑ. 'මම' කියල කෙනෙක් නැත්තං ඉතිං ඒක ඔප්පු කරන්න පුලුවන්නෙ.

හැබැයි එතනින් නැවතුනේ නෑ කට්ටිය, නිර්වාණය ඇතුලු අනෙකුත් දේත් ඔප්පු කරන්න හැදුව තර්කයෙන්, ගණිතයෙන්..

දැන් අවුල තියෙන්නෙ මෙතන, ඔහොම නිර්වාණය, නැවත ඉපදීම, කර්මය, මම මේව ගණිතයෙන් හෝ තර්කයෙන් ඔප්පු කරල ඇති ප්‍රයෝජනය මොකද්ද? මම නෑ කියල හෝ නිර්වාණය, අපාය තියනවා කියල දැනගත්තට අපේ උන් මහන වෙයිද? නෑනෙ.

ඕව ඇහැට පේන්න තිබ්බත් කිසි වැඩක් නෑ.. පව් කරන එකා කරනවා.

ඕක ඔහොම ලේසියෙන් තර්කයෙන්, ගණිතයෙන් කරන්න පුලුවන්නම් බුදුහාමුදුරුවො දුකට හෝතුව 'මම, මමත්වය' කියල කියල සාධනය කරල උත්තරෙ ගන්න කියල සමීකරණයක් දෙන්න තිබ්බනෙ.

එහෙම ලේසි නෑ මේක..

හැම දේටම හේතුව "තණ්හාව''..... :cool:

පුලුවන්නම් 'තණ්හාව' තර්කයෙන්, වාදයෙන් විසඳමු.

ඒ නිසා ඔය 'මම', 'මමත්වය' නැතිකරන්න ඕනෙනම් තණ්හාව නැති කරගම්මු. එතකොට මමත්වය' ඉබේටම නැතිවෙයි..

සැමට තෙරුවන් සරණයි!...:)
 
Last edited:
  • Like
Reactions: MonsteR_X

thilina.rp

Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    පොඩි නිවැරදි කිරීමක් කරන්න ඔනෙ... තන්හාව කියන්නෙ ලෝභය.. ප්‍රධාන අකුසල මූල තුනෙන් එකක් විතරයි..ආර්ය අෂ්ඨාංගික මාර්ගය ගමන් කරද්දී... ද්වේෂය, මෝහය අනික් අකුසල මුලත් නැති වෙනවා අනුක්‍රමයෙන්... ලෝභය නැති කිරීමක් පමනක් නෙවේ සිද්ද කරන්න ඕනේ මචං...
     
    Last edited:

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    හැම දේටම තණ්හාව නැත්නම් ලෝභය නෙවේ අදාළ වෙන්නේ... යම් කිසි පුද්ගලයෙක්ට ද්වේශ කරද්දී එ සිතුවිල්ලත් එක්කම එම සිතුවිල්ලට ලෝභයක් ඇති වෙන්නේ නැ බන්... එ උනත් අකුසලයක් සිද්ද වෙනවා...
     
    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    පොඩි නිවැරදි කිරීමක් කරන්න ඔනෙ... තන්හාව කියන්නෙ ලෝභය.. ප්‍රධාන අකුසල මූල තුනෙන් එකක් විතරයි..ආර්ය අෂ්ඨාංගික මාර්ගය ගමන් කරද්දී... ද්වේෂය, මෝහය අනික් අකුසල මුලත් නැති වෙනවා අනුක්‍රමයෙන්... ලෝභය නැති කිරීමක් පමනක් නෙවේ සිද්ද කරන්න ඕනේ මචං...

    ඔව් අකුසල් මුල් 3 ක් තියනවා

    ද්වේශයට හේතුව මොකද්ද? ලෝබය
    ලෝභයට හේතුව මොකද්ද? තණ්හාව
    මෝහයට හේතුව මොකද්ද?

    තණ්හාව කියන්නෙ ලෝභය නෙමේ...
    එහෙනම් දුකට හේතුව ලෝහය කියන්න තිබ්බනෙ..

    මෝහය කියන්නෙ අවිද්‍යාව නෙමේ..
    මෝහය කියන්නෙ අරමුන වසාගෙන සත්‍ය ස්වභාවය වසන් කරන චෛතසිකයක්.
    අවිද්‍යාව කියන්නෙ සත්‍ය නොදැනීම...
    :D
     
    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    හැම දේටම තණ්හාව නැත්නම් ලෝභය නෙවේ අදාළ වෙන්නේ... යම් කිසි පුද්ගලයෙක්ට ද්වේශ කරද්දී එ සිතුවිල්ලත් එක්කම එම සිතුවිල්ලට ලෝභයක් ඇති වෙන්නේ නැ බන්... එ උනත් අකුසලයක් සිද්ද වෙනවා...

    දුකට හේතුව තණ්හාව කියල බුදු හාමුදුරුවො කිව්වනෙ බං..

    අනික තණ්හාව කියන්නෙ ලෝභය නෙමේ..
    :rolleyes:
     
    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    පොඩි නිවැරදි කිරීමක් කරන්න ඔනෙ... තන්හාව කියන්නෙ ලෝභය.. ප්‍රධාන අකුසල මූල තුනෙන් එකක් විතරයි..ආර්ය අෂ්ඨාංගික මාර්ගය ගමන් කරද්දී... ද්වේෂය, මෝහය අනික් අකුසල මුලත් නැති වෙනවා අනුක්‍රමයෙන්... ලෝභය නැති කිරීමක් පමනක් නෙවේ සිද්ද කරන්න ඕනේ මචං...

    තණ්හාව කියන්නෙ අරමුණකට පැනීම වගේ අර්ථයක්,
    එහෙම පැන්නට පස්සෙ අරමුණ තදින් අල්ල ගැනිම තමා ලෝභය,
    එහෙම අල්ලගත්තු අරමුණත් එක්ක අල්ලගෙන ඉද්දිම ගැටීම තමා ද්වේශය කියන්නෙ,
    මෝහය කියන්නෙ අරමුණ වසාගෙන ආවරණය කිරීම,:P

    කවුද ආවරණය කරන්නෙ කියල අහන්න එපා. ඒ සත්වයාම තමයි ආවරණය කරගන්නෙ..

    උදාහරනෙකට පරලොවක් විශ්වාස නොකරන මිත්‍යාදෘශ්ටිකයෙක් මැරුනහම, උගෙ තණ්හාව ඉතුරු වෙකා තියන හින්ද ඊලඟ අරමුනට පනිනව, පැන්නට කොහෙටද පනින්නෙ කියල බලන්නෙ නෑ.. අන්න ඒ නිසා නිරයට යනවා. ගිහින් තමයි ආවරනය ඇරල බලන්නෙ, එතකොට ප්‍රමාද වැඩියි..
    :sorry:
     
    Last edited:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    'මම' 'මමත්වය' හා 'තණ්හාව'......

    මම මේක ලියන්නෙ මම කලින් ලිව්ව 'නැවත ඉපදීම හේතුඵල වාදයෙන් පැහැදිලි කරමු' කියන ලිපියට ආපු comment නිසයි.

    අපේ whitewalker සහෝදරය එහෙම මහාචාර්ය නලින්ද සිල්වා මහතාගෙ ලිපි කියෝල සංකල්පීය යථාර්තයකද මොකකද හිරවෙලා ඉන්නව...:(

    එතකොට pathfinder සහෝදරය මමත්වය හා තණ්හාව පටලෝගන දුකට හේතුව තණ්හාව නෙමේ 'මමත්වය' කියන අර්ථකතනයෙ ඉන්නෙ.:(

    මුන් තුන්දෙනාම මේකෙ ඉන්න අමු පිස්සො තුන්දෙනෙක්. ඕකුන් 3 කියන දේවල් වැඩිය හිතට ගන්න එපා

    erozan තුමා එහෙමත් අවිත් සංදර්ශනයක් තිබ්බ. ඒත් එවැනි දේ නැවත සිදුනොවේවායි ඉතසිතින් අපේක්ශා කරන්නෙමු..:dull:

    අපි බලමු එහෙනම් ඇත්ත නැත්ත..

    තථාගතයන් වහන්සේගේ කිසිම බ්‍රහ්මයෙකුට, දෙවියෙකුට, මනුස්සයෙකුට හෝ කිසිම කෙනෙකුට තර්කයෙන්, වාදයෙන් කරුණු සහිතව හේතු දක්වා බොරු කල නොහැකි සත්‍ය 4 ක් දේශනා කරා..:cool:
    1.දුක
    2.දුකට හේතුව, එනම් තණ්හාව
    3.දුක නැති කිරීම, නිර්වාණය
    4.දුක නැති කිරීමේ මාර්ගය, ආර්ය අශ්ඨාංගික මාර්ගය.

    ඉහත් කරුණු වෙනස් කල නොහැකියි.. කෙනෙක් නිවනට යනවනම් ආර්ය අශ්ඨාංගික මාර්ගයෙයි යන්න ඕනෙ. නැති කල යුත්තේ තණ්හාවමයි.

    එතකොට කොහෙන්ද මේ 'මම' කියන සංකල්පයක් ඇවිත් තියෙන්නෙ?:oo:

    ඔය 'මම' එහෙම නැත්තං 'සක්කාය දිට්ටි' කියන්නෙ අපි නිවණට යන පාර හරිනම් නැති වෙන සංයෝජන, එහෙමත් නැත්තං බැමි 10 න් මුල්ම එක.

    කෙනෙක් සෝවාන් වෙද්දි මේ බැම්ම කැඩෙනව තව බැමි 2 කුත් එක්ක. ඔක්කොම බමි 3ක් කැඩෙනව.:yes:

    1. සක්කාය දිට්ටි හෙවත් 'මම', 'මමත්වය' යන සංකල්පය
    2.විචිකිච්චා හෙවත් තෙරුවන් ගැන තියෙන සැකය
    3.සීලම්බත පරාමාස හෙවත් ආගමික වත් පිලිවෙත් තේරුමක් නැති බව අවබෝධ වීම

    ඔතන 'මම' නැතිවෙනව කිව්වහම ඒක හරිම අරුම පුදුම දෙයක් වුනා අපේ දාර්ශනිකයන්ට..
    දාර්ශනික මතවාද වැල නොකැඩී එන්න ගත්ත, සමහරු තර්ක කරල 'මම' කියන්නෙ බොරුවක් කියල ඔප්පු කරා, සමහරු සමීකරණ වලින් 'මමත්වය' නැති කරා. ඔව් එහෙම කරන්න පුලුවන්. ඒකෙ සැකයක් නෑ. 'මම' කියල කෙනෙක් නැත්තං ඉතිං ඒක ඔප්පු කරන්න පුලුවන්නෙ.

    සත්‍ය ප්‍රකාශ සියල්ල ඔප්පු කරන්න බෑ. එහෙම ඔප්පු කරන්න බෑ කියලම ඔප්පු කල්ල තියේ. ඔප්පු කල නොහැකි සත්‍ය වූ ප්‍රකාශ තියෙන්න පුලුවන්