මයිත්‍රීපාල_හැංගුන_ගෙදර

anton_malli

Member
Sep 16, 2018
2,685
281
0
මයිත්‍රීපාල_හැංගුන_ගෙදර

ජනවාරි 8 රෑ මයිත්‍රී හැංගුන ගෙදර අයිතිකාරයා දැන් කියන දේ

උබලා අහලා තියෙනවද කිරාන් අතපත්තු කියලා කෙනෙක්. එයා ව්‍යාපාරිකයෙක්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට තමයි ලැදි. මයිත්‍රීපාල සිරිසේන ජනාධිපති වෙන්න කලින් ඉදන්ම මෙයා මයිත්‍රී එක්ක ගොඩක් ලගින් ආශ්‍රය කරපු කෙනෙක්.

ජනවාරි 8 ජන්දේ දවසේ රෑ මහින්ද රාජපක්ෂ විසින් මයිත්‍රීව මරයි කියලා මිනිහා හැංගිලානි හිටියේ. ඒ හැංගිලා හිරියේ කිරාන් අතපත්තුගේ කුරුණෑගල පොල් වත්තක් මැද තියෙන ගෙදර. හදිසියේ වත් ජන්දේ පැරදුනා නං මිනිහට වෙන්නෙත් අඩි 6 ක් පොලොව යටට යන්න තමයි. එච්චර රිස්ක් එකක් එයා ගත්තේ මයිත්‍රීට තියෙන හිතවත් කම නිසා.

හැබැයි එයා මේ සති අන්තේ රාවය පත්තරේට ආර්ටිකල් එකක් දීලා තියෙනවා. ඒකෙ තියෙනවා දැන් මයිත්‍රීගේ ගතිගුණ ගැන.

කියවලම බලන්නකෝ.
.....

කිරාන් අතපත්තු - ජනාධිපති සම්බන්ධීකරණ ලේකම්

ඔබ අද වනවිට වැඩිය පේන්න දකින්න නැහැ. ඒ මොකද?

පෙනී සිටින්න ඕන වෙලාවට මම පෙනී සිටිනවා. දැන් මම මගේ පාඩුවේ මගේ බිරිඳත්, දරුවොත් එක්ක කල්ගෙවනවා.

ඇයි පාඩුවේ කල් ගෙවන්නේ?

මාව අවශ්‍ය නැත්නම්, මම ඒ තැන්වල රැඳෙන එක වැඩක් නැහැනේ. මම ගෙදරට වෙලා ඉන්නවා. ඇත්ත නෙමෙයිද මම කියන කතාව.

ඔබ වත්මන් ජනපති මෛත්‍රීපාල සිරිසේනගේ කිට්ටුමවන්තයෙක් නේද?

නැහැ. මොකද ඒක කියන්න ඕනෑ. මම කිට්ටුමවන්තයෙක් වෙලා හිටියේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට නෙමෙයි. ජනපති වෙන්න කලින් හිටිය මෛත්‍රීපාල සිරිසේන ඇමතිවරයාටයි. ඔහුට තනි නොතනියට හිටියේ මම විතරයි. අද ජනාධිපති වටේ ඕනතරම් ඉන්නවා. ඒත් එදා ජනාධිපති වෙන්න කලින් හිටියේ මම විතරයි. ජනාධිපති ප්‍රතිඵල එන දවසේ මැතිවරණ කාර්යාලයට එන්නත් හිටියේ මමයි. අද ජනාධිපති වටකරගෙන ඉන්න අය එදා එතුමට එලව එලව ගහපු අය. ඒත් දිවි පරදුවට තියලා ළඟින් හිටපු අපි ඉස්තෝප්පුවෙත් නැහැ. ඕක තමයි ඇත්ත. මම බොරුවට කියන්නේ නැහැ. ජනපතිගේ කිට්ටුමවන්තයා මම කියලා. මොකද මට අද කිට්ටුවටවත් යන්න බැහැ. හැබැයි ජනපති වෙන්න කලින් ආරක්ෂකයෝ ඇරුණම ළඟම හිටියේ මමයි.

ඔබ ඔය කියන තරම් සමීපව සිරිසේන ඇමතිවරයා සමග සිටියද?

මම එහෙම හිතනවා. විශ්වාස කරනවා. මම 2009 ඉඳලා තමයි එතුමව ආශ්‍රය කරන්නේ. මට ඔහුව සෑහෙන හිතට ඇල්ලුවා. මම ව්‍යාපාරිකයෙක්. ඒත් ඒ වැඩ දාලා මාස ගණන් පොළොන්නරුවට වෙලා ඔහු සමග දේශපාලනයට උදව් කළා. කොළඹ මම පොළොන්නරුවෙ මාස ගණන් සුදු අරලිය හෝටලයේ මගේ වියදමින් නැවතිලා එතුමගේ දේශපාලනයට උදව් කරන්නේ ඇයි? එතුමා කවදහරි ජනාධිපති වෙයි කියලා දැනගනද? නැහැ. එතුමට මගේ තිබුණ කැමැත්ත නිසා. එතුමගේ කැපවීමට කැමති වුණ නිසා. මට මතකයි අපි 2010 තිබුණ මහ මැතිවරණයේදී මහන්සි වුණු හැටි. 2012 ආයේ උතුරුමැද පළාත් සභා තිබුණා. අනුරාධපුර, පොළොන්නරු විතරක් සම්බන්ධ කරගෙන. 2010 එතුමා කෘෂිකර්ම ඇමති. 2012 උදව් කරන කොට සෞඛ්‍ය ඇමති. මේ හැම ඡන්දයකදීම මාස දෙකක් විතර මම පොළොන්නරුවේ. උදේ 8ට එතුමගේ ගෙදරින්ම කෑම කාලා වාහනයට නැග්ගම ආයේ ඡන්ද වැඩ ඉවර වෙන්නේ රෑ 12ට. එකම ඇඳුම අපි දෙන්නම උදේ ඉඳලා රෑ වෙනකම්. සමහර දවස්වලට දවල්ට කෑමක් නෑ. අපි දෙන්න තමයි වාහනේ පිටිපස්සේ ඉන්නේ. මට කියනවා කිරාන් බනිස් ගෙඩියක් කමු කියලා. ගොඩක් දවස්වලට දවල්ට බනිස් ගෙඩියක් කන්නේ. ඒ අතර මම ක්‍රීම් ක්‍රැකර් එකක් ගන්නවා. ඒකත් කනවා. එහෙම ලොකු කැපකිරීමක් එතුමා කළා. වැඬේට බැස්සම වැඬේ විතරයි.

එතකොට ඒ කට්ට මමත් කෑවේ ඇයි? මට ආස හිතුණා, ඒ වැඩ කරන රටාවට. දේශපාලනය කරගන්න කියලා කීයක් හරි දීලා පැත්තකට වෙලා මට ඉන්න තිබුණනේ. ඇයි මම නොහිටියේ. මට පෙනුණා එතුමා අවංකව කැපවෙලා දේශපාලනය කරනවා. ඒත් කවුරුත් නෑ. සහයට මම ගියා. 2009 ඉඳලා 2015 ජනාධිපති තනතුර දක්වා මම හෙවණැල්ල වගේ පස්සෙන් හිටියා. 2014 මාතර උයන්වත්තෙන් පටන් ගත්ත රැස්වීමේ ඉඳලා අවසාන රැස්වීම දක්වා මම ළඟ හිටියා. රත්නපුර රැස්වීමෙදි ගල් ගහන කොට කට්ටිය දිව්වා. මම දිව්වේ නැහැ. එතුමගේ සිකුරිටි එකයි මමයි ඒවට මුහුණ දුන්නා. මම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ළඟට පැරචුට් එකෙන් ආවේ නෑ. අද ජනාධිපති දිවුරුම් දෙන මොහොතෙත් හිටපු නැති මිනිස්සු තමයි එතුමා ළඟ ඉන්නේ. කරන්න පුළුවන් හැම නින්දාවක්ම, කෙණහිලිකමක්ම කරපු අය තමයි අද වටේ ඉන්නෙ. එතකොට මට අද එතුමව හම්බවෙන්නත් බෑ. ළඟට කිට්ටු වෙන්නත් බෑ. ඕකයි තත්ත්වය.

අපි දන්නවා මෛත්‍රීපාල සිරිසේන මහත්තයා 2015 ජනවාරි 08 වැනිදා රාත්‍රිය ගත කරන්නේ ඔබේ නිවසේ කියලා.

ඒක එතුමත් කිව්වා. එතුමගේ දුව ලියපු පොතෙත් තියෙනවා. නම නොකිව්වට ඒ මගේ ගෙදර කියලා හැමෝම දන්නවා. ඒක දැන් හංගන්න දෙයක් නැහැ. මම සතුටු වෙනවා. එතුමට සුරක්ෂිතම තැන කියලා හිතලා මාව විශ්වාස කරලා මගේ කුරුණෑගල ගෙදරට ආවට. ඒක අවදානම් මොහොතක්. ප්‍රතිඵලය වෙනස් වුණා නම් සමහරවිට මට මුලින්ම පරිප්පුව කන්න තිබුණා. මම ඒවා හිතුවේ නැහැ. 2009 ඉඳලා 2015 ජනවාරි 08 වැනිදා වෙනකම්ම මම දැක්ක ඔහුව මම එකම විදිහට ආරක්ෂා කළා. ළඟින්ම හිටියා. අඩුගාණේ මට ඒ අතීතය වටිනවා. මොකද මේ රටේ ජනාධිපති කෙනෙක්ව සුරක්ෂිතව ආරක්ෂා කරගත්තා කියලා හරි.

එහෙව් කැප කිරීම් කළ ඔබව ජනාධිපති වුණාට පස්සේ පැත්තකට කළේ ඇයි?

එහෙම වෙන්න පුළුවන්නෙ. ජනාධිපති වෙන්න කලින් හිටියේ මම විතරක් වුණාට ජනාධිපති වුණාට පස්සේ ඕනෑතරම් කට්ටිය ඉන්නවනේ. එතකොට එතුමට හුස්ම ගන්න අමතක වුණොත් ඒක මතක් කරන්නත් කට්ටිය ඉන්නවනේ. ඒ අය ආයේ කාටවත් ළංවෙන්න දෙන්නේ නෑ. ජනාධිපතිටත් මම ගැන හිතනවාට වඩා රටේ හිතන්න ප්‍රශ්න තියෙනවා. ඉතින් අපිව පැත්තකට කළා කියලා දුක් වෙනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ.

එතුමා ජනපති වුණාට පස්සේ ඔබ හමුවෙනවනේ.

ඔව්! ජනාධිපතිතුමා මට එන්න කියලා කිව්වා. දැව සංස්ථාවේ සභාපතිකම ගන්න කියලා. මම කිව්වා ඒක එපා. මගේ දැනුමත් එක්ක කරන්න පුළුවන් ඊට වඩා හොඳ එකක් දෙන්න කියලා. එහෙම එකක් දෙන්න නැහැ කිව්වා. මම හා කියලා ගියා. ආයේ මම ඒවා ගැන හිතුවේ නැහැ. ඔහොම ඉන්න කොට මගේ යාළුවෙක් කිව්වා රිෂාඞ් බදියුදීන් ඇමතිවරයා එන්න කිව්වා කියලා. මම ගියා. එදා තමයි මම ඔහුව මුහුණට මුහුණ දැක්කෙත්. සතොස සභාපතිකම ගොඩක් අය මගෙන් ඉල්ලනවා. ඒත් මම හිතුවා මේක ඔයාට දෙන්න කියල කිව්වා. මම ඒකට කැමති වුණා. හැබැයි මේක මට ජනාධිපතිට බෙල්ල දුන්න නිසා ලැබුණු තෑග්ගක් නෙමෙයි. ඒක කියන්නම ඕනෑ. ඕක භාර ගත්තම ජනාධිපතිට මට එන්න කියලා ඇහැව්වා මොකද්ද කිරාන් සතොස කතාව කියලා. එතුමා පත්තරයෙන් දැක්කා කියලා. ඉතින් මම කිව්වා මෙහෙම දුන්නා මම ගත්තා කියලා. ඒ වෙලාවේ ජනාධිපති කිව්වා කිරාන් මම ඔයාව මගේ සම්බන්ධීකරණ ලේකම් කෙනෙක් විදිහට බඳව ගන්නවා කියලා. මම ඇහැව්වා එතකොට සතොස සභාපතිකමෙන් අයින් වෙන්න ඕනෑද කියලා. නැහැ කිව්වා.

පී.බී. අබේකෝන් මහත්තයට කතා කරලා කිව්වා මට ලිපිය ගහන්න කියලා. මේක තමයි මට අමතක නොවන කතාව. පී.බී. අබේකෝන් මහත්තයා කිරාන් එන්න. මට ඔයත් එක්ක කතා කරන්න තියනවා කියලා මාව එක්කගෙන ගියා. කාමරයට ගිහින් ලියුම ගහන අතරේ කියනවා.
“මිස්ටර් කිරාන් ජනාධිපති මට දැන් කතා කරලා කිව්වා අබේ ඔයා මාව ආරක්ෂා කරනවා වගේ කිරාන්වත් ආරක්ෂා කරන්න ඕනෑ. මොකද අද මම පැරදුණා නම් මට කලින් මරන්නෙ කිරාන්ව.” මේ 2015 පෙබරවාරි 5 වැනිදා කිව්වේ.

එහෙම්ම කිව්වද?

පී.බී. අබේකෝන් මහත්තයා ඉන්නවනේ ඔබතුමන්ලට පුළුවන් ඕනෑ නම් අහලා බලන්න. හැබැයි එතුමාටත් එහෙම දෙයක් කිව්වද කියලා අද මතක තියෙනවද දන්නෙ නැහැ. දේශපාලනයට ආපුවහම අමතකවීම් වැඩියිනේ.

ඔබ මහින්ද රාජපක්ෂ මහත්තයටත් කිට්ටුයි නේද?

මම ශ්‍රීලංකා කාරයෙක්. මහින්ද මහත්තයත් මගේ හිතවතෙක්. මම එතුමාව හඳුනාගත්තේ අසූව දශකයේ ඉඳලා. මම අනුර බණ්ඩාරනායක මහත්තයත් එක්ක ළඟින්ම මේ වගේම දේශපාලනය කරපු කාලේ ඉඳලයි. සිරිමාවෝ මැතිනියගේ හැම රැස්වීමකටම එදා මම අනුර බණ්ඩාරනායක මහත්තයා එක්ක යනවා. ව්‍යාපාරිකයෙක් වශයෙන් දියුණු වෙද්දී මට උදව් කළේ ප්‍රේමදාස මහත්තයා. ඒ වුණාට මම දේශපාලනය කළේ සිරිමාවෝ මැතිනියට. ඒ ගැම්ම තමයි තවමත් එන්නේ. මොකද මම ශ්‍රීලංකා කාරයෙක් හින්දා.

2015 ජනාධිපතිවරණයේදී ඔහු ළඟට එන්න කියලා මහින්ද මහත්තයා ඔබට කතා කළේ නැද්ද?

මොකද නැත්තේ? දුරකතනයෙන් දෙපාරක්ම කතා කරලා කිව්වා. කිරාන් මෛත්‍රීට උදව් කරන එක නවත්වන්න කියලා. එයාට එකතු වෙන්න කිව්වා. ඊළඟට පුද්ගලිකවම මාව නුවර ජනාධිපති මන්දිරයට ගෙන්නලා මට කිව්වා කිරාන් ඔයා වහාම මෛත්‍රීට උදව් කරන එක නතර කරන්න ඕන කියලා. එදා එතන ඇමතිවරු දහයක් විතර හිටියා. අද ඒ අය මෙතුමා එක්ක. තව කෙනෙක් එහෙදි මට ගහන්නම ආවා. අයින් වෙයන් කියලා. මම බොහොම අමාරුවෙන් ගුටි නොකා එදා ආවේ. එහෙම ගහන්න පැනපු මිනිහා අද ජනපති වෙනුවෙන් මැරෙන්න දඟලන මහ ඇමතියෙක්. මම දවසක් යනකොට මේ මහ ඇමතියා ජනාධිපති එක්ක තේ බොනවා. මම එළියේ. ළඟටවත් යන්න බැහැ. ඕකයි ඇත්ත තත්ත්වය.

ඔබව සතොසින් අයින් කළේ ඇයි?

මට උඩින් අයට ඕන විදිහට වැඩ කළේ නැති හින්දා. කොටින්ම රුපියල් මිලියන 540 චෙක් එක අත්සන් කළේ නැති හින්දා. ඒක අත්සන් කළා නම් මම තවම සභාපති. ඒක මගේ හිතට එකඟව අත්සන් කරන්න බැ. මට ඒක පැහැදිලි නෑ. ඒ නිසා මට යන්න වුණා. කිසි පසුතැවිල්ලක් නෑ. හිතට එකඟව වැඩ කළ නිසා ගෙදර යන්න වුණා.

ඊට පස්සේ ඔබට මුකුත් ලැබුණේ නැහැ.

අවුරුදු තුනහමාරක් මම බලාගෙන හිටියා. රජයේ කිසිම දෙයක් මට දුන්නේ නැහැ. අඩුම තරමේ මගේ දරුවකුගේ ප්‍රශ්නයකට උදව්වක් ලබාගන්නවත් මට ජනාධිපතිතුමාව හමුවෙන්න බැහැ. ගියහම එතන අය අහනවා ඔයා කවුද කියලා. අහවලා කියපුවහම කියනවා ඔයාගේ නමක් නැහැ. ඒ නිසා යන්න දෙන්න බැහැ කියලා. මේ දේ ඔබට වුණා නම් කොහොමද? ජනාධිපති වෙන්න කලින් එතුමගේ හැම උපන් දිනයටම මම යනවා එතුමට සුබ පතන්න ගෙදරට. ගෙදර අය ඇරුණම පිට කෙනෙකුට ඉන්නෙ මම විතරයි. මම අරගෙන එන දේත් එතුමා දන්නවා. මොකද එතුමා පාවිච්චි කරපු ෆර්ෆියුම් එක පවා දන්නෙ මම. 2014 උපන් දිනයටත් හිටියේ මම විතරයි. 2015දි මම යනකොට සුබ පතන්න ඉන්න පෝලිමේ මගේ අංකය විසිහත. ඊට පස්සේ සුබ පතනවා තියා ළංවෙන්නත් බෑ. තනතුරු නැතත් කමක් නැහැ. තනතුරු හිතන්නෙ මොකටද, කතා කරන්නටවත් ළඟටවත් යන්න බැරි කොට. හැබැයි මුලදි කිව්වේ “කිරාන් ඔයා මගේ යාළුවා. ඒ නිසා මට ඔයාව සේවකයෙක් විදිහට බඳව ගන්න බෑ. මොකද සේවකයෙක් වුණහම මට බනින්න, පන්නන්න, එලවන්න පුළුවන් වෙන්න ඕනෑ. මට ඒක ඔයාට කරන්න බෑ. ඔයා මගේ සේවකයෙක් නෙමෙයි.” එහෙමයි එදා කිව්වේ. මම ඒවට අදටත් ගරු කරනවා. එලවන්න හරි බනින්න හරි ළඟට යන්න එපැයි. අද මට ළඟට යන්නවත් බැහැනේ. සේවකයන්ට තියෙන තැනවත් යාළුවා කියපු මට නැහැනේ.

ඔබ ලොකු කලකිරීමක ඉන්නේ?

වෙන්න පුළුවන්. මම සාමාන්‍ය මනුෂ්‍යයෙක්නේ. මාව නොසලකා හරිනකොට එහෙම වෙන්නෙ නැද්ද? එදා මම මෙතුමා වෙනුවෙන් බෙල්ල ගහලා යන්න බැහැලා ඉද්දී එදා අපිට ගහන්න ආපු අය අද එකට තේ බොනකොට, මම එළියට වෙලා බලා ඉන්න කොට ඔබලා කියන්නේ කලකිරෙන්නේ නැතිව සතුටු වෙන්න කියලද?

ඔබ ආයේ වත්මන් ජනපතිට උදව් කරන්නේ නැද්ද?

අපි මොකටද? එතුමට දැන් කොච්චර අය ඉන්නවද? අපි මේ පුංචි මිනිස්සුනේ. මම වරදක් කරලත් නැහැ. මම කවදාවත් එතුමව ප්‍රතික්ෂේප කරලත් නැහැ. ඒත් අපිට ඒ තැන්වලට යන්න බැරිනම් අපි යන්න පුළුවන් තැන්වලට හරි යන්න එපැයි. මම පැහැදිලිව ඡන්ද එනකොට දේශපාලනයට බහිනවා.

ඒ මහින්ද රාජපක්ෂ පාර්ශ්වය පැත්තටද?

එහෙම කියන්න බෑ. එහෙම වෙන්නත් පුළුවන්. මොකද කාට වුණත් මම වැඩ කරන්න ඕන මාව ඉල්ලන මාව ඕනය කියන කෙනකුට මිසක් මාව ප්‍රතික්ෂේප කරන කෙනෙකුට නෙමෙයිනෙ. ඒක ඒ මොහොත අනුව සිද්ධ වෙයි. මම 2015 ඔහුට විරුද්ධ වුණා වුණත් මේ ළඟකදි ඔහු මට කතා කළා. ඔහු ළඟට එන්න කියලා. මම මුකුත් කිව්වේ නැහැ.

ඔබ තවමත් ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් නේද?

ඔව්! ඒ හැඳුනුම්පත තියෙනවා. වැරදිලා හරි බීලා වාහනය එලෙව්වොත් ඕක පෙන්නලා යන්න බැරියැ. ඒකෙන් වෙන වැඩක් නෑ. ජනාධිපතිව හදිසියකටවත් හමුවෙන්නවත් බෑ. හැඳුනුම්පතේ තියෙන්නේ සම්බන්ධීකරණ ලේකම් කියලා. ඒත් කිසිම සම්බන්ධයක් නැහැ.

ඔබ වත්මන් ජනපති එක්ක තරහද?

කිසිම තරහක් නැහැ. එතුමට සමහරවිට මම ගැන කවුරුහරි ලොකු ගිනිගෙඩියක් දීලද දන්නෙ නැහැනේ. මට නම් ගිනිගෙඩි දීලා, කේලම් කියලා, තව අය කොටවලා පුරුදු නැහැ. එහෙම කරලා කාගෙවත් ළඟ ඉන්න මට හිතිලත් නැහැ. ඒ නිසා මට මෙහෙම වුණා කියලා මම එතුමත් එක්ක තරහ නැහැ. සමහර වෙලාවට කිරාන් කියල කෙනෙක් එතුමටත් මතක නැතිව ඇති. ඒකට කමකුත් නැහැ. එහෙම කියලා මගේ කිසිම තරහක් නැහැ. අද අපිට කවුරුත් නැති වුණාට මිනිස්සුන්ට නැතිවෙලාවේ අත්‍යවශ්‍ය වෙලාවේ අපි ඒ අය ළඟ ඉඳලා, බෙල්ල දීලා උදව් කරලා තියෙනවා. මට ඒ ඇති. මොකද මගේ පැත්ත මම හැමදාම අවංකව උපරිමයෙන් කළා. සමහර වෙලාවට මේ ජනපතිට තනතුරු නැතිවෙලා කවුරුත් නැති දවසට ආයේ ඔහු ළඟ මම ඉඳියි. එහෙම වෙන්නත් පුළුවන්. ඒ මගේ හැටි.

ගෙදරට වෙලා ඉන්න කොට මොකද හිතෙන්නේ මේ වුණ දේවල් ගැන.

ලැජ්ජාවක් තියෙනවා. කරන්න දෙයක් නෑ. මම ව්‍යාපාරිකයෙක් නිසා හොඳටම දන්නවා ලාභ වගේම පාඩුත් විඳින්න ඕනෑ කියලා. ජීවිතයත් එහෙමනේ. අද වැරදුණාට හෙට හරි යන්න පුළුවන්. බලමු. එක හීනෙන් එළිවෙන්නෙ නැහැනේ.

(ටිරාන් කුමාර බංගමආරච්චි ඔක් 19 දා රාවය පුවත්පතට ලියූ සම්මුඛ සාකච්ඡාවකි)
 

amasi

Member
Sep 3, 2018
692
19
0
maithripalata loku political future ekak naha.2020 venakota mama lankave rajakama hodin bari unoth ithama narakin hari gannava.:P
 

topkollek

Well-known member
  • May 22, 2014
    43,806
    1
    58,058
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    දේසපාලුවන්ට ලංවෙල ඉන්න මැක්කො රට විනාස කරනව කියන එක මුගෙ කතාවෙන් ඔප්පු වෙනව. කිසි සුදුසුකමක් නැති හෙන්චයියොන්ට සභාපතිකම් දුන්නම ඒ ආයතන විනාසයි.
     
    • Like
    Reactions: hasithayad

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    avatar538734_8.gif
     

    amasi

    Member
    Sep 3, 2018
    692
    19
    0
    හෙන බයගුල්ලෙක්නෙ.මක්කෙටයි හැංගෙන්නේ? දිනයි කියලා කිසිම ෂුවර් එකක් තිබුනේ නෑ. අඩුම ගානේ මරාගේ ඉන්න ඇමතිවරු එකෙක්ටවත් දිනයි කියලා හීනෙන්වත් හිතුවේ නෑ.ඒකනේ උන් ලොරි ටෝක් දි දී හිටියේ.ඕන එකෙක් ඕන වෙලාවක එලවන්න මට පුලුවන්
     
  • Mar 15, 2012
    897
    587
    113
    SL
    මුගෙ දුක් ගැනවිල්ල පැත්තකින් දාපන්කො, මේකෙන්ම තේරෙනව රටේ ඉහල තැන්වල ඉන්නෙ සුදුසුකමින් ආපු උන් නෙවේ, පක්ශවලට මැති ඇමති වරුන්ට කත් ඇදල රින්ගගත්ත උන් කියලා. ලැජ්ජ නැතිව ඒවා ප්‍රසිද්ධියෙ කියනවත් එක්ක.
     
    • Like
    Reactions: hasithayad

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,914
    40,718
    113
    ඕක නෙවෙයිද කියපන් දේශපාළුවන්ගෙ පොදු ලක්ෂණය?
    උන් හැමතිස්සෙම බලන්නෙ අල්ලපු නැති එකාව අල්ලන්න මිසක් ඉන්න එකාව තියන් යන්න නෙවේ. රනිල් උනත් තැන දීලා තියෙන්නෙ යූඑන්පී කාරයොන්ට වඩා එහෙන් මෙහෙන් පැනපු වටේ ගිය උන්ට. මහින්දත් ඒක තමයි කරේ. චන්ද්‍රිකත් ඊට කලින් හිටපු අයත් එක තමයි. ඉතින් මෛත්‍රී මුන්ගෙන් වෙනස් වෙන්න හේතුවක් නෑ. දේශපාළුවොන්ට උදව් කරපු පලියට සුදුසුකම් නැති උන්ට සභාපතිකම් ලැබෙන එක මේ රටේ නවතින්න ඕන දෙයක්.
     

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    ඕක නෙවෙයිද කියපන් දේශපාළුවන්ගෙ පොදු ලක්ෂණය?
    උන් හැමතිස්සෙම බලන්නෙ අල්ලපු නැති එකාව අල්ලන්න මිසක් ඉන්න එකාව තියන් යන්න නෙවේ. රනිල් උනත් තැන දීලා තියෙන්නෙ යූඑන්පී කාරයොන්ට වඩා එහෙන් මෙහෙන් පැනපු වටේ ගිය උන්ට. මහින්දත් ඒක තමයි කරේ. චන්ද්‍රිකත් ඊට කලින් හිටපු අයත් එක තමයි. ඉතින් මෛත්‍රී මුන්ගෙන් වෙනස් වෙන්න හේතුවක් නෑ. දේශපාළුවොන්ට උදව් කරපු පලියට සුදුසුකම් නැති උන්ට සභාපතිකම් ලැබෙන එක මේ රටේ නවතින්න ඕන දෙයක්.

    ඒක නං සම්පුර්ණ ඇත්ත.

    අපේ රටේ එක පිරිසක් ඉන්නවා, කොයි පාලකයා ආවත් එයා ලගට හේත්තු වෙලා තමුන්ගේ වැඩේ කරගන්න.
     

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,750
    2,790
    113
    ඒ හැඳුනුම්පත තියෙනවා. වැරදිලා හරි බීලා වාහනය එලෙව්වොත් ඕක පෙන්නලා යන්න බැරියැ.

    mokakda ban me rata? :no::no:
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    අතීතයේ ජපානයට පමණක් ආසියාවේ දෙවැනි වූ මෙම රට දැන් සිoගප්පුරුවේ කුණුගොඩ දක්වා දියුණු කොලේ අපගේ දේශපාලුවන්ය .රටේ සියලු බහුතර මහජන ධනය ඇත්තේ දේශපාලුවන් සතුවය . එබෑවින් මෙම පාදඩ දේශපාලනයට තිතතබා ඒකාධිපතියෙකු හෝ හමුදාපාලනයක් බිහි කිරිමට කාලය උදා වී ඇත:angry:
     

    naage

    Active member
  • Apr 16, 2015
    236
    26
    28
    Mamath baluwe amathiyekta kade gihin sabhapathi kamak araganna...
    Kohomada eka guys??:D:D:angry::P
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    බලාගෙන යද්දි මෛත්‍රී සිරාම පොරක්නෙ.

    කත් ඇද්දා, යාලුවා කියල නුසුදුසු එකාට කිසිම දෙයක් දීල නෑ.

    ඒකට දැන්න ඉන්න පොන්නයා