මම රට යන විදිහ දන්නේ නෑ

geeko

Well-known member
  • Mar 18, 2013
    7,480
    4,481
    113
    මම රට යන විදිහ දන්නේ නෑ

    එලකිරියේ ගොඩක් අය කතා වෙනවා රට යන එක ගැන. මම රට යන හැටි ගැන කිසිම දෙයක් දන්නේ නෑ.අඩුම තරමේ Airport එකක් ඇතුලටවත් තාම ගිහින් නෑ.දන්න කෙනෙක් මට කියලා දෙනවද කොහොමද රට යන්නේ කියලා.පාස්පොර්ට් එක හදා ගන්න එකේ ඉදලා ඒජන්සියක් හයර් කරනවා නම් ඒ දේවලුයි ඉගෙන ගන්න ගිහිල්ලා එහේ ජොබ් කරන්න හදා ගන්න විදිහයි.PR කියන්නේ මොකද්ද ඒක ගන්නේ කොහොමද.එයාර් පොර්ට් එක ඇතුලෙදි මොකද වෙන්නේ .ෆ්ලයිට් එකේදි මොකද වෙන්නේ.කඩ්ඩ ඕනේ වෙනවද.ඒ හැම දෙයක්ම මුල ඉදන් වෙන්නේ කොහොමද

    මම මීට කලිනුත් මේ ගැන අහලා ත්‍රෙඩ් එකක් දැම්මා.උත්තරයක් හම්බුනේ නෑ
     
    Last edited:

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    kalin thread ekakuth tibba
    me mama dapu reply eka

    පාස්පෝට් කියන්නේ මොකක්ද
    රටකින් රටකට යාමේදී අවශ්යවන සහතිකය/බලපත්‍රය
    ගුවනින් ගියත් නැවේ ගියත් තියෙන්න ඔනේ..

    පාස්පෝට් හදන්නේ කොහොමද
    වෙනම බලලත් ස්ටුඩියෝ එකකට ගිහින් පාස්පෝට් එකට කියල ෆොටෝ ගන්න. එතනින් ඔයාට කොලයක් දෙයි. ෆොටෝස් ඔන්ලයින් අප්ලෝඩ් කරනවා පාස්පෝට් ඔෆිස් එකට. ඒ කොලෙත් අරන් කොළඹ තියන පාස්පෝර්ට් ඔෆිස් එකෙන් දෙන ෆොර්ම් එක
    පුරවගෙන, (ඔන්ලයින් ඩවුන්ලෝඩ් කරන්නත් පුලුවන්) පුරවගෙන සල්ලිත් අරන් යන්න පුංචි බොරැල්ලේ තියන ඔෆිස් එකට. එතනින් පාස්පෝට් එක හදාගන්න පුලුවන්.
    අර ෆොර්ම් එකට අමතරව උප්පැන්න සහතිකය, රැකියාවක් කරනවනම් කන්ෆර්මේශන් ලෙටර් එකත් ඔනේ. තව ඉල්ලන ලියකියවිලි අරන් යන්න. ඔක්කොම මට මතකනෑ

    වීසා කියන්නේ මොකක්ද
    වීසා ඇප්ලයි කරන්නේ කොහොමද
    වීසා හම්බෙන්න කොච්චර කාලයක් යනවද

    රටකින් තවත් රටකට යනකොට ඒ අපි යන රටෙන් අවසර ගන්න ඔනේ රටට ඇතුලු වෙන්න. ඒක තමා වීසා කියන්නේ.
    ඒක රටින් රටට වෙනස් වෙනවා. ගානත් එහෙමයි.
    සිංගප්පුරුව, ඉන්දුනීසියාව, මාලදිවයින වගේ රටවල් වලට ලංකාවේ අයට වීසා කලින් ගන්න ඔනේ නෑ. ගියාම එයාපෝර්ට් එකේදී දෙනවා.
    අනික් රටවල් වලට මෙහෙ තියන එම්බසි එකට ගිහින් ෆොර්ම් එකක් පුරවලා අදාල ලියකියවිලි (Airticket, hotel booking, bank statements, leave approval letters, etc...) දුන්නාම සතියකින් වගේ ගන්න පුලුවන්.
    හැබයි යුරෝපය, ඇමරිකාව වගේ රටවල් වලට වීසා ගන්න අමරුයි, ගොඩක් ලියකියවිලි ඔනේ වෙනවා. ඒ වගේම ගානත් වැඩ්යි.

    රට යන දවසෙ ගුවන් තොටුපොලේ සහ ගුවන් යානයේ වෙන්නේ මොකක්ද

    ආදී හැමදෙයක්ම දන්න කෙනෙක් කියලා දෙන්නකෝ.

    එතකොට ඉගෙන ගන්න යවන ආයතන වලින් ගියාම එහේ ජොබ් කරන්න පුලුවන්ද

    ඉතුරු ටිකට පස්සේ දාන්නම්
    ටිකක් බිසී උනා..
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,480
    4,481
    113
    Listen to this

    :D :D :D ඇත්තටම මටත් මේ සීන් එකම තමයි වෙන්නේ රට ගියොත්. මෙලෝ මගුලක් දන්නේ නෑ ඔය සබ්ජෙක්ට් එක ගැන
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,480
    4,481
    113
    kalin thread ekakuth tibba
    me mama dapu reply eka

    එතකොට මචන් අපි යන්න හදන රටේ අපේ යාලුවෙක් ඉන්නවනම් වීසා එක ගන්න එක ලේසිද?
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    එතකොට මචන් අපි යන්න හදන රටේ අපේ යාලුවෙක් ඉන්නවනම් වීසා එක ගන්න එක ලේසිද?

    yaluwo idala madi machan
    e rate citizen tiyanawanam tikak lesi wei, yaluwa sponsor karanawa kiwoth.
    Europe ehema eth amarui. ratin ratata visa ganna widiya wenas.
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    You have internet, do ur research and find out. Rata gihillat nattam ubata thread danna wei jiwath wena widiha ahala
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    එලකිරියේ ගොඩක් අය කතා වෙනවා රට යන එක ගැන. මම රට යන හැටි ගැන කිසිම දෙයක් දන්නේ නෑ.අඩුම තරමේ Airport එකක් ඇතුලටවත් තාම ගිහින් නෑ.දන්න කෙනෙක් මට කියලා දෙනවද කොහොමද රට යන්නේ කියලා.පාස්පොර්ට් එක හදා ගන්න එකේ ඉදලා ඒජන්සියක් හයර් කරනවා නම් ඒ දේවලුයි ඉගෙන ගන්න ගිහිල්ලා එහේ ජොබ් කරන්න හදා ගන්න විදිහයි.PR කියන්නේ මොකද්ද ඒක ගන්නේ කොහොමද.එයාර් පොර්ට් එක ඇතුලෙදි මොකද වෙන්නේ .ෆ්ලයිට් එකේදි මොකද වෙන්නේ.කඩ්ඩ ඕනේ වෙනවද.ඒ හැම දෙයක්ම මුල ඉදන් වෙන්නේ කොහොමද

    මම මීට කලිනුත් මේ ගැන අහලා ත්‍රෙඩ් එකක් දැම්මා.උත්තරයක් හම්බුනේ නෑ

    යන්න එපා බන් රනිලය හැම රටකටම ගිහින් කියනවා ගන්න එපා කියලා බුද්දීගලනයක් වෙනවලු ලංකාවේ
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,707
    2,500
    113
    Bevery Hills-90210
    පාර්ස් පෝර්ට් එක හදා ගනින් all countries. උබට යන්න ඔනේ රට සිලෙක්ට් කරගනින්. විනෝද වෙන්නද, ජොබි එකක් කරන්නද මොකද්ද කියලා උබනේ දන්නේ.;
    උදා- ඇමරිකාව. විසිටින් යනවා නම් VISA apply කරපන් විසිටින් ඩිරෙක්ට් එම්බසි එකට ගිහිල්ලා. ජොබ් එකකට යනවා නම් අදාල කම්පැනි එක්ක කථා කරලා වීසා එකක් ගෙන්න ගනින්. එක් මේල් එකක් දාවි. ඒකත් අරන් විදේශ සේවා එකට පලයන්.. අඩු තැනකින් ටිකට් ගනින්. ඔනේ දිහාට පළයන්...
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,480
    4,481
    113
    යන්න එපා බන් රනිලය හැම රටකටම ගිහින් කියනවා ගන්න එපා කියලා බුද්දීගලනයක් වෙනවලු ලංකාවේ

    oka hinda thamai me rate innath hithenne naththe
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,480
    4,481
    113
    පාර්ස් පෝර්ට් එක හදා ගනින් all countries. උබට යන්න ඔනේ රට සිලෙක්ට් කරගනින්. විනෝද වෙන්නද, ජොබි එකක් කරන්නද මොකද්ද කියලා උබනේ දන්නේ.;
    උදා- ඇමරිකාව. විසිටින් යනවා නම් VISA apply කරපන් විසිටින් ඩිරෙක්ට් එම්බසි එකට ගිහිල්ලා. ජොබ් එකකට යනවා නම් අදාල කම්පැනි එක්ක කථා කරලා වීසා එකක් ගෙන්න ගනින්. එක් මේල් එකක් දාවි. ඒකත් අරන් විදේශ සේවා එකට පලයන්.. අඩු තැනකින් ටිකට් ගනින්. ඔනේ දිහාට පළයන්...

    එතකොට මචන් එයාර් ටිකට් එකයි වීසා එකයි කියන්නෙත් දෙකක්ද? මම හිතුවේ එකක් කියලා :confused:
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,707
    2,500
    113
    Bevery Hills-90210
    එතකොට මචන් එයාර් ටිකට් එකයි වීසා එකයි කියන්නෙත් දෙකක්ද? මම හිතුවේ එකක් කියලා :confused:

    එයාර් ටිකට් එකක් කියන්නේ. බන් බස් ටිකට් එකක් වගේ දෙයක්. වෙනසකට තියෙන්නේ කලින් ගන්න ඔනේ. වීසා එක කියන්නේ උබට රට තුලට ඇතුලත් වීමට නීතියෙන් ලැබෙන අවසර පත්‍රය. ටිකට් එක ගන්න එක මහලොකු දෙයක් නෙවෙයි. හැබැයි ඉතින් වීසා එකක් ගන්න ටිකක් අමාරුයි. මොකද ලංකාවේ ප්‍රතිරූපය එච්චර හොද නැති නිසා...
    සල්ලි තියෙනවා නම් සිංගප්පුරු ගිහිල්ලා ඉගන ගනින්. විසිට් එකකට. තායිලන්ඩ්, පිලිපීන් එහෙමත් යන්න ලේසී.(වීසා ඔනේ නැහැ ඔන් අරයිවල්) ඉන්දියාවට තමයි අඩුවෙන්ම වියදම් කරලා යන්න පුළුවන් ටිකට් වීසා