මරණය වෙනුවට ජීවිතය ගෙන එන දිරිය පුරවැසිය&#3505

waligamaya

Well-known member
  • මරණය වෙනුවට ජීවිතය ගෙන එන දිරිය පුරවැසිය&#3505

    මරණය වෙනුවට ජීවිතය ගෙන එන දිරිය පුරවැසියන් වෙමු!




    "මේ රට අද තියෙන්නේ මදුරුවන් කාල, මිනිසුන් මිය යන යුගය. මදුරවන්ගෙන් ජනතාව බේරගන්නවත් මේ පාලනයට අද බැරිවෙලා තියෙන්නේ. මරණය තමයි ලාබෙටම තියෙන දේ. අපිට අවශ්‍ය කරන්නේ මරණය වෙනුවට ජීවිතයත්, කඳුල වෙනුවට සතුටත්, අසමගිය වෙනුවට සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ, ජාතිකත්ව අතර සමගියත්, ගොඩනැගෙන දිරිය මිනිසුන්ගෙන් සමන්විත රටක් ගොඩනැඟීමයි. මේ සඳහා ප‍්‍රතිපත්ති තියෙන්නේ ධනවාදී සමාජය වෙනස් කර, නව සමාජයක් ගොඩනැඟීමේ දේශපාලනයකට විතරයි. ඒ දේශපාලන නායකත්වය ගැනීමේ සුදුසුකම් තියෙන්නේ කැපවීමෙන් වැඩකරන මේ රටේ අනාගතය සම්බන්ධයෙන් පැහැදිලි දැක්මක් තියෙන ජනතා විමුක්ති පෙරමුණට පමණයි." යැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා අද (22) පැවති දිරිය පුරවැසි සමුළුවේදී ප්‍රකාශ කළේය.
    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ටිල්වින් සිල්වා මහතා...
    "අපි අද කැඳවලා තියෙන්නේ අපේ පක්ෂයෙන් නිර්මාණය කළ දිරිය පුරවැසි සමිති නායකයන් හා එම සමිතිවල නියෝජිතයන්. අද රට මුහුණ දී තිබෙන අර්බුදය පිළිබඳ දැනුවත් කර, එයින් මිදීම සඳහා කටයුතු වේගවත් කරන ශ්‍රේෂ්ඨ ආරම්භයක් ලබාගන්න අවශ්‍ය දැනුම ශක්තිය සහ ධෛර්යය ලබාදෙන ගම්මට්ටමින් ක්‍රියාකාරී නායකත්වය ලබාදීම මේ සියලු දෙනා සතු යුතුකමක්. ඒ වෙනුවෙන් අවශ්‍ය මඟපෙන්වීම් කිරීම මේ මහා සමුළුවේ අරමුණයි.
    පසුගිය අවුරුද්දේ අපි "දිරිය පුරවැසි" සමිති පටන් ගත්තා. ඒ ඇයි කියලත් තේරුම් ගැනීම වැදගත්. අපේ රට අද බරපතල සමාජ, ආර්ථික, දේශපාලනික, සංස්කෘතික, අධ්‍යාපන සහ සෞඛ්‍යය වගේම පාරිසරික ප‍්‍රශ්න රැසකට මුහුණ දී තිබෙනවා. එක කාලයකදී මේ ප‍්‍රශ්න තිබුණේ දුක්විඳින ජනතාව අයත් පීඩිත පංතියට විතරයි. නමුත් අද මහජන මුදල් ගසාකන පාලන බලය හිමි ටික දෙනෙකුට හැර අනෙක් සියලු දෙනාම මේ අර්බුදයට ගොදුරු වෙලා ඉන්නේ. ශිෂ්‍ය, තරුණ, කාන්තා, ධීවර, ගොවි, ව්‍යාපාරික, කර්මාන්තකරුවන් ආදී සෑම කෙනෙක්ම මේ අර්බුදයට ගොදුරු වෙලා.
    ලංකාවේ නිෂ්පාදන ආර්ථිකය සම්පූර්ණයෙන්ම බිඳ වැටී ඵලදායී ආර්ථික මාර්ග සියල්ලම ක‍්‍රමිකව බිඳ වැටෙමින් පවතිනවා. මේ නිසා ආර්ථිකය බිඳවැටීමේ අර්බුදය මූලික කරගත් කලා, සංස්කෘතික කේෂේත‍්‍ර සියල්ලමත් බිඳ වැටිලා. ජනමාධ්‍යය අර්බුදයට පත්වෙලා. සෞඛ්‍ය සහ අධ්‍යාපනය ජනතාවට දැවැන්ත බරක් බවට පත්වෙලා. දවසින් දවසම පරිසර විනාශය වේගවත් වී බරපතල බිඳ වැටීමකට ලක්වෙලා. අද ආගම පවා මේ අර්බුදයේ ගොදුරු බවට පත්වෙලා. කිසිම ක්ෂේත‍්‍රයකට ඉන් ගැලවීමක් නැහැ.
    පාලක පන්තියත්, ඉතිහාසයේ කවදාවත් නැති විදිහට අර්බුදයට ගොදුරු වෙලා. මේ තත්ත්වයට උත්තර වශයෙන් හවුල් ආණ්ඩුවක් පිහිටුවා ගත්තා. දැන් හවුල් ආණ්ඩුවට තීරණ ගන්න බැරිව දෙපැත්තට අදිනවා. මේ අර්බුදයට පවතින ධනවාදී සමාජ ආර්ථික ක‍්‍රමය යටතේ උත්තර නැහැ. ගෙවී ගිය අවුරුදු 68ක කාලය පුරා රට පාලනය කළ පන්තිය මේ තත්ත්වයට රටත් ජනතාවත් හෙලා තිබෙනවා. අද මුළු රටම දුගඳ හමන වළකට ඇදල දාල තියෙන්නේ. මේ වළ පල්වෙලා ගඳ ගහනවා. මේ පල්වළේ තවදුරටත් ඉන්නවාද? ගොඩ එනවාද? කියලයි ජනතාව තීරණය කළ යුතුව තිබෙන්නේ. ඉදිරියේදීත් ධනවාදී පාලනයක් පිහිටුවා ගන්නවා කියන්නේ තව තවත් වළ ගැඹුරුකර ගැනීමක් මිස ගොඩ ඒමක් වෙන්නේ නැහැ.
    සිවිල් සමාජය යැයි කියන පිරිසක් ජනතාව තවදුරටත් මේ පල්වළේ තබා ගන්න එහෙන් මෙහෙන් විවිධ කටයුතු කරමින් ඉන්නවා. ජනතාව වළෙන් ගොඩගන්නවා වෙනුවට වළ ටිකක් පළල් කර ගනිමින් සුද්ද පවිත‍්‍රකර ගන්න කතා කරන බවක් පේනවා. වළෙන් ගොඩ ඒමට ජනතාව දරන උත්සාහය නවත්වන්නයි මේ අය උත්සාහ කරන්නේ. අපි කියන්නේ මේ රටේ ජනතාව තවදුරටත් දුක් විඳිමින් මේ පල්වළේ ඉන්න ඕන නැහැ කියලයි. එහෙම නම් අපට තිබෙන්නේ එකම විසඳුමයි. මේ රට ගොඩනැගීමට නව බලවේග පෙළගැස්වීමයි. රට වෙනස් කරමින් ගොඩනැඟීමට අවශ්‍ය ශක්තිමත් බහුජන ව්‍යාපාරයක් ගොඩ නැගීමයි. එසේ නැතිනම් මේක තවදුරටත් රෙපයාර් කරන්න බැහැ. පැලැස්තර දාන්න බැහැ.
    මේ රට අද තියෙන්නේ මදුරුවන් කාල, මිනිසුන් මිය යන යුගය. මදුරවන්ගෙන් ජනතාව බේරගන්නවත් මේ පාලනයට අද බැරිවෙලා තියෙන්නේ. මරණය තමයි ලාබෙටම තියෙන දේ. අපිට අවශ්‍ය කරන්නේ මරණය වෙනුවට ජීවිතයත්, කඳුල වෙනුවට සතුටත්, අසමගිය වෙනුවට සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ, ජාතිකත්ව අතර සමගියත්, ගොඩනැගෙන දිරිය මිනිසුන්ගෙන් සමන්විත රටක් ගොඩනැඟීමයි.
    මේ සඳහා ප‍්‍රතිපත්ති තියෙන්නේ ධනවාදී සමාජය වෙනස් කර, නව සමාජයක් ගොඩනැඟීමේ දේශපාලනයකට විතරයි. ඒ දේශපාලන නායකත්වය ගැනීමේ සුදුසුකම් තියෙන්නේ කැපවීමෙන් වැඩකරන මේ රටේ අනාගතය සම්බන්ධයෙන් පැහැදිලි දැක්මක් තියෙන ජනතා විමුක්ති පෙරමුණට පමණයි. වෙන කිසි කෙනෙකුට ඒ සඳහා සුදුසුකම් නැහැ. ජනතා විමුක්ති පෙරමුණ යටතේ ජනතා බලයක් නිර්මාණය කළ යුතුයි. ඒ හැර හිටපු රජතුමාට මේ ප‍්‍රශ්නවලට කිසිම විසඳුමක් නැහැ. අලුතින් එන කුමාරවරුන්ට මේ සඳහා විසඳුම් නැහැ. ප‍්‍රභූ පවුල්වලට විසඳුම් නැහැ. ඒ වගේම සේනාධිනායකයන්ටත් මේ ප‍්‍රශ්නවලට උත්තර නැහැ. ඉදිරියේදී රජ වෙන්න හිතන් ඉන්න කිසිම කෙනෙකුට අද රට හමුවේ තිබෙන ප‍්‍රශ්නවලට උත්තර නැහැ.
    සමහර අය දියසෙන් කුමාරයා එනකම් බලාගෙන ඉන්නවා. නමුත් එවැනි මිථ්‍යා සංකල්පයකට වහල්වෙලා ඉන්න අපිට කිසිම අයිතියක් නැහැ. අද රටත් ජනතාවත් වැටී සිටින මේ දුඟද හමන වළෙන් ගොඩ එන්න තීරණය කරනවා නම්, ඊට නායකත්වය දෙන වැඩපිළිවෙළක් සහිත පළල් මහජන බලවේගයක් ගොඩනඟන්න ඕනෑ. දිරිය පුරවැසි සමිති ගොඩනැගීමට අප කතා කළ, පළමු මොහොතේදී ඒ සඳහා ධෛර්යය සම්පන්නව ඉදිරිපත් වූ පුරවැසියන්ට පමණයි මේ රටේ යහපත් පරිවර්තනයක් වෙනුවෙන් මහජන බලවේග ගොඩනඟන්න හැකියාව තියෙන්නේ. ඔවුන් මෙම කාර්යයේ පෙරමුණ අරගෙන ගම් මට්ටමින් නායකත්වය දිය යුතුයි. ගමට සමිතියක්, ගමට නායකත්වයක්, කියන ආදර්ශ පාඨය යටතේ ජනතාව ඒකරාශී කළ යුතුයි.
    ධනපති පන්තියට නායකත්වය ගන්න ඉඩ නොතබා දැවැන්ත ජනතා බලවේගයක් මේ රටේ ජනතාව විසින් නිර්මාණය කළ යුතු අවධියක අපි ඉන්නේ. කිසිම තක්කඩියෙකුට තවදුරටත් අපිව රවට්ටන්න ඉඩ දියයුතු නැහැ. රැවටීම්වලින් මිදීමේ දැනුම, අවබෝධය සහ නායකත්වය දිරිය පුරවැසි සමිති හරහා මූලිකව ලබාදීම මේ මහා සමුළුවේ අරමුණයි. මේ සමිතිවලට මුල සිටම ඉදිරිපත්වී නායකත්වය භාරගත් සියලු දෙනාම අතරට පැමිණ සිටිනවා. ඊට අමතරව සූරිය කුමාර් මුත්තලගේ, එස්.කලාවතී, ටී.එම්. ජයරත්න, චන්ද්‍රසෝම බිංදුහේවා, ප‍්‍රසන්නජිත් අබේසූරිය, දීපානී සිල්වා, දිල්හානී ඒකනායක, වගේ කලාකරුවන් සහ කලාකාරිනියන් විශාල පිරිසක් අපිට ශක්තියක් ලබාදීමට පැමිණ සිටිනවා. ඒ වගේම විශ්වවිද්‍යාල ආචාර්යවරුන් වගේම වෙනත් සිවිල් සංවිධාන නියෝජිතයන් අමාත්‍යාංශ ලේකම්වරුන් පැමිණ සිටිනවා.
    මේ සියලු දෙයින් රට වෙනස් කිරීමට අවශ්‍ය දැනුම ලබාගැනීම අපි හැමදෙනාගේම මූලික කාර්යයි. ඒ වෙනුවෙන් අවශ්‍ය විශ්වාසය සහ ධෛර්යය රැගෙන අපේ ගම් රටවල් බලාගොස් රට වෙනස් කිරීමට අපි හැමදෙනාම නායකත්වය ලබාගනිමු කියන පණිවුඩය මේ සමුළුවේදී ලබාදෙනවා. රට වෙනස්කර ජයග‍්‍රහණය ලැබිය හැක්කේ මෙවැනි ජනතා බලවේගයකට පමණයි."



    http://www.lankatruth.com/site/inde...ණය-වෙනුවට-ජීවිතය-ගෙන-එන-දිරිය-පුරවැසියන්-වෙමු
     

    waligamaya

    Well-known member
  • "අපේ රටේ ඉතිහාසය පුරාවටම පුරවැසියන් වෙනුවට යටත්වැසියන් හා පාලකයන් සිටියා. යටත් විජිත යුගයේත් ඉන් පස්සේ අවුරුදු 68 පුරාත් තත්ත්වය ඒකයි. අපි මේ දිරිය පුරවැසි සමුළුව කැඳවා තිබෙන්නේ යටත් වැසියන් වෙනුවට දිරිය පුරවැසියන් බිහි කරන්නයි. මේ පාලකයන්ට හැකියාව තිබෙන්නේ වහලුන් වැනි මිනිසුන් බිහිකිරීමට පමණයි. එවැනි පාලනයන් ඉදිරියට යන්නේ නැහැ. පාලනයට හා රට ගොඩනැගීමට සම්බන්ධ වන පුරවැසියන්ගෙන් සමන්විත රටක් බිහි කළ යුතුයි." යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසිනායක මහතා අද (22) පෙරවරුවේ මහරගමදී පැවති දිරිය පුරවැසි සමුළුව අමතමින් ප්‍රකාශ කළේය.
    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අනුර දිසානායක මහතා...
    "පාලකයන් කළ වැරදිවලට ජනතාව වගකිව යුතු නැහැ. රට ණය කන්දක ගිලීමටත්, වංචාවන්ට හා දූෂණයන්ටත්, ආර්ථික අර්බුදයටත් ජනතාව වගකිව යුතු නැහැ. අපේ දුවා දරුවන් මත මේ ප‍්‍රශ්න යටවිය යුතු නැහැ. ඒ බව තීරණය කළ යුතු සංධිස්ථානයකට අප පැමිණ තිබෙනවා.
    ජනතාවට තමන්ගේ ප‍්‍රශ්න කිසිවකට විසඳුම් ලබාගත නොහැකි පාලනයක් අප තවත් කොපමණ කාලයක් ඉදිරියට ගෙන යා යුතුද? අද රජයේ කාර්යාලයකට ගියොත් ජනතාවට විසඳුම් ලබා ගන්න පුළුවන්ද? ජනගහනයෙන් 14 දෙනෙකුට එක් රජයේ සේවකයෙක් බැගින් ඉන්නවා. රජයේ සේවකයන්ට වැටුප් ලෙස කෝටි 44,000කට වැඩි මුදලක් ගෙවනවා. එහෙත් ජනතාවට තමන්ගේ ප‍්‍රශ්නවලට විසඳුම් ලබාගන්න දේශපාලනයට යටවුණු මේ රාජ්‍ය සේවය අසමත්. මාරුවීම, උසස්වීම, දේශපාලනය අනුව තීරණයවීම නිසා මේ රාජ්‍ය සේවය අද ජනතාවට බරක් වූ බරවා කකුලක් බවට පත්වී තිබෙනවා. ඒ වෙනුවට ජනතාවට කාර්යක්ෂම පරිපාලනයක් අවශ්‍ය වී තිබෙනවා.
    නීතිය සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන ආයතන ගණනාවක් තිබෙනවා. ශක්තිමක් නීති පද්ධතියක් ද තිබෙනවා. අවශ්‍යතාවය තිබෙන්නේ එය නිසි පරිදි ක්‍රියාත්මක වීමයි. ඒත් අමුණුගම අමාත්‍යවරයා කියනවා, වංචනිකයින්ට දඬුවම් කරන්න අලුත් නීතියක් ගේනවා කියලා. දැනටත් පොදු දේපළ පනත තිබෙනවා. රුපියල් 25,000ට වැඩි රාජ්‍ය මුදල් අවභාවිතයක් වෙනුවෙන් ඇප ලබාදීමට පවා නොහැකියි. මුදල් විශුද්ධිකරණ පනත යටතේ වත්කම් උපයාගත් ආකාරය පැහැදිලි කළ නොහැකි වුවහොත් ඒ දේපළ පවරා ගන්නත් එම වටිනාකම වගේ තුන්ගුණයක් වගේ දඩයක් ගහන්නත් පුළුවන්කම තිබෙනවා. අල්ලස් දූෂණ පනත යටතේ රුපියල් 10ක් ගත්තත් නඩු දාන්න පුළුවන්. එෆ්.සී.අයි.ඩී එකට පොදු දේපළ පනත, මුදල් විශුද්ධිකරණ පනත, ක්‍රියාත්මක කළ හැකියි. සී.අයි.ඩී. එකට අපරාධ පනත, පොදු දේපළ පනත ක්‍රියාත්මක කළ හැකියි. නීතිය ක්‍රියාත්මක කළ හැකි ආයතන ගණනාවක් තියෙනවා. නීතිපති ඉන්නවා. අධිකරණ තිබෙනවා. එසේ නම්, වංචනිකයන් හොරුන් නිදැල්ලේ ඉන්නේ කොහොමද? නඩු පැවරෙන්නේ නැත්තේ ඇයි? ප‍්‍රශ්නය තමයි අතරමැද ආණ්ඩුවක් තිබෙනවා. නඩු පැවරීමට අවශ්‍ය අය නැති අය තෝරනවා. මහදවල් පොලිස් ඇමති පොලිස්පතිට කෝල් කරලා දූෂිතයන් බේරන්නැයි ඉල්ලනවා. පාලකයාගේ කැමැත්ත නීතිය බවට පත්වී තිබෙනවා. මේ නීතියේ කඩා වැටීමට ජනතාව වගකිව යුතු නැහැ.
    ජනතා මුදල් විශාල ලෙස නාස්ති වෙමින් පවතිනවා. ෆොන්සේකා ඇමතිවරයාට තිබෙන්නේ හදබිම අධිකාරය පමණයි. මධ්‍යම කඳුකරයේ පාංශු සංරක්ෂණයත්, වටු බිත්තර එකතු කිරීමත් එයට පැවරී තිබෙනවා. ඒත් එම අමාත්‍යාංශ ගොඩනැගිල්ලේ මාසික කුලිය රුපියල් ලක්ෂ 110යි. දුමින්ද දිසානායකගේ අමාත්‍යාංශ ගොඩනැගිල්ලේ මාසික කුලිය දෙකෝටි දශලක්ෂයයි. මේ ආණ්ඩුවලට නාස්තිය නතර කරන්න බැහැ. ඔවුන්ගෙන් එවැනි දෙයක් ඉල්ලල තේරුමකුත් නැහැ. මෙවැනි තත්වයක් යටතේ රට අඟලක්වත් ඉදිරියට යන්නේ නැහැ.
    අපේ රටේ පරිසර පද්ධතිය වේගයෙන් විනාශ කෙරෙමින් තිබෙනවා. උමාඔය ව්‍යාපෘතිය ආශ‍්‍රිතව බරපතළ පරිසර විනාශයක් වී තිබෙනවා. කැලණි ගඟේ ජල මූලාශ‍්‍රවලින් 80%ක් දූෂිත වී තිබෙනවා. මධ්‍ය කඳුකරයේ බරපතළ විනාශයක් වී තිබෙනවා. දේශපාලකයින්ගේ ගෝලබාලයන්ට පස් කපන්න, වැලිකපන්න ඉඩදී තිබෙනවා. මේ විනාශය තවත් ඉදිරියට යා යුතුද?
    ආණ්ඩුව හම්බන්තොට වරාය, ත්‍රීකුණාමල වරාය, කොළඹ වරායේ නැගෙනහිර ජැටිය, පුල්මුඩේ ඛනිජවැලි නිධිය, ලංකා හොස්පිටල්, හිල්ටන් හෝටලය, කහටගහ පතල, ආදී රාජ්‍ය දේපළ, ස්වභාවික සම්පත් විකුණමින් යනවා. මේ විනාශකාරී ගමන යන්න රනිල්ට අසීමිත බලතල අවශ්‍ය වී තිබෙනවා. විශේෂ සංවර්ධන පනත ගේන්න හදන්නේ ඒකයි. එදා ජේ.ආරුත් විනාශකාරී ආර්ථික ගමනක් ගියා. දැඩි මර්දනයක් කළා. දැන් රනිල් මතුපිටට පෙන්නන ලිච්ඡුවී රජදරුවන්ගේ ප‍්‍රතිපත්තිය බොරුවක්. සාමයෙන් රැස්වීමක්, සාමයෙන් විසිර යාමක් නැහැ. හම්බන්තොට ජනතා උද්ඝෝෂණයට දින දෙකකට පෙර සිරිකොතේ සාකච්ඡාවකදී ඒ උද්ඝෝෂණයට ගහන්න සැලසුම් කළා. මේ ජනතා විරෝධය මැඩපවත්වන්න කොළඹින් පිරිසක් ගෙනයන්න කතා කළා.
    හම්බන්තොට වරාය චීනයට දෙනවාට ඉන්දියාව විරුද්ධ නැහැ. එහෙම විරුද්ධ වුනා නම්, ඔවුන් තමන්ගේ හිතවත් සංවිධාන ලව්වා ඒකට විරෝධතාවය පළ කරනවා. ඒත් ඔවුන් බලාගෙන ඉන්නේ ඒ හිලව්වට ත්‍රීකුණාමලය වරාය ඔවුන් සතු කරගන්න. ඉන්දියාව මේ ක‍්‍රමය දන්නවා. මහින්ද කළේ මේ වැඩේමයි. මත්තල ගුවන්තොටුපොළ චීනයට දෙනකොට පලාලි ඉන්දියාව දුන්නා. නොරොච්චෝලේ චීනෙට දෙනකොට සාම්පූර් ඉන්දියාවට දුන්නා. දුම්රිය මාර්ග ඉදිකිරීම් දුන්නෙත් එහෙමයි. මේ පැවරීම් නිසා රටට දැවැන්ත අවාසියක් වී තිබෙනවා. ත්‍රීකුණාමලයේ තෙල් ටැංකිවල බෙදාහැරීමේ අයිතිය සංස්ථාවට ලැබෙනවා නම්, සංස්ථාවට කෝටි හැත්තෑවක් ලාභයි. ඒත් ආණ්ඩුව හදන්නේ හැමදේම විකුණන්නමයි. දැන් ත්‍රීකුණාමලය වරාය ඉන්දියාවට දෙන්න සාකචඡා කරන බව ෆොන්සේකා ඇමතිවරයා එළිපිට කියනවා. හැම ආණ්ඩුවක්ම රටේ ජාතික සම්පත් පෞද්ගලික අංශයට, විදේශ රටවලට විකුණා දමද්දි, සුරංගනා කතා කිව්වා. අපේ රෙදි කම්හල්, සිමෙන්ති, කිරිපිටි, බීජ ගොවිපලවල්, විකුණා දමද්දි විවිධ කතා කිව්වා. ඒත් රටට ඒවායින් ලැබිච්ච කිිසිම ප‍්‍රයෝජනයක් නැහැ. අපි ඒවායේ විනාශය අත්දැක තිබෙනවා. හම්බන්තොට, මත්තල, ත්‍රීකුණාමල වරාය විකිණීම ඊට වඩා වෙනස් වෙන්න කිසිම විදිහක් නැහැ.
    සටන් දෙකක් අප ඉදිරිපිට තිබෙනවා. පළමුවැන්න ජනතාව සංවිධානය කිරීමේ සටනයි. සමන්ත විද්‍යාරත්න සහෝදරයා උමාඔය ව්‍යාපෘතිය හේතුවෙන් විපතට පත් ජනතාව සංවිධානය කරමින් සටනක් දියත් කර තිබෙනවා. අප ඒ සටන ජයග‍්‍රහණයෙන් කෙළවර කළ යුතුයි. ආණ්ඩුවට මොරගහ කන්ද ජලාශයට යටවෙන සතුන් බේරාගැනීමට උවමනාවක් තිබුණත් විපතට පත්වෙන ජනතාවට බේරාගැනීමට වැඩපිළිවෙළක් නැහැ. ගමගෙදර දිසානායක සහෝදරයා මාතලේ ඒ ජනතාව සංවිධානය කරමින් සටනක් දියත්කර තිබෙනවා. අප ඒ සටන ජයග‍්‍රහණයෙන් කෙළවර කළ යුතුයි.
    මහවැලි කලාපවල අමතර කන්නයක් වැඩකරන්න පුළුවන් කියලා එදා කිව්වත් අද ගොවිතැන විශාල ලෙස කඩාවැටෙමින් තියෙනවා. ගොවි ජනතාව පීඩාවට පත්වෙමින් සිටිනවා. ඒ ප‍්‍රශ්නවලට එරෙහිව ගොවිජන සම්මේලනයේ නාමල් සහෝදරයා සටනක් දියත් කර තිබෙනවා. අප ඒ සටන ජයග‍්‍රහණයෙන් කෙළවර කළ යුතුයි. ආණ්ඩුව කිව්වා අක්කර ලක්ෂ දෙකහමාරක වී වගාව නතර කරන එක ඔවුන්ගේ අරමුණ කියලා. අපේ ප‍්‍රධාන ආහාරය බත් නම්, ආහාර සුරක්ෂිත කරලීම වෙනුවෙන් ආණ්ඩුවට සැලැස්මක් තිබිය යුතුයි. නමුත් රටට බත සපයන ගොවි ජනතාව අසරණ කිරීමට එරෙහිව අපට සටනක් තිබෙනවා. මේ සටන් අප ජයග‍්‍රහණයෙන් කෙළවර කළ යුතුයි.
    අපේ රටේ පිහිටීම ඉතා වැදගත්. ලෝක සිතියමේ තිතක් වගේ තිබුණත් අපේ රට ආර්ථික හා යුදමය වශයෙන් ඉතා වැදගත් පිහිටීමක තිබෙනවා. අපේ වරාය ලෝකයේ 26 වෙනි තැනට පැමිණ තිබෙන්නේ මේ නිසයි. අපේ ආර්ථික උපාය මාර්ගයේදී මේ පිහිටීම ඉතාම වැදගත් කොට සැලකිය යුතුයි. එහෙත් පාලකයන්ට මේ පිළිබඳ වුවමනාවක් නැහැ. චන්ද්‍රිකා බණ්ඩාරනායක පාලන සමයේ වරායේ ජැටියක් පීඇන්ඩී ඕ සමාගමට විකුණුවා. මහින්ද පාලන සමයේ දකුණු කොළඹ ව්‍යාපෘතිය නමින් ජැටියක් චීනයට දුන්නා. දැන් රනිල් වරායේ නැගෙනහිර ජැටිය ඉන්දියාවට දෙන්න යනවා. මේ පාලකයන්ගෙන් මීට වැඩි දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ.
    රටේ ජනතාවගේ දුකට පිහිට වෙන, ජනතාව තමන්ගේ ගැටලුවලට විසඳුම් සොයා එන, හදවතේ පක්ෂය බවට අප පත්වී තිබෙනවා. එය අපගේ පළමු පියවරයි. අපි එතනින් ඔබ්බට බලය හුවමාරු කළ හැකි පක්ෂය බවට වර්ධනය විය යුතුව තිබෙනවා. එය අපගේ දෙවැනි සටනයි.
    මට හමුවූ එක් ව්‍යාපාරිකයෙක් පසුගියදා කිව්වා, "හොරුන් මට්ටු කිරීම සඳහා ජවිපෙ පාර්ලිමේන්තුවට යා යුතුයි කියලා ඔහු එදා හිතුවා" කියලා. ඒත් ඔහු අද කියනවා "ජවිපෙට මේ රටේ බාරදිය යුතුයි කියලා". එයා එහෙම කියන්නේ හොඳ විපක්ෂයක් ඕන වෙන්නේ හොඳ පාලනයක් තියෙනවා නම් විතරයි කියලා. මොකද පාලනය අයහපත් නම්, විපක්ෂයක් වැඩක් නැති නිසා. අද හොරාට හොරා කියලා කියනකොට හිනාවෙලා ඉන්නවා. ජනතා දේපළ හොරකම් කළ අය වීරයන් වගේ මාධ්‍යවල පෙනී සිටිනවා. ඒ නිසා හොරකම් කරනවා, නාස්ති කරනවා, දූෂිතයන් රකිනවා කියල ආණ්ඩුවට කියලා වැඩක් නැහැ. ඒගොල්ලො එහෙම තමයි. පවතින ආයතනවලින් දූෂිතයන්ට දඬුවම් ලැබෙන්නේ නැත්නම් ඒ ආයතන ඒවාට අසමත් නම්, ජනතාව ඒ කටයුත්ත බාරගත යුතු වෙනවා. දූෂිතයන් බලයෙන් පහකර ජනතාව ඒ කටයුත්ත කළ යුතුයි.
    මැතිවරණයකට පෙර මෙම කටයුත්ත කළ හැකිනම් හොඳයි. ඒත් සාම්ප‍්‍රදායිකව බලය හුවමාරු වන්නේ ජාතික මැතිවරණයකදියි. එළඹෙන ජාතික මැතිවරණයේදී බලය හුවමාරු කිරීමට සමත්විය හැකි ප‍්‍රබල ජාතික මධ්‍යස්ථානය අප විසින් ගොඩනැගිය යුතුයි. අද මේ රටට ආදරය කරන මිනිසුන්ගෙන් මේ වේදිකාව පිරී තිබෙනවා. අපට එය කළ හැකියි. නීතිවේදීන්, විද්වතුන්, මාධ්‍යවේදීන්, කම්කරුවන්, ඇතුළු සියලු සමාජ බලවේග හා කොටස් ඒකරාශී කරගත් මධ්‍යස්ථානයක් ගොඩනැගිය යුතුයි. අශෝක පීරිස් මහතා වැනි සිවිල් සේවයේ ජ්‍යෙෂ්ඨයින් මේ වේදිකාවට ගොඩවන්නේ ඒ බලාපොරොත්තුව ඇතිවයි.
    දිස්ත්‍රික් හා ආසන මට්ටමින් අප විද්වත් කමිටු ජාලයක් ද පිහිටුවනවා. දැනටමත් දිස්ත්‍රික්ක කීපයක එම කටයුතු අවසන්. එය අපේ බහුජන මධ්‍යස්ථානයේ ඉහළ වැඩ කොටසක් කරනවා. ඒත් අති විශාල ජනතාවක් සිටින බිම සංවිධානය කරන්නට දිරිය සමිති ජාලය අවශ්‍යයි. මේ සඳහා ශක්තිමත්ම පුරවාසි සමිති ජාලය අප විසින් ගොඩනැගිය යුතුයි. පසුගිය මාර්තු මාසයේ සිට මාස 9ක කාලය තුළ පුරවැසි සමිති 1000කට වැඩි ප‍්‍රමාණයක් අප විසින් ගොඩනඟා තිබෙනවා. ඉතිරි සියලු සමිති ඉක්මනින්ම සකස් කර අවසන් කරන බවට අප සපථ කර සිටිනවා. මේ සමිති බිම වෙළාගත් ශක්තිමත්ම ජාලය බවට පත්කරනවා.
    මිලියන ගණනක් පුරවැසියන් සිටින්නේ හඬක් නොමැතිවයි. කම්කරුවන්ට වෘත්තීය සමිති තිබෙනවා. ගොවීන්ට ගොවි සමිති තිබෙනවා. නමුත් ගම්වැසියන්ට තමන්ගේ ගම තුළ ප‍්‍රශ්න විසඳා ගැනීමට කැපවන මධ්‍යස්ථානයක් නැහැ. අප ගොඩනඟන දිරිය පුරවැසි සමිතිය ඒ සඳහා කැපවන මධ්‍යස්ථානය බවට පත් කළ යුතුයි. එය හුදු බලය ලබාගැනීම පමණක් ඉලක්ක කරගත් සංවිධානයක් නොවෙයි; බලය ලබාගත් පසු බලය හසුරුවන මධ්‍යස්ථානය බවට ද එය පත්විය යුතුයි. දැන් දේශපාලන පක්ෂවලට ගමේ සමිති තිබෙන්නේ බලය ලබාගත් විට සභාපතිවරයාට ටෙන්ඩර් ලබාගැනීමටයි. මේක එහෙම තැනක් නොවෙයි. ජනතාවගේ ගැටලු විසඳා ගැනීම සඳහා වන, ගම ගොඩනඟන මධ්‍යස්ථානය බවට පත් කළ යුතුයි. ගමට අධිෂ්ඨානය, සංස්කෘතිය, එකමුතුකම, සාමූහිකත්වය රැගෙන යන සමිතිය බවට පත්විය යුතුයි."