මරණයට හේතුව අපි කියන්නම්..! SAITM

Alu kurulla

Well-known member
  • Sep 7, 2015
    466
    299
    63
    මරණයට හේතුව අපි කියන්නම්..! SAITM

    පරීක්ෂණ ඕනෙ නෑ… මරණයට හේතුව අපි කියන්නම්!

    June 8, 2014
    DSC_7469
    මාලඹේ, නෙවිල් ෆර්නෑන්ඩු පෞද්ගලික රෝහලේ සභාපති, වෛද්‍ය නෙවිල් ෆර්නෑන්ඩු
    මාලඹේ නෙවිල් ෆර්නෑන්ඩු පෞද්ගලික රෝහලේ දින 5ක් තිස්සේ ප‍්‍රතිකාර ලබමින් සිටි 14 හැවිරිදි කවීෂ ඕෂධ වික‍්‍රමරත්න දරුවාගේ මරණයත් සමඟ එම රෝහලත් පෞද්ගලික සෞඛ්‍ය සේවයත් ගැන මහත් ආන්දෝලනයක් ඇති විය. ඉතා අසාධ්‍ය තත්වයේ සිටි රෝගියා ඔහුගේ හා භාරකරුවන්ගේ විරෝධය නොතකා මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යලයේ (SAITM) සිසුන්ගේ සායනික පුහුණුවට පාවිච්චි කිරීම පිළිබඳව සමාජය තුළ විරෝධයක් ද ගොඩනැඟී ඇත. එමෙන්ම ඩෙංගු වැළඳී ඇතුළත් කළ රෝගියාට මෙනින්ජයිටීස් රෝගයට ප‍්‍රතිකාර කර ඇති බවට ද චෝදනා එල්ල විය. මේ නිසා මෙම සියලූ කරුණු පිළිබඳව පෞද්ගලික රෝහලේ පාර්ශ්වයෙන් කරුණු විමසීමට තීරණය කළ අපි වෛද්‍ය නෙවිල් ෆර්නෑන්ඩුගෙන් සම්මුඛ සාකච්ඡුාවක් ගැනීමට තීරණය කළෙමු.

    ජූනි මස 02 වැනිදා පෙරවරු 10.00ට අපට වෙලාව ලැබුණු නමුත් වෙලාව තහවුරු කර ගැනීම සඳහා පළමුවැනිදා කතා කළ විට එය 03 වැනිදා දක්වා කල් ගියේය.

    ”යුනිවර්සිටි ස්ටුඩන්ට්ස්ලා කට්ටියක් එනවා. ඒ නිසා අඟහරුවාදා 10.30ට එන්න”

    අපි අඟහරුවාදා 10.15 වන විට නෙවිල් ෆර්නෑන්ඩු පෞද්ගලික රෝහලට ගියෙමු. එහෙත් ඔහු පැමිණියේ පෙ.ව. 11.30ට පමණය.

    ”පිටරට ටී.වී. එකක කට්ටියක් ආවා මාව හම්බ වෙන්න. එයාලා ලංකාව එඩියුකේෂන් හබ් එකක් කරන එක ගැන වැඩසටහනක් කරනවා. මම කිව්වා අපේ SAITM එක ගැනත් දාන්න කියලා’’අපව සුහද ලෙස පිළිගනිමින් ඔහු පැවසුවේ ප‍්‍රමාදයට හේතු ඉදිරිපත් කරමිනි.

    අපි මුලින්ම ඔහුගේ දේශපාලන පසුබිම ගැන විමසුවෙමු.

    ”හමුදාවේ 13 දෙනා මරපු වෙලාවෙ මම ජේ.ආර්.ට ලියල ඇරියා ත‍්‍රස්තවාදය නැති කරන්න බැරි නං ගෙදර යන්න කියලා. කවුරුවත් ඒ කාලේ කතා කළේ නෑ. පේ‍්‍රමදාසට මං කිව්වා අපි සිංහයො වගේ පාර්ලිමන්ට් එකට ආවේ, දැන් මේ ව්‍යවස්ථාවෙන් පස්සෙ මීයො වෙලා කියලා. පේ‍්‍රමදාස කිව්වා නෙවිල් කෑගහන්න එපා කියලා. ඒ තරම් ඒ ගොල්ලො බයේ හිටියේ”

    තමන්ගේ ව්‍යාපාර ගැන ද ඔහු විස්තර කළේය.

    ”ඩොක්ටර් ඇයි පෞද්ගලික වෛද්‍ය විද්‍යලයක් ආරම්භ කරන්න හිතුවේ?”

    ”ආශා සෙන්ට‍්‍රල් එක විකුණපු සල්ලි මගේ අතේ තිබුණා. ඒ කාලේ හිටපු අධ්‍යාපන ඇමැති කිව්වා උසස් පෙළ ලක්ෂයක් පාස් වෙනවා, ඒත් යුනිවර්සිටි යන්නේ 20,000යි කියලා”

    ”මුලින් පටන් ගත්තේ මෙඩිසින් නෙවෙයි නේද?”

    ”මුලින් පටන් ගත්තේ මැනේජ්මන්ට්. 2009 දී මෙඩිසින් පටන් ගත්තේ”

    ”වෛi ශිෂ්‍යයන් මළ සිරුරු ආශ‍්‍රයෙන් ඉගෙන ගත යුතුයි. නමුත් SAITM එකේ මළ සිරුරු නැහැ කියලා මුලදි ලොකු ආන්දෝලනයක් ගියා කියලා මට මතකයි.” හදිසියේ සිහිපත් වූ කරුණක් ගැන මම විමසීමි.

    ”දැන් අපට ඕන තරම් මිනී තියෙනවා. දැන් ගියත් 50ක් විතර තියෙනවා. හුඟක් දෙනා තමන්ගේ සිරුර අපට පරිත්‍යාග කරනවා. අපේ තියෙනවා ෆෝම් එකක්, මැරෙන්න කලින්, ඒක පුරවලා දෙනවා”

    ඉන් පසුව අපගේ අවධානය යොමු වූයේ පෞද්ගලික වෛද්‍ය විද්‍යලයේ හා පෞද්ගලික රෝහල ශික්ෂණ රෝහලක් ලෙස පවත්වාගෙන යාමේ දී ගත යුතු අනුමැතිය ලැබී තිබේද යන්න පිළිබඳවයි. පෞද්ගලික වෛද්‍ය විද්‍යලයට හා රෝහලට ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාවේ අනුමැතිය තිබේදැයි අපි විමසුවෙමු.

    ”කාගෙවත් අනුමැතිය අවශ්‍ය නෑ. උසස් අධ්‍යාපන ඇමැති තමයි විශ්වවිද්‍යල පාලනය කරන්නෙ. ඉස්පිරිතාලෙට විතරයි අනුමැතිය ඕන. ඉස්පිරිතාලෙ බලන්න එන්න කියලා අපි වෛද්‍ය සභාවට කියලා තියෙනවා. තව ටික දවසකින් එනවා කියලා තියෙනවා. නීතියට අනුව වෛද්‍ය සභාව ඒක කරන්න ඕන වැඩක්. ආවෙ නැත්තං එයාලටයි ප‍්‍රශ්නෙ. මට ප‍්‍රශ්නයක් නෑ”

    ”ඒ වගේම සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්ගේ ලිපියක් තියෙනවා, අනුමැතිය නැහැ කියලා”

    ”කවුද?”

    ”නිහාල් ජයතිලක”

    ”ඒ මිනිහා දන්න කෙහෙල්මලක් නෑ. බල්ලගෙ වැඬේ බූරුවා කරලා තියෙන්නේ”

    ”ලේකම්වරයා වගේම සෞඛ්‍ය ඇමැතිවරයා පාර්ලිමේන්තුවේදීත් කියලා තියෙනවා මේ පෞද්ගලික රෝහල ශික්ෂණ රෝහලක් ලෙස පවත්වාගෙන යන්න අනුමැතිය දීලා නැහැ කියල”

    ”ඒක ඇත්ත. එයාලගෙ අවසරය ඕන නෑ”

    ”රුසියාවේ නිෂ්නි නොව්ගොරොද් විශ්වවිiාලයට SAITM එක අනුබද්ධයි කියලා ඔබලා කියනවා නේද?”

    ”ඒකනේ අපි උගන්නලා රුසියාවට අරින්නේ. දැනුත් රුසියාවෙන් ප්‍රොෆෙසර්ස්ලා දෙන්නෙක් ඇවිත් ඉන්නවා”

    ”නමුත් නිෂ්නි නොව්ගොරොද් විශ්වවිiාලයේ අධ්‍යක්ෂ ඇලෙක්සි පොස්ට්නිකොව් ලිපියක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ ලියුමේ තියෙනවා ඔවුන්ගේ කිසිදු ආයතනයක් ලංකාවේ නැහැ කියලා”

    ”අධ්‍යක්ෂකවරු දන්නෙ නෑනේ උසස් කට්ටිය අත්සන් කරන ගිවිසුම් ගැන. ඒකේ විදුහල්පති එක්කයි මම අත්සන් කළේ. ඒ අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අමල් හර්ෂ මහත්තයත් ගියා. එයා දැන් අතිරේක ලේකම් කෙනෙක්.”

    ”රුසියාවේ ශ‍්‍රී ලංකා තානාපති උදයංග වීරතුංගගෙන් විමසුවාම ඔහු ලියුමක් එවලා තියෙනවා, නිෂ්නි නොව්ගොරොද් විශ්වවිiාලයට අනුබද්ධ ආයතනයක් ලංකාවේ නැහැ කියලා”

    ”ඒ බොරු. රුසියාවට ගියපු වෙලේ මම තානාපතිට බැන්න හොඳටම. අපට එන්න කියලා වෙලාවක් දුන්නා. අපි යනකොට එයා නැහැ. ඒ තරහට ඔය ලියුම එවලා තියෙන්නේ”

    ”තානාපතිවරයා වගකීම් විරහිතව කටයුතු කළා කියන එකද ඔබගේ චෝදනාව?”

    ”ඔව්. ඒක තමයි කරලා තියෙන්නේ. ලංකාවෙන් ගිය ළමයින් ගොඩක් හිටියා. ඇවිල්ලා දවස් ගාණක්. ඒත් මෙයාව හම්බ වෙන්න බෑ”

    ”SAITM එකේ ඉගෙන ගෙන උපාධිය ගත්තත් ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාවේ අනුමැතිය නැත්නම් වෛiවරයෙක් ලෙස කටයුතු කරන්න අවසරයක් නැහැ නේද?”

    ”දැන් උපාධියක් තියෙනවානේ. ඒ ගොල්ලො අනුමත කරන්න ඕන”

    ”නිසියාකාර ශික්ෂණ රෝහලක් නැත්නම් අනුමැතිය දෙන්න සූදානම් නැහැ කියලා ඩොක්ටර් කාලෝ ෆොන්සේකා කියලා තියෙනවා නේද?”

    ”එයා කිව්වට වැඩක් නෑ. ඒ ගොල්ලන්ටත් ගෙදර යන්න වෙනවා, මාත් එක්ක හැප්පෙන්න ආවොත්”

    SAITM ආයතනයට එල්ල වන විවිධ චෝදනා සහ විභාග වෙමින් ඇති නඩු පිළිබඳව ද අපි විමසුවෙමු.

    ”මොකක්ද දෙන උපාධිය?”

    ”MBBS”

    ‘‘නමුත් MD උපාධිය දෙනවා කියලා කලින් දැන්වීම් පළ කළා නේද?’’ අප අත වූ දැන්වීමක් ඉදිරිපත් කළෙමු.

    ”අපි කියන්නේ අපේ එක නෙවෙයිනේ. ඵෘ දෙන්නේ රුසියාවෙන්”

    ”SAITM එක ගැන දාන දැන්වීමක ඇයි ඒක දාන්නේ?”

    ”අපේ එක ගැන නෙවෙයිනේ දාලා තියෙන්නේ. නිෂ්නි එක ගැනනේ”

    ”ඔබ පළ කළ දැන්වීමක් තියෙනවා, ඔබේ උපාධියට ලංකාවේ හා එක්සත් රාජධානියේ වෛද්‍ය සභාවල අනුමැතිය තියෙනවා කියලා”

    ”අපේ එකට නෙවෙයි, නිෂ්නි එකේ උපාධියට අනුමැතිය තියෙනවා කියලා”

    ”නමුත් මේ දැන්වීමෙන්, ඔබේ උපාධියටත් අනුමැතිය තියෙනවා කියලා අනියමින් ඇඟවෙනවා නේද?”

    ”නෑ. එහෙම එකක් නෑ”

    ”නමුත් SAITM එකට විරුද්ධව නඩු පැවරූ සිසුන් හා මව්පියන් චෝදනා කරන්නේ ඔවුන් රැවටීමට ලක් කළා කියලා”

    ”නෑ. එයාලට කියලා නෑනේ. ඒගොල්ලො හරියට කියවලා නෑ. ඉංග‍්‍රීසි දන්නෙ නැත්නම් දන්න කෙනෙක් ළඟට යන්න ඕන”

    ”මේ පිළිබඳව කඩුවෙල අධිකරණයේ නඩුවක් විභාග වෙනවා නේද?”

    ”ඕන කෙනෙක් නඩු දාපුවාවේ. මට කමක් නෑ. උසාවියේ අපෙත් නීතිඥවරු ඉන්නවානෙ”

    ”සහේලි ගමගේ කියන ගායිකාව මෙහේ ඉගෙන ගත්තා. ඇය පුවත්පතකට කියලා තිබුණා මෙතන නීති විරෝධී බව දැනගත් නිසා ඉවත් වුණා කියලා”

    ”පිස්සු. කෙළෙහි ගුණ නොදන්න මිනිස්සු”

    ”ඇයි කෙළෙහි ගුණ නොදන්න මිනිස්සු කියන්නේ?”

    ”එහෙම තමයි. කියන්නෙවත් නැතිව රුසියාවට ගිහින්. අපෙන් හම්බ වෙච්ච ඉගැන්නිල්ල තමයි එහේ ගිහිල්ලත් කරන්නෙ”

    ”මේ රෝහලේ සායනික පුහුණුව දෙන්නේ නීත්‍යානුකූලවද?”

    ”මේක හොස්පිට්ල් එකක්. ඒකේ උගන්වනවා. ඒ නිසා ටීචින් හොස්පිට්ල් එකක්”

    ”සෞඛ්‍ය අමාත්‍යාංශයට ලිපි යවන්නේ ශික්ෂණ රෝහලක් කියලා සඳහන් නොවන ලිපි ශීර්ෂයක කියලා චෝදනාවක් තියෙනවා නේද?”

    ”නෑ. එකමයි”

    ඉන් පසුව අප සිතුවේ එහි ප‍්‍රමිතිය පිළිබඳව කරුණු විමසීමටය. වෛiවරයකුවීම සඳහා පුළුල් පරාසයක පැතිරුණු රෝග හා රෝගීන් පිළිබඳව අධ්‍යයනය කළ යුතුය. මාලඹේ පෞද්ගලික රෝහල හා පෞද්ගලික වෛද්‍ය විද්‍යලය සතුව මහාචාර්ය ඒකක 5ක් ඇති බවත් ඒ සියල්ලේ ස්ථිර ආචාර්යවරුන් සිටින බවත් නෙවිල් ෆර්නෑන්ඩු පැවසුවේය. ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාව නිකුත් කර ඇති ප‍්‍රමිතීන්ට අනුගත වෙමින් එහි අවශ්‍යතා සම්පූර්ණ වන සේ රෝහල ස්ථාපිත කර ඇති බව ද ඔහු පැවසුවේය.

    ”රජරට විශ්වවිද්‍යලයේ ළමයින්ට උගන්වන්න අපේ කෙනෙක් යනවා. මඩකලපුවටත් යනවා. අපි තමයි එයාලටත් උගන්වන්නේ”

    ”ඩොක්ටර්, මේ වෙද්දී නේවාසික රෝගීන් කොච්චර විතර ඉන්නවාද?”

    ”ඒක එක එක දවසට වෙනස් වෙනවා. ධඡුෘ එකට දවසකට 150ක් – 200ක් විතර එනවා. දවසකට 60ක් 70ක් විතර ඇතුළත් වෙනවා”

    වෛද්‍ය විද්‍යලයේ සිසුන්ගේ අධ්‍යයන කටයුතුවලට යොදා ගැනීමට ප‍්‍රමාණවත් රෝගීන් එම පෞද්ගලික රෝහලේ නොමැත. එම ගැටලූව විසඳීම සඳහා ක‍්‍රියාත්මක කිරීමට යන අලූත් වැඩපිළිවෙළක් ගැනද ඔහු විස්තර කළේය.

    ”මේ අවට ඉන්න සමෘද්ධිලාභී පවුල්වලට නොමිලේ බෙහෙත් දෙන්න කාඞ් එකක් දෙනවා. තව සුමානෙකින් විතර ජනාධිපති ආර්යාව ගෙන්නල ඒක පටන් ගන්න බලාපොරොත්තු වෙනවා. ඒ අයට නොමිලේ බෙහෙත් කරනවා. ශිෂ්‍යයන්ට ඉගෙන ගන්න ලෙඞ්ඩු ඕන නේ. සල්ලි ගෙවලා බෙහෙත් ගන්න එන අයට, ළමයින්ට ඉගෙන ගන්න රෝග ලක්ෂණ නෑ. දුප්පත් මිනිස්සුන්ට තමයි ඒ රෝග ලක්ෂණ තියෙන්නේ”

    ”සිසුන්ගේ අධ්‍යයන කටයුතුවලට ඒ රෝගීන් යොදා ගන්නවා?”

    ”ඒකට තමයි අපි සමෘද්ධිලාභීන්ට නොමිලේ බෙහෙත් දෙන්නේ”

    නෙවිල් ප‍්‍රනාන්දු පෞද්ගලික රෝහල පිළිබඳවත් වෛද්‍ය වද්‍යiාලය පිළිබඳවත් මහත් ආන්දෝලනයක් ඇති වූයේ මහරගම පදිංචි දරුවකු මිය යාම පිළිබඳවය. අප ඒ පිළිබඳව ද වෛද්‍ය නෙවිල් ෆර්නෑන්ඩුගෙන් විමසීමු.

    ”ඒ දරුවාට දුන් බෙහෙත් මොනවාද කියලා හෙළි කළේ නැහැ කියලා ඥාතීන් චෝදනා කරනවා”

    ”බෙහෙත් දුන්නා කියලා ඒ ගොල්ලන්ට මොනවත් කරන්න බෑනේ. මම ඒ අයට කිව්වා සෞඛ්‍ය අමාත්‍යාංශයට ලියන්න කියලා. පරීක්ෂණයට ආවාම ඒ අයට පෙන්වන්න පුළුවන්”

    ”නමුත් වෛi ආචාර්ධර්මවලට අනුව ප‍්‍රතිකාර පිළිබඳව රෝගියාට සහ ඥාතීන්ට හෙළි කළ යුතුයි නේද?”

    ”එහෙම එකක් නෑ. බෙහෙත්, හැම දෙයක්ම ලියලා තියෙනවා ඩයග්නෝසිස් කාඞ් එකේ”

    ”ඒක ඥාතීන්ට දීලා නෑ”

    ”ලෙඩා මැරුණ නේ”

    ”මියගියේ බාලවයස්කරුවෙක්. ඒ නිසා ඥාතීන්ට දෙන්නේ නැද්ද?”

    ”ටිකට් කපාගෙන යනකොටයි දෙන්නේ. මැරුණට පස්සේ දෙන්නේ නෑ”

    ”ඒ දරුවාට වැලඳුණු රෝගය මොකක් කියලාද මුලින් සැක කළේ?”

    ”ඩෙංගු. නිසි ප‍්‍රතිකාර කරලා තියෙනවා”

    ”බෙහෙත් හෙළි නොකරන්නේ පරීක්ෂණයක් ආවොත් වෙනස් කරන්න කියලා සැකයක් තියෙනවා”

    ”එහෙම වෙනස් කරන්න බෑ. කාඞ් එකේ ලියලා තියෙන්නේ”

    ”අභ්‍යන්තර රුධිර වහනයක් වෙලා කියලා අනාවරණ වුණේ හත්වැනිදා උදේ. නමුත් එදාම හේමාස් රෝහලට ගෙන ගිහින් තියෙනවා. ඒක අවදානම් නේද?”

    ”ඒක අහන්න ඕන වෛiවරයාගෙන්. මං බෙහෙත් කළේ නෑනේ. පරීක්ෂණයක් ඉල්ලන්න. සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් එක්ක තේරෙන භාෂාවෙන් කතා කරන්න පුළුවන්”

    ”රුධිරයට රුපියල් 107,900ක බිලක් තියෙනවා”

    ”ලේ නිකන් දුන්නාට පරීක්ෂණ ගොඩක් කරන්න තියෙනවා”

    ”ඒත් රුපියල් ලක්ෂයක් වෙන්න පුළුවන්ද? එහෙම වෙන්න බෑ නේද?”

    ”ඒක කොහොමද දන්නේ? ඒක තමයි මම ඒ අයට කිව්වේ පරීක්ෂණයක් ඉල්ලන්න කියලා”

    ”ඒ දරුවා වෛද්‍ය සිසුන්ගේ සායනික පුහුණුවට යොදාගෙන තියෙනවා නේද?”

    ”ඒක බොරු. ස්ටෙතස්කෝප් එක තියලා බලන්න ඇති. ලේ ගලන ළමයා හොල්ලන්නෙ කරන්නෙ නෑ”

    ”බෙහෙත්වලට විශාල මුදලක් බිලේ සඳහන් වෙනවා”

    ”වෙන්ටිලේෂන් මැෂින් එකට දවසකට ලක්ෂයක් විතර යනවා. නමුත් ඒ මුදල අය කළේ නැහැනේ”

    ”බිල අඩු කළේ ෆවුසි ඇමැතිගේ බලපෑමට කියලා කියනවා නේද?”

    ”කාගෙවත් බලපෑමක් ඕන නෑ. මමයි කිව්වේ සල්ලි ඕන නෑ බෙහෙත් කරන්න කියලා. මේ මිනිස්සු හදන්නේ ඡුන්දෙ ගන්න මොකක් හරි බොරුවක් කියන්න. කවුද ගෑනියෙක් ආවා. මගේ මෝඩ වැඬේ ඒ මනුස්සයා එක්ක කතා කළ එක. එයා රුපියල් 25,000ක් දීලා ඒක පත්තරේ දාගත්තා. කවුද පණ්ඩිතයෙක් ඇවිත් මරණ පරීක්ෂණයක් ඉල්ලලා තියෙනවා. මේ ඉස්පිරිතාලේ දවස් හතරක් හිටපු ලෙඩෙක්. එතකොට පරීක්ෂණයක් ඕන නෑ. අපට කියන්න පුළුවන් මැරෙන්න හේතුව”

    පැය එක හමාරකට පමණ පසුව අප වෛi නෙවිල් ෆර්නෑන්ඩුගෙන් සමු ගතිමු.

    ”මම හැමදාම උදේ 9.00ට SAITM එකට එනවා. මේ වගේ වෙලාව වෙනකං එක එක කට්ටිය හමුවෙනවා. අද හවස හයයි තිහට එංගලන්ත ටීම් එකත් එක්ක මැච් එකක් තියෙනවානේ. අද ඒක බලනවා”
    ඔහු සිනා සී පැවසුවේය.

    සංවාද සටහන – ජනක තුෂාර
    https://janarala.wordpress.com/2014/06/08/interview-of-neville-fernando/
     
    • Like
    Reactions: Shaiman and djnick

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,200
    1
    6,255
    113
    Sri Lanka
    Lol. Kadekin badu aran warranty claim karanna awama dena talk ekak wagene mu denne. Leddunta deiyangema pihitai wage. LOL
     
    Ambatta

    Active member
  • Jun 27, 2016
    453
    95
    28
    ”මේ අවට ඉන්න සමෘද්ධිලාභී පවුල්වලට නොමිලේ බෙහෙත් දෙන්න කාඞ් එකක් දෙනවා. තව සුමානෙකින් විතර ජනාධිපති ආර්යාව ගෙන්නල ඒක පටන් ගන්න බලාපොරොත්තු වෙනවා. ඒ අයට නොමිලේ බෙහෙත් කරනවා. ශිෂ්‍යයන්ට ඉගෙන ගන්න ලෙඞ්ඩු ඕන නේ. සල්ලි ගෙවලා බෙහෙත් ගන්න එන අයට, ළමයින්ට ඉගෙන ගන්න රෝග ලක්ෂණ නෑ. දුප්පත් මිනිස්සුන්ට තමයි ඒ රෝග ලක්ෂණ තියෙන්නේ”

    ”සිසුන්ගේ අධ්‍යයන කටයුතුවලට ඒ රෝගීන් යොදා ගන්නවා?”

    ”ඒකට තමයි අපි සමෘද්ධිලාභීන්ට නොමිලේ බෙහෙත් දෙන්නේ”

    :shocked::shocked::angry::angry:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ”හමුදාවේ 13 දෙනා මරපු වෙලාවෙ මම ජේ.ආර්.ට ලියල ඇරියා ත‍්‍රස්තවාදය නැති කරන්න බැරි නං ගෙදර යන්න කියලා. කවුරුවත් ඒ කාලේ කතා කළේ නෑ. පේ‍්‍රමදාසට මං කිව්වා අපි සිංහයො වගේ පාර්ලිමන්ට් එකට ආවේ, දැන් මේ ව්‍යවස්ථාවෙන් පස්සෙ මීයො වෙලා කියලා. පේ‍්‍රමදාස කිව්වා නෙවිල් කෑගහන්න එපා කියලා. ඒ තරම් ඒ ගොල්ලො බයේ හිටියේ”

    ”කාගෙවත් අනුමැතිය අවශ්‍ය නෑ. උසස් අධ්‍යාපන ඇමැති තමයි විශ්වවිද්‍යල පාලනය කරන්නෙ. ඉස්පිරිතාලෙට විතරයි අනුමැතිය ඕන. ඉස්පිරිතාලෙ බලන්න එන්න කියලා අපි වෛද්‍ය සභාවට කියලා තියෙනවා. තව ටික දවසකින් එනවා කියලා තියෙනවා. නීතියට අනුව වෛද්‍ය සභාව ඒක කරන්න ඕන වැඩක්. ආවෙ නැත්තං එයාලටයි ප‍්‍රශ්නෙ. මට ප‍්‍රශ්නයක් නෑ”

    ”ඒ වගේම සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්ගේ ලිපියක් තියෙනවා, අනුමැතිය නැහැ කියලා”

    ”කවුද?”

    ”නිහාල් ජයතිලක”

    ”ඒ මිනිහා දන්න කෙහෙල්මලක් නෑ. බල්ලගෙ වැඬේ බූරුවා කරලා තියෙන්නේ”

    ”ලේකම්වරයා වගේම සෞඛ්‍ය ඇමැතිවරයා පාර්ලිමේන්තුවේදීත් කියලා තියෙනවා මේ පෞද්ගලික රෝහල ශික්ෂණ රෝහලක් ලෙස පවත්වාගෙන යන්න අනුමැතිය දීලා නැහැ කියල”

    ”ඒක ඇත්ත. එයාලගෙ අවසරය ඕන නෑ”

    ”නමුත් නිෂ්නි නොව්ගොරොද් විශ්වවිiාලයේ අධ්‍යක්ෂ ඇලෙක්සි පොස්ට්නිකොව් ලිපියක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ ලියුමේ තියෙනවා ඔවුන්ගේ කිසිදු ආයතනයක් ලංකාවේ නැහැ කියලා”

    ”අධ්‍යක්ෂකවරු දන්නෙ නෑනේ උසස් කට්ටිය අත්සන් කරන ගිවිසුම් ගැන. ඒකේ විදුහල්පති එක්කයි මම අත්සන් කළේ. ඒ අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අමල් හර්ෂ මහත්තයත් ගියා. එයා දැන් අතිරේක ලේකම් කෙනෙක්.”

    ”රුසියාවේ ශ‍්‍රී ලංකා තානාපති උදයංග වීරතුංගගෙන් විමසුවාම ඔහු ලියුමක් එවලා තියෙනවා, නිෂ්නි නොව්ගොරොද් විශ්වවිiාලයට අනුබද්ධ ආයතනයක් ලංකාවේ නැහැ කියලා”

    ”ඒ බොරු. රුසියාවට ගියපු වෙලේ මම තානාපතිට බැන්න හොඳටම. අපට එන්න කියලා වෙලාවක් දුන්නා. අපි යනකොට එයා නැහැ. ඒ තරහට ඔය ලියුම එවලා තියෙන්නේ”

    ”SAITM එකේ ඉගෙන ගෙන උපාධිය ගත්තත් ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාවේ අනුමැතිය නැත්නම් වෛiවරයෙක් ලෙස කටයුතු කරන්න අවසරයක් නැහැ නේද?”

    ”දැන් උපාධියක් තියෙනවානේ. ඒ ගොල්ලො අනුමත කරන්න ඕන”

    ”නිසියාකාර ශික්ෂණ රෝහලක් නැත්නම් අනුමැතිය දෙන්න සූදානම් නැහැ කියලා ඩොක්ටර් කාලෝ ෆොන්සේකා කියලා තියෙනවා නේද?”

    ”එයා කිව්වට වැඩක් නෑ. ඒ ගොල්ලන්ටත් ගෙදර යන්න වෙනවා, මාත් එක්ක හැප්පෙන්න ආවොත්”

    ‘‘නමුත් MD උපාධිය දෙනවා කියලා කලින් දැන්වීම් පළ කළා නේද?’’ අප අත වූ දැන්වීමක් ඉදිරිපත් කළෙමු.

    ”අපි කියන්නේ අපේ එක නෙවෙයිනේ. ඵෘ දෙන්නේ රුසියාවෙන්”

    ”ඔබ පළ කළ දැන්වීමක් තියෙනවා, ඔබේ උපාධියට ලංකාවේ හා එක්සත් රාජධානියේ වෛද්‍ය සභාවල අනුමැතිය තියෙනවා කියලා”

    ”අපේ එකට නෙවෙයි, නිෂ්නි එකේ උපාධියට අනුමැතිය තියෙනවා කියලා”

    ”නමුත් SAITM එකට විරුද්ධව නඩු පැවරූ සිසුන් හා මව්පියන් චෝදනා කරන්නේ ඔවුන් රැවටීමට ලක් කළා කියලා”

    ”නෑ. එයාලට කියලා නෑනේ. ඒගොල්ලො හරියට කියවලා නෑ. ඉංග‍්‍රීසි දන්නෙ නැත්නම් දන්න කෙනෙක් ළඟට යන්න ඕන”

    ”ඕන කෙනෙක් නඩු දාපුවාවේ. මට කමක් නෑ. උසාවියේ අපෙත් නීතිඥවරු ඉන්නවානෙ”

    ”මේක හොස්පිට්ල් එකක්. ඒකේ උගන්වනවා. ඒ නිසා ටීචින් හොස්පිට්ල් එකක්”

    ”මේ අවට ඉන්න සමෘද්ධිලාභී පවුල්වලට නොමිලේ බෙහෙත් දෙන්න කාඞ් එකක් දෙනවා. තව සුමානෙකින් විතර ජනාධිපති ආර්යාව ගෙන්නල ඒක පටන් ගන්න බලාපොරොත්තු වෙනවා. ඒ අයට නොමිලේ බෙහෙත් කරනවා. ශිෂ්‍යයන්ට ඉගෙන ගන්න ලෙඞ්ඩු ඕන නේ. සල්ලි ගෙවලා බෙහෙත් ගන්න එන අයට, ළමයින්ට ඉගෙන ගන්න රෝග ලක්ෂණ නෑ. දුප්පත් මිනිස්සුන්ට තමයි ඒ රෝග ලක්ෂණ තියෙන්නේ”

    ”සිසුන්ගේ අධ්‍යයන කටයුතුවලට ඒ රෝගීන් යොදා ගන්නවා?”

    ”ඒකට තමයි අපි සමෘද්ධිලාභීන්ට නොමිලේ බෙහෙත් දෙන්නේ”

    ”නමුත් වෛi ආචාර්ධර්මවලට අනුව ප‍්‍රතිකාර පිළිබඳව රෝගියාට සහ ඥාතීන්ට හෙළි කළ යුතුයි නේද?”

    ”එහෙම එකක් නෑ. බෙහෙත්, හැම දෙයක්ම ලියලා තියෙනවා ඩයග්නෝසිස් කාඞ් එකේ”

    ”ඒක ඥාතීන්ට දීලා නෑ”

    ”ලෙඩා මැරුණ නේ”

    :lol::lol:
    නැට්ටේ ඉදන්ම ගොම :D
    හිනා වෙලා මැරෙනවා
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    හප්පා ආයි නම් මාලබේ සයිටම් එක ගැන වචනයක් කතා කරන්නේ නැ.:sorry::sorry:
    යකෝ කසිප්පු කාලක් ගහපු මාළු කාරයත් මීට වඩා හොදට කතා කරනවනේ.:D:D
     
    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    ”මේ අවට ඉන්න සමෘද්ධිලාභී පවුල්වලට නොමිලේ බෙහෙත් දෙන්න කාඞ් එකක් දෙනවා. තව සුමානෙකින් විතර ජනාධිපති ආර්යාව ගෙන්නල ඒක පටන් ගන්න බලාපොරොත්තු වෙනවා. ඒ අයට නොමිලේ බෙහෙත් කරනවා. ශිෂ්‍යයන්ට ඉගෙන ගන්න ලෙඞ්ඩු ඕන නේ. සල්ලි ගෙවලා බෙහෙත් ගන්න එන අයට, ළමයින්ට ඉගෙන ගන්න රෝග ලක්ෂණ නෑ. දුප්පත් මිනිස්සුන්ට තමයි ඒ රෝග ලක්ෂණ තියෙන්නේ”

    ”සිසුන්ගේ අධ්‍යයන කටයුතුවලට ඒ රෝගීන් යොදා ගන්නවා?”

    ”ඒකට තමයි අපි සමෘද්ධිලාභීන්ට නොමිලේ බෙහෙත් දෙන්නේ”

    :shocked::shocked::angry::angry:

    කොහෙත් මෙක තමයි වෙන්නේ රජයේ ශික්ෂණ රෝහල් වලත් ඕකම තමයි. මෙඩිකල් ස්ටුඩන්ට්ලා එක ලෙඩාගෙන් හෙම්බත් වෙනකම් උන්ට ඉගෙන ගැනිමට අවශ්‍ය දේවල් අහනවා. උන් තමයි සැරින් සැරේ ඇවිත් ලෙඩ ගැන අහන්නේ ලොකු වෛද්‍යවරයා එන්නේ පාරක් හරි කලාතුරකින් දෙවනෙි පාර හරි එනවා. ලෙඩා ගැන ලෙඩේ මොකද්ද කියලා හරි දැනගන්න නැයොන්ට කිසිම අවස්ථාවක් නැහැ. දොස්තරලාට නර්ස්ලාට එටෙන්ඩන්ලාට දෙකට නැවිලා තමයි මොකක් හරි අහගන්න ඕනේ. රටටකට ගිය කල.
     
    Alu kurulla

    Well-known member
  • Sep 7, 2015
    466
    299
    63
    කොහෙත් මෙක තමයි වෙන්නේ රජයේ ශික්ෂණ රෝහල් වලත් ඕකම තමයි. මෙඩිකල් ස්ටුඩන්ට්ලා එක ලෙඩාගෙන් හෙම්බත් වෙනකම් උන්ට ඉගෙන ගැනිමට අවශ්‍ය දේවල් අහනවා. උන් තමයි සැරින් සැරේ ඇවිත් ලෙඩ ගැන අහන්නේ ලොකු වෛද්‍යවරයා එන්නේ පාරක් හරි කලාතුරකින් දෙවනෙි පාර හරි එනවා. ලෙඩා ගැන ලෙඩේ මොකද්ද කියලා හරි දැනගන්න නැයොන්ට කිසිම අවස්ථාවක් නැහැ. දොස්තරලාට නර්ස්ලාට එටෙන්ඩන්ලාට දෙකට නැවිලා තමයි මොකක් හරි අහගන්න ඕනේ. රටටකට ගිය කල.

    :oo::oo:
     
    Alu kurulla

    Well-known member
  • Sep 7, 2015
    466
    299
    63
    lankaawe government hospital wala leddu marilama maa ne meeta kalin. accuracy 100%! :lol:

    gov hospital ekakata dawasaka leddu kiiyak enawada kiyala ahanne nee mama, eka clinichq ekakata witharak dawasaka kiiyak enawada, Me nevil F hosptle eke auruddakata ena leddu GOV General Hsptl ekakata dawasakata enawa mahaththayo, e atharin auruddakata 2k 3k mistake unamada mahaththayata sathutu.....:lol:
     
    Murphyx9

    Member
    Apr 28, 2016
    676
    57
    0
    gov hospital ekakata dawasaka leddu kiiyak enawada kiyala ahanne nee mama, eka clinichq ekakata witharak dawasaka kiiyak enawada, Me nevil F hosptle eke auruddakata ena leddu GOV General Hsptl ekakata dawasakata enawa mahaththayo, e atharin auruddakata 2k 3k mistake unamada mahaththayata sathutu.....:lol:

    mata sathutak wath dukak wath 2n ekak wath na kohomath. :rofl:

    private campus/hospital walin ekaka mokak hari issue ekak dakkama government un pana pana kaa gahanne hariyata kawadaawath un athin waraddak wela na wage :lol:

    thaman hadila inna epai anunta angilla dik karanna kalin.

    government wada karana doctors la private beheth denna gihin beheth visa wela side effects aapu/marichcha awastha nadda lankaawe? eewata kathawak saddayak na needa? :rofl: :rofl:

    "GOV General Hsptl ekakata dawasakata ena ena leddu" gaanama government hospital wala baageta beheth deela yawala, hawasata private clinic ekata genna ganna doctors la innawa ne mahaththayo :rofl:

    ithin ai mee "nevil F" gana witharak gov. workers la mechchara kathaa bahak ?? :rofl:

    leddu gana athi mahaaa anukampaawa hinda da?
    leddu gana athi maa adaree hinda da?

    :lol: :lol:
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    පොන්න මහින්දගෙ ආන්ඩුවේ තවත් පොන්න වැඩක්
     
    mahaththayo , mama colombo General hospitle eken thama ledak hedunama beheth ganne, matanan ekaama eka docek wath kiyala nee wenama Privt clinic enna kiyala , mama Gov Health 100% hondai kiyanawa newei ., e then walata giyama attendantlage , nurselage guu respect balanna wenawa, ehemai kiyala mamige dadige aasawa stethoscope ekak belle ellagenime aasawata lankawe ahinsaka minissunta Lab meeyo wenna denna puluwanda mahaththayo.. daala thiyana article eka sihiyen kiyawala innako mahaththauo..... :)
     
    Ambatta

    Active member
  • Jun 27, 2016
    453
    95
    28
    හප්පා ආයි නම් මාලබේ සයිටම් එක ගැන වචනයක් කතා කරන්නේ නැ.:sorry::sorry:
    යකෝ කසිප්පු කාලක් ගහපු මාළු කාරයත් මීට වඩා හොදට කතා කරනවනේ.:D:D

    :lol::lol::frown::frown: