ජනමතය හෙළිකරන යථාර්ථය

NRTG

Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    ජනමතය හෙළිකරන යථාර්ථය......

    පසුගිය වසරේ අප්‍රේල් මාසයේ සිට ජූලි මාසය දක්වා පැවැති මහජන නැඟිටීම කිසිදු දේශපාලන පක්ෂයක් විසින් හෝ වෙනත් සංවිධානයක් විසින් හෝ සංවිධානය කරනු ලැබ මෙහෙයවනු ලැබුවක් නොවේ. එය පැහැදිලිවම පෙර නොවූ විරූ ආර්ථික අර්බුදයක් හේතුවෙන් ජනතාවට විඳින්නට සිදුවූ පෙර නොවූ විරූ පීඩාවන්ගේ සෘජු ප්‍රතිඵලයකි.


    KD4T63W.jpg



    එය නිශ්චිත දේශපාලන මතවාදයක් දරන පීරිසකගේ විරෝධතා රැල්ලක් ද නොවේ. එය ආණ්ඩු පක්ෂය වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට පසුගිය මැතිවරණවල දී සහයෝය දුන් පිරිස් ද ඇතුළු බොහෝ දේශපාලන මතවාද දරන්නන් සහභාගි වූ විරෝධතා මාලාවකි. රසායනික පොහොර ආනයන තහනම නිසා පීඩාවට පත්ව උද්ඝෝෂණවලට එක් වූ ගොවි ජනතාවගෙන් අති බහුතරය පොදුජන පෙරමුණේ ආධාරකරුවෝ වූහ.


    d5EwpzC.jpg



    එම විරෝධතාවලදී විරෝධතාකරුවන් විසින් යොදා ගන්නා ලද ප්‍රධාන සටන් පාඨය වන ‘‘ගෝඨා ගෝ හෝම්’’ යන්න ද සැලසුම් කරන ලද සටන් පාඨයක් නොවීය. ආණ්ඩුවට විරෝධය පෑමේ දී යොදා ගත හැකි බැරෑරුම්ම සටන් පාඨය ජනාධිපතිවරයාට ගෙදර යන්නැයි කීමය. එය අහම්බෙන් මතුවී පසුව ස්ථිරව අරගලය යනුවෙන් පොදුවේ හැඳින්වුණු විරෝධතාවල ප්‍රධාන සටන් පාඨය බවට පත් විය.

    YciK4aP.jpg



    පසුගිය වසර මුල දී රට පුරා දිනපතා පැය 10කට වැඩි විදුලි කප්පාදුවක් ක්‍රියාත්මක විය. ඇතැම් දිනෙක එය පැය 13ක් විය. පෙට්‍රල් ඩීසල් හා ගෑස් මිල දී ගැනීම සඳහා ජනතාවට තම එදිනෙදා කටයුතු හා රැකියා අත්හැර දින ගණන් පමණක් නොව සති ගණන් ද කිලෝමීටර් ගණන් දිග පෝලිම්වල කාලය නාස්ති කරන්නට සිදුවිය. රටේ වැඩි පිරිසකගේ ආදායම් හරි අඩකින් පමණ අඩුවෙද්දී බඩුමිල තුන් ගුණයකින් පමණ ඉහළ ගියේය.


    YD9Bc2J.jpg


    මේ තත්ත්වය යටතේ එම අරගලකරුවන්ගේ අවශ්‍යතාව වූයේ නිසි කලට පෝලිම්වලින් තොරව පහසුවෙන් ඉන්ධන හා ගෑස් ලබා ගැනීම පමණක් නොවේ. ඔවුනට පළමුව රට සාමුහිකව ඊට වඩා ඈතට සිතන්නට සිදුවිය. අනාරක්ෂිත තත්ත්වයේ සිටින තම දරුවන්ට සුරක්ෂිත අනාගතයක් තහවුරු කිරීම, දිනෙන් දින අගාධයට යන තම ආර්ථිකය ස්ථාවර තත්ත්වයකට පත්කර ගැනීම හා එමඟින් තම දරු මල්ලන් හට ආහාර ටිකක් හෝ දී ගත හැකි වන පමණට තම ආදායම් රැක ගැනීම ඔවුන්ගේ අපේක්ෂාව විය.

    dSFmZ0e.jpg


    තමන් හා තම දරුවන් එදිනෙදා ආහාර වේලක් සඳහා අනේක විධ දුෂ්කරතාවලට මුහුණ දෙද්දී තම දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් වෙද්දී ඔවුන්ගේ අනාගතය විනාශ වේදෝයි යන බිය සිත් කළඹද්දී තම දෑස් ඉදිරිපිටම එක්තරා කණ්ඩායම් රටේ සම්පත් කොල්ලකනු ඔවුනට ජනමාධ්‍ය මගින් දැන ගත හැකිවිය. එය වැළැක්වීම හා එසේ මහජන සම්පත් කොල්ල කෑ පුද්ගලයන්ට දඬුවම් දීම ද උද්ඝෝෂකයන්ගේ සටන් පාඨ අතර විය.


    o9cfvJl.jpg


    පැරැණි වාමාංශික සාහිත්‍යයේ බලපෑමට ලක් වූ ඇතැම් අරගලකරුවෝ ජනාධිපති කාර්යාලය පුස්තකාලයත් බවට පත් කරන්නටත් ජනාධිපති මන්දිරය ජනතාවගේ විවේකාගාරයක් බවට පත් කරන්නටත් බොළඳ ලෙස සිහින දුටහ.


    IVNO4L8.jpg


    එහෙත් අරගලයේ බලපෑම නිසා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉකුත් වසරේ ජූලි 9 වැනිදා රටෙන් පළා ගොස් 14 වැනිදා සිංගප්පූරුවේ සිට ජනාධිපතිධූරයෙන් ඉල්ලා අස්වීමත් සමඟ අරගලකරුවෝ කර කියා ගත නොහැකි තත්ත්වයකට පත් වූහ. ඒ ඔවුනට එතැනින් එහාට ක්‍රියාත්මක කළ හැකි වැඩ පිළිවෙළක් නොවූ හෙයිනි. එසේම ජූලි 20 වැනිදා රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති වශයෙන් පාර්ලිමේන්තුවෙන් තෝරා පත් කරනු ලැබූ අතර ජූලි 22 වැනිදා ගාලු මුවදොර පිටියෙන් පිටවන්නට සිටි අරගලකරුවෝ හමුදාව විසින් එදිනම පහර දී අවමානකාරී ලෙස පළවා හරිනු ලැබූහ.


    qI8I8v7.jpg


    ඒ සමඟම අරගලය මඟින් යහපත් පාලනයක් අපේක්ෂා කළ ලක්ෂ ගණන් ජනතාවගේ යථාර්ථවාදී හා සාධාරණ සිහින මෙන්ම ලාමක සිහින හා අපේක්ෂා ද සුණු විසුණු වී ගියේය. කාලයක් පුරා ආර්ථික ආගාධයකට ඇද දමනු ලබමින් සිටි රට අවසානයේ දී ආර්ථික විනාශයක් කරාම ගෙන ගිය දේශපාලන කණ්ඩායම නව පාලනය පළිහක් කර ගනිමින් යළි හිස එස වූහ.

    3ZXvNzg.jpg


    ‘‘අරගලය’’ පිළිබඳ වත්මන් මහජන මතය සම්බන්ධයෙන් වෙරිටේ රිසර්ච් ආයතනය විසින් මත විමසුමක් පවත්වා එහි ප්‍රතිඵල ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත්තේ ඒ පසුබිම තුළය. පසුගිය සතියේ ප්‍රකාශයට පත් කරන ලද එම මත ගිවිසුමේ ප්‍රතිඵලය මඟින් මෙරට ජනතාවගෙන් සියයට 60ක් අරගලය මඟින් ජනතා අපේක්ෂා ඉටුනොවූ බව පවසා තිබිණි. අරගලය මගින් බොහෝ දුරට ජනතා අපේක්ෂා ඉටු වූ බව ජනතාවගෙන් සියට 11ක් ප්‍රකාශ කොට තිබිණි.

    EwX9xS8.jpg



    මේ ප්‍රතිචාර සඳහා ඔවුන් වෙත යොමු කරනු ලැබ තිබූ ප්‍රශ්නය වූයේ ‘‘අරගලය ජනතාවගේ ප්‍රාර්ථනා හා අභිලාෂයන් ඉටු කළේ යැයි ඔබ සිතන්නේ ද’’යන්නයි. මෙය ගැටලුකාරී ප්‍රශ්නයකි. අරගලයේ ප්‍රධාන සටන් පාඨය වූ ‘‘ගෝඨා ගෝ හෝම්’’ (ගෝඨා ගෙදර යනු) යන්න ඉටු වුවද අරගලය ජනතාවගේ අපේක්ෂා ඉටු කරමින් හෝ ඉටු කිරීමට මාවත සකස් කොට අවසන් වූයේ නැත.

    g8bsI9i.jpg


    එය විසඳුමක් නැතිව අවසන් වූයේ විවිධ මතවාද දරමින් සමාජ මාධ්‍ය යොදා ගනිමින් එය මෙහෙය වූවන් හට ගෝඨාභය රාජපක්ෂ මහතා බලයෙන් ඉවත් වීමත් සමග ඉදිරියට යන්නට ඉදිරි වැඩ පිළිවෙළක් හෝ දැක්මක් නැති වීමෙනි. දෙවැනුව ඔවුනට එවැන්නක් පිළිබඳව ඉන්පසු හෝ සිතන්නට ඉඩ නොතබා ක්‍රියාත්මකවූ දරුණු මර්දනය අරගලය ආසන්න වශයෙන් මුළුමනින්ම නිහඬ කොට දැමීය. ඒ අනුව අරගලයේ ඉතා ප්‍රබල ක්‍රියාකාරිකයකු වූ නීතිඥ නුවන් බෝපගේ මහතා පුවත්පතක් සමග කළ සම්මුඛ සාකච්ඡාවකදී පවසා තිබු පරිදි අරගලය මඟින් ජනතා අපේක්ෂා ඉටු වූයේදැයි සොයන්නට සමීක්ෂණ කළ යුතු නැත.


    ogaTUJG.jpg


    අරගලය මෙරට දේශපාලන හා ආර්ථික ගමන් මඟ වෙනස් කිරීමට පැහැදිලිවම අසමත් විය. ඉන් ඇති වූ එකම වෙනස පුද්ගලයන් වෙනස්වීම පමණි. රට ආර්ථික වශයෙන් මුළුමනින්ම විනාශ වීම වළකා ලීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යටතේ ආණ්ඩුවට ඇති එකම උපක්‍රමය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහභාගිත්වයෙන් දැනට ක්‍රියාත්මක වැඩ පිළිවෙළයි. එය අලුත් දෙයක් නොව අරගලය පැවැති කාලයේදී පැවැති දෙයකි.

    CNjw5sW.jpg


    පසුගිය වසරේ මාර්තු මාසයේදී මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා ආරම්භ කොට එම වැඩපිළිවෙළ ආරම්භ කරන ලද්දේ ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිව සිටියදීය. එම වැඩපිළිවෙළ යටතේ විදේශ ණය ප්‍රතිව්‍යූහගත කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය හා නීති උපදේශකයන් වශයෙන් ලාසාර්ඩ් හා ක්ලිෆර්ඩ් චාන්ස් යන ආයතන තෝරා ගනු ලැබුවේද රාජපක්ෂ මහතාගේ පාලන කාලයේදීය. දැනට මූලය අරමුදල සමග කටයුතු කරන මෙරට ප්‍රධාන නිලධාරීන් දෙදෙනා වන ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාත් භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන මහතාත් එම ධුරවලට පත් කළේද රාජපක්ෂ මහතාය.


    urB2fyZ.jpg


    මූල්‍ය අරමුදලේ උපදෙස් වශයෙන් දැනට රටතුළ ක්‍රියාත්මක වන ප්‍රතිසංස්කරණ ද අලුත් ඒවා නොවේ. ආණ්ඩුව මූල්‍ය අරමුදලේ සහාය ඉල්ලන්නටත් පෙර පසුගිය වසරේ පෙබරවාරි මාසයේ මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කළ වාර්තාවේ මෙම ප්‍රතිසංස්කරණ මූලික වශයෙන් සඳහන්ව තිබිණි. දැන් කෙරෙන්නේ ජනාධිපතිවරයා හැර එදා සිටි පිරිසක්ම එදා තීරණය කළ වැඩ පිළිවෙළක්ම ඉදිරියට ගෙන යාමය. අරගලය එදා පැන නැංගේ ඒ වැඩ පිළිවෙළ පිළිබඳ සාකච්ඡා ආරම්භ වී තිබියදීය.


    rCKUyYp.jpg


    අරගලය මඟින් ඇති වූ ප්‍රතිඵල දෙකක් වන්නේ වත්මන් ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් ප්‍රධාන වශයෙන්ම චෝදනාවට ලක් වූ ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරය හැරදමා යාම හා රනිල් වික්‍රමසිංහ මහතා එම ධුරයට පත්වීමයි. මේ තත්ත්වය ගැන සතුටු වන්නෝ ප්‍රධාන වශයෙන්ම වික්‍රමසිංහ මහතාගේ පක්ෂය වන එක්සත් ජාතික පක්ෂයේ ආධාරකරුවෝයි.



    2wUqdMN.jpg



    අරගලය මගින් ජනතා අපේක්ෂා ඉටුවී යැයි වෙරිටේ රිසර්ච් සමීක්ෂණයේ දී අදහස් දක්වන්නට ඇත්තේ ඔවුන්ය. මන්දයත් වැඩිවන බඩුමිල, විදුලි බිල, ජල බිල ආදිය නොසලකා ජනතා අපේක්ෂා ඉටුවී යැයි සිතනු ඇත්තේ ඔවුන්ය. එහෙත් ඔවුන්ගේ ප්‍රතිශතය එජාපයට බිය ගෙන දෙන තරමේ සියයට 11කි.


    GK6YRnI.jpg
    l0MPvpD.jpg


    රටේ බහුතරය (සියයට 60ක්) අරගලය මඟින් ජනතාවගේ (තමන්ගේ) අපේක්ෂා ඉටු නොකළ බවට මෙම සමීක්ෂණයෙන් දැක්වෙන කරුණ බොහෝ දෙනා තම තමන්ගේ දේශපාලන මතිමතාන්තර අනුව විග්‍රහ කරමින් සිටිනු පෙනේ. ආණ්ඩුවට හිතවත් පිරිස් එය රටේ වැඩි දෙනකු අරගලය අනවශ්‍ය දේශපාලන ක්‍රියාමාර්ගයක් ලෙස සලකා හෙළා දකින බවක් කියන්නට යොදා ගනිති. එසේම මෙම සමීක්ෂණ ප්‍රතිඵලය අරගලයේ නිරත ඇතැමුන් කළ ඝාතන හා දේපළ ගිනි තැබීම් සමඟ පටලවාගෙන අරගලය පිළිබඳ බියකරු චිත්‍රයක් මවන්නට ද ආණ්ඩුවට හිතවත් පිරිස් උත්සාහ කරනු පෙනේ.



    3cXha2a.jpg


    අරගලය අසාර්ථකය යන්න හා අරගලය වැරදිය යන්න එකක් සේ පෙන්වන්නට ඔවුහු උත්සාහ කරති. සමහරු තවත් ඉදිරියට ආර්ථික අර්බුදය නිසා අරගලය පැන නැංගා නොව අරගලය නිසා ආර්ථික අර්බුදය ඇති වූ බව කියන්නට ද උත්සාහ කරති.



    gs4rM4f.jpg


    මෙම සමීක්ෂණයේ දී වෙරිටේ රිසර්ච් ආයතනය විසින් ජනතාවට ඉදිරිපත් කරන ලද තවත් ප්‍රශ්නයකට ලැබී ඇති පිළිතුර ඔවුන්ගේ මෙම උත්සාහයට ද පිළිතුරකි. රට යළි ගොඩනැඟීමට කළ යුත්තේ කුමක්ද යන ප්‍රශ්නයට ජනතාවගෙන් සියයට 51ක්ම දී ඇති පිළිතුර වන්නේ දූෂණය හා පරිපාලන දුබලතා නිවැරැදි කළ යුතුය යන්නයි. ආර්ථික ක්‍රමය වෙනස් කළ යුතු යැයි ජනතාවගෙන් සියයට 34ක් පවසා තිබිණි. ප්‍රජාතන්ත්‍රවා දී අවකාශයට වඩා රටේ ස්ථාවරත්වයට ප්‍රමුඛතාව දිය යුතුය, යන්න පිළිගෙන ඇත්තේ සියයට 15ක් පමණි.

    රට ගොඩනැගීමේ දී ජනමතය වැදගත් යැයි බලධාරීන් සිතන්නේ නම් ඔවුනට මෙම සමීක්ෂණ ප්‍රතිඵලය ඉතා හොඳ මඟ පෙන්වීමක් කරයි.






    Source-
    සැලකිය යුතුයි මෙම ලිපිය ලංකාදීප පුවත් පතේ ලේඛක එම්.එස්.එම්. අයුබ් මහතා විසින් සති අග විග්‍රහය වෙත ඉදිරිපත් කල එකකි. එයට පාඨකයාගේ රස විද්දනය තකා අන්තර්ජාලයෙන් චයාරුප සහ වීඩියෝව NRTG වන මම විසින් එක් කරන ලදී

    link-
    https://www.lankadeepa.lk/features/ජනමතය-හෙළිකරන-යථාර්ථය/2-638401
     
    Last edited:

    Antare 4.1

    Well-known member
  • Aug 9, 2023
    1,227
    395
    83
    Panadura
    පෙරටුගාමී එකෙන් තමා අන්තරය හරහා අරගලය ආරම්බ කරලා පවත්වාගන ගියේ.ජේවීපී පිම්පියෝ ටික මැදින් ජැක් ගහන්න ඇවිත් තමා අරගල කාලා දැම්මේ.
     
    • Love
    Reactions: NRTG

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,760
    1
    57,993
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පසුගිය වසරේ අප්‍රේල් මාසයේ සිට ජූලි මාසය දක්වා පැවැති මහජන නැඟිටීම කිසිදු දේශපාලන පක්ෂයක් විසින් හෝ වෙනත් සංවිධානයක් විසින් හෝ සංවිධානය කරනු ලැබ මෙහෙයවනු ලැබුවක් නොවේ.
    මේක නම් මට සැකයි.

    අරගලය පිටිපස්සේ හිටියෙ ගෝටාම තමයි. විදේශ ණය බර නිසා රට කරගෙන යන්න බැරි තත්වයක් උදාවෙනවා කියල ඌ බුජ්ජි අංස මගින් දැනුවත් වෙලා තියෙන්නම ඕන. මහජන විරෝධය තමන්ට අවශ්‍ය විදිහට මැනේජ් කරගෙන උගේ වරප්‍රසාද තියාගෙන මාරුවුණා