මරණය කියන්නේ එක් රූපයක් තවත් රූපයකට මාරු Š
ජීවන රටාව හා සසර පැවැත්ම, ජීවිතය හා මරණය, ජීවිතයේ අවසන් දැක්ම, විශ්මිත විශ්වය සිසාරා පෙනෙන ලොවක නොපෙනෙන ලොවක් , විරාමයක් මය මරණය, අශෝක ශිලා ලේඛන, ශ්‍රී සුමංගල ශතකය (පාලි) යන විශිෂ්ට කෘති මෙන් ම ජාතකමාලා, අභිඥානශාකුන්තල නාටකය, රත්නාවලී නාටිකා, බුද්ධ චරිත මහා කාව්‍යය යන පරිවර්තන කෘති ද රචනා කළ අග්ගමහා පණ්ඩිත ආචාර්ය බෙල්ලන ඤාණවිමල නාහිමියෝ කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගි‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ මහානායක ධුරන්ධර හිමිපාණෝ වෙති.
අනුරාධපුර භික්ෂු විද්‍යාලයෙන් සාහිත්‍යශූරී උපාධිය ද කැලණිය විද්‍යාලංකාර පිරිවෙනෙන් බෞද්ධ සාහිත්‍යශූරී උපාධිය ද විද්‍යොදය පිරිවෙනින් ශ්‍රී සුමංගල වංසාවතංස උපාධිය ද පිරි නමනු ලැබු උන්වහන්සේ සිංහල, පාලි, සංස්කෘත, ඉංගි්රසි, දෙමළ, හින්දි යන භාෂා පිළිබඳවත් ජ්‍යෝතිර් විද්‍යාව, ආයුර්වේදය යන විෂය පිළිබඳවත් හසළ දැනුමැති යතිවරයාණ කෙනෙකි.
මෙවර පුන්කලස මුවදොර වදනට උන්වහන්සේ දේශනා කරන්නේ මරණය හා කර්ම සංකල්පය පිළිබඳවයි. මරණය එක්තරා විරාමයක් පමණක් වන බවත් ගන්දබ්බ අවධිය (අන්තරාභවය) මෙන්ම ප්රතිසන්ධිගත ජීවිතය ද එක ම සසර ගමනක විවිධ අවස්ථා පමණක් වන බවත් උන්වහන්සේ අවධාරණය කළ සේක.
සත්ත්වයා මරණය මෙනෙහි කිරීම පවා අමිහිරි අත්දැකීමක් සේ සලකනවා. එහෙත් බුදු දහමේ සඳහන් වන්නේ මරණය පිළිබඳව සිහිය (මරණානුස්සතිය) පිහිටුවා ගත යුතු බවයි. වරෙක ඔබවහන්සේ දේශනා කළා මරණය තවත් එක් විරාමයක් පමණක් වන බව.
විරාමය, අවසානයක් නොවෙයි. මා ජීවිතයක් ගතකර මරණයට පත් වූවා කියන්නේ අන් අයගේ තීරණයක් මිස මගේ තීරණයක් නෙවෙයි. මරණය සිදු වුණත් පුද්ගලිකභාවය (අනන්‍යතාව) දිගටම ගමන් කරනවා. එය නවතින්නේ නැහැ. ශ්‍රීපාද කන්දට වැස්ස වැටුණම ඒ එක්වන ජලය එක තැනකදි අසවල් දොළ ය; තව තැනකදි අසවල් ගඟය; තවත් තැනකදි අසවල් ජලාශය ය; ආදි වශයෙන් මුහුදට යනතුරු විවිධ නාම භාවිතා කරනවා. මේ විදියට නම් වෙනස් වුණාට ගමනේ නැවතීමක් සිදුවෙන්නේ නැහැ.
මේ වතුරට හිරු එළිය වැටුණම ඒවා වාෂ්ප වෙලා අහසට යනවා. අහසට යනතුරු වාෂ්ප. අහසට ගියාම එය වලාකුළු වෙනවා. එය නැවතත් රසායනික සංයෝගයකින් වැස්ස ලෙස බිමට පතිත වෙනවා. එවිට එය වැසි වතුර වෙනවා. අපේ මේ සසර ගමනත් ඒ වගෙයි. එකම ගමනේ විවිධ අවස්ථාවන්ට අපි දෙන නම් පමණයි වෙනස් වෙන්නේ. කලෙකදී මනුෂ්‍යයාත්, කලෙකදී දෙවියාත්, තවත් කලෙකදී යක්ෂයාත් ආදි නම් භාවිතා කළත් ඒ ගමනේ ඒකීයත්වය තිබෙනවා. මරණය කියන්නේ එක් රූපයක් තවත් රූපයකට මාරු වීමයි. ඊට සම්මුති මරණය කියල කියනවා