මම යනු කව්රු ද

asliyanage

Well-known member
  • Nov 2, 2006
    6,850
    11,543
    113
    Colombo
    *"මම යනු කව්රු ද"*

    🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️

    ඔබ, ඔබ වෙත දක්වන හිතවන්තභාවය මැනවින් තේරුම් ගන්න. දීර්ඝ වූ සංසාර ගමනේ සතර අපායේ ම ඉපිද, අප්‍රමාණ දුක්විඳ, දුර්ලභ ව ලබාගත් මේ මනුෂ්‍ය ජීවිතය උතුම් බව සිහිපත් කරන්න.

    එසේ ලබාගත් මනුෂ්‍ය ජීවිතය හැම මොහොතක් පාසාම ජීවත්වන්නට තිබෙන කාලය අඩු වෙමින් පවතින බවත් සිහිපත් කරන්න. ඕනෑම මොහොතක් ජීවිතයේ අවසාන මොහොත විය හැකි බවත් සිහිපත් කරන්න. සම්මත ලෝකයට අනුව ඉගෙනීම, රැකියාව, වෘත්ති්ය, ඔබගේ විවාහය, දරුවෝ, ගේදොර ආදී වශයෙන් පවත්වන බවත් ධර්මානුකූලව සීලයේ පිහිටා මව්පියන්, දරුවන්, ස්වාමි භාර්යා වශයෙන් යුතුකම් කරන බවත් සිහිපත් කරන්න.

    ඒ වගේ ම තමාගේ ශරීරය, බාහිර වශයෙන් ප්‍රසන්නවත්, නීරෝගීවත් පවත්වාගත යුතු බව ද සිහිපත් කරන්න. ආහාර පාන, ඇඳුම් පැළඳුම්, වගේ ම බෙහෙත්, ගේදොර ආදිය . මූලික වශයෙන් සපයා ගත යුතු බවත්, එහෙත් ඒවා ධර්මානුකූලව පවත්වා ගත යුතු බවත් සිහිපත් කරන්න. මේ සියල්ල එසේ සිදු කරන ගමනේ ඔබට බාහිරව ඇතිකර ගන්නා වූ පරිසරය පහසුකරගෙන, සුහද කරගෙන අධ්‍යාත්මික මානසික පරිසරයක් මනා කොට පවිත්‍රව පවත්වා ගන්න. ඔබ දැන් සිටම උත්සාහ කරන්න. ඔබේ සිත ඔබට ම හිතවන්තවන සේ පවත්වා ගන්නේ ඒ ආකාරයෙනුයි.

    දුර්ලභව ලබාගත් මනුෂ්‍ය ජීවිතයේ වටිනාකම තේරුම්ගෙන සීලයේ පිහිටා ධර්මානුකූලව යුතුකම් පවත්වා ගන්නා ගමනේ මේ කය මම, මගේ කියා පැවැත්වූවත්, පඨවි, ආපෝ, තේජෝ, වායෝ නම් වූ ධාතු හතරෙන් යුක්ත බව මෙනෙහි කරන්න. රූප වේදනා, සංඥා, සංකාර, විඤ්ඤාණ, ස්කන්ධ පංචකයෙන් යුක්ත බව මෙනෙහි කරන්න. ඇස, කන, නාසය, දිව, ශරීරය, මන නම් වූ ආයතනයන්ගෙන් යුක්ත බව මෙනෙහි කරන්න. මේවායේ ඒ ඒ පදයෙහි තේරුම පිළිබඳව ඔබ අවබෝධයක් ඇති කරගෙන තිබීම අවශ්‍යයයි.

    මේ ධාතු ස්කන්ධයන්ගෙන් සමන්නාගත පුංජය මම, මගේ කියා පැවැත්වූවත්, මේ කය අනිත්‍ය, දුක්ඛ, අනත්ත නම් වූ ත්‍රිලක්ඛණ ධර්මයට යටත්කොට පවතින බවත් සිහිපත් කරන්න. හැම මොහොතක් පාසා ම හට අරගෙන, බිඳී යන ස්වභාවයට යටත් බව උදයව්‍ය ඤාණයට යටත්කොට මෙනෙහි කරන්න. එවැනි කයක්, ශරීරයක් ‘මම, මගේ කියා පවත්වන බවත් පරමාර්ථ වශයෙන්, එනම් විදර්ශනා කොට මෙනෙහි කරන විට මෙය මගේ නොවන බව, මම නොවන බව, මට අවැසි ආකාරයෙන් නොපවත්නා හෙයින් මගේ ආත්මය නොවන බවටත්, ඔබට මෙනෙහි කළ හැකි ය. මා මට හිතවන්ත විය යුතුයි. මෙය ආත්මාර්ථකාමී වීමක් නොවෙයි. දීර්ඝ සංසාර ගමනේ තමන් විසින් කරන ලද කුසලා කුසල කර්ම අනුව තමන් සසරේ හැසිරුණු ආකාරය සිහිපත් කරන්න. භාග්‍යවතුන් වහන්සේගේ ධර්ම අවවාදය අනුව ඔබ හැම කෙනෙක් ම වැඩිම කාලයක් අතීතයේ සතර අපායේ ගත කොට ඇති බව සිහිපත් කරන විට මම ද, අනන්ත සංසාරේ අනන්ත දුක්විඳ ඇති බව සිහිපත් කරමි. එසේ නම් මේ දුර්ලභව ලැබූ මනුෂ්‍ය ජීවිතය නුවණින් දැක මා සම්මුතිය තුළ ‘මම මගේ’ කියා පැවැත්වූවත් පරමාර්ථ වශයෙන් මගේ නොවන බව, මම නොවන බව, මගෙ ආත්මය නොවන බව, එනම් මට ඕනෑ ආකාරයට මගේ වසඟයෙහි මට යටත් කොට පවත්වා නොගත හැකි බව මම දැන් දනිමි. දැක ගනිමි. නුවණින් අවබෝධ කර ගනිමි. මෙසේ සිහිපත් කරන්න. මා මට හිතවන්ත වෙමි. මා එසේ නොවුණොත් සංසාර ගමනේ පටන් රැගෙන ආ, සංසාර ගමනේ පටන් පැමිණ සිත යට බලවත්ව පවතින අනුසය නම් වූ රාගානුසය, මානානුසය, පටිඝානුසය, දිට්ඨානුසය, අවිජ්ජානුසය, විචිකිච්ඡානුසය, භවරාගානුසය නම් වූ මේ අනුසය ධර්ම පරියුට්ඨාන වශයෙන් උඩට මතු ව වීතික්කම වශයෙන් ක්‍රියාත්මක වී මට හිතවන්ත නොව අහිතවන්ත විය හැකියි. මෙලොව ජීවිතයත් පිරිහී, සසර ගමනේ නැවතත් සතර අපායට වැටී ගැලවීමක් ගැන හිතන්නට නොහැකි ව දීර්ඝ කාලයක් දුක්විඳින තැනකට ඇදවැටිය හැකි ය. මේ නිසා මම මට හිතවන්ත වෙමි.

    භාග්‍යවතුන් වහන්සේගේ මහා කරුණා ගුණය සිහිපත් කරමි. භාග්‍යවතුන් වහන්සේ නාමරූප, අරූප නම් වූ ලෝකයාට ම මහා කරුණාවෙන් පිහිට වූ සේක. ඒ අතර මම ද එක් අයෙක් වෙමි. ඒ අතර ඔබේ පවුලේ ස්වාමියා ද, බිරිඳ ද, මව්පියෝ ද දරුවෝ ද, සොහොයුරු සොහොයුරියන් ද, ගුරු උතුමෝ ද, හිතවන්තයෝ ද, මැදහත් අය ද, අහිතවන්තයෝ ද, මනුෂ්‍යයෝ ද දෙවියන් ද, බඹුන් ද ඇතුළු තිරිසන් සත්වයෝ ද ඇතුලු සතර අපායේ සියලු සත්වයෝ ද ඇතුලු සියලු සත්වයෝ ම මා සෙයින් ම තමාට හිතවන්ත ය. දුකට අකැමැති ය. සැපට කැමැති ය. මේ නිසා මා සේ ම සියලු සත්වයෝ ද සුවපත් වෙත්වා යන අදහස මෙත්තාවෙන් ආරම්භකොට කරුණාවෙන් ඔබ දකින්න.

    තථාගත බුදුරජාණන් වහන්සේගේ කරුණා ගුණය දැන් ඔබට වැටහෙනවා නො අනුමානයි. තථාගත බුදුරජාණන් වහන්සේ ගිහිකල තම එකම පුතු පුංචි රාහුලට දැක් වූ කරුණාව, සම්මා සම්බුද්ධත්වය ලබා තමාට ගළපා තමාට ගල් පෙරලූ දෙව්දත් තෙරුන්ටත්, ඒ වගේ ම තමා ඉදිරියට රාබී ඇවිස්සී පැමිණි නාලාගිරි ඇත් රජුටත්, ඒ වගේ ම තමන්ට අප්‍රමාණ චෝදනා සිද්ධ කළ, බැන වැදුණු චින්චිමානවිකාව හා මාගන්ධියා නම් වූ අයටත් ඒවගේ ම තමාගේ මාමා වූ භාග්‍යවතුන් වහන්සේ වැඩම කළ මාර්ගය හරස් කොට මත් වතුර බී අවමන් කළ සුප්‍රබුද්ධ නම් වූ රජතුමාටත්, භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ ධර්මය වැරැදි යැයි පවසන්නට තරම් ඉදිරියට පැමිණි ශාති නම් වූ භික්ෂූන්ටත් භාග්‍යවතුන් වහන්සේගේ දහම් පෙළට නිගරුව හැසිරුණ පංචවග්ගිය වැනි භික්ෂූන් වහන්සේලාටත් මෙන් ම හැම දෙනාට ම එක හා සමානව ම කරුණා මෛත්‍රියෙන් පිහිට වූහ.

    වරද නිවරද , කුසල අකුසල, පින පාපය පෙන්වා වරදින්, අකුසලයෙන්, පාපයෙන් වළකින්නටත් යහපතට කුසලයට, පිනට යොමුවෙන්නටත් භාග්‍යවතුන් වහන්සේ සම සිතින් මහා කරුණාවෙන් යුක්තව දේශනා කළහ. පෙන්වා දුන්හ. තවදුරටත් තථාගත බුදුරජාණන් වහන්සේගේ මහා කරුණා ගුණය බොහෝ සෙයින් ඔබ විස්තර කර ගන්න. මතකයට නගා ගන්න. භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ දහම් පෙළ තවදුරටත් මෙනෙහි කරමු.

    බොහෝ සූත්‍ර දේශනාවන් අවසානයේ භාග්‍යවතුන් වහන්සේ මෙසේ දේශනා කරන සේක. මහණෙනි, ඔබ පටිසල්ලානයට පැමිණෙන්න. එනම් කාය විවේක, චිත්ත විවේක, උපදි විවේක නම් වූ විවේකයට පැමිණෙන්න. මෙහි උපදි විවේකය නම්, කෙලෙස්වලින් බැහැර වීමෙන් ලබන්නා වූ ව්වේකයයි. කැළෑ, ගස් මුල්, සූන්‍යාගාර පවතිනවා. මේවා ආශ්‍රය කරන්න. දුර්ලභව ලබාගත් මනුෂ්‍ය ජීවිතයෙන් උතුම් ප්‍රයෝජනයක් ලබන්න. ජාති, ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්සයන්ට මේ ජීවිතය, මේ ජීවිත පැවැත්ම යටත්ව පවතිනවා. මේ සසර උරුමකොට පවතිනවා. මේ නිසා දුර්ලභව ලබාගත්ත මනුෂ්‍ය ජීවිතයෙන් ප්‍රයෝජනයක් ගන්න. ඔබ එසේ නොකළහොත් ඔබට දුක්වෙන්න වේවි.

    (උපුටා ගැනිමකි ).
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,844
    1
    60,705
    113
    Mother Earth
    මගේ කියා කිසිම දෙයක් මට නැත කිසි දාක..
    කබරගොයත් තලගොයෙක්ලු කන්න ඕන දාට..
    මනුස්සකම තුට්ටු දෙකට බැස මළ ගිය සේක..
    මටත් හොරෙන් මම වික්ණෙන අමුතු රටක් මේක..
     
    • Like
    • Love
    Reactions: dilann and lankalk

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,410
    5,919
    113
    මගේ කියා කිසිම දෙයක් මට නැත කිසි දාක..
    කබරගොයත් තලගොයෙක්ලු කන්න ඕන දාට..
    මනුස්සකම තුට්ටු දෙකට බැස මළ ගිය සේක..
    මටත් හොරෙන් මම වික්ණෙන අමුතු රටක් මේක..


    හරි දේ හරියට කෙරුවත් ඉතිරි වෙන්නේ හපේ
    විශ්ව කර්මයන්ගේ බෙලිත් දිය රෙද්දෙන් කැපේ
     
    • Love
    Reactions: Candid-B

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    @asliyanage යනු කව්රු ද


    එයා හරිම ලස්සනයි, එයගේ මුහුණ,ශරීරය හරිම පැහැපත් හැඩකාරයි. ඒ වගේම හරිම මෟදුයි සුමටයි. ඒ ස්පර්ශය හරිමසනීපයි. අතහරින්න හිතෙන්නෙම නැහැ. හැබැයි ඉතිම් ඒ හැමදේම ලස්සන පැහැපත් මෘදු මොලොක් සනීප එයාගෙ බාහිරින් පිහිටි සම විතරයි. සමට ඇතුලෙන් තියෙන්නේ ලේ මස් සැරව මළ මුත්‍රා ⁣කියන දෙවල්. ඉතිම් ඒ බව දැන දැනත් මම එයා ගැන රාගයක් ඇතිකරගන්නවා නම්.. මම මොනතරම් නම් මෝඩද..
    මම කොච්චර දැන ගත්තත් ඒ ශරිරය ඇතුලෙ තියෙන්නේ ලේ මස් සැරව කියලා, මට රාගය ඇතිවෙන්නෙ ඉබේටමයි. ඒ ඇයි දන්නවාද මම සසර පුරාවටම පුරුදු කලේ රාගය ඉතිම් ඒකයි මගේ හිතෙ ඒ විදියට රාගය ඇතිවෙන්නෙ. රාගය ඇතිවෙන්න සුදුසු රුපයක් ශබ්දයක් දැකපු අහපු ගමන්ම රාගය ඇතිවෙනවා. ඉතිම් ඒකට එක හේතුවක් තමයි සසර පුරාවටම පුරුදු කලේ රාගය නිසාවෙනි.
    ඉතිම් මේ කයේ අසුභ දැකලමයි රාගය දුරුකරගන්න ඕන. එකපාරක් දෙපාරක් අසුභය සිහිකරාට මදි. නිතරම මේ කයේ අසුභය නුවණින් මෙනෙහි කරන්න ඕන.අන්න එතකොටයි රාගය යටපත්වෙලා,විදර්ශනා නුවණ ඉස්මතුවෙලා රාගය සම්පූර්ණයෙන්ම ප්‍රහානය වෙන්න පටන්ගන්නෙ..
    ඉතිම් ඒක දවසකින් ⁣දෙකකින් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. බොහෝ කාලයක් කරනන ඕන. සමහරවිට මුළු ජිවිත කාලෙම කරන්න වෙයි. එත් බැරිනම් තව ආත්මභාවයන් කිහිපයක්ම කරන්න වෙයි.
    අවශ්‍ය වෙන්නෙ අතනොහරින උත්සාහය වීර්‍යයි. හැබැයි ඉතිම් ඒක කෙන කෙනාට වෙනස්වෙනවා.ඉන්ද්‍රිය ධර්මයන් වැඩිල නම් , සසරෙ මාර්ගය වඩල පුරුදු කරලා ති

    ඇස් ලියනගේ කියන්නේ ආගම ඕවර්ඩෝස් ගත්තු ටොක්සික් මානසික ලෙඩෙක්

    බුද්ධහගම නැති වෙලා ගියොත් යන්නෙ මේ වගේ උන් නිසා. මොකද නිතරම නෙගටිව් හැමදේම. නෙගටිව් නෙගටිව්.

    බුදු දහම කියන්නේ කිසිම දෙකට අලෙන්න එප කියල. ඈත්ත ඈති සටියෙන් දකින්න කියල. එහෙම දකින කෙන නිවනට ලන් වෙනවා. ප්‍රඥව වර්දනව වෙනාවා

    ඔකට කියන්නෙ මිත්ය දුශ්ටිය කියල
     
    • Love
    Reactions: Candid-B