“මම රාජපක්ෂලාගේ යාළුවෙක් නෙවෙයි, මම ජනතාවගේ මිතුරෙක්”
තමන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පවුලේ පැරණි මිතුරෙකු දැයි Sky News කළ විමසීමකදී ශ්‍රී ලංකාවේ තේරී පත් වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම කරුණ උපහාසයට ලක් කර තිබෙනවා. Sky News මාධ්‍යවේදියා වික්‍රමසිංහ මහතා ‘රාජපක්ෂලාගේ පරණ මිත්‍රයා’ ලෙස හැඳින්වූ විට ජනාධිපතිවරයා ඊට ප්‍රතිචාර දක්වමින් කියා සිටියේ තමන් සැමවිටම රාජපක්ෂවරුන්ට විරුද්ධ බවයි.
