මයික්‍රොසොෆ්ට් Windows 10 හෙළි කරයි -

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    මයික්‍රොසොෆ්ට් Windows 10 හෙළි කරයි -

    මයික්‍රොසොෆ්ට් Windows 10 හෙළි කරයි - නැවතත් Start Menu අන්තර්ගතයි


    2%28775%29.gif

    මයික්‍රොසොෆ්ට් සමාගමේ මීළඟ පරිගණක මෙහෙයුම් පද්ධතිය (OS) 'වින්ඩෝස් 10' (Windows 10) පිළිබඳ ප්‍රථම හෙළිදරව්ව එම සමාගම විසින් සිදුකරන ලදී.


    එහිදී, මෙම මෙහෙයුම් පද්ධතියේ නම තරමක් පුදුම කරවන සුළු නමක් වන්නේ එය 'වින්ඩෝස් 8' සිට කෙළින්ම 'වින්ඩෝස් 10' වෙත සිදුවූ පිම්මක් යන හැඟීම ඇති කරන නිසා යැයි විශ්ලේෂකයෝ පවසති.
    මෙම මෙහෙයුම් පද්ධතිය විවිධ උපාංගවල ධාවනය වන ලෙස නිර්මාණය කර ඇති අතර, එය ජංගම දුරකථන සිට ටැබ්ලට් පරිගණක දක්වාත්, පුද්ගල පරිගණකවල සිට එක්ස්බොක්ස් වීඩියෝ ක්‍රීඩා ධාවකයන් දක්වාත් මෙහෙයුම් පද්ධතියක් ලෙස ක්‍රියාත්මක කරනු ඇති බව මයික්‍රොසොෆ්ට් සමාගම පවසයි.
    එමෙන්ම, වින්ඩෝස් 8 මෙහෙයුම් පද්ධතියෙන් ඉවත් කර තිබූ 'ස්ටාර්ට් මෙනුව' (Start Menu) නැවතත් මෙම නවතම මෙහෙයුම් පද්ධතියේ අන්තර්ගත වීමද විශේෂත්වයකි.
    ඉන් ඔබ්බට පරිශීලකයන්ට වඩාත් පහසුවක් ගෙනදෙන 'ඇප්ලිකේෂන්' රැසක් එහි ඇති බවත්, එයද ස්පර්ශක තිරයන්හි භාවිත කළ හැකි බවත් මයික්‍රොසොෆ්ට් සමාගම පෙන්වා දෙයි.



    3%28468%29.gif


    ( නරේන් විශ්වජිත් ) 2014-10-01 08:43:32 අද ලින්ක්
     
    Last edited:
    • Like
    Reactions: Santa DX

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,737
    1
    15,136
    113
    නවය ඉලක්කම නපුරුයි කියනවා නේ . ඒක වෙන්නැති 9 නැතුව 10 දැම්මේ