මරණයට බිය නොවූ රුසියාවේ BIO ROBOTS

Apr 24, 2010
351
107
0
Kandy
chernobyl_lessons.jpg

අපි කවුරුත් වගේ දන්නවානෙ රුසියාවේ චර්නොබිල් න්‍යශ්ටික බලාගාරයේ සිදු වුන විනාශය ගැන. මම දැක්ක ඒ ගැන ත්‍රෙඩ් කිහිපයකුත් තියනවා. ඉතින් මම ඒ ගැන වැඩිය කියන්න යන්නේ නෑ. ඒත් මම අද දැනුවත් කරන්න යන්නේ සිද්දියේදී මතු උන වීරයො පිරිසක් හා අපිට අහිතකර විකිරණශීලීභාවය ගැන.


විකිරණශීලීභාවය

වීරයො ගැන කියන්න කලින් කට්ටියට මේ විකිරණශීලීභාවය ගැන දළ අදහසක් ලබාදෙන්න ඕනෙ කියලා හිතුනා.

විකිරණ කියන්නේ යම් කිසි මාධ්‍යයක් හරහා හෝ රික්තයක ශක්තිය සම්ප්‍රේශනය කල හැකි තරංග වලට.

විකිරණශීලීභාවය ප්‍රධාන කොටසෙ දෙකකට බෙදෙනවා.

1.අයනීකරනය කරන විකිරණ(Ionizin radiation)
2.අයනීකරනය නොකරන විකිරණ(Non-ionizing radiation)



මේ දෙකම ජීවීන්ට අහිතකර හැකිවූවත් අයනීකරණය නොකරන විකිරණවල හානීභාවය අඩුයි. මේ කොටසට ආලෝකය හා රේඩියෝ තරංගත් ඇතුලත් වෙනවා.


හැබයි ප්‍රශ්නය ගොඩක් වෙලාවට තියෙන්නේ මේ අයනීකරනය කලහැකි විකිරණ වල. මේවා අධිශක්ති තරංග. මේවා මාධ්‍යයක් හරහා ගමන් කලාම මේ මාධ්‍යයේ තියන පරමාණු අයනීකරනය කරනවා.

faq01_ionization.jpg


6-10.jpg

මේ තරංග වලට පුලුවන් පරමාණුවක් වටේ තියන ඉලෙක්ට්‍රෝන් වලාවෙන් ඉලෙක්ට්‍රෝන ගලවලා විසිකරන්න.පරමාණුවකින් ඉලෙක්ට්‍රෝන ගැලවුනාම ඒකෙ ආරෝපණය වෙනස් වෙනවා. ජීවීන් ඇතුලු හැමදේම පරමාණු එකට තියෙන්නේ මේ එකිනෙකට තියන ආරෝපණ නිසා. ඉතින් මේවයි ආරෝපණ වෙනස් උනාම මේවා තියන තැන් වෙනස් වෙලා පිස්සු නටන්න ගන්නවා විකිරණයෙන් ඇති වන පිලිකා වලට ප්‍රධාන හේතුවක් තමයි මේක. මෙකෙන් ජීවින්ගේ ජාන(DNA) වලටත් ඒ දේම වෙනවා. ලොකු විකිරණයකට නිරාවරණය උනොත් පටක මට්ටමින් පවා හානිය ලොකු වෙනවා.

WE10.jpg


ජීවීන්ට වෙන විකිරණ බලපෑම් ශක්තිය මනින්නේ sievert (Sv) වලින්. මේ තියෙන්නේ එක එක විකිරණ මට්ටම් ජීවීන්ට බලපාන ආකාරය.

full_1300225164radiationchart.jpg


ඔන්න මම පුලුවන් තරම් සරලව විකිරණ හානිය ගැන පැහැදිලි කරන්න හැදුවෙ. කට්ටියට කම්මැලිත් ඇතිනෙ දැන්. ඔන්න මම එහෙනම් පටන් ගන්නම් වීරයෝ ගැන කතාව.

චර්නෝබ්ල් සිද්ධියේදී වීරයෝ ගොඩදෙනෙක් මතු උනා.

Fire fighters

මේකෙ පළමු වීරයෝ කාණ්ඩය තමයි සිද්ධිය වූ තැනට ඉස්සෙල්ලම ආපු ගිනි නිවන හමුදා පිරිස.මේ අය දැනගෙන හිටියෙ නෑ ඉස්සෙල්ලම මේ ස්ථානයේ තිබ්බ භයානක කම. ඒක දැනගන්නකොට මුලු කණ්ඩායමම පිපිරුම සිද්ධ වෙච්ච තැන ගින්දර නිවන්න උත්සාහ කරනවා කිසිම ආරක්ෂක ඇඳුමක් නැතිව.ඒත් මේ අය ආරක්ශක ඇඳුම් සහිතව ඊලඟ කණ්ඩායම එනකන් ගින්න නතර කරන්න පියවර ගත්තා.
මේ කණ්ඩායමේ සියල්ලම වාගේ විකිරණ නිසා රෝහලේදී මැරුනා. බේරුන කිහිපදෙනත් පසුව පිලිකාවලට ගොදුර වී ජීවිතය අහිමි උනා.මේ අය ඇඳ සිටි ඇදුම් ඉතා විකිරණශීලි නිසා චිනෝබිල් වල අත ඇරපු ඉස්පිරිතාලයක භූගත කාමරයක තාම තියනවා. මේ තට්ටුවට තාම මිනිස්සුන්ට යන්න බැරි තරම් විකිරණ තියනවා.

මේ ඒ අය වෙනුවෙන් ඉදිකෙරුනු ස්මාරකය.

Chernobyl36320FirefighterMemorial.png



Robots vs Bio-robots


tumblr_lglue2a7sg1qcaiw9o1_1280.jpg

C0089812-Robot,_Chernobyl_nuclear_power_plant-SPL.jpg

මේ පිපිරුමෙන් විකිරණ්ශීලී ද්‍රව්‍ය ගොඩක් හැමතනම විසිරිලා තිබ්බා. මේවායින් ප්‍රධාන උනේ යුරේනියම් ආවරණය කරලා තිබ්බ ග්‍රැෆයික් කුට්ටි. වටේ තිබ්බ ඒවා හොයලා වල දාන්න පුලුවන් උනත් reactor එක ලඟ හා වහලයේ තිබ්බ ඒවා අරන් දාන්න ලේසි උනේ නෑ.මොකද ඒ අවට විකිරණශීලි බව 50Sv/h-300Sv/h අතර උනා. එනිසා එක් ක්‍රමයක් උනේ රොබෝලා යොදාගෙන මෙවා අයින් කරන්න. ඒත් විකිරණ බලය වැඩි නිසා පරිපථ හානි වෙලා රොබෝලා වැඩ කලේ නෑ.


Bio-robots

likvidator2.jpg

මේකට අවසාන විසදුමක් විදිහට රුසියානු හමුදාවෙන් Bio-robots කියලා unit එකක් ආවා. මේ unit එක ආවේ රොබෝලා වැඩ කරන්නේ නැති තැන් වලට දිවි පරදුවට තියල ගිහින් මේ තැන් සුද්ධ කරන්න.


මේ අයගේ ඇඳුම් කට්ටලයේ ලෙඩ් තහඩු නිසා කිලෝග්‍රෑම් 30 ක් විතර බර උනා. මේ හැම කෙනෙක්ම මෙතනට ගියේ වේදනා සහගත් මරණයක් බලාපොරොත්තුවෙන්. මේ අය වැඩ කරනකොට ගත්ත ෆොටෝ වල පවා මේ අධික විකිරණ් සඳහන් වෙලා තිබ්බා.


images

070823_clip_image002.jpg



ඔය පින්තූර වල පහලින් ඉහලට සුදු ඉරි පේන්නෙ බිම තියන විකිරණශීලී ද්‍රව්‍ය වලින් නිකුත් කරන විකිරණ.​

මේ unit එකේ කීදෙනෙක් මැරුනද, ලෙඩ උනාද කියල රුසියානු රජය හරි ගණනය කිරීමක් මේ වෙනකොටත් ඉදිරිපත් කරල නෑ. ඒ උනත් මේ අයගෙ වීරත්වය සදා නොමැකෙන ලකුනක් මනුශ්‍යත්වයට ඉතුරු කරල ගියේ.

Liquidadores.jpg


රෙප් නැතත් කමක් නෑ. බම්ප් එකක්වත් දාල යන්න තව අයට බලාගන්න.

මේ තියෙන්නේ පහු ගිය දවස් වල මම මේ මාතෘකාවට අදාලව දාපු ත්‍රෙඩ්. කැමතිනම් ගිහින් බලන්න;).


අපි නොදන්න න්‍යශ්ටික අවි

ඔරලෝසුවකට ගිය කලක්

patta.. rep++