අද මේ කතා කරන්න යන්නේ සමාජයේ මතභේදයට තුඩු දෙන මාතෘකාවක් පිලිබඳවයි.
ඒ කියන්නේ අද සමාජයේ සමහර තරුණ පිරිස් නිරාගමික මතයක පිහිටලා ඉන්නවා.
මම පාසල් ගියේ ලංකාවේ ප්‍රධාන පෙළේ බෞද්ධ පාසලකටයි. ඒ පාසලේ මා සමග සිටි මගේ යහළුවෙක් ද මුහුණුපොතේ දිගට හරහට මේ පිළිබඳව අදහස් පළ කරනු ලබනවා.
තවදුරටත් විස්තර හොයාගෙන යද්දි මට හම්බවුනා ලංකාවේ සමහර ප්‍රසිද්ධ පුද්ගලයන් පවා මේ මතයේ පිහිටා සිටින බව. ළඟදී අප අතරින් වෙන් වී ගිය වෛද්‍ය ආරියසේන යූ ගමගේ මහතා මෙන්ම වෛද්‍ය සෙනරත් වේරගම යන වෛද්‍ය තුමා ද මේ මතයේ පිහිටා සිටින බවට සඳහන් වෙනවා.
ඒ වගේම මෑතක දී මෙලොවින් වෙන් වූ විද්‍යාඥ ස්ටීවන් හෝකින්ස් පවා මේ මතයේ පිහිටා සිටින බවට කරුණු දැක් වෙනවා.
සරලව ගත්තොත් ඔවුන්ගේ මතය වන්නේ මරණින් පසු තවත් කිසිම ජීවිතයක් හෝ ආත්මයක් වෙන් වී යාමක් සිදු නොවන බවයි.
එමෙන්ම ඔවුන් කිසිම ආගමක් අදහන්නේ හෝ පිළිගන්නේ නැත. ඔවුන් සලකන්නේ සියලුම ආගම් මිත්‍යා බවටයි.
ඔවුන්ගේ මතය අනුව මිනිසා ද මෙම පෘථිවිය මත වෙසෙන තවත් ජීවියෙකු වන අතර එම භවය පෘථිවියේ පවතින සතුන් බෝ ගස් වැල් හා සමානම වන බවයි.
එක් අවස්ථාවකදී වේරගම වෛද්‍යවරයා පවසනවා ගසක් මියගිය විට එය තවත් තැනක ඔහු තම ආත්මයක නැවත ඉපදීමක් නොවනවා සේම මිනිසකු මියගිය විට ද ඔහුගේ එම ජීවිත කාලය එතනින් සම්පූර්ණයෙන්ම නැවතී එම ශරීර ශක්තිය ස්වභාව දහමට එකතු වන බවයි.
ඔවුන් පවසන්නේ මිනිසාගේ මරණින් පසු සිදුවන දේ පිළිබඳව කිසිම කතාවක් විද්‍යාත්මකව ඔප්පු වී නොමැති බවයි.
මේ ගැන හිතනකොට මට සමහර වෙලාවට මෙය ඇත්තක්ද නැත්නම් මෙය බොරුවක්ද කියලා තීරණයකට එන්න බැරි තත්ත්වයකට පත්වනවා. භෞතික විද්‍යානුකූලව මෙම කියන කතාවේ යම් කිසි පදනමක් ඇති බව විටෙක හැඟී යනවා. නමුත් සමහර අවස්ථා වලදී අප අසා ඇති පුනරුත්පත්ති සම්බන්ධ කතා වල දී මෙම මතයට පටහැනි දේ සිදුවී ඇති බවක් හැඟෙනවා. විශේෂයෙන්ම සමහර පුද්ගලයින් ශල්‍යාගාර තුරදී යම්කිසි කෙටි කාලයකට මරණයට පත්වී ජීවය ලැබුණු අවස්ථාවලදී ඔවුන්ගේ අත්දැකීම් විස්තර කිරීම් වලට සවන් දීමේ දී සමහරුන් පවසන්නේ ඔවුන්ව ඔවුන්ගේ ශරීරයෙන් පිටතට පැමිණ එම ශල්‍යාගාර කුටිය තුල ඉහල කෙළවරක සිට තම ශරීරය දිහා බලාගෙන සිටි බවත් ක්ෂණිකයෙන් ශරීරය තුලට ඇදී ගිය බවත්ය.
මෙසේ අනන්ත අප්‍රමාණ කතා තිබියදීත් මෙම සෙනරත් වේරගම යන වෛද්‍යවරයා මෙම ආකාරයේ සිදුවීම් වෛද්‍ය විද්‍යාත්මකව හෝ වෙනත් විද්‍යාත්මක ක්‍රමයක් යටතේ ඔප්පු වී නොමැති බව පවසන්නේ සාධාරණව ද යන්න පිළිබඳ මා තුළ පැන හටගෙන ඇත.
ඉතින් යම්කිසි ආගමක අපහට උගන්වා ඇති රාමුවක් තුළට කොටු නොවී ස්වාධීනව සිතා බැලීමේදී මෙම මතය ගැන ඔබලාට දැනෙන අදහස කුමක්ද යන්න අපි ටිකක් කතාබහ කළොත් කාලීන වෙයි කියලා සිතුනා.
ඉතින් මේ සම්බන්ධව දැනුවත් වෙලා ඉන්න එහෙමත් නැත්නම් මට වගේ මරණින් මතු ජීවිතය කුමක් වේද යන්න පිළිබඳ සිතන අය ඉන්නවනම් තමන්ගෙ අදහස දක්වලා අනිත් අයවත් දැනුවත් කරමු කියල මම ඉල්ලනවා
ජය වේවා
ාාාා

කලින් ආත්මේ ඉගෙනගත්තුව මතකත් නෑ ආය මුල ඉඳන් ඉගෙනගන්න ඕනේ. කලින් සැරේ අයිතිවෙලා තිබුන සල්ලි දේපල අයිතිත් නෑ. නිකමට මතක් වෙලා ඉල්ලගෙන ගියොත් ගුටි කන්නයි වෙන්නේ
ඒ කියන්නේ හරියට අලුතින්ම ඉපදුනා වගේ තමා කිසි වෙනසක් නෑ