මේකයි මචන්... හිතපන් හැමදේම script එකක් කියලා නිකමට.

වෙන්න තියන දේවල් වෙන්නේ. මම මේ උබට එවන reply එකත් ඒ script එකේ කොටසක්. උබ හැමදේම script එකක් කියලා හිතන එකත් , මේ ත්‍රෙඩ් එක දාපු එකා "සත්‍ය අවබෝද කරා" කියලා දාපු එකත් script එකක්.
දේවල් වෙන්නේ වෙන්න තියන නිසා මිසක්, හේතුවකට නෙවෙයි වෙන්වා. බුදු වීමත් script එකක්, දහම් දෙසිමත් script එකක් , මාර්ග පල ලැබීමත් script එකක්...

එතොකට දහමේ තේරුමක් නැති වෙනවා. යහපත් අයහපත් දේ අනුව පලය ලැබීමක් නෙවෙයි වෙන්නේ, script එකක ලෝකය ඉස්සරහට යන එකක්. ඒක නිසා මේක ගැන තර්ක කරන්න දහම් කරුණු, හාමුදුරුවරුන්ගේ නම්, බණ වැඩක් වෙන්නේ නෑ .. මොකද ඒ හැමදේම අතීතයේ වෙන්න තිබ්බ නිසා උන, දේවල් මිසක් හේතුවක් නෑ ..
අපි කරන දේ තමයි ඔහේ ගලා ගෙන යන දෛවයක් ගැන එක තැනක් නැවතිලා තරක කරනවා කියලා හිතනවා. මේක ගැන තර්ක කරන එකත් script එකක්, එකින් නිගමන වලට එළබෙන එකත් script එකක්.

තේරුමක් නෑ තර්ක කරල. මොකද ඒ හැමදේම script එකක්.