මරණයට කැපවුන එළදෙන...
මෙතන මුලින්ම තියෙන ෆොටෝ එක නම් කට්ටිය ඕන තරම් දැකල ඇති.. මට නම් මේක අලුත් නිවුස් එකක්.. ඒ වගේම කියන්න ඕනේ මේක දැක්කම හිතට අමුතු සන්තෝසයක් දැනුන.. හොඳ නිවුස් එකක් නිසා අපේ එලකිරියෙ කට්ටියත් එක්ක බෙදාගන්න හිතුන.. ගෙඩි පිටින් උපුටාගැනීම ෆේස් බුකියෙන්...
ඔබට මේ අනුවේදනිය ඡායාරුපය මතකද ? ඇය දැන් කොහෙද ?
මරණය කැප වූ අසරණ කිරි මවක් තමාව මරණයෙන් බේරා දෙන ලෙස අයදිමින් බුද්ධ පුත්‍රයන් වහන්සේ නමකගේ දෙපා මුල වැද වැටෙන මේ පළමු ඡායාරුපය මිට වසර හතරකට පෙර දෙමටගොඩ ගව ඝාතකාගාරයේදී ගන්නා ලද්දකි.
"මේ අවස්ථාවේදී ඇයගේ කුසයේ පැටවෙකුද සිටිබව දැන ගන්නට ලැබේ"
නමුත් 'පුජ්‍ය අහංගම ආනන්ද හිමියන්ගේ' මැදිහත් වීම මත ඇයට ජිවත් වීමට ඉඩ ලැබුණි. ඉහත ජායාරුපයේ දැක්වෙන්නේ එම ගවදෙන තමාව මරණයෙන් බේරාගනු ලැබූ එම හිමියන්ට කදුළු සළන දෙනතින් යුක්තව දනනමා නමස්කාර කරන අන්දමය. එය වසර හතරකට පමණ පෙර සිදුවූ සිද්දියකි. ඇය දැන් කොහෙද ? මේ ඔබට ඊළගට නැගෙන ප්රශ්නයයි.
<<<දැන් අප ඔබට කියන්නට යන්නේ මෙහි වර්තමාන කතන්දරයයි.>>>
මේ ජයාරුපය පිලිබදව නැවතත් ජනමාධ්‍ය වල අවධානය යොමු වීම සමගම “ මේ ගවදෙන දැන් කොහෙද ? " යන ගැටලුව බොහෝ දෙනාට නැගුනාට කිසිදු සැකයක් නැත.
ආනන්ද හිමියන්ට මෙම ගවදෙන බුලත්කොහුපිටිය ප්‍රදේශයේ තැනැත්තෙකුට හදා ගැනීම සදහා දුන් බවට මතක තිබුණි.
ඔබ දන්නවාද දැන් ඇය තිදරු මවක්........!!!!!!!!!!
ඉන්පසු පසුගිය දිනක ආනන්ද හිමියන් සිය හිතවතුන් කිහිපදෙනෙකුද සමගද එ නිවස කරා වැඩමකලේ මේ ගවදෙනගේ වර්තමාන තත්ත්වය සියසින් දැක ගැනීමටය. එම නිවසට වැඩමකල හිමියන්ට දැන ගැනීමට ලැබුනේ එම ගවදෙන මේ වනවිට තිදරු මවක බවටය.
"ඇයට පැටියන් තිදෙනෙකු සිටින අතර ඇගේ තෙවැනි පැටවාට වයස සති තුනකි"
"ආනන්ද හිමියන් ඇය අසලට ගොස් ඇගේ හිස අත ගෑ විට එම ගවදෙන ආනන්ද හිමියන්ගේ අත ලෙව කා සිවුරද ලෙව කෑවේය."
කෙසේ වෙතත් පුජ්‍ය අහංගම ආනන්ද හිමියන් නිසා මරණයෙන් බේරුණු එම ගව දෙන මේ වන විට දරුවන්ද ලැබ මෙලොව සතුටින් ජිවත් වන්නේය.
එම නිවසින් පිට වීමට පෙර අහංගම හිමියන් පෙර කි ගව දෙනගේ හිස අතගා මෙසේ කීහ...........
"එදා මට උබව නිදහස් කර ගත්න ලැබුණු හින්දා අද උබ වාසනාවන්ත ජිවිතයක් ගතකරනවා. කවදාවත් උබට නම් ආයේ අර වාගේ දුක්ඛිත ඉරණමක් අයිති වෙන්න එපා....”
කියා ගවදෙන අසලින් නික්ම යන විට ඇය හිස ඔසවා දෑස් දල්වා බලා සිටියේ කුමන අරමුණකින්ද කියා ඔබ සිතිය හැකිද?

උපුටාගැනීම FaceBook.. තෙරුවන් සරණයි..