මම වැඩ කරපු තැන මැනේජර් ගැන ..

BornLord

Well-known member
  • Apr 25, 2023
    814
    1,680
    93
    Unstoppable Republic of Western Province
    මේක මම දාන්න හිතුනේ වෙන කෙනෙක්ගේ ත්‍රෙඩ් එකක් දැකලා මට මතක් උන නිසා.
    මට මුල්ම ජොබ් එක ලැබුනේ ක්න්ට්‍රක්ෂන් ෆීල්ඩ් එකේ සයිට් එකක.(ඊට කලින් ට්‍රේනින්ග් ඉදියා තැන දෙකක එච්චරයි) ඒ ජොබ් එකත් සෙට් උනේ ඒ කම්පැනි එකේ බොසාගේ යාලුවෙක්ගෙ මාර්ගයෙන්.මම අවංකව කෙනෙක් නිසා තමා ඒ මනුස්සයත් මට ඒ ජොබ් එක ඒ ලොක්කටම කියලා හදලා දුන්නේ.
    උබලට කියන්න ඒ සයිට් එකේ මැනේජර් හරිම අමුතුයි.ඒ මැනේජර්ට උඩින් තමා මාව ගත්ත බොස් ඉන්නේ. මේ මැනේජර්ලා ඔක්කොම රිපෝර්ට් කරන්න ඕනා මාව ගත්ත බොස්ට. ඒ බොස් තමා ඩිවිෂන් එකේ හෙඩ්. අන්න එකම මට හෙනේට ඉදියා. හේතුව මාව අර උඩ කියපු බොස් ගත්ත නිසා මේ මැනේජර් හිතුවේ ලොක්කා මාව එවල තියෙන්නේ කේලම් ටික හොයල කියන්න කියලයි උ හිතුවේ .හැබැයි එහෙම හිතන්නත් හේතුවක් තිබ්බ.සයිට් එක ඇනයක් හෙල්ලුනත් උඩ ඉන්න බොස් දන්නවා. ඒ කියන්නේ සයිට් එකේ ඉන්න උන්ගෙන් 50% වඩා කේලම් කියනවා උඩට.ලොකු බෝසුත් ඒවා අහනවා. කියන්නැති උන් ඉදියේ දෙන්නයි තුන් දෙනයි. ඉතින් මේ වගේ කේලම් උඩ ඉන්න බෝස්ගේ කනට ඒ කියන්නේ මාව ගත්ත බෝස්ගේ කනට ගියාම පොර කරන්නේ සයිට් එකේ මැනේජර්ට කතා කරලා බනින එක. එක සයිට් එක ඇතුලෙන් විසදන්න පුළුවන් ප්‍රශ්නයක් උනත් උඩ බොස්ගේ කනට ගියොත් පොර කරන්නේ මැනේජර්ට බයින එක. ඇයි මේ වගේ සිදිදී වෙන්නේ ? ඔයාට මේවා වලක්වා ගන්න බැරිද අරක මේක කියල. අනික් ලොකුම කෙස් එක මේ සයිට් එක තියෙන්නේ මාව ගත්ත බෝස්ගේ ගේ ලග (විනාඩි 5 දුර ) ඉතින් හැම නිවාඩු දවසකටම එයා කරන්නේ සයිට් එකට එන එක. ඇවිල්ලා පැය ගානක් විස්තර අහනව චෙක් කරනවා. බයිනවා. පට්ට සැරයි. මේ හින්ද සයිට් එකේ මනේජරුත් ඉදියේ පට්ට කේන්තියෙන් , පට්ට ඇරියස් එකේ. පොර මේ ආයතනයට ඇවිල්ලා ගොඩක් කල් නිසා වෙන එකකට යන්නෙත් නෑ. අනික පඩිත් හොදයි එකම කෙස් එක ලොකු බොස්. ලොකු බෝසුත් මේ ආයතනයට ඇවිල්ල තියෙන්නේ මේ මැනේජර් ආපු කාලෙමයි ඒ කියන්නේ දෙන්නගෙම ජොබ් එක්ස්පිරියන්ස් එක අවුරුදු 14ක් විතර. ඉතින් දෙන්නම දන්නවා දෙන්නගේ හිස්ට්‍රිය. මේ කේස් එක මගේ හෙනේට ඉදියා. මැනේජර් කරන්නේ ලොකු බොස් එක්ක තියෙන තරහ මගෙන් අරින එක. මම ඉන්න තැන ප්‍රයිවට් කෝල් එකක් ගන්නෙවත් නෑ. මට වැඩ පවරනවා හිර වෙන්නම.වෙන් අයගේ ඒවත් සෙට් කරනවා. හිතපන්කෝ කවුරු හරි සයිට් එකට එනවා කියලා මම කෑම බීම බලන්නත් ඕනා. උන් එක්ක කතා කරන්නත් මගේ ජොබ් එක කරන්නත් ඕනා. මේ මැනේජර්ට් කෝල් එකක් ආවොත් පොර මාව එලියට යවනවා පොඩ්ඩක් සයිට් එක පැත්ත බලන්න සද්දයක් ආවා ඒ පැත්තෙන් කියලා මාව යවනවා එලියට. මට මාස ගානක් ගියා මේක තේරුම් ගන්න.මොකද මූණට මුකුත් කියන්නෑ.හරිම ලෙන්ගතුයි කියලා පෙන්වනවා. (මොකද මට වැඩ වැඩි කරදර වැඩි කියලා තේරිලා මාව ගත්ත ලොකු බොස්ට ගිහින් කියයි කියලා බයට) . මාසෙට එක නිවාඩුවයි හැමදාම ගෙදර යන්නේ රෑ නමයට , දහයට නැත්නම් දොළහට. මොකද මැනේජර් වෙන අයගේ ඒවත් මට පටලන නිසා මගේ ටික කර ගන්න වෙන්නේ මේ මැනේජර් ගෙදර ගියාම.පොර සයිට් එකේ රෑ 7 - 8 වෙනකම් ඉන්න ඕනා. අපිට ඉන්න කියන්නේ නෑ.නමුත් කපටි කමට එක එක රිපෝර්ට් අහනවා අත්සන් කරන්න ගෙන්න කියනවා ඒවා ඉල්ලනවා ඉතින් යන්න වෙන්නේ නෑ අපිටත් පොර ගෙදර යනකම්.පොර හරියට කුබියෝ එකේ ජෙහාන් වගේ ඊට එහා මොලේ.

    උබලට මේ වගේ දේවල් නොවෙන්න මම කෙටියෙන් කියන්නම් පොර මට දීපු දස වද,

    නිවාඩුවක් ඉල්ලුවොත් ගනින් මචන් (මචන් කියන්නේ කපටිකමට) .මහන්සිවෙලා වැඩ කරන උබට නොදෙන නිවාඩු තියෙනවද කියලා අහනවා. අහලා HR ලගට යනකොටම කෝල් එකක් දාලා HR ට කියනවා නිවාඩු ඉල්ලන් එයි මූ.දෙන්න එපා කියලා. මම එතකොට හිටියේ ලාබාලම වයසේ නිසා HR මට කියනවා මල්ලි ලොක්කට කියන්න එපා උබට නිවාඩු දෙන්න එපා කියලා ලොක්කා කිව්වා ඌ උබ ඉන්න තැන හොදට කතා කරලා මට කිව්වා දෙන්න එපා කියලා. මම එතකොට නිවාඩු ෆෝම් එක අයින් කර ගන්නවා නැත්නම් HR ඉවරයි. ඔය වගේ සැහෙන වාරයක් කරා අනික් එක නිවාඩුවක් ගැන බොස්ට කියන එද්දිම වැඩක් පවරනවා. එක්කෝ ඉල්ලපු දවසේ දෙන්නේ නෑ.ඔය හින්දම මාසෙට නිවාඩු එකයි ගත්තේ අවුරුදු එක හමාරක් යනකම්.කිසිම නිවනක් නෑ. නිවාඩු ගිහින් ගෙන්නපු අවස්ථාත් තියෙනවා.

    අනික් එක හෙඩ් ඔෆිස් එකෙන් ආපු වෙලාවට මම ලගපාත නැත්නම් මැනේජර් කරන්නේ මට බනින එක.වැඩක් හරියට කරන්නෑ.ඔක්කොම පටල ගන්නවා රිපෝර්ට් එකක් වෙලාවට දෙන්නෑ අරක මේක කියලා උඩින් මුන්ව එවනවා කියලා. හෙඩ් ඔෆිස් එකා යනකොට මට කියලා යන්නේ මල්ලි උබ පරිස්සමෙන් වැඩ කරන් ඉදපන් කියලා . උන් ඔක්කොම මගේ අසරණකම මම මහන්සි වෙන තරම දැක්කා එකයි හැමෝම මට කියලා උපදෙස් දීලා යන්නේ.

    මේ සයිට් එක තියෙන ගමේ ඉදියා තයෙක්. ඌ අපේ සයිට් එකට මැටිරියල් සප්ලයි එකක් කරා. අමු තගයා පේමන්ට් එක අහවල් දවසට ඕනා කිව්වොත් ඕනම තමා. බැංකුවේ කෙස් එකක් වෙලාවත් උගේ පේමන්ට් එක හෝල්ඩ් වෙන්න බෑ. මූ අපේ කම්පැනි එකට මටිරියල් දුන්නත් මේ මනේජර්ව කෙයාර් කරන්නේ නෑ . හේතුව මේ මැනේජර් යටින් ගේම දෙනවා කියලා ඌ දන්නවා. ඌ තගයා උනත් යටින් ගේම් නෑ. ෆේස් ටු ෆේස් තමා ඔක්කොම. අනික මේ තග පොර සයිට් එකේ මැනේජරයව බයිපාස් කරලා උඩ ඉන්න මාව ගත්ත බොස් එක්ක සෙට් හොදට මොකද එක ගමේ දෙන්නම. (මම කලින් කිව්වේ ලොකු බෝස්ගේ ගමේ තමා සයිට් එක තියෙන්නේ ඉතින් ගමේ අයව ලොකු බොස් අදුරනවා) සයිට් එකේ මනේජරයා ගැහුවා ගේමක් මට මේකෙන්. මේ තග පොර සප්ලයි කරන මට්‍රියල් හොද නෑ. අන්තිම සවුත්තුයි ඒවා සෙට් වෙන්නෑ . අපේ ප්‍රෝඩාක්ෂන් එකට ඒක සෙට් වෙන්නෑ කියලා කිව්වේ මම කියලා අරුගේ කනේ තිබ්බා කොහොමහරි. අරුට යක්ශාවෙස උනා මා එක්ක. සිද්ධිය මෙහෙමයි මට පෝරියල් එකක් එන්නයි යන්නේ කියලා මැනේජරගේ ඩ්‍රයිවර් මට කිව්වා. අනිවාර්යෙයන් කන්න වෙනවා මේකට මට දැන්නම් කරන්න දෙයක් නෑ කියලා කෙලින්ම ගිහින් තගයව හම්බෙලා ඔක්කොම විස්තර කිව්වා මට අරූ දෙන පෝරියල් එක්කම. තග පොර මාව විස්වාස කරා ඌ කිව්වා හරි උබ පලයන් මල්ලි මම ඉතුරු ටික බලා ගන්නම් කියලා.ඌ අපේ මනේජරයට දුන්නා දීමක් උඩ බොස්ට මනේජරයා ගැන කියලා බොරුත් දාලා.
    මේ ඔක්කොම වෙනකට මට වයස අවුරුදු 22යි.

    තව තියෙනවා හොද හොද ඒවා ඒවා හිමිට කියන්නම්.උබලටත් මේ වගේ බොස්ලා හම්බෙලා තියෙනවද ?
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    පට්ට ටොක්සික් ඩයල් එකක්. ඔච්චරම නැතත් මටත් සෙට් වෙලා තියනවා බොසාට බොරු කේලම් ගිහින් කියන ගෑනියෙක්. බොසාත් ඒ ගැනීටම හරියන චීත්ත ඩයල් එකක් හිටියේ
     
    Last edited:

    BornLord

    Well-known member
  • Apr 25, 2023
    814
    1,680
    93
    Unstoppable Republic of Western Province
    okane job epa wenne
    ඌ මට සෑහෙන්න වද දුන්නා.මම කොහෙවත් ඒ වගේ මනුස්සයෙක් දැකලා නෑ .
    වද කාගෙන උනත් වැඩට ගියේ ,
    01. සල්ලි නැතිකම
    02. ගෙදර ඉදන් බයික් එකක ගියොත් විනාඩි 20න් යන්න පුළුවන්
    03. රෑ කියට ඕෆ් උනත් ගෙදර ගිහින් ගෙදර බත් ටිකක් කාල ගෙදර ඇදෙ නිදා ගන්න පුළුවන් වීම සහ වියදම් අඩු වීම.
    04. ලොකු බොස් මාව විශ්වාස කරලා යාළුවගේ කීමට වැඩට ගත්තා අතර මග ඒ විශ්වාසේ බිදලා යන්නත් හිතුන්නෑ
     

    BornLord

    Well-known member
  • Apr 25, 2023
    814
    1,680
    93
    Unstoppable Republic of Western Province
    පට්ට ටොක්සික් ඩයල් එකක්. ඔච්චරම නැතත් මටත් සෙට් වෙලා තියනවා බොසාට බොරු කේලම් ගිහින් කියන ගෑනියෙක්. බොසාත් ඒ ගැනීටම හරියන චීත්ත ඩයල් එකක් හිටියේ
    ඔව්. බොස්ට ගොඩක් සැකයි. ලගට ගියොත් අහනව උබ රෙකොඩින්ග් ඕන කරගෙන එහෙම නෙවේ නේද ආවේ කියලා. මම මගේ පොන් එක එලියට අරන් පෙනව්නවා එතකොට. බොස් නිතරම අත් දෙක හෝදනවා.පොරගේ අල්ල මැදිලා නිකන් සුද්දෙක්ගේ වගේ.නිතරම හෝදනවා.මම ගෙනියන රිපෝට් එකක් අත්සන් කරොත් අනිවාර්යයෙන් අත් දෙක හෝදනවා.පෑනෙන් අල්ලලගෙන කොලේ අල්ලන්නේ නැතුව අත්සන් කරන්නේ සමහර වෙලාවට දැන් අත් දෙක හොදගෙන ආවා විතරයි කියලා.

    Dapan balanna thawa wisthara. Mara dial ne bun. Balan giyama ganu hondaine.
    බොස්ට ගොඩක් සැකයි. ලගට ගියොත් අහනව උබ රෙකොඩින්ග් ඕන කරගෙන එහෙම නෙවේ නේද ආවේ කියලා. මම මගේ පොන් එක එලියට අරන් පෙනව්නවා එතකොට. බොස් නිතරම අත් දෙක හෝදනවා.පොරගේ අල්ල මැදිලා නිකන් සුද්දෙක්ගේ වගේ.නිතරම හෝදනවා.මම ගෙනියන රිපෝට් එකක් අත්සන් කරොත් අනිවාර්යයෙන් අත් දෙක හෝදනවා.පෑනෙන් අල්ලලගෙන කොලේ අල්ලන්නේ නැතුව අත්සන් කරන්නේ සමහර වෙලාවට දැන් අත් දෙක හොදගෙන ආවා විතරයි කියලා.
    ------ Post added on May 22, 2023 at 1:25 PM
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    ඔව්. බොස්ට ගොඩක් සැකයි. ලගට ගියොත් අහනව උබ රෙකොඩින්ග් ඕන කරගෙන එහෙම නෙවේ නේද ආවේ කියලා. මම මගේ පොන් එක එලියට අරන් පෙනව්නවා එතකොට. බොස් නිතරම අත් දෙක හෝදනවා.පොරගේ අල්ල මැදිලා නිකන් සුද්දෙක්ගේ වගේ.නිතරම හෝදනවා.මම ගෙනියන රිපෝට් එකක් අත්සන් කරොත් අනිවාර්යයෙන් අත් දෙක හෝදනවා.පෑනෙන් අල්ලලගෙන කොලේ අල්ලන්නේ නැතුව අත්සන් කරන්නේ සමහර වෙලාවට දැන් අත් දෙක හොදගෙන ආවා විතරයි කියලා.
    මානසික රෝගියෙක්ද කොහෙද බන්
    දැන් උබ වෙන තැනකද වැඩ කරන්නේ ?
     

    BornLord

    Well-known member
  • Apr 25, 2023
    814
    1,680
    93
    Unstoppable Republic of Western Province
    hathurekuta wath ohoma nan wenna epa
    සල්ලි නැති නිසානේ මචන් ජොබ් එකකට එන්නේ.හොදට ඉගෙන ගත්ත මිනිස්සුන්ට එක තේරෙන්නේ නෑ. උන්ට නිකන් අපි සිප්පි කෑලි.
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,544
    6,029
    113
    Construction field eka ohoma thama, matath oya wage me porial ekak dunna sanken eke hitiya manager. Man awe lokkek ge margen.. man moratuwa neme ne . Eka hinda adu kule kiyala un hithan inne.. civil engineer unata umbata kiyanne pandarath wada . Wada karana un ekak duwili nawenakan wada .ayeth chamariyata gihin awith 8 weddi ayeth wada.

    Hukana jeewitha.. habai assistant manager karaya passe danagaththa man kawuda kiyala.. passe wena project walath man wada karala , sanken ain una..
    Eka dawask mata muwa hamba una.. ethakota mu mawa warnana kala wena ekek ta.. kochchara punishment dunnath mu niyameta wada serama kara.. mu rassawa epa karannama lu eka kare . Muntath thiyanawa construction company ekak.. ehema puluwan da sanken eke knowledge eka munta ehema denna nikan.... Denna hithuna ethakota.. welawata uge van eka gawa mage montero eka park karala thibbe.. hina wela gihin ennam kiyala awa..

    Construction nam jarama jara field ekak.. lankawe nam aye thawa awrudu 3 , 4 yanakan man hithanne ey field eka goda ei kiyala..
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,797
    1
    9,659
    113
    colombo
    ඔව්. බොස්ට ගොඩක් සැකයි. ලගට ගියොත් අහනව උබ රෙකොඩින්ග් ඕන කරගෙන එහෙම නෙවේ නේද ආවේ කියලා. මම මගේ පොන් එක එලියට අරන් පෙනව්නවා එතකොට. බොස් නිතරම අත් දෙක හෝදනවා.පොරගේ අල්ල මැදිලා නිකන් සුද්දෙක්ගේ වගේ.නිතරම හෝදනවා.මම ගෙනියන රිපෝට් එකක් අත්සන් කරොත් අනිවාර්යයෙන් අත් දෙක හෝදනවා.පෑනෙන් අල්ලලගෙන කොලේ අල්ලන්නේ නැතුව අත්සන් කරන්නේ සමහර වෙලාවට දැන් අත් දෙක හොදගෙන ආවා විතරයි කියලා.


    බොස්ට ගොඩක් සැකයි. ලගට ගියොත් අහනව උබ රෙකොඩින්ග් ඕන කරගෙන එහෙම නෙවේ නේද ආවේ කියලා. මම මගේ පොන් එක එලියට අරන් පෙනව්නවා එතකොට. බොස් නිතරම අත් දෙක හෝදනවා.පොරගේ අල්ල මැදිලා නිකන් සුද්දෙක්ගේ වගේ.නිතරම හෝදනවා.මම ගෙනියන රිපෝට් එකක් අත්සන් කරොත් අනිවාර්යයෙන් අත් දෙක හෝදනවා.පෑනෙන් අල්ලලගෙන කොලේ අල්ලන්නේ නැතුව අත්සන් කරන්නේ සමහර වෙලාවට දැන් අත් දෙක හොදගෙන ආවා විතරයි කියලා.
    ------ Post added on May 22, 2023 at 1:25 PM

    Oya dial ekata OCD (Obsessive Compulsive Disorder) kiayana lede thiyenawada koheda
     

    BornLord

    Well-known member
  • Apr 25, 2023
    814
    1,680
    93
    Unstoppable Republic of Western Province
    මානසික රෝගියෙක්ද කොහෙද බන්
    දැන් උබ වෙන තැනකද වැඩ කරන්නේ ?
    ගිය අවුරුද්දේ පොර මාව ගේමක් ඇදලා බොරුවකට පැටලෙව්වා. ඊට පස්සේ ලොකු ඉන්වෙස්ටිගේෂන් එකක් තිබ්බා පොර තමා ඉන්වෙස්ටිගේෂන් එකේ හෙඩ්. අද වගේ මතකයි පෝය දවසක ඉන්වෙස්ටිගේෂන් එක තිබ්බේ. මැද හරියේදී මැනේජරයා බොරු ටිකක් කිව්වා.හැබැයි වැඩේ හරියන්නේ නැති පාර පොර කට වහන් ඉදියා.මුලින් මට කතා කරන්න දුන්නෙම නෑ. උගේ වටේ ඉදපු ඉන්වෙස්ටිගේෂන් එකට ආපු අනික් අයගෙත් කටවල් වහන් අරුමයි කතා කරේ මොකද එතන හුගක් උන් පස්සේ ආපු ජුනියර්ස්ලා.වාසනාවකට ඉන්වෙස්ටිගේෂන් එක යද්දී මාව වැඩට ගත්ත ලොකු බොස් ආවා.එයා කිව්වා කරන ඉන්වෙස්ටිගේෂන් එකක් එයා ඉස්සරහා කරන්න ඕනා කියලා පොර බලන් ඉද්දි එක කරා.මගේ කිසිස්ම වැරද්දක් නැ එයාලගේ කල්කියුලේෂන් වල අව්ලක් නිසා ස්ටොක් අඩුයි වගේ පෙනිලා තියෙන්නේ කියලා ඔප්පු උනා. ඒ කලකිරීමට මම අයින් උනා.අවුරුදු 3ක් ඒ වෙනකොට. ලොකු බොස් කිව්වා යන්න එපා ඉන්න දෙසැම්බර් බෝනස් අරන් යන්න කියලා.ලක්ෂයක් විතර බෝනස් එක. මම ඔක්තෝම්බර් අයින් උනා මට ඒ තරම් එපා උනා.මාව ගත්ත බෝස්ගේ ගෙදරට ගිහින් වැදලා විස්තරේ ඔක්කොම කිව්වා අරු කරපු වැඩ.අයින් වෙනකොටයි බොස්ට කිව්වේ අරු හැමදාම මට තැලුවේ මම කේලම් කියනව කියලා.
    මට දැන් ජොබ් එකක් නැහැ. මම දැන් ඉගෙන ගන්න ගත්තා.ඔන්ලයින් ජොබ් එකක් කරන්න උත්සහ කරන ගමන් ඉන්නේ.

    Dapan balanna thawa wisthara. Mara dial ne bun. Balan giyama ganu hondaine.
    උබලා විස්වාස කරන්නා බන්.ඔහොම අය ඉන්නවා.කවුරුත් විස්වාස කරන්නෑ.
    ------ Post added on May 22, 2023 at 1:41 PM
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,145
    9,475
    113
    මම ඇක්සිඩන්ට් වෙලා නිවාඩු දැම්ම සතියක්
    මගෙ ලීඩ් උන්න එකා කොම්පැනියෙ ලොක්කොන්ට තෙල ගහල බොරුවට නිවාඩු ගහං ඉන්නව කියල.
    වැඩට ගියාම ලොක්කොංගෙ ඇස් උඩ ගියා මගෙ තැලිච්ච මූනයි , තුවාලයි දැකල
     

    BornLord

    Well-known member
  • Apr 25, 2023
    814
    1,680
    93
    Unstoppable Republic of Western Province
    Oya dial ekata OCD (Obsessive Compulsive Disorder) kiayana lede thiyenawada koheda
    ඔව් මම පස්සේ දැන ගත්තේ එහෙම ලෙඩක් තියෙනවා කියලා. බොස් අතින් දොර අල්ලන්නේ වත් නැහැ.වැලමිටෙන් තල්ලු කරන්නේ ඔෆ්ස් එකේ දොර.