මරණයට කැපවූ ගවයන් නිදහස් කරමු..

Thun Kattuwa

Well-known member
  • Jan 15, 2015
    560
    253
    63
    Pannipitiya
    Bullshift-Invitation.jpg
     

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,301
    896
    113
    Thama math hoyanooo....
    හොද වැඩක් මචං. අපිත් කාලයක් කරා. දැන් කට්ටිය විසිරිලා කෙරෙන්නෙ නෑ. අපිට තිබුන ලොකුම අවුල තමා මචන් වැස්සියෙක් දුන්නම ගෙදරකට ඒ වැස්සිට හම්බ වෙන වහු පැටවුන්ට මොකද වෙන්නෙ? වැස්සි පැටව් නම් තියාගන්නව කිරි ගන්න. වහු පැටවුනට මොක්ද වෙන්නෙ? ගොඩක් වෙලාවට උන් ආයෙම මස් කඩේට තමා. ඒකත් පොඩ්ඩක් හිතල බලපල්ල. අනික වස්සෙක් සෑහෙන කාලයක් ඉන්නව. අපේ ගෙදරත් ඉන්නව ඔහොම මස් කඩෙන් ගෙනාපු එකෙක්. දැන් ගෙනත් අවුරුදු 10 වගේ ඇති. ඒ කාලෙ නම් තාත්තට හොදට පුලුවන් ඌත් එක්ක ඔට්ටු වෙන්න. දැන් අමාරුයි. වත්ත වටේ වැට ගහල හින්ද අවුලක් නෑ. නැත්නම් අමාරුයි වැඩේ අදින්න. ගොඩක් ගෙවල් වල ඔය අවුල ආවමත් මස් කඩේට තමා.
     

    Thun Kattuwa

    Well-known member
  • Jan 15, 2015
    560
    253
    63
    Pannipitiya
    "පිහියේ මුවහත ගෙල සිඹ ගන්නේ.. උදයේම මේ කය නිසසල වන්නේ.." යන්න නිතැනින්ම සිතට නැගුනේ තැන තැන බැඳ දමා ඇති ගවයන් දකින විටයි. වැලිසර මස් කඩය වෙත අප ලඟා වන විට උදේ 6 පසු වූවා පමණි. මස් කඩ භූමියට පිටතින් පාරේද ගවයන් 10කට ආසන්න ප්‍රමාණයක් බැඳ දමා සිටියහ. ගේට්ටුවෙන් ඇතුළු වනවාත් සමගම ඇසුණු ගවයන්ගේ කෑ ගැසීම් හඬ සිත සසල කරවන්නක් විය. මස් කඩ භූමිය අක්කර කීපයක් පුරා විහිදිණි. එහි මැද හරියට වන්නට විශාල ශාලාවකි. ගව ඝාතනය සිදුවන්නේ මෙහිදීය. ශාලාවට යාබදව ගේට්ටුවකින් වසා ඇති ස්ථානයක මරන්නට නියමිත ගවයන් ගාල් කර තබයි. අපි ශාලාව වෙත ගමන් කළෙමු. ඒ වන විටත් ගවයන් 10-12ක් පමණ මරා මස් කරමින් තිබුණි. මම බලා සිටියදීම ප්‍රමාණයෙන් විශාල වැස්සියෙක ගාල් කර තබන තැනින් ශාලාව තුලට ඇදගෙන එන ලදී. කුළු ගෙඩියක් ගත් අයෙක් ගවයා ඉදිරියට පැමිණ කුළු ගෙඩිය ඔස්වනවත් සමගම මම ඉවත බලා ගතිමි. හිසට පහර එල්ල කරන ගවයා බිම ඇදගෙන වැටුන පසු ගෙල සිඳ දමයි. මට තවත්නම් බලා සිටිය නොහැකි විය. තරංගත් මමත් ගවයන් ගාල් කර තබන තැනට ගියෙමු. එහි ගවයන් 10ක් පමණ එක පොදියට සිටී. ඔවුන්ගේ මුහුණු බියෙන් බීරාන්ත වී ඇත. සතුනට මරණ බිය දැනෙන බවත්, සිදු වන්නට යන දෙය පිලිබඳ කෙතරම් ඔවුනට අවබෝධයක් ඇත්ද යන්න තේරුම් ගැනීමට මෙයට වඩා නිදසුනක් අවශ්‍ය නැත. බොහොමයක් සතුන්ගේ මුහුණු ගලා ගිය කඳුලින් තෙත් වී තිබුණි.
    "කාවද ගන්නේ?" තරංග මගෙන් ඇසීය. "කොහොමද තෝරන්නේ" මගේ සිතට නැගුනු පැනයයි. මූ ජීවත් කරවනවා.. මූ මැරෙන්නට අරිනවා.. කියා තෝරන්නේ කෙසේද? "ඉස්සෙල්ල පේන එකාව ගන්නවා" මම සිතා ගතිමි. ඉදිරියෙන්ම සිටි තරමක් ලොකු වැස්සියෙක් මම තරංගට පෙන්වීමි. "අපි මූ ගමු" තරංග මස් කඩ හිමියාට ඌ දෙන ලෙස පැවසීය. "මූ 52000ක් වෙනවා" මස් කඩ හිමියා පැවසුවේය. තරංග අඩු කරන ලෙස පැවසුවද එයට කිසිදු යහපත් ප්‍රතිචාරයක් නොලැබිණි. "කමක් නෑ මල්ලි අපි ගමු" මම කිව්වේ මරන්නට තවත් එකෙකු ඇදන් යන අයුරු බලා සිටීමට නොහැකි තැනයි. අප තේරු සතා එලියට ගෙන යාම සඳහා වළල්ලක් ලෙස සකස් කල ලනුවක් බෙල්ලට දැමීමට එතන සිටි කෙනෙකු සුදානම් වන විට මරණයෙන් ගැලවුණා යැයි නොදැන මරන්නට ඇදන් යන්නේ යයි සිතා මල මුත්‍ර පිටකරමින් ඌ දැඟලු අයුරු ඉතාම දුක්මුසු දසුනක් විය. එකතු වූ 93000ක මුදලින් 41000ක් තවත් ඉතිරිව ඇත. සතුන් අතරට වී තාප්පය මුල්ලේ හැංගී ඉන්නා ලොකු වැස්සියක සහ පැටවෙකු මා දුටුවේ මෙවිටයි. දුටු විටම උන් දෙන්නා ගැනීමට මට සිතුනේ සිදුවන කිසිත් නොදැන මවගේ තනෙන් කිරි උරා බොන පැටවා පිලිබඳ හටගත් අනුකම්පාව නිසාමයි. "මේ දෙන්නා කීයද?" "දෙන්නටම 70000ක් වෙනවා" මස් කඩ හිමියා පිළිතුරු දිනි. මගේ බලාපොරොත්තු සුන්විය. " මමත් සල්ලි කාරයෙක් වුනානම්" කියා මට සිතුනි. සල්ලි වලට කරන්නට දෙයක් නැතිව ඉන්නා පිරිස් සිටින සමාජයක අප ජීවිතයක් බේරා ගැනීමට මුදල් නොමැතිව ලතවන්නෙමු. ඉන්පසු දුටු කුඩා එකෙකු ගැන ඇසූ විට ඌ 31500ක් වන බව මස් කඩ හිමියා කියා සිටියේය. අපට ගන්නට පුළුවන් වූ නිසාත් වෙන එකෙක් ගැනීමට ඒ ජීවිතය නොතකා හැරීමට සිත් නොවූ නිසාත් අපි ඒ සතා ගැනීමට තීරණය කළෙමු. ඌද කලින් සතා ලඟින්ම ගැට ගසන ලදී. අපි ශාලාවෙන් ඈතට පැමිණියෙමු. මස් රැගෙන යාමට පැමිණි වාහන රැසක් අසන නවතා තිබිණි. මදක් ඈතින් ගැටගසා සිටි කුඩා කලු පැහැති ගවයෙකි. ඌ ශාලාව දෙස බලමින් නොනවත්වා කෑගසයි. නිසැකවම උගේ මව ඇදගෙන ගොස් මරා දමන්නට ඇත. තව ටික වෙලාවකින් ඒ පොඩි එකාටද ඒ ඉරණමම අත් වනු ඇත.
    තරංග අප පැමිණි කැබ් රථය ගෙන ආ පසු එතන සිටි කීප දෙනෙකු එක්වී සතුන් දෙදෙනා පටවා ගැට ගසා දෙන ලදී. ඉන්පසු මස් කඩ හිමිගේ පුතා සමග අපි රථයෙන් ගව ඝාතනගාරයට මදක් එහා ඇති ඔවුන්ගේ නිවස වෙත පැමිණියෙමු. මුදල් ගනුදෙනු සිදු කරන්නේ මෙතනදීය. අයිතිකරුගේ භාර්යාව කුවිතාන්සි දෙක ලිවීමෙන් අනතුරුව මුළු මුදල වූ 83500 ගෙන අපට කුවිතාන්සි භාර දෙන ලදී. දවසේ ශෝචනීයම කාල පරිච්චේදය අවසන් කරමින් නිදහස් කල සතුන් දෙදෙනා ද රැගෙන අපි මහරගම ඉසිපතානාරාමය බලා ගමන් කළෙමු. ගවයන් රැගෙන යාම ඉතාම අසීරු කරුණකි. ගවයන් නිදහස් කිරීම පිලිබඳ මටත් වඩා අත්දැකීම් ඇති තරංග මට මුලදී ඒ පිලිබඳ පැවසුවද ගමන යනතුරු මට එය හරියටම පැහැදිලි වුයේ නැත. තිරිංග තද කිරීම වුව ඉතා සෙමින් ක්‍රමානුකූලව කල වුතු විය. නැතිනම් සතුන් දෙදෙනා ඉදිරියට තල්ලු වී රථයේ බඳේ වැදේ. සමහර විට වාහනය පැද්දෙන විට සතුන් වැටෙන්නට යයි. ඒ නිසා අප ගමන් ගත්තේ පැ. කි. මී. 35 කටත් අඩු වේගයකිනි. 7.15ට පමණ වැලිසරින් පිටත් වුනු අප මහරගම පන්සලට ලඟා වන විට 8.20 පමණ විය. සතුන් දෙදෙනා බිමට ගැනීම පැටවීම තරම් අසීරු නොවීය. ගැට ගැසීමෙන් අනතුරුව කන්නට තණකොළ, කොස් පොතු ආදිය දුන්නද තවමත් පහව නොගිය බිය නිසා දෙදෙනාගෙන් එකෙකුවත් කෑවේ නැත.
    උදේ 9 පසුවන විට මුදල් ආධාර කල කිහිප දෙනෙකුද මෙම කටයුත්තට සහය දැක්වූ මගේ යහළුවන් ද පන්සලට පැමිණියහ. 9.30ට ඉසිපතනාරාම විහාරාධිපති ස්වාමින්වහන්සේ පුන්යානුමොදනාවක් පැවැත්වූ සේක. එහිදී උන්වහන්සේ අභයදානයේ ඇති වටිනාකම මැනවින් දේශනා කළහ. "සතෙක් අඬා වැලපෙද්දී උදුරාගන්නා ජීවිතය.. ඔවුන්ටත් බොහෝ කලක් අඬමින් වැලපෙමින් දෙන්නට සිදුවේ.." කර්මය යනු එයයි. පුන්යානුමොදනාවෙන් අනතුරුව සතුන් හොරණට රැගෙන යාම සඳහා කුඩා ලොරියක් ගෙන්වා ගත් අප නැවතත් සතුන් දෙදෙනා එම රථයට පටවා ගත්තෙමු. ඉන්පසු පන්සල ශුද්ධ පවිත්‍ර කිරීමෙන් අනතුරුව ගවයන් බාර දෙන පුද්ගලයාටද දුරකථන ඇමතුමක් දී අපි හොරණ බලා පිටත් වීමු. හොරණ යාල හන්දියෙන් හැරී කි.මී. 3ක් පමණ ගිය පසු ගාමිණී මහතාගේ නිවස පිහිටා ඇත. අප එතනට එන තෙක් ගාමිණී මහතාද පවුලේ කිහිප දෙනෙකුද අප එනතුරු බලා සිටියහ. ගාමිණී මහතාගේ නිවස ඉදිරිපස විශාල රබර් වත්තකි. කුඩා ගස් හා තණකොළ හොඳින් වැඩී තිබූ නිසා සතුන්ට කෑම පිලිබඳ ගැටළුවක් නොවන බවනම් හොඳින්ම පැහැදිලි විය. ලොරියෙන් එලියට ගත් සතුන් දෙදෙනා රබර් වත්තට මුදා හැරිණි. මුලදී තරමක බියෙන් සිටියද විනාඩි කීපයක් ගතවන විට දෙදෙනාම ගස් කොලන් අතරට වී මදක් විවේක ගන්නා අයුරු පෙනුනි. මරණයෙන් බේරී නිදහසේ වැතිරී සිටින සතුන් දෙදෙනා අප හැමගේ සිත් වලට ගෙන ආවේ අපමණ සතුටකි. කුවිතාන්සි භාර දී අපේ අරමුණ පැහැදිලි කර සතුන් දෙදෙනා හොඳින් බලාගන්න බවට සහතික කොට ලියවිල්ලක් අත්සන් කිරීමෙන් අනතුරුව අපි කොළඹ බලා පිටත් වීමු.
    මාස එකහමාරකට ආසන්න කාලයක් ගත් උත්සාහය ඉතාමත් සාර්ථකව නිම කිරීමේ සතුට මට වචනයෙන් විස්තර කල නොහැක. මෙහිදී මෙම පිංකම වෙනුවෙන් තම ආධාරයන් ලබාදුන් සියලු දෙනා සිහිකළ යුතුය.

    1. ඔබේසේකර මහත්මිය
    2. සඳුන් තරංග මහතා
    3. අකලංක යාපා මහතා
    4. දිල්ෂානි වීරකෝන් මහත්මිය
    5. කවිමල් විමලරත්න මහතා
    6. ගෝබි මහතා
    7. සමරු ගමගේ මහතා
    8. ලේඛානි ජයසිංහ මිය
    9. සඳුන් සමීර මහතා
    10. KDH (elakiri.com)
    11. ලක්ෂිකා තරංගි මිය
    12. කුමාර
    13. සරෝජනී මහත්මිය

    සසර වසන තුරු සතර අපායාදී දුක් ස්ථානයකට නොයාමටත්, උපදින සෑම ආත්මභාවයකම දීර්ගායුෂ ලැබීමටත් මේ පිංකම ඔබ හැමට හේතු වාසනා වේවා. සසර කෙලවර පතන බෝධියකින් උතුම් නිර්වාන සම්පත්තිය ලඟා කරගැනීමටත් මෙය ඉවහල් වේවා.. එමෙන්ම මෙම කාර්යට මුල සිටම ශක්තියක් වූ තරංග මල්ලි, ලක්ෂිකා පෙරේරා සහ u.s. කරුණාරත්න අයියා යන අයටද, මේ පිංකම දැක සතුටු සිත් උපදවා ගන්න ඔබ හැමටද මේ පිං අත්වේවා. උපදින ආත්මයක් පාසා දීර්ඝායුෂ ලබත්වා. සසර කෙලවර උතුම් නිවනින් සැනසෙන්නට මේ පින් ඉවහල්වේවා.. තෙරුවන් සරණයි!!


    මස් කඩ භූමිය. නිදහස් කළ සතුන් දෙදෙනා
    IMG_9887.jpg


    නිදහස සොයා යන්නට සූදානමින්
    IMG_9890.jpg


    පොඩි නංගි :)
    IMG_9891.jpg


    පන්සලට යන අතරතුර
    IMG_9892.jpg


    පන්සල් වත්තේ
    IMG_9896.jpg


    IMG_9898.jpg


    IMG_9904.jpg


    IMG_9907.jpg


    සතුටු කඳුළු?
    IMG_9910.jpg


    ස්වාමින්වහන්සේ ගේ අනුශාසනාව
    IMG_9915.jpg


    IMG_9923.jpg


    IMG_9929.jpg


    ආයෙත් ලොරියට
    IMG_9948.jpg


    IMG_9953.jpg


    අලුත් නවාතැනක් අලුත් ජීවිතයක්
    IMG_9952.jpg


    IMG_9956.jpg


    IMG_9958.jpg


    IMG_9960.jpg


    IMG_9961.jpg


    IMG_9963.jpg


    IMG_9978.jpg
     

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    "පිහියේ මුවහත ගෙල සිඹ ගන්නේ.. උදයේම මේ කය නිසසල වන්නේ.." යන්න නිතැනින්ම සිතට නැගුනේ තැන තැන බැඳ දමා ඇති ගවයන් දකින විටයි.

    :sorry::sorry::sorry::sorry:

    හිතට සැහෙන්න දුකයි බන් මේ සත්තු දිහා බලද්දී.
    ඊලග වතාවේදී මාත් කොහොම හරි මේ වැඩේට දායක වෙන්නන් කීයකින් හරි මචන්.
    මේ වැඩේට දායක වෙච්ච උබල හැමෝම ලොකු කුසල කර්මයක් කරගෙන තියෙන්නේ.:yes::yes::yes:

    1.gif