එහෙනම් මට ගානක් නෑ. මම අවංකවම ආදරේ කරපු කෙල්ලව මම දේපල නිසා අත අරිනකං ඉදලා දැන් අම්මලා බාගෙ බාගෙ බෙදන්න යනවා ඒක අසාදාරනයි නෙ.
මල්ලිට ඔය කෙල්ලව බදින්න මම උදවුත් කලා දේපල අරගන්න ඕන නිසා. රට යන්න ටිකට් දාන්න සේරටම වියදම් කරේ මම.
එක්කො මටත් ලව් කරපු කෙල්ලව බදින්න දෙන්න තිබ්බනේ බාගේ බාගේ බෙදනවනම්.
දේපල ඔක්කොම මට ඕන නිසානේ මම ලව් එකත් අතෑරියේ.
එක මගේ අවංකම ආදරේ.

එහෙනං කොහොමත් මල්ලිට කොටහක් දෙන්න ඕනෙ. උඹ ඒ කියන්නෙ දේපල වෙනුවෙන් අම්මවයි තාත්තවයිත් අතාරින්න සෑහෙන ඉඩක් තියෙනව කියන එකනෙ
අම්මටයි තාත්තටයි ඒක තේරෙන්න ඇති. මල්ලිට කොටහක් දීල තියාගන්න එක කෝකටත් හොඳයි එහෙනං 
ඔය අනං මනං ප්‍රශ්න ඇතිවෙන්නෙ කාටවත් ලියන්නැතුව මැරුණාම විතරයි 
:lol උඹ දේපල වලට කෑදරකමටනේ බං පළවෙනි කෙල්ලව මග ඇරියේ. උඹට මල්ලිට තරම් ගට් එකක් නෑ දේපල එපා කියන්න. උඹට හොඳ වැඩේ දේපල තන්හාව නිසා ඔහොම වෙච්ච දේ. දැන්වත් මල්ලි වගේ අනුන්ගේ දේපල මත්තේ නැහෙන්නේ නැතිව තමන්ගේ දෙයක් හදා වඩා ගනින්. අම්මලා මල්ලිට ඕක දෙන්න තීරණය කරන්න ඇත්තෙත් ඌ දේපල වලට උඹ වගේ කෑදර නැති නිසාම වෙන්න ඕනේ 



