මම මිග්‍රේන්/migraine හොද කරගත්ත හැටි

නෝටි බබා

Well-known member
  • Jul 16, 2014
    4,002
    5,304
    113
    තොටිල්ලේ
    මම මිග්‍රේන්/migraine හොද කරගත්ත හැටි

    මිග්‍රේන් ගැන නූල් කීපයක්ම උඩට ඇවිත් තියෙනව දැක්ක හින්ද මම අත්දැකපු දේ ලියන්න හිතුන කාටහරි වැදගත් වෙයි කියල හිතිල. මට ලස්සනට ගලපල ලියන්න තේරෙන්නෙත් නෑ, අකුර වල වැරදි එහෙමත් ඇති.

    මුල
    ඒලෙවල් කාලෙත් මම විශය බාහිර දේවල් වගෙක නායකත්වය දැරුව. හැමදාම වගේ උදේම ආවම මහන්සි වෙලා මහන්සි වෙලා රෑ වෙලා තමා ගෙදර යන්නෙ. පාසලෙන් උනත් ලොකු පීඩනයක් තිබ්බ, මොකද ඒ දවස් වල අද්යාපනය විතරයි කරන්න ඕනෙ වගේ හිතන් උන්න ස්ටාෆ් එකේ සෙට් එකක් තමයි පිනාට ගොට්ට අල්ලගෙන හිටියෙ. ඒලෙවල් කරන්න කලින් අවුරුද්දෙ මගේ මූලිකත්වයෙන් අපි ලොකු ශෝ එකක් සන්විදානය කරා ලක්ශ 10ක විතර බජට් එකක, ලංකාවෙ ලොකුම ඉස්කෝල වල සහබාගිත්වයෙන්. ඒ දවස් වල ඒක ලොකු ගානක්.

    ඕවත් එක්ක ඔන්න මට මිග්‍රේන් එන්න පටන් ගත්ත. පස්සෙ ඒලෙවල් වලට රෙඩි වෙන ඒවත් එක්ක ඕක එන්න එන්න වැඩි උනා.

    බෙහෙත් ගන්න ගියාම ඩොකා එක එක ඒව ට්‍රයි කරා පැනඩෝල් වලින් පටන් ඇරන්. Frisium 5mg වලින් ඔන්න ලෙඩේ පොඩ්ඩක් විතර හරි ගියා. හැබැයි සතියක් වගේ තමා ඕක ඩොකා ගන්න කිව්වෙ.

    මැද
    කෝස් එක කරන කාලෙ ඕක ලොකුවට අව්ලක් උනේ නෑ. හැබැයි ගෙදරින් ලවු එක මාට්ටු වෙලා පොඩි ප්රෙශර් එකක් තිබ්බ. ඊට පස්සෙ ජොබ් ට්‍රේනින් එකෙත් උදේ ගිහින් රෑ වෙලා තමා ආවෙ, අම්බානක වැඩ තිබ්බ, ඒක අවුලක් තිබ්බෙ නෑ. ඒත් කෙල්ලට මරණීය තර්ජන එල්ල වෙලා තිබ්බ අපෙ ගෙදරින්. පොඩ්ඩක් විතර මිග්‍රේන්.

    නප්පියටම කෙල වීම
    ඊට පස්සෙ ජොබ් එකට ගියාම තමා ඔන්න සුපිරියටම කෙල උනේ. උදේ පටන් ගත්තම රෑ 12 විතර වෙනකන් වැඩ. මගෙ කැපෑසිටියට වඩා ගොඩක් වැඩ තිබ්බ මට, මොකද ‘අඩු පඩියට වැඩි වැඩක්‘ කියන එක තමයි ඒ කම්පැනි එකේ ස්ලෝගන් එක. කම්පැනි එකට සල්ලි එන්නෙ මම බිල් කරොත් විතරයි. සප්ලයර් පේමන්ට්ස්, සබ් කන්ට්‍රැක්ටර්ස්ලගෙ පේමන්ට්ස් බර ගානක් සෙට් වෙනව. ගනන් එක්ක තමා මම වැඩ කරන්නෙ, ඉතින් කොහොමත් ප්රෙශර් එක වැඩි. උදේ ඇහැරෙන එකේ ඉදල නිදාගන්නකන්ම එක දිගට ඔලුව රිදෙනව සමහර දවස් වල. අතරින් පතර තමා ශේප් දවස් තිබ්බෙ.

    මට තිබ්බ අවුල්;
    -ඔලුවෙ පැත්තක් පැලෙන්නෙ රිදෙනව. මොකක් හරි එකක් ඇරන් ඇනගෙන ඇනගෙන යන්න හිතෙනව ඒ වෙලාවට. පැනඩෝල් වලට එහෙම ඒක හොද වෙන්නෙ නෑ. ගොඩක් වෙලා ඒ අමාරුව තියෙනව අඩු වෙන්නෙ නැතුව.
    -සද්දෙට සහ එළියට (lights & sounds) පට්ටම sensitive. මාර අමාරුයි. රෑකට එහෙම වාහනේ ඩ්‍රයිව් කරන්න තියා ඉස්සරහ සීට් එකක ඉදගෙන යන්නවත් බෑ. මොකද ඉස්සරහට එන වාහන වල ලයිට් වදින හින්ද. කලුවරේ කාමරේට වෙලා සද්දෙ ඇහෙන්නෙ නැති වෙන්න කොට්ටෙ ඔලුවට තද කරන් ඉන්නව එතකොට.
    -ඇග නිකන් හිරිවැටුන ෆීලිං එකක් එනව. pulsing sensation කියන්නෙ මට මතක විදිහට. තේරෙන්නෙ නෑ සමහර වෙලාවට මොකද්ද කරන්නෙ කියල.
    - වමනෙ යන්න වගේ එනව, යන්නෙ නෑ.

    දැන් මතක් කරද්දිත් ඒ වේදනාව දැනෙනව දැනෙනව වගේ, මේව මට සැරටම තිබ්බ ඒව.


    "කිං භෛෂජ්‍ය ගවේශී"
    ඒ දවස් වල Frisium ෆාමසි වලින් ශේප් එකේ කතා කරල ගන්න පුලුවන්. මන් 5mg ට්‍රයි කරා හරි ගියේ නෑ. මුල් දවස් දෙකක් වගේ 10mg වලින් තමා පටන් ගත්තෙ. රිදෙනකොට විතරයි බෙහෙත ගත්තෙ. වැඩ කරන්න පුලුවන් ගාන ඔෆිස් එකේ කරල රෙස්ට් කරල, බෝඩිමට ගිහින් රීෆ්රෙශ් වෙලා,නින්දක් එහෙම දාල ඉතුරු ටික කරන්න පටන් ගත්ත. කොහොමත් මට රෑට තනියම වැඩ කරන එක ලේසි. සමහර ද්වස් වල ඔෆිස් ටයිම් එකේ වැඩ කරේම නෑ.

    පොඩ්ඩ පොඩ්ඩ මට තේරෙනකොට වැඩේ හරියනව කියල, ඩෝස් එක අඩු කරා. බෙහෙත් ගන්න දවස් වල ගැප් එක පුලුවන් තරම් වැඩි කරා, ඒ කියන්නෙ රිදෙනකොට විතරයි ගත්තෙ. පස්සෙ රිදෙනකොටත් බෙහෙත නොගෙන කන්ට්රෝල් කරන්න බැලුව. ඕනෙම උනොත් විතරයි බෙහෙත ගත්තෙ.

    පොඩි කාලෙකින්ම වැඩේ ගොඩ.

    ඊට පස්සෙ උනත් මම දවල්ට කාල එහෙම විනාඩි 20ක විතර පවර් නැප් එකක් දැම්ම. වැඩ ලොකූවට ඔලුවට ගන්න ගියෙ නෑ. ඔහොම දිගටම ඔලුව හදා ගත්තම ලෙඩේ නැතිම වෙලා වගේ ගියා.

    පසුවදන
    දැනුත් කලාතුරකින් ලෙඩේ ඇවිත් යනව.
    ගනන් ගන්නෙ නෑ. බැරිම උනොත් 2.5mg වගේ ඇරන් ගොඩ දාගන්නව.
    ගිය අවුරුද්දෙ මම හොදටම ස්ට්‍රෙස් තැනක වැඩ කරේ.
    මට දැන් ඩිප්‍රෙශන් තියෙනවට ඒකත් හේතු වෙන්න ඇති.
    ඒත් මිග්‍රේන් ආවෙ කීප පාරයි.
    කොහොමහරි අන්තිම අවුරුදු 7ටම වගේ මම Frisium 50mgට වඩානම් බීල නෑ 100% ශුවර්.

    මේ මගේ අත්දැකීම.
    මේ විදිහට බෙහෙත් ගන්න එක හරි නෑ. මට ගොඩක්ම කියන්න ඕනෙ උනේ අපේ චර්යාවන් වලින් මේව පාලනය කරන්න පුලුවන් කියන එක. දැන් මං කරන්නෙ ඒක.

    ඩිප්රෙශන් වලින් ගොඩ යන්න ට්‍රයි කරනව මේ දවස් ටිකේ. ඒකත් බලමු. ඒකනම් හොද පැත්තෙ නෙවෙයි දැනට තියෙන්නෙ.

    *භෛෂජ්‍ය කියන්නෙ බෙහෙත් [ICODE];)[/ICODE]
     

    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    4,002
    5,304
    113
    තොටිල්ලේ
    බාල බේත් වලට භෛෂජ්‍ය කියන්නෙ නෑ. ඒවට කියන්නෙ වස කියලයි. 🤭
    ආහ් ඒකට ඔයා කැමති දෙයක් කියා ගන්න පුලුවන්.
    ඔච්චර කියවලත් අහුවුනේ ඕක තමා නේ?

    "මේ මගේ අත්දැකීම.
    මේ විදිහට බෙහෙත් ගන්න එක හරි නෑ. මට ගොඩක්ම කියන්න ඕනෙ උනේ අපේ චර්යාවන් වලින් මේව පාලනය කරන්න පුලුවන් කියන එක. දැන් මං කරන්නෙ ඒක."

    මේකෙ ලියල තියෙන්නෙ මහත්තයෝ මම දිගටම වස නොබී ඉක්මනටම ලෙඩෙන් ගැලවුන විදිහ ගැන. එහෙම නැතුව මේකෙ වස ප්‍රමෝශන් එකක් වගේ පේනවනම් සමාවෙලා ලෙඩේ හොදකරගන්න විදිහක් කෙලින් කියන්න මිනිස්සු වටේ යවන්නෙ නැතුව.

    බොහොම ස්තූතියි.

    මට තිබ්බා 6-7 වසර කාලෙ වගේ.
    හොද කරගත්ත විදිහ කිව්වනම් වටිනව.
    ------ Post added on Nov 7, 2022 at 2:18 PM

    තුන්ඩුවක් නැතුව දෙනවද බං
    ඉස්සර කතා කරල ගන්න පුලුවන්. දැන් කොහොමද දන්නෙ නෑ.
    මචං මේ බෙහෙත් ඇගට හොද ඒව නෙවෙයි. තමන්ම ටික ටික ලෙඩෙන් ගැලවෙන්න බලන්න .
    ------ Post added on Nov 7, 2022 at 2:20 PM

    Fludan gatte nedda/mata godak adu une fludan walin
    ෆ්ලුඩෑන් වලට හරි ගියෙ නෑ බන් මට.
    ------ Post added on Nov 7, 2022 at 2:21 PM
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    ආහ් ඒකට ඔයා කැමති දෙයක් කියා ගන්න පුලුවන්.
    ඔච්චර කියවලත් අහුවුනේ ඕක තමා නේ?

    "මේ මගේ අත්දැකීම.
    මේ විදිහට බෙහෙත් ගන්න එක හරි නෑ. මට ගොඩක්ම කියන්න ඕනෙ උනේ අපේ චර්යාවන් වලින් මේව පාලනය කරන්න පුලුවන් කියන එක. දැන් මං කරන්නෙ ඒක."

    මේකෙ ලියල තියෙන්නෙ මහත්තයෝ මම දිගටම වස නොබී ඉක්මනටම ලෙඩෙන් ගැලවුන විදිහ ගැන. එහෙම නැතුව මේකෙ වස ප්‍රමෝශන් එකක් වගේ පේනවනම් සමාවෙලා ලෙඩේ හොදකරගන්න විදිහක් කෙලින් කියන්න මිනිස්සු වටේ යවන්නෙ නැතුව.
    ඇයි මම කීසැරයක්ම කියල තියෙනවාද කලින්, සිංහල බේත් වලින් ඕක මාස 3න් නිට්ටාවටම සනීපයි
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,225
    1
    101,060
    113
    34
    Kalutara
    හොද කරගත්ත විදිහ කිව්වනම් වටිනව.
    ------ Post added on Nov 7, 2022 at 2:18 PM

    CT scan කළා. කන්නාඩි දැම්මා බෙහෙත් බිව්වා කිසිම දෙයක් වැඩක් වුනේ නෑ.

    අන්තිමේ නිකන්ම හොඳ වුනා.
     

    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    4,002
    5,304
    113
    තොටිල්ලේ
    ඇයි මම කීසැරයක්ම කියල තියෙනවාද කලින්, සිංහල බේත් වලින් ඕක මාස 3න් නිට්ටාවටම සනීපයි
    කෝ කොහෙද? කියල තියෙන්නෙ?

    Depression හැදුනාම feeling එක මොනවගේද බන්
    එක එකාට එක එක විදිහට වෙන්න ඇති බන්.
    ------ Post added on Nov 7, 2022 at 6:35 PM
     

    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    4,002
    5,304
    113
    තොටිල්ලේ
    තාවකාලිකව යටපත් වෙලා තියෙන්නේ ආයේ එයි..
    Prescriptions නැතුව බෙහෙත් ගනින් පස්සේ Overdose ගිහින් සයිඩ් ඉෆෙක්ට්ස් ආපුහම ඔක්කොම ඩබල් වෙයි
    මචං, බෙහෙත් ගන්න ගියාම දෙනවට වඩා අඩු ඩෝස් එකෙන් මං වැඩේ ගොඩ දැම්මෙ. අනික හැමදාම බොන්නෙත් නැතුව. මට කියන්න ඕනෙ උනේ බෙහෙත් වලින්ම නැතුව අපේ වැඩ වලින් මේක හොද කරගන්න පුලුවන් කියන එක.
    uba IT da bn karanne?
    matath henata kenthi yanava bn. gedara ayava maran kanna hithenava velavakata.
    ane mnda bn me rassa hinda ape jiwitha valata mona venavada kiyala :(
    නෑ බන් මං කන්ස්ට්‍රක්ශන්. කේන්ති යන එක මිග්‍රේන්ම නෙවෙයි බන්. මොනා උනත් උබ කියල තියෙනව හරි, ජොබ් කරල මැරිල යන ජීවිත.

    අපි කන්න මැරෙන්නෙ, අකාලෙ මැරෙන්න
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,488
    1
    32,191
    113
    - උඩරට -
    මචං, බෙහෙත් ගන්න ගියාම දෙනවට වඩා අඩු ඩෝස් එකෙන් මං වැඩේ ගොඩ දැම්මෙ. අනික හැමදාම බොන්නෙත් නැතුව. මට කියන්න ඕනෙ උනේ බෙහෙත් වලින්ම නැතුව අපේ වැඩ වලින් මේක හොද කරගන්න පුලුවන් කියන එක.
    ඔය බෙහෙත් වල එක එක අතුරු ආබාධ තියෙනවා බන්, ඕවා පටන් ගත්තාම එකපාර නතර කරන්නත් බෑ, ක්‍රමානුකූලව නතර කරන්න ඕනී, ඒ තරමට ඕවාගේ සැර වැඩී.. අතුරු ආබාධ වැඩී, උබ ඔහොම කිව්වාට ඕක තාවකාලිකව යටපත් වෙලා ඇත්තේ,ආයේ ආවොත් ආයේම ඒ බෙහෙත් එක ගනී, ඊට පස්සේ ඒක උබට නැතිවම බැරි දෙයක් වෙයි, බෙහෙතට ශරීරය හුරු උනාම අන්තිමට ඇඩික්ට් සීන් වෙනකම් එනවා..එක පාර වෙන්නේ නෑ කොහොමත් ඒක..
    අනිත් බෙහෙත් වගේ නෙවේ ඔය ඩිප්‍රෙශන්, මයිගේන් වගේ ඒවාට දෙන බෙහෙත් මාර විදිහට වෙනස්.. මිනිහෙක් සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න පුළුවන් බෙහෙත් වලින්.. බලාගෙන ගනින්